ආහාර_වේලක්_නොමිලේ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ආහාර_වේලක්_නොමිලේ

සෑම පාසැල් සිසුවෙකුටම පාසැල් වේලාවේදී පෝෂණ ආහාර වේලක් නොමිලේ: අකිලගේ සිහිනය යථාර්තයට



3K1A8046.JPG


අනාගතයේ දී පාසල් සිසුන් වෙත පාසල් වේලාව තුළ දී පෝෂ්‍යදායි ආහාර වේලක් සපයා දීම තම සිහිනයක් වූ බවත් එම සිහිනය ඉටුකර ගැනීම සඳහා දූෂණ සහ අක්‍රමිකතා මැඩලමින් අධ්‍යාපන අමාත්‍යංශය ඉතිරි කරගත් මුදල් යොදාගැනීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගියදා ජාතික අධ්‍යාපන ආයතනයේ පැවති උත්සවයකදී ය.

මෙහිදී ඇමැති අකිල විරාජ් වැඩිදුරටත් කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යංශය තුළ පෙර පැවති අනවශ්‍ය වියදම්, අක්‍රමික මූල්‍ය භාවිතාවන් සහ අනවශ්‍ය වියදම් සියල්ල නවතා ඇති නිසා මේ සඳහා මුල්‍ය ප්‍රතිපාදන සකසා ගත හැකි පරිසරයක් මේ වන විට නිර්මාණය වී ඇති බවයි. ඒ අනුව සියලු පාසල් දරුවන්ට දිවා ආහාර වේලක් ලබා දීමට අදාළ යෝජනාව ඉදිරියේ දී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කෙළේය.


රාමුගත වූ සහ සීමා මායිම් ගත වූ වපසරීන් සියල්ල බිඳ දමා, අනාගත ලෝක තත්ත්වයන්ට මුහුණ දෙමින් මානව සම්පත දියුණු කිරීම තුළ පමණක් රටක් ලෙස අපට ඉදිරියට යා හැකි බවත්, ඒ සඳහා සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බවත් එම විප්ලවීය ක්‍රියාවලියේ දී සුවිශේෂී වගකීමක් ජාතික අධ්‍යාපන ආයතනය සතුව ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.


පීඩාකාරී විභාග ක්‍රමවලින් බැහැරව සැහැල්ලුවෙන් අධ්‍යාපනය ලබන්නට ලෝකයේ බොහෝ දියුණු රටවල් දරුවන්ට අවස්ථාව සලසා දී ඇති බවත්, ඉදිරියේ දී එවැනි රටවල් ආදර්ශයට ගනිමින් තරඟකාරී විභාග සමතුන් වෙනුවට ප්‍රායෝගික ව ජීවිතයට මුහුණ දිය හැකි දැනුම සහ අවබෝධයෙන් යුත් දරුවන් අපේ අධ්‍යාපන පද්ධතියෙන් ගොඩනඟන්නට නොපැකිළී කටයුතු කරන බවද ඇමැතිවරයා කීය.


සෑම ගුරුවරයෙක් ම තමා උගන්වන විෂයෙහි පශ්චාත් උපාධි මට්ටමක සිටිය යුතු බවත් දරුවන් දැනුමෙන් යාවත්කාලීන කළ හැකි, ඵලදායී ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රියාවලියකට දායක විය හැකි ගුරුවරුන් නොමැතිව අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කළ නොහැකි බවත්, ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් රජය රුපියල් බිලියන දෙකක් වෙන් කරන ලද බවත් අමාත්‍යවරයා සඳහන් කෙළේය.


පාසල් වල ගෘහ ආර්ථික විද්‍යා විෂය සංවර්ධනය කිරීමේ අරමුණින්, ගෘහ විද්‍යා උපකරණ කට්ටල බෙදා දීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් දියත් කිරීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්විය. 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය වැඩසටහනට සමගාමීව හෝටල් ක්ෂේත්‍රයට අදාළ පුහුණුව ලබාදීමත්, ගෘහ විද්‍යාවට අදාළ ගුරු පුහුණු කටයුතු පහසු කිරීමත් වෙනුවෙන් නවීකරණය කරන ලද ජාතික අධ්‍යාපන ආයතනයේ ගෘහ විද්‍යාගාරය විවෘත කිරීම ද මෙහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. එමෙන්ම “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතියට අයත් පාසල් අතුරින් සියලු පළාත් නියෝජනය වන පරිදි තෝරාගත් පාසල් 100 කට ගෘහ විද්‍යාගාර අලුත්වැඩියාව සඳහා රුපියල් ලක්ෂ 05 ක මූල්‍ය ප්‍රතිපාදන ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුවිය. මීට අමතරව සිංගර් ආයතනයේ අනුග්‍රහයෙන් පාසල් 150 ක් සඳහා ගෘහ විද්‍යා උපකරණ ලබාදීමක් ද සිදුකෙරිණ.


මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් සේනානි හේවගේ, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර ඇතුලු මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
 

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet

ඒදවස් වල බනිස් වලට අමතරව කිරිත් දුන්නා. පස්සේ කාලෙක සල්ලි දුන්නා. මට මතකයි රුපියල් 25 හම්බ උනා ම
1996 wage lamainta coupon card ekak dunna samuupen badu ganna. kadala kavpi wage danya thama denne. ita amatharawa soup packet dunna.
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ape kalenam banis mama banis dunna.


    ඒදවස් වල බනිස් වලට අමතරව කිරිත් දුන්නා. පස්සේ කාලෙක සල්ලි දුන්නා. මට මතකයි රුපියල් 25 හම්බ උනා ම

    බොලා කොයි කාලෙද බන් ඉස්කෝලේ ගියේ