ඔය සීන් එක උබෙන්ම තමා මම කාලෙකට කලින් අහ ගත්තෙ අපිට හිතල හිතල නවතින තැනටත් තව එහාට ඉඩ තියෙනව කියන එක. මට ඒක ප්‍රැක්ටිකලි ඇස් දෙකටම සෙට් උන තැනක් තමා AI වල ML මොඩල් ට්‍රේන් කරනකොට. කොච්චර හොදයි කියල අපි හිතාගෙන හිටියත් එතනිනිනුත් තව එහාට ඉඩ තියෙනව.ඔව්, හෙළයෙක් හරි.
අධ්‍යාපනය නිසිපරිදි නොකලොත් (ආර්ය උපවාදය) ජීවිතය අසාර්ථක (විපාක) වෙනවා කියනවා.
නීතියට පටහැනි දේ කලොත් (ආර්ය උපවාදය) දඬුවම් විඳින්න (විපාක) වෙනවා කියනවා.
සංස්කෘතියට එරෙහිව ගියොත් (ආර්ය උපවාදය) සෝශල් ජස්ටිස් වලට මුහුණ දෙන්න (විපාක) වෙනවා කියනවා.
බෙහෙත් වැරදියට බීවොත් (ආර්ය උපවාදය) ලෙඩේ හොඳවෙන්නෙ නැහැ (විපාක) කියනවා.
අරගලයට සහභාගී නොවුනොත් (ආර්ය උපවාදය) සමාජෙන් කොන් වීමට (විපාකය) සිදුවෙනවා.
අරගලයට සහභාගී වුනොත් (ආර්ය උපවාදය) සමජෙන් කොන් වීමට (විපාකය) සිදුවෙනවා.
සෑම චින්තනයකම ඔහොම රාමුවක් තියනවා. ආගම් වලට විතරක් අදාල නැහැ. ඕනෑම මතවාදයක (දිට්ඨි) ඕක අන්තර්ගතයි. ඕනෑම දිට්ඨියකට අනුව අපි ගාව සංකල්පනා (සංකප්ප) සකස් කෙරෙනවා.

