ආලවක දමනය

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,515
    10,266
    113
    44
    Living in an Atom
    GVqlsZoWcAEiTLR.jpg


    මහින්ද රාජපක්ෂගේ ස්වර්ණමය කාලේ දක්ෂිණාංශික දේශපාලනයෙ අපි සහ වමේ හිටිය ජෙප්පො දේශපාලනිකව වෙනස් වුනත් එක්ව සටන් කරපු අවස්ථා කිහිපයකින් එකක් තමයි රාජපක්ෂල විසින් කරපු ආගම අවභාවිතා කිරීමට එරෙහි වීම.

    අන්තවාදී කොමියුනිස්ට් දර්ශනය අදහපු ජෙප්පො ආගම අබිං කියනකොට අපි එච්චර දුර නොගිහින් ආගම දේශපාලනයෙන් වෙන්ව තැබිය යුතුයි සිතුවා. මේ සිස්ටම් එකේ වෙනස්විය යුතු එක තැනක් තමයි ඒක.සිවුරට මුවා වෙලා රාජපක්ෂල මේ රටට කරපු හානිය ඉතා විශාලයි. සිවුරක් පෙරව ගත්ත පමණින් ලැබෙන අසීමිත සමාජ බලය අවභාවිතා කරලා ඒ කාලෙ සංඝ පාතාලයක් බිහිකරලා තිබුනා.

    ඒ බලයට අභියෝග කරන්න කවුරුත් බය වුනා. ඒ බලය විසින් මවපු නොයෙකුත් බොරු බිල්ලන් නිසා අපේ රටට ගොඩක් වටිනා අවස්ථාවන් නැති වුනා.ලෝකය සමග අත්වැල් බැඳගෙන ඉදිරියට යන්න තිබුන අවස්ථා මගහැරුනා.

    සිවුර විසින් අල්ලෙ නටවන්න බැරි වුන අපේ රටේ හිටිය නායකයින් කිහිප දෙනාගෙන් කෙනෙක් තමයි රනිල්, ඔහුට මිනිස්සු ගොඩක් අකමැති වෙන්න හේතුවත් ඒක. හැබැයි බලය වෙනුවෙන් ඔහු ප්‍රතිපත්ති පාවා දුන්නෙ නෑ.මම රනිල්ට කැමති එක හේතුවක් ඒක.

    නමුත් ගෝඨාභයගෙන් අමතක නොවෙන පාඩමක් ඉගෙන ගෙන ජවිපෙට සම්බන්ධ වුන පැරණි රාජපක්ෂ බයියන්ගේ සංතෘප්තිය වෙනුවෙන් අනුරට රාජපක්ෂ ක්‍රමයම ඊටත් වඩා හොඳට කරන්න සිද්ධ වුනා. ඒක සිස්ටම් වෙනස් කරන්න ආපු අනුරව සිස්ටම් එක විසින්ම ගිලගත් අවස්ථාවක්.

    ආගම අබිං කිව් කාල්මාක්ස් අදහපු අනුරව මේ තත්වයට ගැනීම හරියට ආලවක දමනය වගේ වැඩක්.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,471
    15,430
    113
    Gampaha
    මුලු සංඝරත්නයම මාලිමාවට.. පන්සල් වලින් බහුතරය මාලිමාවට ... බයියො හාමුගේ ලොල්ලෝ බය වෙලා නූල් දානවා... 🤭
     
    • Haha
    • Love
    Reactions: dilann and EVC