මම දැන් ටික දවසක ඉඳන් Youtube ඉන්ටවීව් වල දකින දෙයක් තමයි ගොඩක් අය මේ වගේ ඇට වළලු දාගෙන ඉන්නවා.
ඉස්සරම මේක දානවා දැක්කෙ මහින්ද මහත්තය විතරයි. ගෝටා සර් නම් ඕක දාන්නෙ නෑ නේද?
මොකද්ද මේ සීන් එක.... ඒක දාගන ඉන්න කෙනාට මොකක් හරි අද්භූත බලයක් ලැබෙනවද, මිනිස්සු වශී වෙනවද?
දැන් දැන් ගොඩක් සාමාන්‍ය මිනිස්සුත් ගෑනු පිරිමි බේදයක් නැතුව මේවා දාන්න පටන් අරගන.
මේවා නිකන් කඩේ ගන්න තියනවද නැත්නම් සාත්තර කාරයෝ ජීවම් කරලා දාන්න දෙන දෙයක්ද?
මොනවගෙන්ද හදල තියෙන්නෙ?
එකක් කීයක් විතර වෙනවද?
ලොකු ඇටයි පොඩි ඇටයි අතර වෙනසක් තියනවද?