මම පෙබරවාරි 1 වෙනිදා ත්‍රෙඩ් එකක් දැම්මා මේ ගැන අහලා අන්තිමේදී ගිය සතියේ ගිහින් ආවා. බබා අරගෙන යන නිසා කොරෝනා අඩු වෙනකම් ඉන්න කිව්ව අයටත් ගොඩක් පින්. ඉතින් මට උපදෙස් දුන්නු උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි.

මේක තියෙන්නේ අනුරාධපුර ටවුන් එකට කලින් මම දන්න විදියට. පොඩි අතුරු පාරක ගිහින් හෝටලේට ගිහින් බැස්සේ දවල් 12ට විතර. එදා දවල් කෑමටත් එක්කමයි ගියේ. ඇතුල් වෙද්දී කෙලින්ම පේන්නේ වැවයි පූල් එකයි. ඉතින් ලොබියෙ ඉඳගත්ත ගමන් සාම්ප්‍රදායික විදිහට කොමඩු බීම එකක් ලැබුනා.
ඊලඟට අපේ බෑග් කාර් එකෙන් අරන් රූම් එකට යවලා තිබුනා.
කොහොමත් පැය කාලකින් විතර රූම් එක ලැබුනා. අපි 3 දෙනා ගියේ මමයි නෝනයි බබයි. කාමරේ සාමාන්‍ය එකක්. Family Suite. රූම් එකේ දොරේ යතුර කරකවන්න පොඩි මහන්සියක් ගන්න ඕන. රූම් එක ඇතුලේ ලයිට් ඔන් වෙන්න යතුර දාන එකට Coffee Mate Sachet පැකට් එකක් ඔබලා ලයිට් දාලම තිබ්බ නිසා යතුර ටීවි එක ලඟින් තියලා කාමරේ පොඩ්ඩක් බැලුවා.
ඉතින් මෙන්න මේව තමයි විස්තර. >>>
අපි ගියේ ෆුල් බෝඩ් දවස් 3ක් ඉන්න. අවංකවම කෑම නම් රසයි මචං ආයෙ කියල වැඩක් නෑ. පෝෂන් එකත් ගොඩක් ලොකුයි. ලොකු සිලෙක්ෂන් එකක් නැහැ. සෙනසුරාදා ඉරිදා බුෆේ දානවා. කෑමට ගිය වෙලාවට ඊලඟ කෑම මෙනූ එක ගෙනත් අහනවා කැමති එකක් සිලෙක්ට් කරන්න. කුකුල් මස් ඇර වෙන මස් ජාති නැහැ. බුෆේ කිව්වට කිංග්ස්බරි එකේ වගේ එකක් නෙමෙයි රොටියෙ ඉඳන් සාමාන්‍ය කෑම දක්වා කෑම ජාති 15ක් 20ක් තියෙනවා. ඩෙසර්ට් ඉතින් එහෙමට නෑ. හිතාගනින්කෝ රුපියල් 5000ක් දීලා ගිය සාමාන්‍ය පන්තියේ වෙඩිමක කෑම එකක් වගේ හැබැයි රසයි මචං. බබත් නිදහසේ හිටපු නිසයි ගෙදර එන්න කම්මැලිකමටයි දවස් 3ක් ඉන්න ගිය එකට දවස් 6ක් (රෑ 5ක්) ඉඳලම ආවා,. හෝටලේට වියදම ලක්ෂ දෙක හමාරක් වගේ ගියේ.
බබා අරගෙන යන නිසා ඩ්‍රයිවිං කරන්න අපහසුයි වගේ දැනුන නිසා ඩ්‍රයිවර් කෙනෙක් අරං ගියේ. පොරට ඒකෙම ඩ්‍රයිවර්ස් ක්වාටර්ස් වල නොමිලේ ඉන්න ලැබුනා. තුන් වේලටම කෑමත් නොමිලේ. ඌට නම් සාමාන්‍ය ගෙදරක උයන විදියට කෑම ලැබිලා තිබුනේ. සැමන් පරිප්පු මාලු අනන් මනම්. ඒත් කෑම හොඳයි කිව්වා.
කාමරේ හොඳයි අවුලක් නෑ. එලියට යන්න බැල්කනියක් තියෙනවා බැල්කනියේ තෙබු ගස් වවල තියෙන නිසා අවුලක් නෑ පේන්නෙ නෑ පල්ලෙහා ඉඳන් බැලුවට වැඩිය. පොඩි එකාට නම් ජොලි ගොඩක් කාලෙකින් එලියට ආපු නිසා. ඉස්සර අපි පොඩි කාලෙ අපිව හොයන්න යන්න ඕන ඒකට දැං අපේ ලමයි තාප්ප හතරට කොටු වෙලා.
අවුල් සීන් මේවා.
අවසාන නිගමන-

කාමරේ පොටෝ. මම ගත්තුවා නෙමෙයි.

- පූල් එකේ ගොඩක් වෙලාවට මැනේජරයා නානවා ඌ මල් කඩ කඩ වරුවක් ඉන්නවා එකම තැන.
- වැඩ කරන ස්ටුවර්ට් පිරිමි අය ගොඩක් උන් ඒ ගමේම උන්. සිගා පාර ගහලා ෂර්ට් කිලුටු වෙලා අනන් මනං. ඒ මදිවට උන් කියෝගෙන එනවා මල කරදරේ. ඔය හෝටලේ කෙල උනොත් අනිවා චෙෆ්ලා ඇර ඔය සෙට් එක නිසා තමයි
- රෑට දවල්ට වත්තෙ හුලං
ෆෑන් තියෙනවා දම්රෝ එකේ 18,000ට තියෙන එව්වා 4ක් අනිවා කියලා දාගන්න ඕන නැත්නම් දාඩිය බේරෙනවා. ෆෑන් වල දූවිලි. ෆෑන් දෙකක් කුරුං ගුරුං ගානවා පාලුවට වගේ
- පූල් එකට චේන්ජින් රූම් එකක් නෑ. උන්ගෙන් ඇහුවම කියන්නේ එතන තියෙන මල් ගස් අයිනට ගිහින් මාරු කරගන්න. පස්සේ මැනේජරයට කිව්වම ඌ ඒ ලඟ බාත්රූම් එකක් සෙට් කරා. පූල් එකේ ගොඩක් වෙලා ඉන්න එක ස්ටුවර්ට්ලා නිසා කරදරයි. අනික කෑම කන තැනම අඩි කීපයක් එහා පැත්තේ නිසා අපහසුයි. අඩි 4 ඩීප් එක.
- රිසෙප්ෂන් එකේ පොඩි කෙල්ලෝ හොඳයි හැබැයි ස්ලොත් බෙයා ටයිප් නාකියෙකුයි මූණ ඉදමිලා පාන් පිටි ගාලා තොල් රතු කරපු හුත්තියෙකුයි ඉන්නවා.
- උඩම තට්ටුව බාර් එකක්ද මොකක්ද හිටපු දවස් 6ම වහලා තිත්ත කරුවලයි බලු බල්ලෙක් නෑ.
- රූම් එකේ කෝපි වතුර අනන් මනම් බලෙන් ඉල්ලගන්න ඕන නැත්නම් තිසා වැවේ වතුර බිබී ඉන්න ඕන.
- රූම් වලට කෑම නෝ සප්ලයි.
- Hot water තිබ්බා ඒ උනාට බැල්කනිය ඊට වඩා හොට්.
- ඒසී වැඩ හොඳට අවුලක් නෑ
- ඩයලොග් ටීවී තිබ්බා HBO එක්ක
- මිනි බාර් එකේ සුට්ටක් දේවල් තිබ්බා වැඩකට ඇති මගුලක් නෑ. අඩු ගානෙ බියර් තියා ජින්ජර් බියර් එකක්වත් නෑ.
- අන්තිම දවසේ බාත් රූම් එක කෙලින්ම වතුර හිඳීගෙන යන ගොම් බෙටි මිශ්‍ර තිසා වැවෙන් නෑව වගේ, මට හොඳටම සුවර් මුං වතුර අදින්නෙ වැවෙන්, අන්තිම දවසේ ෆිල්ටර් වෙලාම නෑ.
- එලියේ බලන්න කියලා තියෙන්නෙ ඉතින් වැව් පිට්ටනියේ සෑහෙන දුරක් ඇවිදින්න පුලුවනි. එච්චරයි. රූම් සර්විස් කලා දවස් 6ට 3 පාරක් එච්චරයි.
- ඇමිනිටීස් නම් හැමිනිටීස් වගේ කෙලිම්ම පිටකොටුවෙන් ගත්ත රුපියල් 5 රවුම් සබන් කැට පැකට් වලට දාලා චුට්ටි රුපියල් 5ට ප්ලාස්ටික් බඩු කඩවලින් ගන්න පුලුවන් බෝතල් වලට තොග විකුණන බොඩි ලෝෂන්, ෂැම්පු පුරවලා. ඒවා ගානවනම් බලාගෙන නිකම් කුරුඳු ඇඟේ උලනවා වගේ සුවඳයි දැවිල්ලයි.
- ජය ශ්‍රී මහ බෝධියට රුවන් වැලි සෑයට ගෙනියන්න ඇත්තම කජු මුද්දරස්පලම් දාපු කිරිපිඬු පාත්තර දෙනවා නොමිලේම. හුන්ඩුවක් සයිස් නෙමේ අපේ සාමාන්‍ය බත් පිඟානේට චූට්ටක් පොඩී හැබැයි ගොඩක් බොකුටු මැටි භාජන වල. ඒක නම් ගොඩක් වටිනවා.
අවසාන නිගමන-
- වෙන හොඳ හෝටලයක් තිබ්බ නම් ඒකට යනවා හෙරිටේජ් එකේ රූම් ඇතුලේ සිනි ගඳ ගහනවලු උන් ක්ලීන් කරන්නැතුව හරියට.
- වෙලාවෙ හැටියට තැන අවුලක් නෑ., අනුරාධපුර වෙන හෝටල් නෑ මේ තරම් වත් හොඳ මට්ටමේ.
- මුදලට 50%ක් වටිනවා. වෙලාවෙ හැටියටයි වෙන තැනක් නැති නිසයි අවුලක් නෑ
- කෑම සුපිරි රසයි සිලෙක්ෂන් පොඩී
- ස්ටාෆ් වර්චස්
- ෆැසිලිටීස් සාමාන්‍යයි
- ආයෙ යනවද නැද්ද? ස්ටාෆ් එක වෙනස් වෙලා චෙෆ්ලා එහෙම්ම ඉඳල තව පොඩ්ඩක් දියුණු උනා නම් යනවා නැත්නම් වැඩක් නෑ.

කාමරේ පොටෝ. මම ගත්තුවා නෙමෙයි.

Last edited: