"ආර්ය උපවාදය"

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,234
    99,969
    113
    ඔව්, හෙළයෙක් හරි.

    අධ්‍යාපනය නිසිපරිදි නොකලොත් (ආර්ය උපවාදය) ජීවිතය අසාර්ථක (විපාක) වෙනවා කියනවා.
    නීතියට පටහැනි දේ කලොත් (ආර්ය උපවාදය) දඬුවම් විඳින්න (විපාක) වෙනවා කියනවා.
    සංස්කෘතියට එරෙහිව ගියොත් (ආර්ය උපවාදය) සෝශල් ජස්ටිස් වලට මුහුණ දෙන්න (විපාක) වෙනවා කියනවා.
    බෙහෙත් වැරදියට බීවොත් (ආර්ය උපවාදය) ලෙඩේ හොඳවෙන්නෙ නැහැ (විපාක) කියනවා.
    අරගලයට සහභාගී නොවුනොත් (ආර්ය උපවාදය) සමාජෙන් කොන් වීමට (විපාකය) සිදුවෙනවා.
    අරගලයට සහභාගී වුනොත් (ආර්ය උපවාදය) සමජෙන් කොන් වීමට (විපාකය) සිදුවෙනවා.

    සෑම චින්තනයකම ඔහොම රාමුවක් තියනවා. ආගම් වලට විතරක් අදාල නැහැ. ඕනෑම මතවාදයක (දිට්ඨි) ඕක අන්තර්ගතයි. ඕනෑම දිට්ඨියකට අනුව අපි ගාව සංකල්පනා (සංකප්ප) සකස් කෙරෙනවා.
    ඔය සීන් එක උබෙන්ම තමා මම කාලෙකට කලින් අහ ගත්තෙ අපිට හිතල හිතල නවතින තැනටත් තව එහාට ඉඩ තියෙනව කියන එක. මට ඒක ප්‍රැක්ටිකලි ඇස් දෙකටම සෙට් උන තැනක් තමා AI වල ML මොඩල් ට්‍රේන් කරනකොට. කොච්චර හොදයි කියල අපි හිතාගෙන හිටියත් එතනිනිනුත් තව එහාට ඉඩ තියෙනව.
     
    • Like
    Reactions: greenthunder

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,154
    166,244
    113
    එකමත් එක රටක

    අපිට අපහාස කරොත් උබල අපායේ යනව කියන එක ,

    අපි නිසා මැරුනොත් දිව්‍යලෝකේ ගිහින් කන්‍යවියෝ 72 ක් හම්බෙනව කියන එකවගේම කතාවක්.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔය ඔක්කොම ක්‍රියා සහ ප්‍රතිපල. ප්‍රතිපල ප්‍රායෝගිකයි. ෆැන්ටසි නෙවෙයි බන්.
    ඔය ක්‍රියා , ප්‍රතිපල අතර සම්බන්දයක් තියනව.

    අපිට අපහාස කරොත් යන්න තියලා ලොකුම පව කරගෙන අපායේ යනවා කියනව වගේ ඒවා නෙවෙයි ඔය එකක් වත්. හෙන ප්‍රාත්මිකයි , ගෝත්‍රිකයි. ලෝකෙම පාලනය කරන්නේ තමන්ගේ ආගම කියලා හිතන් කියන බයිලා.

    ෆැන්ටසිද නැත්ද කියලා බලන්න වෙන්නේ තමන්ම අත්විඳලා තමා. දැන් ඉස්සෙල්ල "හෙළයෙක්" කිව්ව විදිහට "කොහොමද නෑ මයි" කියලා තීරණය කලේ කියන එකට දිලාන්ට පැහැදිලි පිලිතුරක් දෙන්න බැරි වුනා.

    ඒකට හේතුව එක දිලාන්ගේ "අනුමානයක්" (ෆැන්ටසියක්) නිසා. දිලාන් හෙලයෙක්ට කොහොමද හිතුනෙ කියලා සියයට සියයක් හරියටම දැනගන්න නම් හෙලයෙක්ගෙ මනස කියවන්න ඕනෙ. එහෙම නැතිව දිලාන් පැමිණෙන නිගමන දිලාන්ගේ අත්දැකීම් සහ උගත්කම මත රඳාපවතින දෙයක් (ෆැන්ටසියක්). මගේ උගත්කම සහ මගේ අත්දැකීම් නිවැරදියි කියන විශ්වාසය උඩ ඉඳගෙන ගොඩනගන නිගමනයක්. ඒක හරි වෙන්නත්පුලුවන් වරදින්නත් පුලුවන්. ඒ නිගමනය ප්‍රශ්න කරන්න පුලුවන්, සියයට සියයක් නිවැරදි නැහැ කියන තැනට අරන් ගිහින් පෙන්වන්න පුලුවන්.

    යමක් ප්‍රාථමිකද, ගෝත්‍රිකද කියලා තීරණය වෙන්නෙත් අපි පැලපදියම් වෙලා ඉන්න දිට්ඨි මත. දැන් අපි කාර්මික විප්ලවයෙන් ලබපු දියුණුව නිසා අද ලෝක උෂ්ණත්වය අධික වෙලා. කාටහරි කියන්න පුලුවන් ඒ ලබපු දියුණුව ප්‍රාථමිකයි ගෝත්‍රිකයි තුච්ඡයි කියලා. ඕනෙ දෙයක් ඕනෙ අතට හරවලා තර්ක කරන්න පුලුවන් දිට්ඨි විවිධත්වය නිසා.
     
    • Like
    Reactions: Blair Solari

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,154
    166,244
    113
    එකමත් එක රටක
    ෆැන්ටසිද නැත්ද කියලා බලන්න වෙන්නේ තමන්ම අත්විඳලා තමා. දැන් ඉස්සෙල්ල "හෙළයෙක්" කිව්ව විදිහට "කොහොමද නෑ මයි" කියලා තීරණය කලේ කියන එකට දිලාන්ට පැහැදිලි පිලිතුරක් දෙන්න බැරි වුනා.

    ඒකට හේතුව එක දිලාන්ගේ "අනුමානයක්" (ෆැන්ටසියක්) නිසා. දිලාන් හෙලයෙක්ට කොහොමද හිතුනෙ කියලා සියයට සියයක් හරියටම දැනගන්න නම් හෙලයෙක්ගෙ මනස කියවන්න ඕනෙ. එහෙම නැතිව දිලාන් පැමිණෙන නිගමන දිලාන්ගේ අත්දැකීම් සහ උගත්කම මත රඳාපවතින දෙයක් (ෆැන්ටසියක්). හරි වෙන්නත්පුලුවන් වරදින්නත් පුලුවන්. ඒ නිගමනය ප්‍රශ්න කරන්න පුලුවන්, සියයට සියයක් නිවැරදි නැහැ කියන තැනට අරන් ගිහින් පෙන්වන්න පුලුවන්.

    යමක් ප්‍රාථමිකද, ගෝත්‍රිකද කියලා තීරණය වෙන්නෙත් අපි පැලපදියම් වෙලා ඉන්න දිට්ඨි මත. දැන් අපි කාර්මික විප්ලවයෙන් ලබපු දියුණුව නිසා අද ලෝක උෂ්ණත්වය අධික වෙලා. කාටහරි කියන්න පුලුවන් ඒ ලබපු දියුණුව ප්‍රාථමිකයි ගෝත්‍රිකයි තුච්ඡයි කියලා. ඕනෙ දෙයක් ඕනෙ අතට හරවලා තර්ක කරන්න පුලුවන් දිට්ඨි විවිධත්වය නිසා.
    ඔයා ෆැන්ටසි ගොඩ දාන්න ප්‍රයෝගික උදාහරණ ගන්නේ.. :lol:

    කෙලින්ම කියපන් කෝ සාපේක්ෂ කතා අස්සේ හැඟෙන්නේ නැතුව.

    ඔය බුධාගමේ කියන මේ ත්‍රෙඩ් එකේ කියන ආර්ය උපවාදය කරාම මනුස්සයෙක් කරන්න පුලුවන් ලොකුම පවක් කරලා අපායේ යනවද නැද්ද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,969
    113
    අදාළ නැති උත්තරයක් බන්....... :rofl:

    අපිට අපහාස කරොත් උබල අපායේ යනව කියන එක ,

    අපි නිසා මැරුනොත් දිව්‍යලෝකේ ගිහින් කන්‍යවියෝ 72 ක් හම්බෙනව කියන එකවගේම කතාවක්.

    අදාල නෑ කියන්නෙ 🤔.

    හරියට 1 වසරෙ ලමයෙක් 12 පාඩමක් බලල අදාල නෑ මේ ටික කියනව වගේද?
    නැත්තන් බයෝ කරන කෙනෙක් මැත්ස් පාඩමක් බලල අදාල නෑ කියනව වගේද?
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මම කරපු පැහැදිලි කිරීමට හොඳ උදාහරණයක් තමා විභාශනගෙ මේ ප්‍රතිචාරය. විබභාශනගෙ දේශපාලනික සහ ආර්ථික දිට්ඨි වලට අනුව විභාශනට දැන් අත්විඳින්න වෙලා තියෙන්නේ ගොඩක් නරකම විපාකයක්.
    මගේ දර්මය පිළිබද දිස්ටියනන්, පින්වත් ලොකු ස්වාමින්වහන්සේ අනුන්ට ආර්ය උපවාද ගැන බන කියන්න කලින් තමන් එකෙන් වැළකිලා ඉන්නවනං තම හොද .

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔයා ෆැන්ටසි ගොඩ දාන්න ප්‍රයෝගික උදාහරණ ගන්නේ.. :lol:

    කෙලින්ම කියපන් කෝ සාපේක්ෂ කතා අස්සේ හැඟෙන්නේ නැතුව.

    ඔය බුධාගමේ කියන මේ ත්‍රෙඩ් එකේ කියන ආර්ය උපවාදය කරාම මනුස්සයෙක් කරන්න පුලුවන් ලොකුම පවක් කරලා අපායේ යනවද නැද්ද ?

    ගොඩදාන්න උවමනාවක් නැහැ දිලාන්. මම මේ කියන විදිහට ග්‍රීන්තන්ඩර්ටවත් කිසිම දෙයක් (ජාතිය, ආගම, සංස්කෘතිය, නීතිය, විද්‍යාව යනාදී) නියත වශයෙන් ගොඩදාන්න බැහැ. තියන තරමක් දේවල් සාපේක්ෂක නමුත් ප්‍රායෝගික විය යුතු නිසා භාවිතා කරනවා එච්චරයි.

    කර්මය මම විසඳන්න යන්නෙ නැහැ. මට එතනදි දෙන්න පුලුවන් මගේ උගත්කම සහ අත්දැකීම් මත පදනම් වෙන ජෙනරල් නිගමනයක්. ඒකට අනුව ආර්ය උතුමෙක්ට අපහාස කිරීම සැලකියයුතු විපාක දෙනවා කියනවා. ඒ විපාකය කොහොම අඩුවැඩිවකොයි කාලෙට ලැබෙයිද කියන එක මට කියන්න බැහැ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,969
    113
    නෑ ඒක වරදිලා දැම්මේ........
    ok
    අපිට අපහාස කරොත් උබල අපායේ යනව කියන එක ,

    අපි නිසා මැරුනොත් දිව්‍යලෝකේ ගිහින් කන්‍යවියෝ 72 ක් හම්බෙනව කියන එකවගේම කතාවක්.

    මම කියන්නෙ ඔය ලිස්ට් එක ඔතනින් නවත්තන්න එපා කියල
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මගේ දර්මය පිළිබද දිස්ටියනන්, පින්වත් ලොකු ස්වාමින්වහන්සේ අනුන්ට ආර්ය උපවාද ගැන බන කියන්න කලින් තමන් එකෙන් වැළකිලා ඉන්නවනං තම හොද .

    ඔව්, කිරිබත්ගොඩ හාමුදුරුවන්ට විවිධ චෝදනා තිබුණා සහ තියනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,154
    166,244
    113
    එකමත් එක රටක
    ගොඩදාන්න උවමනාවක් නැහැ දිලාන්. මම මේ කියන විදිහට ග්‍රීන්තන්ඩර්ටවත් කිසිම දෙයක් (ජාතිය, ආගම, සංස්කෘතිය, නීතිය, විද්‍යාව යනාදී) නියත වශයෙන් ගොඩදාන්න බැහැ. තියන තරමක් දේවල් සාපේක්ෂක නමුත් ප්‍රායෝගික විය යුතු නිසා භාවිතා කරනවා එච්චරයි.

    කර්මය මම විසඳන්න යන්නෙ නැහැ. මට එතනදි දෙන්න පුලුවන් මගේ උගත්කම සහ අත්දැකීම් මත පදනම් වෙන ජෙනරල් නිගමනයක්. ඒකට අනුව ආර්ය උතුමෙක්ට අපහාස කිරීම සැලකියයුතු විපාක දෙනවා කියනවා. ඒ විපාකය කොහොම අඩුවැඩිවකොයි කාලෙට ලැබෙයිද කියන එක මට කියන්න බැහැ.
    කවුද ආර්ය උතුමා ?? කාගේ දෘෂ්ටියට අනුවද ?

    මේ ත්‍රෙඩ් එකේ කතා කරන්නේ ලෝකේ ඉන්න ඕන මනුස්සයෙක් ට අදාලව කරන්න පුලුවන් ලොකුම වරදක් ගැන සහ ලැබෙන්න පුලුවන් නරකම ප්‍රතිපලය ගැන.. ඒකට තමන්ගේ ආගමේ, කල්ලියේ කෙනෙක් කේන්ද්‍ර කරගෙන ලෝකෙටම අදාළ වෙන විදියට ෆැන්ටසි ටෝක් දෙන එක ගැන මම ඇහුවේ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    කවුද ආර්ය උතුමා ?? කාගේ දෘෂ්ටියට අනුවද ?

    මේ ත්‍රෙඩ් එකේ කතා කරන්නේ ලෝකේ ඉන්න ඕන මනුස්සයෙක් ට අදාලව කරන්න පුලුවන් ලොකුම වරදක් ගැන සහ ලැබෙන්න පුලුවන් නරකම ප්‍රතිපලය ගැන.. ඒකට තමන්ගේ ආගමේ, කල්ලියේ කෙනෙක් කේන්ද්‍ර කරගෙන ලෝකෙටම අදාළ වෙන විදියට ෆැන්ටසි ටෝක් දෙන එක ගැන මම ඇහුවේ.
    ආර්ය උතුමා කිව්වම පිලිවෙලක් තියනවා.
    දිට්ඨිය බුදුදහමේ පැහැදිලි කරන ආකාරයට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,154
    166,244
    113
    එකමත් එක රටක
    මම කියන්නෙ ඔය ලිස්ට් එක ඔතනින් නවත්තන්න එපා කියල
    මම දුන්නේ එක වගේ ෆැන්ටසි ආගමික උදාහරණ දෙකක්.
    එකකට හිනාවෙලා එකකට වදින , විශ්වාස කරන උන්ට එහෙම කරන්න තමන්ගේ ආගමික විශ්වාසය ඇරෙන්න කිසි අත්දැකපු හේතුවක් නෑ .

    ඕව ගැන කතා කරද්දී අත්දකින්න පුලුවන් ප්‍රයෝගික උදාහරණ , ප්‍රතිපල ගෙනල්ල පෙන්නලා තේරුමක් නෑ .
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඒ ඔයා දාගෙන ඉන්න ලිමිට් එක ෆැන්ටසි ආගමික නිසා.

    ආගමික සහ ආගමික නොවන කියලා බෙදලා එක ඒකාන්ත සත්‍යක් කරගත්තම තමා ඔය දේ සිද්ද වෙන්න ඉඩ තියනවා. ඕක ආගමික දිට්ඨි සහ ආගමික නොවන දිට්ඨි කියලා බැලුවොත් සමහරවිට තේරෙන්න ඉඩ තියනවා.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,497
    1,962
    113
    අපේ පැත්තෙන් අපි කියන විදියට කරාම හොද තැනකට යන්න පුලුවන් කියන ගමන්,
    අපේ දේට අපහස කරන අය , විරුද්ධ වෙන අයට නරකම ප්‍රතිපල ලැබෙනවා කියල කියනව.

    කරන දේවල් වලට විපාක ලැබෙයි කියලා විතරයි තියෙන්නේ. පෘථග්ජනයෙක් මොනවා කරත් සුගතියක යන්නත් පුලුවන්, දුගතියක යන්නත් පුලුවන්. කොහෙවත් කියලා නැහැ පින් කරොත් අනිවාරෙන් හොද තැනකට යයි කියලා. ඒ එයාලගේ *ස්වභාවය/ හැකියව* නිසා. කොච්චර පින් කරත් ඔය *ස්වභාවය/ හැකියාව* වෙනස් වෙන්නැහැ. ඒක වෙනස් වෙන්නේ මාර්ගඵල ලාබීන්ගේ විතරයි.

    සෝවාන් උතුමෙක් දුගතියක උපදින්න බැරි සක්කාය දිට්ටිය නැති නිසා.
    අනාගාමී උතුමෙක් කාමාවචර භූමි වල ඉපදෙන්න බැරි කාමරාග, පටිඝ නැති නිසා.

    ආර්ය උපවාදය පෙන්නන්නේ ධහම හොයන කෙනෙක්ට තමන් හික්මෙන්න ඕන විදිහ පෙන්නන්න. එලියෙන් හොයන්න බැහැ කියලා දන්න එකා කාටවත් බනින්නැති තැනට හික්මීම, සීලය හදාගන්නේ.