ගොඩක් අයට මග ඇරිච්ච දෙයක් කියන්නන්. බටහිර රටවල STEM / tech ෆීල්ඩ් වල සෑහෙන ඉන්නේ ආසියාවේ සම්භවය තියෙන උන්ම තමයි. පොඩ්ඩක් බලපන්කො ඒ රටවල රිසච් ටීම්, යුනි වල ප්රෝෆාලා, ස්ටාට්අප්, R&D company වල ඉන්න උන් ගැන.
වෙන මුකුත් ඕන නෑ. ලංකාවේ එන්ජිනියරින්, සයන්ස් වල වැඩ්ඩෝ PhD වලට යන්නෙම ඔය වගේ රටවලට නේ. අනික් කිට්ටු රටවල් වල තත්ත්වෙත් ඕකයි. උන් තමයි වැඩිපුර රිසච් කරන්නේ. උන් තමයි පේපර් ලියන්නේ, පේටන්ට් දාන්නේ, ස්ටාටප් පටන් ගන්නේ. ලංකාවේ නම නෙමෙයි නේ එතකොට මතු වෙන්නේ.
ඉන්නොවේෂන් වලට හොඳ පරිසරයක් ඒ රටවල් හදල තියෙනවා. ග්රාන්ට් ගන්න ලේසියි, බිස්නස් පටන් ගන්න ලේසියි, ලංකාවේ වගේ රජේ ආයතන වලින් කකුලෙන් අදින්නේ නැහැ මිනිස්සු රස්තියාදු වෙන්නේ නැහැ. ඉතින් ලංකාව ඇතුළු ආසියාවේ වැඩ්ඩෝ සංක්රමණය වෙනවා ස්වාබාවිකවම.
මෙන්න මේක තමයි ඇත්ත කතාව.
නිකන් රට ගැන හිතල රිසර්ච් කරන්න කියල බයියො කිව්වට කරන්න බෑ. ඒකට සුදුසු පරිසරයක් තියෙන්න ඕන.