අඩේ මොකක්ද බන් කොතලාවල පවුලෙ සාපය?මම උඹ කියපු දෙයට විරුද්ධ මතයක් කියනව නෙමෙයි. ආගමකට අනුව ඒකෙ කිව්ව නිසා කියල කියනවත් නෙමෙයි. අද කාලෙ වෙන දේවල් එක්ක ඔහොම හිතන එක අරුමයක් නෙමෙයි. හැබැයි මචන් උඹ කිව්ව දේ ඇත්තම නෙමෙයි.
ලන්කාවෙ අවුරුදු කීපයකට උඩදි හිටිය ලොකුම සල්ලිකාරය සහ ලන්කාවෙ ලොකුම කොන්ග්ලමරේට් එක(වැඩිම ආයතන ප්රමාණය), කොළඹ 3,4 වැඩිම දේපලක් තිබුණ කෙනාට කාටවත් හිතාගන්න බැරි විදියට හෙනයක් පාත්වුනා වගේ තමන්ට තිබ්බ හැම දෙයක්ම නැතිවෙලා අන්තිම කාලයෙ බොහොම පීඩනයකින් ඉදල ලගදි මියගිය කෙනා ගැන මම මෙතන නම නොකිව්වට හැමකෙනාම වගේ දන්නව.
ගොඩක් අය ඒ අදාල කෙනාට එහෙම වුනේ මේක නිසයි අරක නිසයි කියල ගොඩක් හේතු කිව්වට ප්රධානම හේතුව වෙන එකක්. ඇත්තටම ඒ මනුස්සයට පලදුන්නෙ ඒ මනුස්සයගෙ මීට පරම්පරා දෙකකට කලින් කෙනෙක් කල ලොකු කර්.මයක් කියන එක ඒදේ ගැන පරණ විස්තර දන්න ටික දෙනෙක් දන්නව. මෙතන ඒක කියන්න බැහැ. ලොකු කතාවක්. අනික දැන් ඕව ගැන කියල මැරිච්ච මිනිස්සුන්ට අපහාස කරන්න ඕනත් නැ.
කර් මය කියන්නෙ දන්වැලක් වගේ අපිට තේරුම ගන්න අමාරු සංකීරන ක්රියාවලියක්. සමහර කර්.ම ඔන්දස්පොට් ඒ ජීවිතේම ලැබෙනව. සමහර කර්.ම ගෙවන්න පව් එකතු කරගෙන ඒ ලයිනේජ් එකේම නැවත ඉපදෙනව. කවද කොතෙන්දි කොහොම වෙනවද කියන එක දන්නෙ ස්වාබාවධර්.මය විතරයි. වෙලාව ආවම කොච්චර වැඩ්ඩෙක් උනත් ආයෙ අකුලෝලම යනව. වැරදි විදියට හොයන සල්ලි වලින් මිනිස්සු සැප විදිනව. ඒක ඇත්ත. හැබැයි ආපහු තැනකදි මිනිස්සුන්ටම ආපහු ඒ දේවල් දෙන්න වෙනව. බොහෝවෙලාවට කරපු පව් තවත් කාලයකදි බොහොම දුක්ඛිත විදිහට ගෙවාගෙන. තමන්ට ඇයි මෙහෙම වෙන්න මෙහම වුනේ ඇයි කියල හිතාගන්න බැරි විදිහට. අනුන් කරන නිසා සහ අනුන් ඒ දේවල් කරල ඉන්නෙ මෙහෙමයි කියල, ඒ දිහා බලල පව්කාර වැඩ කරනවද නැද්ද කියන එක ඉතින් තම තමන්ගෙ චොයිස් එක.
අපිටත් දැනගන්ට කියන්ටකො අගේ නොකර
