ඇගේ ඇස අග ගිනි පුපුරු

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇගේ ඇස අග ගිනි පුපුරු

    asaaga.jpg

    ඔබ විවාහක පුරුෂයෙක්ද? එසේනම් ඔබේ කුටුම්භයේ අංශු මාත්‍රයක් ‘ඇගේ ඇස අග‘ ඇත .

    ඔබ විවාහක කාන්තාවක්ද? එසේනම් ඔබේ කුටුම්භයේද අංශු මාත්‍රයක් ‘ඇගේ ඇස අග‘ ඇත.

    ඔබ අසම්මත ප්‍රේමයක මැදිවූ විවාහක පුරුෂයෙක් නම් ඔබේ ජීවිතයේ අංශු මාත්‍රයක්ද ‘ඇගේ ඇස අග ‘ ඇත. ඔබ විවාහක පුරුෂයකු කෙරෙහි දරාගතනොහැකි අසාමාන්‍ය ප්‍රෙමයකින් පසු වන යුවතියක් නම් ඔබ තුළ පැසවන ප්‍රේමයෙන් වැඩි කොටසක් ‘ඇගේ ඇස අග ‘ඇත.

    298_1000.jpg

    අශෝත හඳගමගේ අලුත්ම චිත්‍රපටය ‘ඇගේ ඇස අග‘ නරඹන්නට ගිය අයගෙන් බහුතරයක් සිනමා ශාලාවෙන් එළියට එන්නේ තමන් අත්විඳි - නැතිනම් අත් විඳිමින් සිටින ජිවිත අත්දැකීම් සමග අනන්‍යවූ - නැතිනම් සසල වූ මනසකිනි.

    297_1000.jpg

    හඳගම ඔහුගේ සිනමා භාවිතාව හඳුන්වා දුන්නේ එය සමාජය ඉදිරියේ ලම්බකව තැබූ කැඩපතක් ලෙසිනි. ‘චන්දකින්නරී‘ සිට ‘තනිතටුවෙන් පියාඹන්න‘ දක්වා වූ හඳගමගේ සිනමාකරණය තුළින් එසේ ලම්බකව තැබූ ඔහුගේ තැඩපතෙහි ප්‍රතිබිම්භය දැක මාරාවේශ වූ ඇතැමුන් එල්ල කළ ගල්මුල් වලින් කැඩපත ඉරිතැලී ගිය ආකාරය දැක හඳගමද සසල වූ ආකාරය ඔහුගේ ‘විදු‘ චිත්‍රපටයෙන් සනාථ විය.

    දැන් හඳගම බිඳුණු කැඩපත ඉවත දමා අලුත් කැඩපතක් යළි ප්‍රෙක්ෂකයා හමුවේ තබා ඇත.

    විවාහත ස්ත්‍රී- පුරුෂ දෙපාර්ශවයත් ප්‍රෙමය සහ ලිංගිකත්වය දෙස විවෘත මනසින් බලන්නට හැකි අයත් හඳගමගේ අලුත් කැඩපතේ දිස්වන ප්‍රතිබිමිබය දැක තම ජීවිතයේ ඇතුළාන්තයන් විවිධ මානයන්ගෙන් තේරුම් ගන්නට ප්‍රයත්න දරමින් සිටියදී පෙරකී කැඩපතේ ප්‍රතිබිම්භය දැක මාරාවේශ වුවන් යළි ඒ කැඩපතට ගල් මුල් එල්ල කරන්නට පටන්ගෙන ඇත.


    296_1000.jpg

    ‘ඇගේ ඇස අගට‘ විෂය වන්නේ වියපත් විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු කෙරෙහි අසාමාන්‍ය ලෙස ආසක්තවූ සරසවි සිසුවියක නිසා ඔහුත් ඔහුගේ බිරිඳත් මුහුණ දෙන ගැටුම ඔහුගේ කුටුම්භයේ පැවැත්ම කෙරෙහි බලපාන අයුරුය.

    295_1000.jpg

    සිසුවිය තුළ මහාචාර්යවරයා කෙරෙහි පවතින්නේ ඇයගේ වචනයෙන්ම ප්‍රකාශ කරන පරිදි ‘මරාගෙන මැරෙන ‘ආදරයකි. ඒ ආදරයට හේතුව ඇයවත් නොදනී. මහාචාර්යවරයා දරුවන් දෙදෙනකුගේ පියකුවීම හෝ තමා නිසා ඔහුගේ කුටුම්භය දෙදරා ගියා හෝ ඇයට ප්‍රශ්නයක් නැත.

    299_1000.jpg

    ‘මේ භයානක සෙල්ලම නතර කරන්නැයි මහාචාර්යවරයා කරන ඉල්ලීමට ඇය දෙන පිළිතුර වන්නේ ‘ඔව් පිස්සුවක් තමයි. ඒත් මට මාව පාලන කරගන්න බෑ. මං දන්නවා. මට තේරෙනවා. ඒත් මට ඔයා ඕනේ‘ යනුවෙනි.

    301_1000.jpg

    මෙතරම් වියපත් මිනිසකු මෙනුවෙන් මේ තරම් මැරෙන්න යන මෙ තරම් ලාබාල කෙල්ලන් සිටීද යන්න ඇතැමෙකුට ප්‍රශ්නයක් විය හැකිය.

    එහෙත් සම වයසේ තරුණයන්ට වඩා පරිණත- වියපත් පුරුෂයනට ප්‍රේම කරන ලා බාල යුවතියන් කොතෙකුත් සිටීති.

    මගේ සංස්කරණයෙන් පළවූ පුවත්පත් විශේෂාංගයක තමන්ගේ පෙම්වතකු ඇමතු එබඳු ලාබාල පෙම්වතියක් මෙසේ කීවාය.

    ‘සමහරවිට මං ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ තාත්ත කෙනෙකුගෙන් ලබන ආදරයක් වගේ දෙයක් වෙන්න පුළුවන්‘

    තවත් පෙම්වතියක මෙසේ කීවාය.

    ‘‘ඔයා අවුරුදු 50 පැනපු කෙනෙක්නම් මං වඩාත් ආසයි. ඔයාගෙ කොණ්ඩෙ සුදුවෙලා - රෑවුල සුදුවෙලා පණ්ඩිත පෙනුමක් ඇතිව ඉන්නවා දකින්න මං වඩාත්ම ආසයි.මේ කියන්නේ ඇත්තමයි. මං ඒ පණ්ඩිතයගේ අතේ එල්ලිලා පාරේ යන්න ආසයි. කාහොමද මං වගේ තරුණ බිරිඳක් කොට ගවුමකුත් ඇඳල ඔයා වගේ පණ්ඩිත පෙනුමක් තියෙන කෙනෙක්ගේ අතේ එල්ලිලා යනකොට... ..ඇත්තටම ෂෝයි අනේ..‘

    ඇය මෙසේද ලීවාය.

    ‘‘ඉර බැහැගෙන යන හැන්දෑවක මුහුදු වෙරලක් අයිනේ වාඩිවෙලා ඒ පණ්ඩිතයගෙ උරහිස උඩ හිස තියාගෙන අහසේ වලාකුළු පාට වෙන හැටි බලාගෙන ජීවිතේ ගැන කතා කරන්න.. ආදරේ ගැන කතාකරන්න මං ආසයි‘

    තවත් යුවතියක මෙසේ ලීවාය

    ‘මං ඔයාව මුලින්ම හමුවෙන්න එනකොට බයෙන් අවේ ඔයා කොල්ලෙක්ද කියලා . මං කොල්ලන්ට ආසම නෑ . ඒත් ඔයාට තිබුනෙ බොහොම පරිණත පෙනුමක්. දැකපු පළමු මොහොතේම මට පුදුම ආරක්ෂාවක් වගේ දෙයක් දැනුනා‘‘

    ‘ඇගේ ඇස අග‘ චිත්‍රපටය ඇරඹෙන්නේ සරසවි සිසුවියගේ සෙළු කය දැක නොසන්සුන්වන මහාචාර්යවරයාගේ චිත්තාවේගයන් විසින් ඔහු මෙහෙයවන දර්ශනයකිනි.

    එම දර්ශනය ඡෙදනය වන්නේ දෑත් එක්කොට බුදුන් වදිමින් සිටින මහාචාර්යවරයාග් බිරිඳගේ මධ්‍යම සමීප රූපයකටය.

    අනතුරුව තිරය මත දිස්වන්නේ දවසේ වැඩ අවසන්ව විඩාපත්ව නිවසට එන මහාචාර්යවරයාගේ දර්ශනයකි.

    302_1000.jpg

    ගෙට ගොඩවන හෙතෙම නිවසේ සාලයේ පුටුවක රූපවාහිනිය දෙස බලාගෙන සිටින තම බාලදියණිය වෙත චොකලට් එකක් විසිකොට ‘හායි..‘ කියාගෙන ඇය පසුකර යයි.

    දියණියද පියා දෙස නොබලාම චොකලට් එක අතට ගෙන රූපවාහිනී දෙස බලාගෙනම ‘හායි‘ කියයි.

    303_1000.jpg

    නිවසේ උඩුහමහලට යන්නට පඩිපෙළ නගින මහාචාර්යවරයාගේ රූපයේ දකුණු පසින් දිස්වන්නේ බුදු කුටියේ සිටගෙන දෑත් එක්‍කොට බුදුන් වදින ඔහුගේ බිරිඳය.

    මහාචාර්යවරයා උඩුමහලේ ඇඳ මත හිඳ ගිමන් හරිමින් සපත්තු ගලවමින් සිටියදී බිරිඳ කොරිඩෝරයක් දිගේ ඔහු වෙත එයි. ඔහු විසින් උනා දැමු කමිසය අතට ගෙන- ගලවා දැමූ සපත්තු ද පසෙක තබන ඇය ‘හරි මහන්සි වගේ..‘ දැයි කියද්දී ඔහු අසන්නේ පිටරට සිටින පුතා ගැනය.

    534_1000.jpg
    රාත්‍රී නිදි යහනේදී මහාචාර්යවරයා නිදමින් සිටියදී ඔහුගේ බිරිඳ කඳුළු සලමින් හිඳී. පසුබිමින් ඇසෙන්නේ පහළ මාලයේ සාලයේ රූපවාහිනියේ හඩය. එම රූපය ඡෙදනය වන්නේ රූපවාහිනීය ක්‍රියාත්මක වෙමින් තිබියදීම පුටුව මත නින්දට වැටුණු දියණියගේ රූපයකටය.

    536_1000.jpg

    පසුදිනද මහාචර්යවරයා වැඩ අවසනකොට නිවසට එද්දී දියණිට රූපවාහිනිය ඉදිරියේය. ඔහු ඇය වෙතට චොකලට් එකක් විසිකොට ‘හායි‘ කියා ගෙන යයි. ඇයද ‘හායි‘ කියාගෙන ඔහු දෙස නොබලාම චොකලට් එක අතට ගෙන නැවත රූපවාහිනිය දෙසට නෙත් යොමා ගනී.

    ඔහු ඉහළ මාලයට නගිදිදී සුරුදු ලෙසම බිරිඳ දෑත එක්කොට බුදුන් වඳිනු පෙනේ.

    ඔහු ඇඳමත වාඩිවී සපත්තු ගලවද්දී බිරිද කොරිඩෝරය දිගේ ඇවිදගෙන අවුත් සපත්තු සහ ඇඳුම් පිළිවෙලකට පසෙක තබයි.

    ‘බීච් එකේ සෙනඟද?‘

    ඇය අසද්දී ඔහු ගොළුවත රකී.

    ‘අර ළමය කිවිව ඔයගොල්ලො අද බීච් ගියා කියල“

    හැමදාම ගෙදර එද්දී බිරිඳ අසන ප්‍රශ්ණ වලට ඔහුට පිළිතුරු නැත .



    රාත්‍රී නිදි යහනේදී බිරිඳ කඳුළු සලමින් සිටී. වරෙක ඇය ඔහුගේ සිරුර සෙමින් පිරිමදිද්දී ඔහු ඇයගේ මුහුන දෙස බලා සිටිනවා හැර කිසිදු ප්‍රතික්‍රියාවක් නොදක්වයි.

    543_1000.jpg

    මේ දර්ශන පෙළ කිහිපවිටක්ම ගෙනහැර දැක්වීම තුළින් සිනමා කරුවා මහචාරයවරයාගේ නිවසේ දෛනික ජීවන රටාවත්- ඒ තුළ පතින ඒකාකාරීත්වයත්- හිස් බවත්- සරසවි සිසුවිය සහ මහාචාර්යවරයා අතර සම්බන්ධය නිසා බිරිඳ පෙලෙන චිත්ත පීඩාවත් අප තුළ දනවයි.

    540_1000.jpg

    මහාචාර්යවරයාගේ බිරිඳගේ පපුවේ විදුලි කොටමින් පැවැති සැක සාංකා අකාමකා දමමින් එහි හෙණ පුපුරා යන්නේ සරසවි සිසුවිය මහාචාර්යවරයාගේ බිරීඳට දුරකථනයෙන් කතාකොට තමාගේ ‘මරාගෙන මැරෙන ආදරයත්‘- මහාචාර්යවයා තමාගේ ශරීරයට දක්වන ඇල්මත් හෙළි කිරීමෙන් අනතුරුවය.

    539_1000.jpg

    සරසවි සිසුවිය තමාත් මහාචාර්යවරයාගේත් සම්බන්ධය එසේ ඔහුගේ බිරඳට හෙළිකරන්නේ ඔහු සම්බන්ධයෙන් තම හදවතෙහි නැගෙන ගිනි දැල් ඔහුගේ බිරිඳගේ හදවතේත් අවුලුවා ඔහු පිළිබද තම අයිතිවාසිකම සැලකර සිටීමය. ඇගේ ගිනි දැල් මහාචාර්ය වරයාගේ බිරිඳගේ හදවත පුරා බුරා බුරා නැගෙන නමුත් ඇය දැඩි සංයමයකින් යුතුව ඊට මුහුණ දෙන්නේ උගත් බුද්ධිමත් ගැහැණියක හැටියටත්- ඇගේ පංති ස්වභාවය විසිනුත් ඇය හික්මවනු ලැබිමත් මගිනි .ඒ හික්මීම මතම තම සැමියා වෙත කඩා නොපැන දැඩි උපෙක්ෂාවකින් ඇයට තම හැඟීම් කලමනාකරණය කරගන්නට හැකිවනවා පමණක් නොව බැරි ම තැන සිසුවිය තම නිවසටම කැඳවාගෙන එන්නට තරම් ඇය උපක්‍රමශීලි වෙයි. මැඩගත් ලිංගික මාත්සාර්යෙන් යුතුව ඒ හැම දෙයක්ම ඇය කරන්නේ තම කුටුම්භය ආරක්ෂාකර ගන්නටය. මහාචාර්යවරයාගේ කීර්තිමත් වෘත්තිය ඔස්සේ ගොඩනැඟුණු දැවැන්ත ප්‍රතිරූපයත් - පෞරුෂයත් ඇයට අන් සියල්ලටම වඩා වටී.

    547_1000.jpg

    සිසුවිය මහාචාර්යවරයාගේ නිවසේ වුවද සරසවි සිසුවිය හැසිරෙන්නේ ඔහුගේ බිරිඳට අවනතව නොවේ. ඇයගේ ශරිරය දැක ඊර්ෂ්‍යාවෙන් පසුවන මහාචාර්යවරයාගේ බිරිද ඇනුම්පද කියද්දී සිසුවිය සිය ඇඳිවත ලිහා ඇයට පෙන්නා ඊට විරෝධය පාන්නට තරම් එඩිතර .වෙයි

    ‘පට්ට වේසි ...‘ යනුවෙන් මහාචාර්යවරයාගේ බිරිඳගේ මුවින් පිටවුවද ඊළඟට ඇය කියන්නේ ‘වරෙන් කන්න යන්න ‘ කියාය.

    561_1000.jpg

    ඇය නොදැනුවත්ම සිසුවියගේ ආධිපත්‍යය ඉදිරියේ පරාජය වී ඇති සැටියකි! එහෙත් ඒ සියල්ල දරාගන්නට තරම් ඇයගේ උපේක්ෂාව දියුණුය. එසේවුවද ඇය පෙලෙන වේදනාව සටහන් වන්නේ ඇගේ ඇස අගය. නිදි යහනේදී ඒ ඇස අගට උනන කදුළු වුවද ඇය යටපත් කරගන්නේ තම කුටුම්භය රැකගැනීම වෙනුවෙනි.

    ‘අර කෙල්ල එක්ක බුදියගන්න ඕනෙ නම් යන්න. කාමරේ දොර ඇරයි තියෙන්නෙ“ යනුවෙන් කෝපයෙන් පවසන ඇය ඊළඟට කියන්නේ ‘ප්‍රසිද්ධ තැන්වල ඔය විදියට හැසිරෙන්න එපා . ඔයාට හොඳ නෑ ‘ යනුවෙන්. සන්සුන්වය.



    ඇය ලය සැහැල්ලු කරගන්නට උත්සාහ කරන්නේ බුදුන් වැඳීමෙන් සහ පන්සල් යෑමෙනි. මෙය ලාංකීය ස්ත්‍රිය මුහුණ දී සිටින සැබෑම ඛෙදවාචකයකි. තුටුම්භය තුළ සිදුවෙන පුරුෂ ක්‍රියාකාරකම් මෙන්ම ඔවුන්ගේ සියලු නොපනත්කම් ඉදිරියේ වුවද ගම පවුල රැකගැනීම සඳහාම ස්ත්‍රිය කරන කැපකිරීම් සදහා අවශ්‍ය චිත්ත ධෛර්ය උපදවාගන්නට වෙහෙසන්නේ ආගම ධර්මය වෙත යොමුවීමෙනි. හවස් භාගයෙදී බොහෝ පුරුෂයන් සමාජ ශාලාවලට වැද තම මානසික පීඩාවන් මධ්‍යසාරවල දියකර හරිද්දී - ස්ත්‍රීහු පන්සල්වල බණ දහම් ඇසුරෙහි විමුක්තිය සොයා වෙහෙසෙති. ලාංකේය පවුල් සංස්ථාව ඇතුළත දකින්නට ලැබෙන මේ පොදු යථාර්තය ‘ඇගේ ඇස අග‘ පුරා දිස්වෙයි.

    age-asa.jpg

    මහාචාර්යවරයාගේ බිරිඳ සිසුවිය නිවසට කැදවාගෙන එන්නේ ඔහුගේ සමාජ තත්ත්වයත්- ආත්ම ගරුත්වයත්- තම පවුල රැකගනීමත් සදහා වුවද ඇගේ පැමිණීමෙන් පසු තම නිවස තුළ එතෙක් පැවැති ඒකාකාරි ජීවන රටාව වෙනස්වූ අයුරක් මහාචාර්ය වරයාගේ බිරිද සියුම්ව අත්දකියි. පවුලේ සැම කෑම මේසයේදී එකට කෑම ගැනීම - ඇය සමග පන්සල්යෑම ආදී සියල්ල ඇය සිසුවිය කෙරෙහි පවතින ඊර්ෂ්‍යාවත් කෝපයත් මැඩගෙන ඇය සමග සහජීවනයෙන් කටයුතු කරන තැන ට පත්වන්නේ ඒ නිසාය. ඒ සහජීවනය කෙතරම්ද යත් සිසුවිය කුස්සියේ එළවළු කපද්දී පිහියට කැපී ලේ ගලන සිසුවිගේ ඇඟිල්ල කටින් උරා - අනතුරුව අයිස් තබන්නට පවා ඇය පෙළඹෙන්නේ ඒ අනුවය.

    asa-2.jpg

    මහාචාර්යවරයාගේ දියණියත් සරසවි සිසුවියත් අතර ගොඩනැඟන මිතු දම එක්තරා නිමේෂයකදී වූ සිදුවීමකින් කෙලවරවන්නේ පාලනය කළ නොහැකි දැඩි චිත්තාවේගයකින් යුතුව දුම්රියට පනින්නට යන දියණිය ලුහුබැඳ ගොස් සරසවි සිසුවිය විසින්ම ඇය බේරාගැනීමෙන් අනතුරුවය. ඒ සමග නිවස හැරයන සරසවි සිසුවිය නිසා මහාචාර්යවරයාගේ නිවස පුරා රජයන හිස්බව ඔහුගේ බිරිඳටත් දියණියටත් දැනේනනට වෙයි.

    ‘එයා එක්ක එන්න‘ යැයි දියණිය පවසද්දී බිරිඳද එය අනුමත කරයි. ‘ඔව් එයා එක්ක එන්න. මේ ගෙදර මොක්දෝ පාලුවක් තියනවා‘

    මහාචාර්යවරයා ඇය යළි කැඳවාගෙන එතැයි බිරිඳත් -දියණියත් අපේක්ෂා කළ නමුදු එය එසේ නොවූ කළ බිරීඳ කියන්නේ

    “ඒ ළමය මේ ගෙදර හිටිය දවස් දෙක තුනේ මොකක්දෝ පිරුණුකමක් තිබුණා අපරාදේ“ යනුවෙනි.

    ඇය එසේ කියද්දී දියණිය කියන්නේ ‘අක්කගේ සුවඳ ගේ පුරාම තාමත් තිනෙවා ‘ යනුවෙනි.

    එක අතකින් මේ තුළින් අධ්‍යක්ෂවරයා අප තුළ ඇති කරන්නේ උත්ප්‍රාසයකි. මහාචාර්යවරයාගේ පවුල් ජිවිතයටත් - ලිංගික ජීවිතයටත් අභියෝගයක් වූ සරසවි සිසුවිය ඇගේ නිවසේම හිස් බව මකන්නට- ඒකකාරීත්වය අකා මකා දමන්නට සමත්වූ මහත!

    තවත් අතකින් ඔහුගේ බිරිඳගේ ප්‍රතිවිරෝධතාවන්ද එමගින් හෙළි දරව් කරයි.

    එසේවුවද සිසුවිය ඒ නිවස හැරයන්නේ තේරුමක් ඇතිවය.

    ඒ නිවස තුළ සිටියදී මහාචාර්යවරයාගේ බිරිඳත් දියණියත් තමාට ලංවීම මහාචාර්යවරයාගෙන් තමා ඇත් කරවීමක් බව ඇය දනී.

    තමා විසින් අමතක කොට ගිය සුවඳ විලවුන් බෝතලය රැගෙන යන්නට යළි නිවසට එන ඇය ‘මෙහෙ හිටිය එකෙන් වු‍ණේ මගේ වැඩපිළිවෙල අවුල්වෙච්ච එකයි‘‘යනුවෙන් පවසයි.

    ‘‘එතකොට උඹේ වැඩපිළිවෙල අපේ පවුල කඩා දමන එකද?‘‘

    ‘මගේ මරාගෙන මැරෙන ආදරය වෙනුවෙන් මට ලොකු ශක්තියක් තිබුණා . මෙහෙ ආව එකෙන් ඒක දියවෙලා ගියා.‘‘

    අවසානයේදී ඇය සිසුවියගෙන් ඉල්ලා සිටින්නේ ‘‘කරුණාකරල දැන්වත් මේ සෙල්ලම නවත්වනවද? යනුවෙනි.

    එහෙත් සිසුවිය ආපසු යන්නේ ඊට පිළිතුරක් නොදීමය. ඇය තම ‘මරාගෙන මැරෙන ආදරය ‘වෙනුනේම සැදි පැහැදී සිටි.

    මහාචාර්යවරයාගේ බිරිඳ ඇය පසුපස යමින් ‘උදේට කාලද ඉන්නේ කිරිබත් කෑල්ලක් කාල යන්න ‘ යනුවෙන් ඇසීම තුළ අධ්‍යක්ෂවරයා ඇයගේ ප්‍රතිවිරෝධය යළි උත්ප්‍රාසයට නඟයි. එහෙත් ඒ උත්ප්‍රාසය තුළම ඇය තම කුටුම්බය රැකගැනීම සඳහා දරණ ඛේදනීය ප්‍රයත්නයද අධ්‍යක්ෂවරයා ප්‍රෙක්ෂකයා තුළ දනවයි

    559_1000.jpg

    මේ නාටකයේ අවසානය කොතැනද? එබඳු අවසානයක් පෙනෙන්නට නැත. සරසවි සිසුවිය තම ‘මරාගෙන මැරෙන ‘ ප්‍රෙමය වෙනුවෙන් කැපවී සිටියදී- මහාර්යවරයාගේ බිරිඳද සැමියා අත්හැර දික්කසාද වන්නට කල්පනා කරන්නේ නැත. මේ ගැටුම කලමනාකරණය කරගන්නට ඇය දැරූ වෙහෙස සාර්ථක වන්නේද නැත.

    age-asa--ag-kadula-3.jpg

    ඉහළ මැද පංතියේ කුටුම්භය තුළ මෙසේ නොනවතින ගින්නක් අළු යට සැඟව තිබියදී පහළ මැද පංතියේ ගැහැණියක තම සැමියා අනියම් පෙම්වතියගෙන් ගලවා ගන්නට දියත් කරන මාරාන්තික සටන දැක තම සැමියාත් සරසවි සිසුවියත් තම දියණියත් කැටුව මහාචාර්යවරයාගේ බිරිඳ වහා මොටර් රථයට ගොඩවදින්නේ ‘අපි මෙතනින් ඉක්මනට යමු‘ කියමිනි.

    පහළ මැද පංතියේ ස්ත්‍රිය තම සැමියා ගේ අනියම් පෙම්වතියට බිම දමාගෙන පහර දෙමින් ප්‍රසිද්ධියේ සැමියාටද කම්මුල් පහර දෙමින් තම අයිතිවාසිකම වෙනුවෙන් මාරාන්තික සටනක යෙදෙද්දී ඒ අශ්ලීලත්වය- අශිෂ්ඨත්වය පිටු දකිමින් මහාචාර්යවරයා ගේ බිරිඳ ඔහුගේ පෙම්වතිය ද කැටුව යළි යන්නේ නිවසටම බව පැහැදිලිය. ඇය තම පංති ස්වභාවය විසින් යටපත් කරගන්නා ආවේගයේ ස්වභාවය පැහැදිලි වන්නේ මෝටර් රථය තුළ මහාචාරයවරයාත් දියණියත් සරසවි සිසුවියත් අතර හුවමාරුවන දෙබස් අතරට එක්කරන වචනවලිනි.

    ‘ ප්‍රසන්න විසඳගන්න තැනක් නෙවි ඒක‘ යනුවෙන් නැඟෙන අදහසකට ඇය දක්වන අදහස මෙසේය.

    ‘ප්‍රශ්ණ විසඳගන්න සුදුසු තැනත් නෙවි. විසඳගන්න සුදුසු අවස්ථාවක්‘

    පහළ මැද පංතියේ ගැහැණිය තම සැමියා පිළිබඳ ගනු දෙනුව ‘සුද්ද භුමිය කෙලෙසා‘ හෝ විසඳගන්නට උත්සාහ දරද්දී මහාචාර්යවරයාගේ බිරිඳ තම කුටුම්භය තුළ ගොජ දම දමා පැසවන ප්‍රශ්ණය විසඳගන්නට තම නිවසේ ‘සුද්ධ භුමිය‘ කෙලෙසන්නට අකැමැතිය. එහෙයින් ඒ ‘සුද්ධ භුමිය‘ තුළ ඇයට තවදුරටත් සිදුවන්නේ ඉකිබිඳිමින් ගැටුම කලමනාකරණය කරගන්නටය.

    ඇය මෝටර් රිය තුළම සෙමින් ඉකිබිඳියි.

    ‘මැඩම් ඇයි අඩන්නේ?‘.

    සරසවි සිසුවිය අසද්දී

    මහාචාර්යවරයා මෙසේ කියයි.

    Let him cry (අයට හඩන්න ඉඩ දෙන්න)

    මේ හැඩිම නතර වන්නේ කෙසේද? පහළ මැද පංතියේ ගැහැණිය ප්‍රශ්ණය නිට්ටාවටම විසඳ ගත්තද?

    චිත්‍රපටය අවසානවන්නේ ‘ඇහැරෙන්න ‘ යනුවෙන් උස්ව ගැයෙන ගීතයකිනි.

    එහෙත් මේ නපුරු සිහින නොදකින කුටුම්භයක් සොයාගත හැකිද?

    හඳගම මේ වියමන ඉදිරිපත් කරන්නේ ස්ත්‍රීයගේ කෝණයෙනි.

    මේ අත්දකීම තුළ මහාචාර්යවරයාගේ චිත්තාභ්‍යන්තරයට එබෙන්නට ඔහු උත්සාහ දැරූ බවක් නොපෙනේ. එසේ නොකළේ එමඟින් තම ආඛ්‍යානය වෙනත් දිශානතියකට යොමුවීම වලක්වනු සඳහාද?

    age%20asa%20aga.jpg

    ‘ඇගේ ඇස අග‘ චිත්‍රපටයේ අවසාන දර්ශන පෙළ එහි එතෙක් පැවැති කලාත්මක රිද්මය බිඳ දැමීමක් ලෙස ඇතැමෙක් තර්ක කරති. පන්සලේ භික්ෂුව කියන්නාක් මෙන් එය ‘සුද්ධ භුමිය කෙලසීමක්‘ ලෙසද ඇතැමෙක් තර්ක කරති.

    551_1000.jpg

    හඳගම චිත්‍රපටය අවසානයේදී එහි එතෙක් පැවැති රිද්මය කඩා දමන්නේත් ඒ සඳහා‘ සුද්ධ භුමියක්ම‘ තෝරා ගන්නේත් සිතාමතා දැනුවත්වමය. ඒ හඳගමගේ සිනමා භාවිතයේ හැටිය. ප්‍රෙක්ෂකයා නොසිතන මොහොතක ඔහු එක්වරම ප්‍රේකෂකයාගේ ඔලුවට ගල් ගෙඩියක් අතහරී. ප්‍රේක්ෂකයා සිනමාශලාවෙන් එළියට එන්නේ ඔලු කට්ට ඇතුළටම වැදුණු ඒ ගල් පහරින් රිදුම් දෙන වේදනාවෙනි. එහෙත් ඒ ගල්පහරින් මොළයේ මළකඩ කඩාගන්නට කැමැති ප්‍රේක්ෂකයා හඳගමගේ කතිකාව සමග බැඳෙයි. ඊනියා සුචරිතවාදයෙන්- සංස්කෘතික බැදීම්වලින්- ආගම්වාදයෙන් ජාතිකවාදයෙන් කුරෝලු වූ සිත් ඇත්තෝ හඳගමගේ කැඩපතට ගල්මුල්වලින්පහර දෙති. හඳගමගේ සමස්ථ සිනමා භාවිතය තුළ එදා මෙදා තුර අත්දුටු සත්‍යය එයයි.

    553_1000.jpg

    කැමරාකරණය මෙන්ම චිත්‍රපටයේ සංස්කරණය රටාව චිත්‍රපටයේ අරුත් කුළු ගැන්වීමහිලා මහඟු කාරයයක් ඉටුකරයි. සංගීතයද බොහෝවිට අවස්ථාවෝචිතව යොදා ගැනුනද මහාචාර්යවරයාගේ දියණිය දුම්රියට පනින්නට යන අවස්ථාවේදීත් පන්සලේ ගැටුම පවතින අවස්ථාවේදීත් අනවශ්‍ය සංත්‍රාසයක් ගොඩනඟන්නට ගොස් සංගීතඥයා කැලේ පැන්නාක් මෙන් විය.

    555_1000.jpg

    ස්වර්ණා මල්ලවආරච්චි මහාචාර්යවරයාගේ බිරිඳ ලෙස සාත්වික අභිනයන් මෙන්ම- ආංගික අභිනයන් සහ වාචික අභිනයන්ද මනා ලෙස කලමනාකණය කරගනිමින් අතිශය පරිණත රංගනයක යෙදෙයි. රිතිකා කොඩිතුවක්කුද සරසවි සිසුවිය ගේ භුමිකාව ඉතා මැනැවින් ඉටුකරන්නේ ඒ චරිතය සතු සියලු චර්යාවන් හැඟීම් දැනීම් පිළිබද මනා අවබෝධයකිනි. ලාංකේය සිනමාවට චරිතාංග නිළියන් හිඟ අවදියක ඇගේ සංක්‍රමණය වැදගත්ය. මහාචාර්වරයා ලෙස රඟන ද්‍රිතිමත් චැටර්ජිගේ භුමිකාව වරෙක නිවස තුළ තනිව නටමින් ඔහු දක්වන නාට්‍යාතිශ රංගනයෙන් බිද වැටුණාසේ විය.

    දියණිය ලෙස සදලි හඳගමගේ භූමිකාව තුළ ඩිජිටල් යුගයේ තාරුණ්‍ය යේ මනෝභාවයන් මැනවින් මූර්තිමත් කෙරෙයි.


    -Gunsiri Silva
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    රිතිකා කොඩිතුවක්කුද සරසවි සිසුවිය ගේ භුමිකාව ඉතා මැනැවින් ඉටුකරන්නේ ඒ චරිතය සතු සියලු චර්යාවන් හැඟීම් දැනීම් පිළිබද මනා අවබෝධයකිනි. ලාංකේය සිනමාවට චරිතාංග නිළියන් හිඟ අවදියක ඇගේ සංක්‍රමණය වැදගත්ය.

    ඔව් ඔව්
    කැමරාව ඉස්සරා රෙද්ද ගලවන්න කැමති තරුණ ගෑනු නැති මේ කාලෙ
    මේ පට්ට වේසිගේ සංක්‍රමනය ගොඩක් වැදගත් :lol::P
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔව් ඔව්
    කැමරාව ඉස්සරා රෙද්ද ගලවන්න කැමති තරුණ ගෑනු නැති මේ කාලෙ
    මේ පට්ට වේසිගේ සංක්‍රමනය ගොඩක් වැදගත් :lol::P

    කැමෙරාව ඉස්සරහ රෙද්ද ගැලෙව්වම වෙසියෙක් වෙනවා නං , එහෙම කරන උන්ට එළිපිට බැන බැන හොරෙන් රෙදි ගලෝන උන් මුක්කුද :oo:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඔව් ඔව්
    කැමරාව ඉස්සරා රෙද්ද ගලවන්න කැමති තරුණ ගෑනු නැති මේ කාලෙ
    මේ පට්ට වේසිගේ සංක්‍රමනය ගොඩක් වැදගත් :lol::P
    :rofl::rofl:
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    කැමෙරාව ඉස්සරහ රෙද්ද ගැලෙව්වම වෙසියෙක් වෙනවා නං , එහෙම කරන උන්ට එළිපිට බැන බැන හොරෙන් රෙදි ගලෝන උන් මුක්කුද :oo:
    හොරෙන් රෙදි ගලෝන උන් මිනිහට විතර නම් පෙන්නනෙ උන් හොඳ ගැනු
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    ඔව් ඔව්
    කැමරාව ඉස්සරා රෙද්ද ගලවන්න කැමති තරුණ ගෑනු නැති මේ කාලෙ
    මේ පට්ට වේසිගේ සංක්‍රමනය ගොඩක් වැදගත් :lol::P

    100%. මෙයාගෙ ඇක්ටින් මෙලෝ රහක් නෑ
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    බෙන් කිංස්ලි ඉන්න ඕකේ ඔරිජිනල් එකේ ලින්ක් එකක් තියේ නම් දාපන්
     

    Superman-Thamai

    Junior member
  • Nov 9, 2015
    38
    2
    8
    ඇය මෝටර් රිය තුළම සෙමින් ඉකිබිඳියි.

    ‘මැඩම් ඇයි අඩන්නේ?‘.

    සරසවි සිසුවිය අසද්දී

    මහාචාර්යවරයා මෙසේ කියයි.

    Let him cry (අයට හඩන්න ඉඩ දෙන්න)

    Let her cry