ආසියාවේ ගණිකාව/ගණකයා
මහින්ද රාජපක්ෂ එදා චීනයට ගියේ ආසියාවේ සීඝ්රයෙන් ම නැගී එන සාඩම්බර රාජ්‍යයක අභීත නායකයෙකු ලෙස කොන්ද කෙලින් තියාගෙ නම් රනිල් ගියේ බංකොලොත් වෙමින් තිබෙන රටක දුබල නායකයෙකු ලෙස තම බලය රැක ගැනීම වෙනුවෙන් මුළු රට ම වුවත් බන්දේසියක තබා විකිණීමට සූදානම් බව කියමින් බඩගාගෙන ය. චීනයට ගොඩ බහින විට තම කබායට යටින් වූ රනිල්ගේ රතු ඇඳුම මේ දීන හා යටත්වීමට සූදානම් බවේ ප්‍රබල සංකේතයක් වැනි ය. මහින්ද චීනයට යන විට කිසි දිනෙක රතු ඇඳුම් ඇන්දෙ නැත. ඔහුට තම දේශීය කුරහන් සාටකය පමණක් ප්‍රමාණවත් විය. තම ඇමරිකානු හා ඉන්දියානු 'මිතුරන්' මහදවල් පාවා දෙමින් කොළඹ වරාය නගරය පමණක් නොව, හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් අක්කර 1000ක් හා හම්බන්තොට වරායේ පූර්ණ මෙහෙයුම් බලය චීනයට ලබා දීමට ඔහුට සිදු වූයේ මේ පරාධීන බව නිසාය. කෙසේ වෙතත්, ඉන්දියාව හා ඇමරිකාව දැන් තම දෙවැනි වටය පටන් ගනු ඇත. ඔවුන් සතුටු කිරීමේ දොළ පිදේනි චීනය සතුට කිරීමට දුන් ඒවාට වඩා දෙගුණයක් වන විට ලංකාවේ ආසියාවේ ආශ්චර්ය නොව ගණිකාව/ගණකයා වුවහොත් අප පුදුම විය යුතු නැත.
by Mahinda Pathirana