ආහ්හ්හ් ...... ඔන්න අලුත් Network එකක් එනවා .......

Nov 3, 2012
131
95
0
ආහ්හ්හ් ...... ඔන්න අලුත් Network එකක් එනවා .......

ආහ්හ්හ් ....... ඔන්න අලුත් Network එකක් එනවා ...

ඔන්න මන් අද ගෙනාවා ලංකාවේ Mobile Internet Providers ගැන අළුත්ම තොරතුරු ටිකක් .

Dallas-T1-Lines.jpg


යාන්තං මෙගා බයිට් එකක් ගිනි ගනං කාලේ හුලං ටෙල් ආවා අඩු ගාස්තු එක්ක. දෙයියනේ කියලා කන්න බොන්න පටං ගත්තු උන්ට එකෙනුත් කෙලියා ඩයලොග් එකයි මොබිටෙල් එකතු වෙලා හුලංටෙල් පැකේජ වලට නඩු දාලා.:(
කොහොම හරි ගත්තු අයට සේවාව දිගටම දීලා අලුතින් ඒ පැකේජ දෙන එක නැවැත්තුවා. කොහොම කොහොම හරි cell tell සමාගම TIGO උනාට පස්සේ එකත් ගත්තා etisalat ලා ලංකාවේ වාසනාවටද අවාසනාවටද මංදා දෙයිනනේ කියලා සුපිරි විදියට නෙට්වර්ක් එක දුවන්න පටං ගත්තා. :D ටික කාලයයි ගියේ 3.75G technology එකෙන් සේවා සපයන්න පටං ගත්තා.
දැනට ලංකාවේ 21 mbps dongle එකක් පාවිච්චි කරන කෙනෙකුට 12 Mbps දක්වා වේගයක් ගන්න පුළුවන් Etisalat වල ( අපි practical බලලා තියනවා ) :cool:

8aa89598ff821fc3f93d9e7bc9d12c04.jpg


ලංකාවේ leased lines වලට අමතරව දීපු සුපිරිම වේගය etisalat ලා දුන්නා. ඔය අතරේ සන්ටෙල් සමාගම ගත්තා ඩයලොග් එකෙන්. SLT Broadband පාවිච්චි කරපු කට්ටිය දවස ගානේ පරිපාලනයේ අම්මා අප්පා මතක් කරපු කාලේ ඒත් එක්කම උදා වුනා. :rofl::lol:
එක unlimited package එකක් නොදෙන්නත් හා දැනට unlimited package වල ඉන්න උදවියව අලුත් ඒවට මාරැ කරන්න නෙගත් උත්සහයක් නෑ. :angry: Speed අඩු කරා සැරින් සැරේ disconnect කරන්න පටං ගත්තා ආතල් ගොඩක් දුන්නා කොහොම කොහොම හරි.:sorry:
මේ කාලේ වැරදිලාවත් SLT එක් facebook fan page එක පැත්ත පලාතේ යන්න බැරි විදියට මිනිත්තුවක් ගානේ අපේ කොල්ලෝ ජාතිය ඇමතුවා. :lol::rofl:
ලැජ්ජ නැති කමද වෙන මොක්කද එකක්ද දන්නේ නෑ උදේ හවා page adminයුත් වත්ත සුද්ද කරන්නා වගේ page එක සුද්ද කොර කොර හිටියා. :lol::rofl:

speed-test-net.png


ඒකෙන් මේකෙන් සද්ද නැතුව දිග ගමනක් ආවා අපේ ලාංකික සමාගමක් වන ලංකා බෙල් සමාගම.
( ලංකා බෙල් සමාගම ලංකාවේ නොම්මර එකේ කෝටි පතියා වන හැරී ජයවර්ධන ගේ සමාගමක් . ):shocked:
තාමත් නොම්මර එකට සේවා සැමයුම් කරගෙන හිනිපෙත්තටම නගින සමාගමක් ලංකාවට තියෙන එක ගැන අපි හදවතින්ම සතුටු වෙමු.

බලු වටින්නේ නැති telecommunication company එකක් වෙච්ච hutch නැගිටින්න පටන් ගත්තා :dull:ආයෙත්. 3G නෙට්වර්ක් කවර් කරා සෑහෙන්න. :yes:Dialog ලටත් වඩා අන්තර්ජාල සේවා සපයන්න පටං ගත්තා හොදට (මහ රෑ 12 ඉදන් උදේ 6අතර කාලය නැතිව) කොහොම කොහොම හරි දැනට ලංකාවේ ISP (Internet Service Provider) ලා ඉන්නවා 9 දෙනෙක් විතර දන්න විදියට.:rolleyes:

visual_internet.jpg


හැබැයි අද කතා කරන්නේ ඔය 9 දෙනා ගැනවත් නෙමෙයි අලුත් සමාගමක් ගැන.:D ප්‍රංශ සමාගමක් Sierra Wirelessආයතනයේ ලංකාවේ ස්ථාපිත කරන ලබන Wavecom Wireless Solutions ගැනයි මේ කියන්නේ. දැනට පැකේජ ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසමෙන් අවසර ලබාදී තිබෙන අතර ඉතා තරගකාරී මිල ගනන් යටතේ සේවා සපයන ආයතනයක් වනු නොඅනුමානයි. භාවිතා වන තාක්ෂනය පිලිබද තවම වැඩි විස්තරයක් නැති නමුත් Sierra Wireless ආයතනය අනෙක් රට වලට 4G මගින් සේවා සපයන බැවින් Dual Carrier technology එකද භාවිතා කරන්නට පුලුවන් කමක් තිබේ. නමුත් WiMax Stable network එකකින්ද තම වැඩි දත්ත පරිබෝජනය කරන සේවා දායකයින්ට සේවා සපයන්නටද පුලුවන් කමක් ඇත. පැකේජ පිලිබද විස්තර හා මිල ගනන් පහත පරිදි වේ.:)

wavecom.png


මතු වන ඊලග ප්‍රශ්නය නම් මෙම සමාගම real speed and bandwidth සපයන්න පුලුවන් වේද යන්නයි. :confused: මම හිතන්නේ පුලුවන් වේවි. දැනට ලංකාවේ දුවන ඔක්කොම internet Service Providers ලා තම සේවා සපයන්නේ ප්‍රධන සමාගම් තුනක් සමග ඒකාබද්ධ වෙලා මම දන්න තරමට. ඔයාලා දන්නවා internet කියන්නේ ලොකු නෙට්වර්ක් එකක් නැත්නම් WAN ගොඩක එකතුවක්. මේ මුලු නෙට්වර්ක් ඔක්කොම සම්බන්ධ කරන්න පුලුවන් තැන් කීපයකින් විතරයි. ඉන්දියන් සාගරය හරහා යන මේ පද්ධතියේ ප්‍රධාන පාලන මධ්‍යස්ථනයක් තමයි ඉන්දියාවේ චෙන්නායි වල පිහිටලා තියෙන්නේ ඉතිං ලංකාවේ ඉදන් චෙන්නායි වලට ප්‍රධාන පද්ධතියට සම්බන්ධකම් තියෙන්නේ කේබල් මගින් සමාගම් දෙකකට පමණයි. ඒ ර්‍ශ්‍ර ලංකා ටෙලිකොම් සමාගමට හා ලංකාබෙල් සමාගමටයි. මෙම සමාගම් දෙකට අමතරව දැනට main hub එකට සම්බන්ධකම් තියෙන්නේ dialog සමාගමටයි.

mobilerouting.jpg


ඒ චන්ද්‍රිකා තාක්ෂණයෙනුයි. මුලු ලංකාවටම ඇත්තටම කතා කරොත් ජාල සැපයීම් කිරීමට හැකියාව ඇත්තේ මෙම සමාගම් තුන නිසයි. නමුත් මෙම නව සමාගම වන Sierra Wireless නැතිනම් Wavecom Wireless Solutions සතුව තමන්ගේ චන්ද්‍රිකාවක් තිබෙනවා. හැබැයි තවමත් නිවැරදි තොරතුරැ නෑ cable hub එකෙන් භාවිතා කරයිද නැතිනම් චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරයිද කියලා. ලංකාවේ තරගකාරී වෙළදපොලක් ඇති උවහොත් වැටෙන සමාගම් වනුයේ Mobitel හා Hutch සේවා ජාලයි. 2013 ආරම්භයේදී අපිට මෙම සේවා මිලදී ගැනීමට හැකියාවක් පවතිනු ඇත. ඔවුන් චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරයිනම් ලංකාවේ Internet පාරිභෝගික ජනතාවට යහපත් කලදසාවක් ලබනු ඇත.:D:D:D:love::love::love:


;) මේ Thread එකෙන් මොනවම හරි අලුත් දෙයක් දැනගත්තා නම් ලෝබ නැතිව රෙපක් එහෙම දීලා යන්ට හොදේ.
එතකොට තමයි තව තව අලුත් දේවල් ඔයාලට දෙන්න හිතෙන්නේ . ;)
 

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මරු වැඩක් වෙයි වගෙ. එත් Slt home unlimited එකෙ නම් ඔචර ප්‍රශ්නයක් නෑ නෙ.
     
    Nov 3, 2012
    131
    95
    0
    මේක කවද්ද බන් එන්නේ

    බොහෝ විට මේක ඊලග මාසේ අන්තිම හෝ ජනවාරි මුල ඒවි . :cool:

    RePost බුවා;13812206 said:
    ඔය තියෙන්නේ කොල්ලෝ ත්‍රේඩ්...
    එලමකිරි...
    නියමෙට තියෙනවා.....
    තව ඒවා දියන් අපිට.....
    rep added

    අනිවා අනිවා කොල්ලෝ අලුත්ම දේ තමයි දෙන්නේ :)
    rep walata thanks .

    මරු වැඩක් වෙයි වගෙ. එත් Slt home unlimited එකෙ නම් ඔචර ප්‍රශ්නයක් නෑ නෙ.

    අපි බලමු :)