ආසි, හේර, පොරෝ , බුරු ( part II )

libero

Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    ආසි, හේර, පොරෝ , බුරු ( part II )

    සුබ දවසක්. දෙවැනි පොස්ට් එකට ටිකක් කල් ගියා . අද කියල දෙන්න යන්නේ ඕමි ගහන එක ගැන. ගොඩක් දෙනෙක් මේක නම් දන්නවා. කලින් කිවුව වගේම දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ඉගන ගන්න. දන්නා අය අඩුපාඩු හදන්න අලුත් දේවල් එකතු කරන්න.

    hunters-pack.jpg


    කලින් පොස්ට් එක බලපු නැති කට්ටිය මෙතනින් බලන්න. basic එක එකේ තිනවා.
    http://www.elakiri.com/forum/showthread.php?p=21975527#post21975527

    game එක ගැන පොඩ්ඩක් කියන්නම්.මේක කරන්න හතර දෙනෙක් ඕනි. හබි දෙන්නගෙන් තුන්දෙනාගෙන් කරන්නත් පුළුවන්. එත් සාර්ථකම සහ ක්‍රීඩාවේ නියම අගය එන්න නම් හතර දෙනෙක් ඉන්න ඕනි. මේ හතර දෙන team දෙකකට බෙදෙන්න ඕනි. තමාගේ කණ්ඩායමේ අනිත් සාමජිකය ඉන්න ඕනි තමන්ට ඉස්සරහින්. ඒ කියන්නේ ඉස්සරහින් වාඩි වෙන්න ඕනි. මේ සෙල්ලම වට කිහිපයක් පැවැත්වෙනවා (අතවල් කියන්නේ ඒකට ). එක අතකදී දිනන කණ්ඩායමට කැටයක් හම්බ වෙනවා.එක පැත්තක කැට ඉවර වෙනකන් සෙල්ලම් කරන්න ඕනි.. ඒ වගේම කැට බෙදෙන අවස්ථාව අනුව කට ගාන තීරණය වෙනවා. මේ කැට කියන්නේ මොනවද. කියල සෙල්ලමත් එක්කම කියල දෙන්නම්.

    මුලින්ම මෙහෙයි pack එකේ joker අයින් කරන්නෝනි. දැන් අපි කැට ටික වෙන් කර ගන්න ඕනි. එකට හැම වන්සේටම අයිති 2, 3, 4, 5, 6 කියන කොළ ටික වෙන වෙනම වෙන් කර ගන්න ඕනි. මේ වෙන් කර ගත්ත කොළ 20 න් දහයක් එක කණ්ඩායමක සාමාජිකයෙක්ට ද , අනෙක් දහය අනෙක් කණ්ඩායමේ සමජිසමජිකයෙක්ටද දෙනවා. හැබයි මෙතනදී එක කණ්ඩායමකට දෙන කොළ දහය එකම පාටක් වෙන්න ඕනි. ( ඒ කිවුවේ හාරත සහ රුවිත එක කණ්ඩායමකට ද , ඉස්කෝප්ප සහ කලාබර එක කණ්ඩායමකට වෙන විදියට ) මෙන්න මේ කොළ විස්සට තමයි කැට කියල කියන්නේ. ඕනි නම් එක team එකට කැට පහ ගානේ බෙදාගන්නත් පුළුවන්. එතකොට සෙල්ලමට යන වෙලාව අඩු වෙනවා.

    මේ සෙල්ලමෙදී වැදගත්ම දෙයක් තමයි තුරුන්පු කියන්නේ. තුරුම්පු කියන වනසේ තමයි බලවත්ම වනසේ වෙන්නේ. එක ඉස්සරහට ඔයාට තේරෙයි.

    හරි දැන් පටන් ගමු. මේ සෙල්ලමේදී එක්කෙනෙක්ට කොළ අට ගැනේ හම්බ වෙනවා සෙල්ලම් කරන්න. මුලින්ම එක team එකක ක්‍රීඩකයෙක් card ටික shuffle කරනවා. ඊට පස්සේ මෙමෙ shuffle කරපු card pack එක කපන්න ඕනි.(කපනවා කියන්නේ එක ගොඩක් අරන් එකට උඩින් අනිත් ගොඩ තියන එක.තව විදි තිනවා. ඒත් ඕමි වලදිනම් බොහෝ දුරට වලංගු මේ ක්‍රමය තමයි..)

    එක කරන්නේ තමන්ට වම පැත්තෙන් ඉන්න කෙනා. ඒ කියන්නේ අනිත් කණ්ඩායමේ සාමාජිකයෙක්. හැම අවස්ථාවකදීම card pack එක shuffle කරන කෙනාට වම පැත්තෙන් ඉන්න කෙනා තමයි pack එක කපන්නේ. ඒ වගේම ඊළඟට shuffle කරන අවස්ථාව ලැබෙන්නේ තමන්ගේ දකුණු පැත්තේ ඉන්න කෙනාට. තව දෙයක් කියන්න ඕනි. මේ සෙල්ලම්දී කොළ බෙදන එක, කොළ දමන අවස්ථාව, තුරුම්පු කියන අවස්ථාව, සහ shuffle කරන අවස්ථාව හිමි වෙන්නේ වාමාවර්තව. ඒ කියන්නේ දැන් කර එක්කෙනාට දකුණු පැත්තේ ඉන්න කෙනා තමයි ඊළඟට. හරි දැන් කපපු card pack එක shuffle කරපු කෙනා විසින් බෙදාගෙන යනවා. එක කරන්නේ මෙහෙමයි. තමාගේ දකුණු ඇත පැත්තේ ඉන්න කෙනාට කොළ හතරක් දෙනවා. එය තුරුම්පු කියනකන් ඉඳල තමයි ඉතුරු කොළ බෙදන්න ගන්නේ. කොළ හතර ගැනේ වට දෙකක් බෙදනවා. දැන් කා ලඟත් කොළ අට ගානේ තිනවා.

    තුරුම්පු කියන එක ගැන කියන්නම්. දැන් අපිට කොළ හතර හම්බුනාම තුරුම්පු කියන්න ඕනි තමන්ගේ ළඟ වැඩි කොළ ගානක් තින වනසේ බලල. එහෙම තමයි සාමාන්යෙන් නම්. එත් හොඳට කල්පනා කරලා වෙන එකක් කියන අවස්ථාත් තිනවා. එක ඉත්න් පල පුරුද්ද මත තමයි . අපි මෙහම හිතමුකෝ .වංස හතරෙන් කොළ හතර අව කියල. ඒ වෙලාවේදී අපිට කැමති නම් 7 කොලේට තුරුම්පු කියන්න පුළුවන්. එක මෙහෙමයි වෙන්නේ. දෙවැනි වටේ කොළ බෙදන අවස්ථාවේදී කොළ බෙදන කෙනා පලවෙනි කොලේ, දෙවැනි කොලේ පිලිවලට දෙනවා. තුන්වෙනි කොලේ කාටත් පෙන්න අනිත් පැත්තට දානවා. එක තමයි තුරුම්පු වංසේ වෙන්නේ. මේ විදියට තමන්ට අවාසි වෙන්නත් පුළුවන්.

    කොළ වල වටිනා කම මෙහෙමයි.. ලොකුම කොලේ තමි ආසියා.ඊට පස්සේ හේරා , පොරෝ , බූරු , 10, 9, 8, 7 .
    එත් මේ මොන කොලේ උනත් තුරුම්පු වංසේ පොඩිම කොලේට පවා යටයි.

    හරි මුලිනම කොලේ දාන්නේ තුරුම්පු කියපු කෙනා. ඊට පස්සේ දකුණු ඇත පැත්තේ ඉන්න කෙනා . ඒ විදියට තමයි.
    ඒ වගේම කොළ දාන විදියක් තියෙනවා . මුලින්ම දැන්ම කොලේ අපි හිතමු හාරත 10 කියල. අනිත් කරුත් දන්නා ඕනි හාරත වන්සේන්මයි. තමන්ගේ ළඟ වනසේ තියාගෙන නොදා ඉන්න බෑ . එහෙම උනොත් තරග නිඉති උල්ලන්ගනයක්.(ඒ ඇත cancel වෙනවා )එතකොට දෙන්න වෙන කැට ගැන වැඩි වෙනවා.( ඒ ගැන පස්සේ කියන්නම්). ඒ වංසන් කොළ තමන් ළඟ නැත්නම් වෙන ඕනිම කොලයක් දන්නා පුළුවන්. වගේම තුරුම්පු වලින් කපන්නත් පුළුවන්. තව දෙයක්. ඔයාල හිතන්නකෝ මම තමයි කොලේ කියන්නේ.( ඒ කියන්නේ මුලින්ම කොලේ දාන්නේ) කොලේ දැන්ම රුවිත වංසන්. අනිත් කණ්ඩායමේ කා ළඟවත් ඒ වන්සේවත්, තුරුම්පුවත් නැත්නම් කොළ ගොඩ මගේ. මේ විදියට කොළ අටම ඉවර වෙනකන් සෙල්ලම් කරනවා. එතකොට තමයි එක අතක් ඉවර වෙන්නේ. ඒ අතේදී කොළ ගොඩවල් පහක් හරි ඊට වඩා ගත්තම තමයි ඒ අත දිනන්නේ. එතකොට පැරදුන පිලෙන් කැට දෙනව දිනපු පිලට. ( කැට දෙන විදිය කියන්නම්)

    සේපොරු වීම ::: සේපොරු වෙනවා කියන්නේ එක අතකදී ගන්න ගොඩවල් ගැන කණ්ඩායම් දෙකම සමාන උන වෙලාවට.

    කැට ගැනීම හා දීම :::
    1. තුරුම්පු කියපු කණ්ඩායම ගොඩවල් පහක් හෝ ඊට වැඩියෙන් ගත් අවස්ථාවකදී නම් කැට එකක් ලබා ගැනීමට පුළුවන්. අනෙක් පිලෙන් තුරුම්පු කී අවස්ථාවකදී තමන් ගොඩ පහ හෝ ඊට වැඩියෙන් ගතහොත් කට දෙකක් ලබා ගන්න පුළුවන්. සරලවම තුරුම්පු කියපු පිල පැරදුනොත් කැට දෙකක් දෙන්න වෙනවා. නැත්නම් එකයි.

    3. එක ගොඩක් හෝ ගන්න නොහැකි උනොත් එය කපොතියක් කියල හඳුන්වනවා.එතකොට කට තුනක් දෙන්න ඕනි.

    2. වගේම වනසේ තියන් නොදැ හිටියොත් කැට තුනක් දෙන්න ඕනි.

    4. ඒ වගේම සේපොරු උන වේලාවකදී නම් ඊලග වටේදී දිනන පිලට කැට දෙකක් දෙන්න ඕනි......


    තව වැදගත් දෙයක් තිනවා. තුරුම්පු කියන කෙනා පලවෙනි කොලේ දැන්ම කියල හිතන්නකෝ. ඒ කණ්ඩායමේ හරි වෙන කණ්ඩායමක හරි කෙනෙක් නම් කොළ ගොඩ ගත්තේ එය තමයි ඊලඟට පලවෙනි කොලේ දාන්නේ...

    මේ game එකේ tricks එනම් මනම් තිනවා ... ඊළඟ post එකෙන් දෙන්නම්....

    අඩුපාඩු තිනම් කියල යන්න. ස්තුති.




     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    එල.....මම නම් ඇන්ඩ්‍රොයිඩ් ගේම් එකක් තියනව ඒක play කරනව...නැත්නම් මලගෙදරක නිදිමරන්න හොදයි
     
    • Like
    Reactions: libero

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    yatin adina scene eka daapan puthii..


    Aye oya kiwwata thamanta sure nam ath 8ma yanne na kiyala ,atha yana wanshe noda thrumpuwak wage gahala e atha gananwa. Ewa ithin kalpanawen karanna one.ath 8ma giyoth ithin wade maattune. maattu kiyanne ithin anik team eke un sihiyen hitiyoth witharai .podi un ekka ehema gahaddi maattu wenne na jiwitheta :lol:
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    ජොබ් එක කරන්න කොළබ ආව නිසා කාලෙකින් ඕමියක් ගැහුවේ නෑ.

    එල මචන්.