ඇගේ රුපියල් පනහේ අවුරුද්ද !

DULIP_10

Member
Nov 29, 2008
26
23
0
colombo
ඇගේ රුපියල් පනහේ අවුරුද්ද !

දවස: අද
වෙලාව: පස්වරු 6යි
ස්ථානය: ආපිකෝ සුපර් මාකට් එක - නුවර


මේක ඇත්ත කතාවක්. ඇහින් දුටු සිද්දියක්. සිද්දිය හරිම පොඩි වේවි ඇතැම් විට ඔබට. මට හරිම ලොකු උනාට. .. කතාව කියන්නද එහෙනම්..


මුදල් ගෙවන කවුන්ටරයේ රෙදි හැට්ට! තාන් ඇඳුමෙන් සැරසුනු යුවතියන් කවුන්ටර අරක් ගෙන. අලුත් ඇඳුමක්! කබා කෝට් දවස් කිහිපයකට පලා ගිහින්.. ඒත් මැදැයි. රට යන අත ගැන අඩු ගානෙ එහෙමවත් සතුටු වෙන්න.

මම හිටියෙ කවුන්ටරයේ තුන් වෙනියට. මට ඉස්සරහින් සල්වාර් ඇඳුමක් ඇඳගත්තු, කණ්නාඩි දෙකක් දාගත්තු ලස්සන , අවුරුදු 30ක විතර වගෙ යුවතියක්. ඊටත් ඉස්සරහින් බොහොම වයස්ගත ඒත් පිරිසිදුව පිලිවෙලට අත් දිග කමිසෙකින් සැරසුනු අවුරුදු 60ක පමණ මහත්මයෙක්.


මහත්මයාගෙ වාරෙ. කරන්නට දෙයක් නැති කම නිසා මමත් අරමුණකින් තොරව සාප්පු කූඩ වල තියෙන බඩු භාණ්ඩ දිහා බල බල හිටියේ. මහත්මයාගෙ බඩු බාස්කට් එක කැශියර් අක්කා එකින් එක බිලට ඇතුලත් කරලා ඉවරයි. දැන් මහත්මයාගෙ වාරෙ.. මහත්මයා සාක්කුවෙන් මුදල් ඉවතට අදිනවත් , මුදල් අතරෙ සීයෙ කොල දෙකක් තිබෙනවත් මම හොරැහින් බලාගෙන. ආයෙමත් නිරායාසයෙන් මහත්මයාගෙ බඩු බාස්කට් එක මට බැලුනෙ ඒ කූඩෙට රුපියල් දෙසියය මේ කාලෙ ඇති වෙනවද කියන කුහුලෙන්...


මහත්මයා ටිකක් කලබල වෙන අයුරුත් , අතේ රැඳුනු ලොකු බ්‍රීෆ් කේස් බෑගය කෑශියර් මේසය උඩින් තබාගෙන දිගහරින අයුරුත් මම බලාගෙන. අනුන්ගෙ බෑග් ඈතුලෙ බලන එක නරක පුරුද්දක්. ඒත් එහෙම වුනා. කැත හිත වෙන්න ඈති. ඒ බෑගය ඈතුලෙ ෆයිල් කවරෙකුත් , ඒ මත ලොකු CDMA දුරකථනයකුත් හරිබරි ගැහිල වැතිරිලා හිටියා. මීට අවුරුදු පහ හයකට කලින් වගේ ඒක ටිකක් සාමාන්‍ය සිද්ධියක් වුනත් , අද කාලෙ නම් CDMA ෆෝන් විශෙෂයෙන් බ්‍රීෆ් කේස් බෑගයක අරගෙන යන එක ටිකක් කුහුලින් දකින්න දෙයක් ... ඒ නිසා ඒ රූප රාමු කිහිපයට මගෙ හිත ඈදිල ගියා.
24596602_dc34b2bc59.jpg


මහත්මයා දෑන් බෑග් එක ඈතුලෙ මුදල් හොයනවා. සාක්කු අදිනවා . කාසි කිහිපෙකුත් රුපියල් විස්සෙ කොලයකුත් බෑග් එකෙන් එලියට ගන්නවා මට පෙනුනා. අතෙ තිබෙන මුදලත් කූඩයෙ තිබෙන බඩු බාහිරාදියත් සම නොවෙන බව වටහගෙනද මන්දා මහත්මයත් අයකැමි නෝනාත් ටිකක් අපහසුවෙන්. අයකැමි නෝනා බලන් ඉද්දි , අර මහත්මයා හිනාවකුත් පාලා


'බලන්නකො රුපියල් සීයෙ කොලේ පන්සීය වගෙනෙ දෑක්කෙ. මම හිතුවෙ පන්සියයක් තියනව කියලා'


මහත්මයා ටිකක් අපහසුතාවෙන් වගෙම දිග් ගැහෙන පෝලිම ගැනත් කලබලෙන් බ්‍රීෆ් කේස් බෑගයෙ ආයිත් කුඩා පොකට් අතගාන්න පටන් ගත්තා.. කූඩය දිහා බැලුන මට දැනුනෙ සීයෙක් ගෙදර ඉන්න පොඩි එකෙකුට ගෙනියන පොඩි පහේ කෑම බීම. .. චොකලට්... බිස්කට්.. ස්මාටීස්... මීට්බෝලස්... සීයට නම් වෙන්න බැහැ වගෙ.


මහත්මයා හිත හදන් තීරණයක් අරන් වගෙයි. රුපියල් 210 කවුන්ටරෙන් තිබ්බ මහත්මයා මේකට හරියන්න බඩු ටික දෙන්නකො කියල අපි දිහාවෙත් බලාගෙන හිනා වුනා. ඒත් ඔහුගෙ හිතෙන් ලෑජ්ජාව පහවෙලා නැතැයි දැනුනෙ ඔහුගෙ මුහුණෙ මතුවුනු දහඩිය බින්දු දැකලා. මීට කලින් ඒ මහත්මයාට ඒ වගෙ දෙයක් වෙන්න නැතුව ඇති. මට එහෙම හිතුනා.


ඒ මුදලට හරියන්නට කුඩා මීට් බෝල පැකට්ටුවකුත් , මාරි බිස්කට් පැකට්ටුවකුත් , තවත් බිස්කට් පැකට්ටු දෙකකුත් දාලා අයකැමි ගැහැණු ලමයා බිල අවසන් කරන්නට සැරසෙත්ම මහත්මයා ආයිත් කලබලෙන් හඬ අවදි කලා. කූඩයෙ ජෙම් බිස්කට් පැකැට්ටුවකුත් , ස්මාටීස් සැශේ පැකට් දෙකකුත් තව චොකලට්ටුවකුත් ඉතුරු වෙලා තිබ්බා.


'අනේ පොඩ්ඩක් ඉන්නකො. මේ ජෙම් බිස්කට් එක කීයද? ' අහමින්ම බිස්කට් පැකට්ටුවෙ මිල ගලපමින් , ඔහු ආයිත් මාරු කාසි කිහිපයකින් රුපියල් 32ක් ගලපගන්න උත්සහ කරනවා දකිද්දි හිතට දැනෙන්නට ගත්තෙ මහ දුකක්.


අයකැමි නෝනාට ටිකක් තරහ ගිහින්. කේන්තියෙන් හුස්මක් පිටකල ඇය පෝලිමේ ඉන්න අපි දිහා සමාව ඉල්ලන සහ නොරිස්සුම් සහගත බැල්මක් හෙලුවා. එක අතකින් , අවුරුදු කටේ නිසා, බලන් ඉද්දි පෝලිම දිගු වෙන කොට ගනුදෙනුකාර භවතුන් වෙනුවෙන් පිටවෙන ඇගෙ නොරිස්සුමත් අමනුස්සකමක් නෙවෙයි.
මට ඉස්සරහ හිටගෙන හිටි යුවතිය මේ ඔක්කෝම බලාගෙන නිශ්ශබ්ද මුහුණෙන් පර්ස් එක ඇරියා. මහත්මයා අර ජෙම් බිස්කට් පැකට්ටුවට රුපියලෙ දෙකෙ කාසි ගලපන ඇසිල්ලෙන් ඇය ,


'මේ ටිකට බිල දාන්නකො' කියලා අයකැමි කතට කිව්වා.


අයකැමි අක්කා නිරුත්තරව බලාගෙන හිටියා. මහත්මයත් කාසි හොයන එක පැත්තක තියලා ඇය දිහා බැළුවා. ඇය කා දිහාවත් බැලුවෙ නෑ. අයකැමි කත ඒ ටිකට බිල දාන අතරෙදි , මේ යුවතියම කුඩා ශොපින් මල්ලකට ජෙම් බිස්කට්ටු පැකට් එකත් , ස්මාටිස් පැකට් දෙකත් චොකලට්ටුවත් එබුවා ..


'ගන්න අන්කල්' කියූ ඈ , ඔහුගෙ අතෙ මල්ල තබමින් ඔහුට ලාවට හිනා වුනා.


අන්කල්ගෙ මුහුණේ ආදරයත් , දුකත් , ආත්මානුකම්පාවෙන් මඬනා ලද කාරුණික හැඟීමුත් මතුවෙමින් ඇස් වලට කඳුලු එන්නට වුනා.


' තැන්ක්යූ දුව. these are for my grand son. ' එසේ කියමින් ඔහු ඒත් නොයා නිරුත්තරව හිටියා.


ඈ හිනා වුනා. 'I guessed' ඇය කිව්වා.


ඇය සන්සුන්ව ඒ ටිකටත් තම බඩු මල්ලටත් ( ඒ බඩුමල්ල පිරී තිබුනේ අයිස් ක්‍රීම් සහ රූපලාවන්‍ය ක්‍රීම් වර්ග කිහිපයකින් ) මුදල් ගෙවා බෑග් අතට ගනිද්දී , අන්කල් ආයිමත්


'තැන්ක්යූ සෝ මච් දුව' කියමින් එතනම හිටියා.


'හැපි නිව් ඉයර් අන්කල්, Its a very small gift'
කියමින් ඇය එතනින් ඉවත් වුනේ... ඇගේ සැබෑ අවුරුද්ද සහ මනුස්සකම දෑසින් දකින්නට පින් ලද අපවත් වාසනාවන්තයින් කරමින්.


ඒ සීයාට රුපියල් පණහක මුදලක් එවෙලේ අකරතැබ්බයක් වුනාට , අනෙක් වෙලාවකදි මහ දෙයක් නොවෙන්නට ඇති. ඒ යුවතියට රුපියල් පණහක අමතර වියදම දැනෙන්නටවත් නැතුව ඇති. ඒත් ඒ සීයාටත්, එමෙන්ම ඒ සුන්දර යුවතියටත් එක දෙයක් හරි බරට දැනෙන්නට ඇති. සීයා කඩචෝරු අරන් එනකල් ගෙදර දොරකඩ බලන් ඉන්න පොඩි කොලු පැටියෙක්.. ජෙම් බිස්කට් දැක්කොත් තාරුකා දෙකක් වගෙ දැල්වෙන , සීයා මොකුත් කඩචෝරු ගෙනත් නැති කොට තාරුකා නිවෙන වේගෙන් මැලවෙන, ඇස් දෙක .. ඒ මුණුබුරාගේ ඇස් දෙක ඒ දෙන්නටම මහ බරට දැනෙන්නට ඇති.

sad-kid.jpg



:love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 

Chanaka_mapa

Member
Feb 23, 2009
155
2
0
Mage Duwata Aurudu dekaha maarai......Mage es walatath Kandulu Awa.....

:(:(:(:(:(:(:(

Kora wenna liyala thiyenawa .......

Thank you very much for sharing machan .........!
 

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මේ සිදුවීම දැන්නම් නිතරම වෙන දෙයක් නමුත් අර යුවතිය වගේ අය නම් ඒ හැම විටම නැහැ
    අද කාලේ සාධාරනව හම්බකරන් කන මිනිසුන්ගේ කථාව ඕකට ටිකක් සමානයි වෙනසකට තියෙන්නේ අතේ තියෙන මුදල් ගාන කඩේ යන්න කලින් ගණන් කරලා ඒ කට සමාන බඩු බොහොම පරිස්සමට තෝරගෙන එන එක
    බම්ප්
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඇස් දෙකට පොඩි කදුළු බින්දු දෙකක් ආව මචන්... අපි හැමෝම ලක්ෂපතියෝ වෙන්න ඕනේ නෑ මිනිස්සුන්ට උදව කරන්න..

    මෙව්වට දෙන්න තරම් රෙප් මේ මුළු එලකිරියේම නෑ...ඒත් මං ගාව තියන ටික දුන්නා...