බෝධි සත්වයන් වහන්සේලා අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනක් සම තිස් පාරමී දම් පුරා ඉන් අනතුරුව මනු ලොව ඉපිද චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේලාගේ නුවණින්ම අවබෝධ කර, සම්මා සම්බුද්ධත්වයට පත්ව, දුක් විඳින ලෝක සත්වයා එම දුකින් මුදවාලීම පිණිස මහා කරුණාවෙන් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝක සත්වයාට දේශනා කරන සේක. නුවණැත්තෝ ඒ දහම් ශ්‍රවනය කර ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව ශීල, සමාධි, ප්‍රඥ්ඥා වඩා මේ භයංකර වූ සංසාරයෙන් එතෙර වන්නාහ. මෙසේ සංසාර චක්‍රය බිඳ දමා පෘථග්ජන භූමියේ සිට ආර්ය භූමියට පත් වූ උතුමාණන් වහන්සේලා ආර්යයන් වහන්සේලා නම් වේ. සම්මා සම්බුදු රජාණන් වහන්සේලා, පසේ බුදු රජාණන් වහන්සේලා සහ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ග ඵල වල පිහිටි උතුමාණන් වහන්සේලා යන සියල්ලෝම පොදුවේ ආර්යයන් වහන්සේලා නම් වේ.
නිවන් මාර්ගය වඩන පුද්ගලයෙක් රහත් ඵලය සාක්ෂාත් කිරීම දක්වා යන ගමනේදී පිළිවෙලින් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ග ඵලයන්ට පත් වන්නේය. දස සංයෝජන ධර්මයන් පිළිවෙලින් ප්‍රහීන කිරීමේ ප්‍රතිඵලයක් අනුව ඒ ඒ මාර්ග ඵල සාක්ෂාත් කරන්නේය. උදාහරනයක් වශයෙන් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන ධර්මයන් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කිරීමෙන් සෝවාන් මාර්ග ඵලයට පත් වන්නේය. සියලු කෙලෙසුන් සදහටම ප්‍රහාණය කිරීම සිදු වන්නේ රහත් භාවයට පත් වීමේදී වුවත් ඉන් මෙපිට ඇති අනෙකුත් මාර්ග ඵල සාක්ෂාත් කරන මොහොතේදී එම උතුමාණන් වහන්සේලා අති පාරිශුද්ධ වූ, කෙලෙස් වලින් තොර වූ සිතක් ස්පර්ශ කරන්නේය. ඔවුන් සියලු දෙනාම මුලු සංසාරය පුරාවටම කිසි දා අත් නොදුටු එම ප්‍රභාශ්වර වූ සිත පළමු වරට අත් දකින්නේ මාර්ග ඵල සාක්ෂාත් කරන අවස්ථාවේදී ය. ඉන් අනතුරුවද ඵල සමවත් සුවය විඳින සෑම අවස්ථාවකදීම ආර්යයන් වහන්සේලා එම අති පාරිශුද්ධ වූ සිත අත් දකින්නේය. එය කෙතරම් උතුම්ද යත් සෝවාන් වූ පුද්ගලයෙක් නැවත කිසිදා දුගතිගාමී නොවන්නේය. සියලුම දුගතිගාමී අකුසලයන් සෝවාන් වීමේදී අහෝසි වී යන්නේය. නියත වශයෙන්ම ආත්ම භාවයන් 7 ක් ඇතුළත සෝවාන් වූ පුද්ගලයා රහත් ඵලයට පත් වන්නේය. සකෘදාගාමී ආදී අනෙකුත් ඉහළ මාර්ග ඵල ලාභී උතුමාණන් වහන්සේලා මීටත් වඩා ඉක්මනින් ඒ අති උතුම් වූ රහත් ඵලය නියත වශයෙන්ම සාක්ෂාත් කරන්නේය. මේ අනුව, ආර්යන් වහන්සේ යනු කෙතරම් උත්තරීතර වූ පුද්ගලයෙකුද යන්න අපට සිතා ගත හැකිය. එවන් වූ පාරිශුද්ධ සිතක් සහිත ආර්යයන් වහන්සේලා තව දුරටත් පෘථග්ජන භූමියට අයත් නොවේ. ඔවුන් වනාහී පෘථග්ජන ජනයා විසින් පිදිය යුතු, ශ්‍රද්ධාව ඇති කර ගත යුතු, ආදර්ශයට ගත යුතු පිරිසකි.
ආර්යයන් වහන්සේලා ගිහි, පැවිදි දෙයාකාරයෙන්ම ඔබට මුණ ගැසිය හැකිය. ඔවුන්ගේ මතු පිටින් පෙනෙන රූපය, චරිත ලක්ෂණ, හැසිරීම් රටා යනාදියෙන් ඔබට ඔවුන් හඳුනා ගත නොහැකි විය හැකිය. මක් නිසාද යත් රහත් වීමෙන් පසු පවා පෙර සංසාරයේ සිට පැවත එන "වාසනා ගුණ" එනම්, යම් යම් චරිත ලක්ෂණ, හැසිරීම් රටා පැවතිය හැකි බැවිනි. සම්මා සම්බුදු රජාණන් වහන්සේලා පමණක්ම වාසනා ගුණ සහිතවම කෙලෙස් දුරු කරන සේක. එම නිසා, බුදු රජාණන් වහන්සේලා පෙර පුරුදු සහමුලින්ම අත ඇර දමූ අසමසම උතුමාණන් වහන්සේලා වෙති. මතුපිටින් බැලුවද බුදු රජාණන් වහන්සේලාගේ ශීල ස්කන්ධය, මහා කරුණාව, නිවී ගිය ඇවතුම් පැවතුම්, මෛත්‍රී සහගත වාග් විලාසය කෙනෙකුට විද්‍යාමාන වේ. අනෙකුත් සියලුම ආර්යයන් වහන්සේලා තුළ වාසනා ගුණ පවතින බැවින් ඔබ අපේක්ෂා කරන ආකාරයට වඩා උන් වහන්සේලාගේ ඇවතුම් පැවතුම් වෙනස් විය හැකිය. ඊට අමතරව එකම මාර්ග ඵලයෙහි පිහිටි ආර්යයන් වහන්සේලා දෙදෙනෙකු ගත්තද, උන් වහන්සේලාගේ ශීලය, ශ්‍රද්ධාව, ප්‍රඥ්ඥාව, සමාධිය යනාදිය අඩු වැඩි විය හැකිය. පැවිදි ආර්යයන් වහන්සේ කෙනෙක් තුළ පවතින ශීලය, ගිහි ආර්යයන් වහන්සේ කෙනෙක් තුළ නොපවතිනු ඇත. නමුත් ප්‍රඥ්ඥාව අතින් ගත් කල ගිහි ආර්යයන් වහන්සේගේ ප්‍රඥ්ඥාව සමහර විට පැවිදි ආර්යයන් වහන්සේට වඩා තියුණු විය හැකිය. මේ නිසා ඔබ විසින් කිසි විටකත් දුටු පමණින් හරි හැටි නොදැන කෙනෙකුගේ ගුණ, අගුණ, ශීලය, ප්‍රඥ්ඥාව ආදිය තක්සේරු කිරීමට හෝ ඒ පිළිබඳව ඔබගේ මතය ප්‍රකාශ කිරීමට හෝ නොයා යුතුය.
යම් හෙයකින් ඔබ ආර්යයන් වහන්සේ කෙනෙක් දෙස බලා, දැන හෝ නොදැන ඔවුන්ගේ ශීල, සමාධි, ප්‍රඥ්ඥා කෙරෙහි සැක පහළ කලහොත් හෝ අප්‍රසාදයක් ඇති කර ගතහොත් ඔබට "ආර්යෝපවාද කර්ම" රැස් වන්නේය. ආර්යෝපවාද කර්ම කල කිසිවෙකුට සමාව ගැනීමෙන් තොරව කිසිදා නිවන සාක්ෂාත් කළ නොහැකිය. පෘථග්ජන පුද්ගලයෙකුට අඩු තරමින් සමාධි මාත්‍රයක් හෝ උපදවා ගැනීමට නොහැකි වනු ඇත. ඔබ විසින් දැන හෝ නොදැන ආර්යයන් වහන්සේ කෙනෙක් හට සිදු කරන යම් ක්‍රියාවක් හෝ, ප්‍රකාශ කරන යම් වදනක් හෝ උපදින සිතුවිලි මාත්‍රයක් හෝ උන් වහන්සේගේ ශීල, සමාධි, ප්‍රඥ්ඥා කෙරෙහි අප්‍රසාදයෙන් යුතු වූයේ නම් ඔබට සමාව ලබා ගන්නා තුරු නිවන් දොරටු සදහටම වැසී යනු ඇත. එය එතරම්ම ප්‍රබල වූ අකුසල කර්මයකි. ඔබ එය නොදැන සිදු කලත්, පිවිතුරු වූ සිතක් සහිත, නිවන අත් දැක ඇති, ආර්ය භූමියට පත්ව වාසය කරන උතුමාණන් වහන්සේ නමක් කෙරෙහි සිදු කරන ලද කර්මයක් බැවින් විපාකයද එසේම බලවත්ය. එවැනි කර්මයක් සිදු වී ඇත්නම් උන් වහන්සේලා හමුවේ වරද ප්‍රකාශ කර සමාව ලබා ගැනීමෙන් ඔබට නැවතත් නිවන් මාර්ගය වැඩීමට ඇති බාධා ඉවත් කර ගෙන සමාධි, ධ්‍යාන උපදවා ගැනීමටත් මාර්ග ඵල සාක්ෂාත් කිරීමටත් හැකි වේ. නමුත් එම කර්මයේ අනෙකුත් විපාක ශක්තීන් ඔබට මග හැර ගත නොහැකිය. ආර්යයන් වහන්සේලා කෙරෙහි ඔබෙන් සිදු විය හැකි ශීල, සමාධි, ප්‍රඥ්ඥා ආදියට අදාළ නොවන අනෙකුත් වැරදි සඳහා ඔබට ආර්යෝපවාද කර්ම රැස් නොවන නමුත් ඉන් ලැබෙන විපාක ශක්තිය ඔබ එම වරදම පෘථග්ජන පුද්ගලයෙකුට සිදු කළ විට ලැබෙන විපාක ශක්තියට වඩා අති මහත්ය. එබැවින් වඩාත් සුදුසු වන්නේ ඔබට හමු වන ගිහි, පැවිදි දෙපිරිසම කෙරෙහිම අකුසල් සිදු නොවන පරිදි මනා සතියෙන් යුතුව සිටීමය. ඔබ පාරේ ගමන් කරන විට වංගු දමා ඔබ පසු කර යන වාහනය පදවන්නා කෙරෙහි ඇතැම් විට ඔබට අකුසල් සිත් පහළ විය හැකිය. ඔබ ඇතැම් විට පරුෂ වචනයෙන් බැණ වැදීමටද ඉඩ ඇත. රිය පදවන්නාගේ සිල්වත් භාවය පිළිබඳව ඔබ සැක පහළ කර යමක් පැවසීමටද ඉඩ ඇත. නමුත්.. මඳක් සිතා බලන්න. එම රිය පදවන්නා ගිහි ආර්යයන් වහන්සේ කෙනෙක් වීමට ඉඩ ඇත. ඔහු ගිහි ජීවිතයේ සිට උදේ, සවස භාවනා වඩන සෝවාන් ආදී මාර්ග ඵල ලාභියෙකු විය හැකිය. ඔබ නොදැන වුව කර ඇත්තේ ආර්යෝපවාද කර්මයකි. එහි විපාක සුලු පටු නොවේ. ඔහු යම් හදිසි කාර්යයක් සඳහා එසේ අපරික්ෂාකාරීව රිය පැදවූවා විය හැකිය. නො එසේ නම්, ඔහුගේ යම් පෙර පුරුද්දක් අනුව එසේ රිය පදවනවා විය හැකිය. පැත්තක සිට ඔබ ඒ දෙස බලා ආර්යෝපවාද කර්ම රැස් කර ගැනීම ඉතා අනුවණ ක්‍රියාවකි. මේ අයුරින්ම ඔබ බසයේ යන විට මුණ ගැහෙන පුද්ගලයන්, ඔබේ රැකියා ස්ථානයේ ඔබ සමග රැකියාව කරන මිතුරන්, ඔබේ අසල්වාසීන්, නෑදෑ හිත මිතුරන් අතරද ආර්යයන් වහන්සේලා සිටිය හැකිය. ඔවුන් අඳින, පළඳින, කතා බහ කරන ආකාරයෙන් ඔබ ඔවුන්ව නිගමනය කිරීමට ගියහොත් ඔබට පෙර කී පරිදි ආර්යෝපවාද කර්ම වුවද රැස් විය හැකිය. එබැවින් ඔබ කළ යුත්තේ හරි හැටි නොදන්නා දේ පිළිබඳව පූර්ව නිගමනයන්ට නො එළඹී අකුසල් සිත් ඇති නොවන ආකාරයෙන් සිහියෙන් යුතුව සෑම දෙනා කෙරෙහිම කුසල් සිතින් පැවතීමට උත්සාහ කිරීමයි. සියලු දෙනා කෙරෙහි මෛත්‍රී සිත් පතුරවමින් වාසය කළ හැකි නම් නිවන් මාර්ගයේ ගමන් කර සාර්ථක ප්‍රතිඵල නෙළා ගැනීමට ද එය ඉවහල් වනු ඇත.