ආරූඪ ලග්නය

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සමාජය බොහෝ විට අපව දකින්නේ නැත දකින්නේ වෙන කෙනෙක්වය.. උදාහරනයක් ලෙස කෙනෙක් කොයි තරම් වටිනා ඇඳුම් ඇන්දත් වියදම් කලත් සමාජය ඔහුව කුම්මැහියෙක් ලෝභයෙක් ලෙස දකින්නට පුලුවන්ය. සමහර විට දරුනු මනුෂ්‍යයෙක්ව සෞම්‍ය ලෙස දකින්නට පුලුවන්ය. තවත් විටක යමෙක් අභ්‍යන්තරයෙන් බියසුල්ලෙක් වුවත් ඔහුට සමාජය වීරයෙක් ලෙස සලකන්නට පුලුවන්ය. මෙසේ සැබෑ තමාව වැසී ගෝස් සමාජය විසින් අලවන ලේබලයට හේතුව කුමක්ද? තමා දෙස මින්සුන් බලන්නේ කොයි ආකාරයෙන්ද? මෙයට හේතුව ලෙස ජ්‍යොතිෂයේ දක්වන්නේ ආරූඪ ලග්නයයි. සමහර විටක තමන් හොඳ කෙනෙක් යැයි සිතා සිටින කෙනෙකුගේ ජන්ම පත්‍රය පරික්ෂා කරන්නට ගිය වෙලේ මොහු කුහකයෙක් යැයි කී විට නෑ එසේ වන්නට බෑ කියා ඔබ සිතන්නේ ජ්‍යෝතිර් වේදියා පලාපලය කීවේ උපන් ලග්නය බලා නිසාත් එයින් පෙනෙන්නේ පුද්ගලයාගේ සබෑ ගතිගුන නිසාත්ය.. සමාජය ඔබ දෙස බලන්නේ කෙසේද. ඔබෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද යන්න දැනගැනීමට නම් ආරූඪ ලග්නය පරික්ෂා කල යුතුය..

    ආරූඪ ලග්නය පරික්ෂා කිරීම අපහසු දෙයක් නොවේ. ආරූඪ ලග්නය සොයාගත් පසු සාමාන්‍ය හඳහනක් බලන ලෙසම එම ආරුඪ ලග්නය ලග්නය ලෙස ගෙන පරික්ෂා කල යුතුය. ඉතින් මේ ආරූඪ ලග්නය සොයා ගැනීම ඊලඟට කල යුතුය..
    ඒ මෙසේය
    යම් හඳහනක ලග්නාධි පතියා සිටින තැන බලා ලග්නයේ සිට ඒ දක්වා ඇති රාශි ගැනගත යුතුය. ඉන් පසුව ලග්නාධිපතියා සිටින රාශියේ සිට එම ගනනම ඉදිරියට ගනන් කිරීමෙන් එම ජන්ම පත්‍රයේ ආරුඪ ලග්නය ලැබේ

    උදා හරනයක් දක්වතොත් මෙසේය...

    TE5Gvk4.jpg


    ඉහත දක්වා ඇත්තේ අපගේ එලකිරි සාමාජිකයෙක්ගේම දල කේන්ද්‍රයකි. මොහුගේ ලග්නට වෘෂ්චිකයයි.
    වෘෂ්චිකයේ ලග්නාධි පතියා කුජය.
    මෙහි කුජ සිටින්නේ ලග්නයෙන් දෙවැන්නේය.
    එසෙනම් කුජග සිටින රාශියෙන් දෙවැන්න ආරූඪ ලග්නයයි.
    එනම් මෙම ජන්මියාගේ ආරූඪ ලග්නය මකරයයි.

    තවත් උදාහරනයක් මෙසේය.

    QOEkxdf.jpg


    මෙහි ලග්නය වෘෂභයයි. ලග්නාධි පතියා සිකුරාය.
    සිකුරු සිටින්නේ ලග්නයෙන් දොලොස් වැන්නේ මේෂයේය.
    එවිට සිකුරු සිටින තැනින් දොලොස් වැන්න ආරූඪ ලග්නය විය යුතුය. ඒනම් මෙහි ආරූඪ ලග්නය සිකුරු සිටින මේෂයේ සිට බැලූ කල 12 වැන්න වන මීනයයි.

    මේ ආකාරයෙන් සොයාගත් ආරුඩ ලග්නය මත පදනම්ව සමාජය අප දෙස බලන්නේ කෙසේදැයි දැනගත හැක..

    තවත් ලිපියකින් ලඟදීම හමුවෙමු..:)


    http://tharaka-eli.blogspot.com/2014/05/blog-post.html
     
    • Like
    Reactions: white lion

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මගේ ඉන්නේ අරුඨ ලග්නයේ රවි සහ සෙනසුරැ දාපන්කෝ බලන්න විස්තර ටිකක්
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මගේ ඉන්නේ අරුඨ ලග්නයේ රවි සහ සෙනසුරැ දාපන්කෝ බලන්න විස්තර ටිකක්

    අනෙක් ග්‍රහයෝ ගැන නොබලා කියන්න අමාරුයි. නමුත් රවි හා සෙනසුරු ඉන්න නිසා බොහෝ දුරට මිනිස්සු ඔයාව පොරක් හා ආත්මාර්ථ කාමියෙක් කියලා හිතන්න පුලුවන්.. සියලු ග්‍රහයෝ නොබලා නිෂ්චිතවම කියන්න බෑ..
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    නැකැත් රාල;16605574 said:
    අනෙක් ග්‍රහයෝ ගැන නොබලා කියන්න අමාරුයි. නමුත් රවි හා සෙනසුරු ඉන්න නිසා බොහෝ දුරට මිනිස්සු ඔයාව පොරක් හා ආත්මාර්ථ කාමියෙක් කියලා හිතන්න පුලුවන්.. සියලු ග්‍රහයෝ නොබලා නිෂ්චිතවම කියන්න බෑ..

    හි හි එහෙමද විස්තර ටිකක් PM කලා මට විස්තර ටිකක් කියපන්කො :):):)