ඔව්..
බුදුන්වහන්සේ බණ කියන්න අලුතෙන් භාෂාවක් හැදුවේ නෑ
එදා බමුණෝ පාවිච්චි කරපු වචනම දාලා ලෝකෝත්තර අර්ථයෙන් දේශනා කළා
අපි දැනගන්න ඕනේ ඒ අර්ථයන් වෙන් කරගන්න
ධ්‍යාන කියලා තියෙද්දී අපි දැනගන්න ඕනේ මේ කියන්නේ ලෝකෝත්තර ධ්‍යාන ගැන කියලා ඒ තියන තැන අනුව
සංඛාර නිරෝධ කරන්න කිව්වම අපි ගන්න ඕනේ මේ කියන්නේ "කාය, වචී, මනෝ" නෙවෙයි අභිසංඛාර මේ කියන්නේ කියලා
(ඒ කියන්නේ පුණ්‍යාභිසංඛාර, අපුණ්‍යාභිසංඛාර ආනඤ්ජාභිසංඛාර තුන.
"සබ්බ සංකාර" කිව්වමත් ගන්න ඕනේ "කාය, වචී, මනෝ" නෙවෙයි පුණ්‍යාභිසංඛාර, අපුණ්‍යාභිසංඛාර ආනඤ්ජාභිසංඛාර තුන
ඒ වගේම කුසසලය කිව්වමත් අපි ගන්න දැනගන්න ඕනේ මේ කියන්නේ ලෝකෝත්තර කුසලය කියලා
මම අහලා තියෙන්නේ සංඛාර 9 ගැන. එයටම ආදීනවය කියනවානේද ?