පිට සක්වල ජීවීන් අප පෘතුවිය ආක්‍රමණය කර මිනිස්සුන්ව
පරීක්ෂණ වලට යොදා ගැනීම හෝ වෙනත් ඕනෑම හේතුවකට අහාරයට ගැනීම
අනුමත කරන්න පුලුවන්ද ? මොනයම් හෝ හේතුවකට තම මස් ඒ අයට දෙන්න
ඉදිරිපත් වෙන්න පුලුවන්ද? බැරිනම් තවත් මරණ බය තියෙන ආයුධ පහරට
වේදනාව දැනෙන මොනයම් හෝ සත්වයෙක් මැරීම සාධාරණීය කරන්නේ ඇයි?
මෙතන අගාම් බේදයක් ඇද ගැනීම අවශ්‍ය නැහැ. කවුරු කලත් සත්ව ඝාතනය
වැරදියි. එය සාධාරණීය කිරීම හා අන් අයව එයට පෙළඹවීම ඒ හා සමාන වරදක්
බව මට හැඟෙ. අනෙක මාංශ අනුබවයට පෙලෙබවීම වක්‍ර අයුරින් සත්ව
ඝාතනය ට රුකුල් දීමක්. මන්ද එයින් මස් කන අය වැඩි වී සත්ව ඝාතනය
වැඩි විය හැකි නිසා















පිට සක්වල ජීවීන් අප පෘතුවිය ආක්‍රමණය කර මිනිස්සුන්ව
පරීක්ෂණ වලට යොදා ගැනීම හෝ වෙනත් ඕනෑම හේතුවකට අහාරයට ගැනීම
අනුමත කරන්න පුලුවන්ද ?

මචං එතකොට උඹ කැලේදි සතෙක් තව සතෙක්ව දඩයම් කරන එකත් අනුමත කරන්නෙත් නැද්ද?
තව කවුරු හරි පැත්තක ඉදල එක සාධාරනයි කියල ඔප්පු කරන්න හදන එක අනුමත කරන්න පුලුවන්ද?ඔය කැලෑවකට හරි ගිය වෙලාවක ඉස්සහරට බඩගින්නෙන් ඉන්න සිංහයෙක් හරි කොටියෙක් හරි ආවානම් මස් ටික කැමැත්තෙන් දෙන්න පුලුවන්ද ? එම සතා ඔබේ ඇගට පැනල
ඔබේ මස් කන එක අනුමත කරන්න ඔබතුමාට පුලුවන්ද ?තව කවුරු හරි පැත්තක ඉදල එක සාධාරනයි කියල ඔප්පු කරන්න හදන එක අනුමත කරන්න පුලුවන්ද?
මචං ඔය කියන විදිහට කැලේදි සිංහයෙක් වගේ සතෙක් ආවනම් අපිට කරන්න දැයක් නෑ, අනිත් සත්තු වගේ දුවලා බේරෙන්න තමා තියෙන්නෙ... නැත්තං අපිත් ගොදුරක් වෙනවා!. ඒක සවභාවධර්මය!
අනික මිනිසා පවතින කාලයේ ඉඳලා සතුන් දඩයම් කරලා තියෙනවා! අනික දැන් සමහරු කියනවා අරවා කන එක පව් මේවා කන එක පව් කියලා, ඒක ඒගොල්ලො මාළු වගේ ඒවා කනවා! උන් ප්‍රාණින් නෙවෙයිද? මචං ඔය මිනිසුන් ආහාර පිණිස සත්තු මරන එක වැරදියි කියන මතය මමනම් පිළිගන්නෑ කොහෙත්ම!
පිටසක්වලින් අපට වඩා ගොඩාක් දියුණු ජීවීන් කොටසක් පොලොවට ආවා කියාසිතන්න (imagine). ඔවුන් පොළොවට ඇවිත් මෙහෙම හිතුවොත්,
" ආ!!! මේ මිනිසා කියන සත්වයා ආහාර පිණිස මැරුවට කිසිම පවක් නෑ, මොකද අපි එහෙම කලොත් මිනිස් ජනගහනය පාලනය වෙනවා, වගේ හිතුවොත් අපි කැමතිද ? කොහොම වෙයිද එතකොට?

කතාකරන්න දෙයක් නැති උනාම හීන මවන්නෙ නැතිව, තාත්වික දෙයක් කතාකරමුද? නිකං ඔය වෙන්නැති පිටසක්වල කතා මොකටද?![]()
එක තමයි කිව්වේ හිතන්න කියලා (Imagine) . සමහර වෙලාවට අපිට imagination පාවිච්චි කරන්න වෙනවා යමක් තෙරුන් ගැන නම්.
අහල ඇතිනේ ඊසොප්ගේඋපමා කතා!!! එය ඒවා තනිකර imagination මත කිව්වා දේවල්, ඒත් අපි ඒවගේන් ගන්න ඕනේ එකේ හරය මිසක් එයා කිව්වා ඒවගේ" ආ බලන්න මේ කපුටෝ කතා කරනවා, කූඹි කතා කරනවා, ඕව වෙන දේවල්ද?" කියල නෙවෙයි.
මෙතන අපි තේරුම ගන්න ඕනේ පිටසක්වල ජීවීන් ඉන්නවා හෝ නෑ කියන එක නෙවෙයි, මම ඉහත කිව්ව දේ වෙනවට අපි කැමතිද? නැද්ද? කියන එකයි. අපි කැමති නෑ අපිව කෑම සඳහා මරනවට, අනික සතුන්නුත් එහෙමයි!!
අනික අපිට වඩා බුද්ධියෙන් උසස් ජීවීන් මේ විශ්වයේ ඉන්න පුළුවන්!!!
එහෙම තත්ත්වයක් අවොත් අපිට සොරි වෙනවා තමා, මොකද ප්‍රබලයා ඉදිරියේ දුබලයා අනිවාර්යයෙන් මට්ටු වෙනවා, ඒක ස්වභාවධර්මය! අපිත් එතකොට ඕන්නම් ඕය හිතං ඉන්න පිටසක්වල ජීවින්ට එරෙහිව සටන් කරන්න බලාවි, හබැයි සත්‍යයට මුහුණදෙන්නම වෙනවා!
අනික ඔය කියන විදිහට සත්තු මරනවයි කියලා එක සතෙක්වත් වඳවෙලා ගිහින් තියෙනවද? නෑනෙ! මොකද ඒවත් ඔය මොකද්ද චක්‍රයකට අයත් නිසා!

අනික මිනිසා පවතින කාලයේ ඉඳලා සතුන් දඩයම් කරලා තියෙනවා!
අනික දැන් සමහරු කියනවා අරවා කන එක පව් මේවා කන එක පව් කියලා, ඒක ඒගොල්ලො මාළු වගේ ඒවා කනවා! උන් ප්‍රාණින් නෙවෙයිද?
