ඇත්තටම උඹ වීරයෙක්

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ඇත්තටම උඹ වීරයෙක්

අහිංසකයාගේ මිනිය වළලන්න ඉඩ නොදුන් තිරිසනුන් අතර පාලිත ‌‌තෙවරප්පෙරුම ඇත්තටම උඹ වීරයෙක්..!

මතුගම නෑබඩ තෙබුවන ප්‍රදේශයේ වතු යායක මුළු ජීවිත කාලයම වත්ත ‌වෙනුවෙන් දහදිය ‌හෙලමින් වතු නිවසක ජීවත් වූ හැත්තෑ හැවිරිදි ද්‍රවිඩ ජාතික පුද්ගලයකු මිය යෑමෙන් අනතුරුව එම වත්තේ පිහිටි සුසාන භූමියේ භූමිදාන කිරීමට එරෙහිව එම වතුයායේ අයිතිකරු තෙබුවන පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව තෙබුවන පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් දේහය සුසාන භූමියේ වළ දැමීමට එරෙහිව තහනම් නියෝගයක් ලබා‌ගෙන තිබූ අතර තහනමට එරෙහිව මිනිය වළදැමුවහොත් මිනිසුන් අත් අඩංගුවට ‌ගෙන හිරේ දමන බවට තර්ජන කර තිබිණ.

කර කියා ගත ‌දෙයක් ‌නොවූ මියගිය අයගේ ඥාතීන් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව එයට මැදිහත් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැමිණ අදාළ සුසාන භූමියේ දේහය තැන්පත් කිරීම් සඳහා වල කැපීමට ද සහභාගී ‌වෙමින් මිනිසුන්ගේ බිය තුරන් කරමින් අසාධාරණයට එරෙහිව ක්‍රියා ‌කෙළේය.

එම අවස්ථාවට පැමිණි තෙබුවන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තහනම් නියෝගය පිළිබඳ අමාත්‍යවරයාට දැනුම් දුන් නමුත් ඇමැතිවරයා විසින් ඊට දැඩි විරෝධය පළ කර මියගිය අයගේ දේහය අදාල සුසාන භූමිය වෙත රැගෙන ගොස් පොලිසියේ විරෝධතාවය නොතකා භූමිදාන කටයුතු සිදු කරන ලදී. ‌පොලිසියෙන් පසුව තර්ජන පැමිණේවි යැයි බියෙන් ගම්වාසීන් මිනිය කර තබාගෙන ආවේ මුහුණු වසාගෙන හඳුනා ගැනීමට ‌නොහැකි ‌ලෙස වීම කණගාටුදායක දසුනක් විය.

සුසානභූමිය 1929 සිට පවත්වාගෙන ආ බවට එම ස්ථානයේ ඇති මෙම වතුයායේ මුල් අයිති අයිතිකරුගේ දේහය තැන්පත් කර ඇති සොහොන අනුව ‌මෙය පැරණි සුසාන භූමියක් බව අදාළ වත්තේ පදිංචි කරු‌වෝ පවසති. මෙම සුසාන භූමියේ තවත් මළ සිරුරු තැන්පත් කර ඇති අයුරු දක්නට ලැබේ. නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා විසින් මෙම සුසාන භූමියේ භූමිදාන කරපු අයෙකුගේ මරණ සහතිකයක් ද මේ අවස්ථාවේදී පොලිසිය හමුවේ ඉදිරිපත් කරන ලදී. මියගිය අයගේ දේහය භූමිදාන කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පිටව ගිය අතර මේ පිළිබඳව මතුගම මහේස්ත්‍රාත් අධිකරණය දැනුවත් කිරීමෙන් පසුව අගෝස්තු මස 27 වන දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට දන්වා තිබේ. ‌

මේ ‌අහිංසක වතු දෙමළ මිනිසුන්ට සිංහල කනත්තක වළ දැමීමට ‌ඉඩ ‌නොදෙන බවත් තමන් නීතියට අනුව ක්‍රියා කළ නමුත් ‌දෙන දඬුවමක් අසරණ මිනිසුන්ට ‌නොව තමාට ‌දෙන ‌ලෙසත් පාලිත ‌තෙවරප්පෙරුම ප්‍රකාශ ‌කෙළේය.

අහිංසක‌යෙකුගේ මිනිය වළලන්න ඉඩ නොදුන් තිරිසනුන් අතර පාලිත ‌‌තෙවරප්පෙරුම ඇත්තටම උඹ අපට වීරයෙකි..!

වීඩි‌යෝව - ඉඳුනිල් කැළුම් ජයවීරගෙනි
 
HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    වීරයෙක් ද නැති ද කියල තීරණය වෙන්නේ ඒ සුසාන භූමිය පුද්ගලික එකක් ද පොදු එකක් ද කියන එක අනුව.
    මට නම් හිතෙන්නේ එක්දහස් නවසිය ගණන් වල ඉඳන් තියෙනව කියන්නේ වත්තේ අයිතිකාරයින්ගේ පුද්ගලික සොහොන්. කම්කරුවෝ ඒක පොදු සුසානයක් කරගන්ඩ හදන්නේ. AGA office ගානේ රස්තියාදු වුනා කියන්නේ ඒකනේ. අළුත් අයිති කාරයෙක් ආව ගමන් හොයන්නේ බලන්නේ නැති මන්ත්‍රී කෙනෙකුත් අල්ලන් බලෙන් වැඩේ කරගත්තා. දැන් ඔය ඉඩමෙන් කෑලිත් අල්ලන් පාරවලුත් වෙන් කරන් තමා නවතින්නේ.
    Video එකේ comments දැක්කහම ලංකාවේ මිනිස්සු ගැන කළකිරෙනවා.
    මේ වගේ දේවල් නීත්‍යානුකූලව හොඳට හොයල බලල කරන්ඩ ඕන වැඩ. ඔය විදියට සොහොන් කොත් තියෙන ඉඩම් වලට අහල පහල මිනිස්සු මිනී කර තියන් ඇවිත් බලෙන් වලලන්ඩ ඉල්ලුවොත් හොඳට හිටියි.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වීරයෙක් ද නැති ද කියල තීරණය වෙන්නේ ඒ සුසාන භූමිය පුද්ගලික එකක් ද පොදු එකක් ද කියන එක අනුව.
    මට නම් හිතෙන්නේ එක්දතස් නවසිය ගණන් වල ඉඳන් තියෙනව කියන්නේ වත්තේ අයිතිකාරයින්ගේ පුද්ගලික සොහොන්. කම්කරුවෝ ඒක පොදු සුසානයක් කරගන්ඩ හදන්නේ. AGA office ගානේ රස්තියාදු වුනා කියන්නේ ඒකනේ. අළුත් අයිති කාරයෙක් ආව ගමන් හොයන්නේ බලන්නේ නැති මන්ත්‍රී කෙනෙකුත් අල්ලන් බලෙන් වැඩේ කරගත්තා. දැන් ඔය ඉඩමෙන් කෑලිත් අල්ලන් පාරවලුත් වෙන් කරන් තමා නවතින්නේ.
    Video එකේ comments දැක්කහම ලංකාවේ මිනිස්සු ගැන කළකිරෙනවා.
    මේ වගේ දේවල් නීත්‍යානුකූලව හොඳට හොයල බලල කරන්ඩ ඕන වැඩ. ඔය විදියට සොහොන් කොත් තියෙන ඉඩම් වලට අහල පහල මිනිස්සු මිනී කර තියන් ඇවිත් බලෙන් වලලන්ඩ ඉල්ලුවොත් හොඳට හිටියි.

    පර බල්ලොන්ට ගිය රට. වීරයාගේ කෙරුවාව තේරෙයි තමුන්ගේ ඉඩමක කොහෙවත් නැති මැරිච්ච එකෙක් වලලන්න හැදුවම. :angry::angry::angry:

    :lol::yes:අනික මළාම වලලන්නම ඕනමද.පිච්චුවා අළු ටික ගඟකට දැම්ම ඵච්චරයි.මොකද ඔය මිනිය වැලලුව කියල ඒ මිනිහට පණ ඵනවද..මිනියට ඔය තරම් අාදරේ නම් අළු ටික ගේ අැතුලේ තියාගන්න පුළුවන්..පාලිතය ඔතන පොර වෙන්න හදන්නේ ජන්ද පෙරේතකමට.මතකයිනෙ ඵක පාරක් බෙල්ලෙ වැල දාගන්න ගියා..අර රංජද කොහෙද මෙයාගෙ ගුරා..දැන් මෙයත් හොඳ නළුවෙක්.:D
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මොකෙද්ද බන් මේ කාලකන්නි media කාරය. බලපන් ලියල තියන කැත. කිසිදෙයක් හොයන්නේ බලන්නේ නැතුව මීහරක් වගේ කොහෙද යන ගස් ගෙම්බෙක් ෆෝම් කරන්න ලියනවා. පොලිසිය තර්ජනය කලා කියන එක වරදී. පුද්ගලික ඉඩමක් නම්, උසවියෙතුත් අවසර ලැබුන නම් නවත්තන්න පොලිසිය ඒක මිනිස්සුන්ට කියන එක තර්ජනයක් වෙන්නේ කොහොමද? නීතියට පිටින් ගියාම arrest කරන එකත් තර්ජනයක් ලු. :lol:
    මනුස්සකම ගැන හිතල තමන්ගේ වත්තේ වැඩකරපු එකාගේ මිනිය වලදාන්න දෙනවා දෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්. එක ඉතින් අයිතිකාරයාගේ කැමැත්ත. නොදකින් මුසල මාද්යවේදියා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    :yes: Lanka E News බල්ලොන්ගෙ වැඩ තමා..යුද්ධෙ කාලෙ ඕකුන් government ඵකට දුන්න ප්‍රෙෂර් ඵක හිතා ගනින්කො..ඉතිං ඕකුන්ව ban නොකර ඉඳියිද.මේ වගේ නිව්ස් උඩ පැන බලන ඒවා පිළිගන්න කලවම් අවජාතක හුත්තිගෙ පුතාලත් ලංකාවෙ ඉන්‍නවා..ජෙප්පො තමා ගොඩක්ම....:D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක වැරදියි කියන අයට

    වතු යායක මුළු ජීවිත කාලයම වත්ත ‌වෙනුවෙන් දහදිය ‌හෙලමින් වතු නිවසක ජීවත් වූ

    මේ මනුස්සයට නඩු කිව්ව නං වත්තෙ හිටපු ගේත් අයිති වෙන තත්වයක් තියෙන්නෙ (කාලාවරෝධය)
    වත්ත අයිතිකාරය සතුටු වෙන්න ඕනෙ ගේ දෙන්න වෙන්නැතුව මිනිය වලදාන්න විතරක් පොඩි කෑල්ලක් දීල බේරෙන්න පුලුවන් වුන එක ගැන
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81

    මේ කතාව වැරදියි.. එහෙම අයිතිවාසිකමක් නැහැ වතු දෙමල අයට.. කොටින්ම ලයින්කාමර ටිකවත් අයිති නැහැ වත්තෙන් පිට වැඩ කරනවානම් ගෙදර දරුවෝ..
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    වීරයෙක් ද නැති ද කියල තීරණය වෙන්නේ ඒ සුසාන භූමිය පුද්ගලික එකක් ද පොදු එකක් ද කියන එක අනුව.
    මට නම් හිතෙන්නේ එක්දහස් නවසිය ගණන් වල ඉඳන් තියෙනව කියන්නේ වත්තේ අයිතිකාරයින්ගේ පුද්ගලික සොහොන්. කම්කරුවෝ ඒක පොදු සුසානයක් කරගන්ඩ හදන්නේ. AGA office ගානේ රස්තියාදු වුනා කියන්නේ ඒකනේ. අළුත් අයිති කාරයෙක් ආව ගමන් හොයන්නේ බලන්නේ නැති මන්ත්‍රී කෙනෙකුත් අල්ලන් බලෙන් වැඩේ කරගත්තා. දැන් ඔය ඉඩමෙන් කෑලිත් අල්ලන් පාරවලුත් වෙන් කරන් තමා නවතින්නේ.
    Video එකේ comments දැක්කහම ලංකාවේ මිනිස්සු ගැන කළකිරෙනවා.
    මේ වගේ දේවල් නීත්‍යානුකූලව හොඳට හොයල බලල කරන්ඩ ඕන වැඩ. ඔය විදියට සොහොන් කොත් තියෙන ඉඩම් වලට අහල පහල මිනිස්සු මිනී කර තියන් ඇවිත් බලෙන් වලලන්ඩ ඉල්ලුවොත් හොඳට හිටියි.
    දේශපාලන හුත්තිගේ පුතාලා ඕනා දේටයි එපා දේටයි චන්දෙ බලාගෙන මෙහෙම වැඩ කලාම අන්තිමට වෙන්නේ වතු අයිතිකාරයෝ ඉඩම් ටික පොන්න කොනකපාල මුස්ලිමෙකුට විකුනලා යන එක. කියක් නම් සිංහල/ දෙමල මිනිස්සු ඕක කලාද දේශපාලන අත ගැහීම් නිසා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ කතාව වැරදියි.. එහෙම අයිතිවාසිකමක් නැහැ වතු දෙමල අයට.. කොටින්ම ලයින්කාමර ටිකවත් අයිති නැහැ වත්තෙන් පිට වැඩ කරනවානම් ගෙදර දරුවෝ..

    ඇයි නැත්තෙ ? වතු දෙමල කියල වෙනම නීතියක්ද ?
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ඇයි නැත්තෙ ? වතු දෙමල කියල වෙනම නීතියක්ද ?
    වතු දෙමල අයට ලයින්කාමර දීලා තියෙන්නේ වත්තේ වැඩ කරනවානම් විතරයි බන්.. පවුලම වත්තේ වැඩ කරනවානම් විතරයි ගෙවල් දෙන්නේ.. උදාහරනෙකට තාත්තා වත්තේ වැඩ කරලා, ගෙදර පුතා වෙන වත්තක හෝ වත්තෙන් පිට රසාවක් කලොත් ගේ දෙන්නේ නැහැ. දන්නා හින්දා බන් කියන්නේ. ඒක සාදාරනයි. අද ගිහින් බලහන් වතුකරේ වෙලා තියෙන දේ. ඔක්කොම තේ ඉඩම්වල ගෙවල් හදාගෙන පරම්පරා පිටින්.. එහෙම උනාම වතු අයිතිකාරයට බෙල්ලේ වැල දාගන්න වෙන්නේ.. වත්තේ වැඩ කරනවානම් ඉන්න එක වෙනි. වත්තේ ගේ අරගෙන පිට වැඩ කලාම වත්තේ සේවකයන්ට දෙන්නේ කොහොමද ගෙවල්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වතු දෙමල අයට ලයින්කාමර දීලා තියෙන්නේ වත්තේ වැඩ කරනවානම් විතරයි බන්.. පවුලම වත්තේ වැඩ කරනවානම් විතරයි ගෙවල් දෙන්නේ.. උදාහරනෙකට තාත්තා වත්තේ වැඩ කරලා, ගෙදර පුතා වෙන වත්තක හෝ වත්තෙන් පිට රසාවක් කලොත් ගේ දෙන්නේ නැහැ. දන්නා හින්දා බන් කියන්නේ. ඒක සාදාරනයි. අද ගිහින් බලහන් වතුකරේ වෙලා තියෙන දේ. ඔක්කොම තේ ඉඩම්වල ගෙවල් හදාගෙන පරම්පරා පිටින්.. එහෙම උනාම වතු අයිතිකාරයට බෙල්ලේ වැල දාගන්න වෙන්නේ.. වත්තේ වැඩ කරනවානම් ඉන්න එක වෙනි. වත්තේ ගේ අරගෙන පිට වැඩ කලාම වත්තේ සේවකයන්ට දෙන්නේ කොහොමද ගෙවල්.

    පවුලම වත්තෙ වැඩ කරනවනං
    කුලී ගෙවන්නෙ නැතුව ගේකුත් හම්බවුනා නං ඒ ගේ තියෙන ඉඩම ඒ පවුලට අයිති කරගන්න පුලුවන් තමා
    වතු වල හැටි නෙමේ නීතිය හදල තියෙන්නෙ එහෙම අයිති වෙන්න
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    පවුලම වත්තෙ වැඩ කරනවනං
    කුලී ගෙවන්නෙ නැතුව ගේකුත් හම්බවුනා නං ඒ ගේ තියෙන ඉඩම ඒ පවුලට අයිති කරගන්න පුලුවන් තමා
    වතු වල හැටි නෙමේ නීතිය හදල තියෙන්නෙ එහෙම අයිති වෙන්න
    උබට පත්තියන්ද බන්.. දැන් උබ කියන හැටියට. එක පවුලකට එක ගේ ගානේ දුන්නම පරම්පරා දෙකක් යනකොට එක වත්තක්ද? ගමක්ද? මුළු වත්තේම ගෙවල් හැදිලා තේ ගස් හදන්න ඉඩක් නැහැ. අඩු තරමේ ආණ්ඩුවේ වතුවලවත් ඕක කෙරෙන්නේ නැහැ බන්.. රස්සාවෙන් ඇස වෙන දවසේ කොවාටස් එක දෙන්න ඕනා ඔෆිසර්ලා, කම්කරුවෝ නම් ලයින්කාමරෙන් යන්න ඕනා. කිසිම බුමියේ අයිතියක් නැහැ. එක පට්ටා සාදාරනයි. මොකද ඉඩම අරගත්තාට පස්සේ එකේ ඉන්න උන් කොලබ රසාවලට යනවා අන්තිමට වත්තේ වැඩට කවුරුත් නැහැ. මම මේ ජොබ් එක කරන නිසා දන්නේ.. හැමෝම කතා වෙන්නේ කම්කරු අයිතිය ගැන. නමුත් කවුරුත් කතා කරන්නේ නැහැ වතු අයිතිකාරයෝන්ගේ ප්‍රශ්න. සල්ලි තියනම උන් නෙමෙයි ගොඩක් වතු කරන්නේ.. රෝල ගහගෙන කරන උන් ඉන්නවා. අනික වතු අයිතිකාරයා හිටියොත් තමයි තමන්ගේ රසාව රැකෙන්නේ කියලා මුන් හිතන්න ඕනා. කුහක කමටයි ඉරිසියාවටයි වතු අයිතිකාරයට කෙලොලා හරියන්නේ නැහැ.
     
    උඹ හිතන විදිහට අනාගතේ වෙන්න තියෙන සේරම දැකල නීති හදල නෑ
    හදල තියෙන්නෙ බහුතරේට සාධාරණයක් වෙන විදිහට
    උඹ කියන අන්තෙන් වෙන්නෙ එක වතුකාරයෙක් සුර සැප විඳිද්දි තව සිය ගානකට යන එන මං නැති වෙන එක
    උඹම කියනව උන් කොලඹ රස්සාවට යනව කියල
    ආයෙ කියනව රස්සාව කරන්න වත්ත නැති වෙනව කියල
    ඉතිං ඒකනෙ කොලඹ රස්සාවට ගියෙ
    ඔය විසඳිලා තියෙන්නෙ ප්‍රශ්නෙ
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    උඹ හිතන විදිහට අනාගතේ වෙන්න තියෙන සේරම දැකල නීති හදල නෑ
    හදල තියෙන්නෙ බහුතරේට සාධාරණයක් වෙන විදිහට
    උඹ කියන අන්තෙන් වෙන්නෙ එක වතුකාරයෙක් සුර සැප විඳිද්දි තව සිය ගානකට යන එන මං නැති වෙන එක
    ඇයි බන් ඔහොම හිතන්නේ.. උබ හිතන්නේ ප්‍රාඩෝ මොන්ටෙරෝ එකේ ගියා කියලා වතු අයිතිකාරයෝනට හවසට ඔඩොක්කුවට සල්ලි වැටෙනවා කියලද? වත්තේ උන්ට දවසේ වැඩ කලාම පඩිය ගත්තා ගෙදර ගියා.. වතු අයිති උන් කොච්චර කට්ටක් රිසක් එකක් ගන්නවද බන්. තේ මාකට් එකට කෙලවිලා තියෙන්නේ, ඒ අස්සේ නායයනවා, නියග එනවා. මෙවලට අහු උනොත් ලොස්ට් එක මිලියන ගානක්. සමහර උන් ඉන්නවා ගෙවල් ඉඩම් ඔක්කොම නැති වෙලා පාරට වැටුන උන් වතු කරන්න ගිහින්. ඒ නිසා රැල්ලට කම්කරුවාගේ පැත්ත අරගෙන හෝයියා දාන්නේ නැතුව දෙපැත්තම බලපන්.
     
    කම්කරුවො
    පැනඩෝල් එකක් නැතුව ඔලුවෙ කැක්කුම පිටිං බුදියගන්නව
    ලෙඩක් හැදුන කියල ගෙදර ඉන්න විදිහක් නැතිවෙන වෙලාවල් තියෙනව
    සමහර වෙලාවට ගේ තෙමෙනව වැස්සට ඉන්නත් බෑ ටකරමක් ගන්නත් සල්ලි නෑ
    ඒවත් එක්ක සංසන්දනය කරල බලපං
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    උඹ හිතන විදිහට අනාගතේ වෙන්න තියෙන සේරම දැකල නීති හදල නෑ
    හදල තියෙන්නෙ බහුතරේට සාධාරණයක් වෙන විදිහට
    උඹ කියන අන්තෙන් වෙන්නෙ එක වතුකාරයෙක් සුර සැප විඳිද්දි තව සිය ගානකට යන එන මං නැති වෙන එක
    උඹම කියනව උන් කොලඹ රස්සාවට යනව කියල
    ආයෙ කියනව රස්සාව කරන්න වත්ත නැති වෙනව කියල
    ඉතිං ඒකනෙ කොලඹ රස්සාවට ගියෙ
    ඔය විසඳිලා තියෙන්නෙ ප්‍රශ්නෙ

    දැන් උබ කරන්නේ උබේ තාත්තා කරපු ජොබ් එකමද? නැහැ නේද? ඒ වගේ තමා. දැන් හැදෙන උන් වත්තේ වැඩ කරන්න කැමති නැහැ. උන් යනවා වෙන රස්සාවලට. එහෙම යන එක අවුලක් නැහැ. හැබැයි එහෙම යනවනම් වත්තේ ගේ දීලා යන්න ඕනේ ඊළගට රස්සාවට එන එකාට ඉන්න. උබ එකෙක් ගැන හිතනවා අනිකා ගැන හිතන්නේ නැහැ. වත්තෙන් එලියට යන එකා ගේ නොදුන්නම උබ කතා කරනවද වත්තේ වැඩට එන එකාට ගෙයක් නැති වෙන එක ගැන.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් උබ කරන්නේ උබේ තාත්තා කරපු ජොබ් එකමද? නැහැ නේද? ඒ වගේ තමා. දැන් හැදෙන උන් වත්තේ වැඩ කරන්න කැමති නැහැ. උන් යනවා වෙන රස්සාවලට. එහෙම යන එක අවුලක් නැහැ. හැබැයි එහෙම යනවනම් වත්තේ ගේ දීලා යන්න ඕනේ ඊළගට රස්සාවට එන එකාට ඉන්න. උබ එකෙක් ගැන හිතනවා අනිකා ගැන හිතන්නේ නැහැ. වත්තෙන් එලියට යන එකා ගේ නොදුන්නම උබ කතා කරනවද වත්තේ වැඩට එන එකාට ගෙයක් නැති වෙන එක ගැන.

    උඹ හිතන්නෙ පොඩි කාලෙ ඉඳන් වත්තක හැදුන ලමෙක් කොලඹ ගියා කියල ගෙයක් ඉඩමක් ගන්න පුලුවන් ආර්ථික මට්ටමකට එනව කියලද ?
    කොච්චර ප්‍රමාණයක් එහෙම යනවද ඉතුරු වෙනවද කියල කියපං බලන්න මුලින්ම
    අඩුම ගානෙ 50%ක්වත් එහෙම යනවද ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    නීතිය කඩන උන් වීරයෝ වෙති - Harvard_Bio, 2019

    :lol:

    ඉතින් කොහොමද නීතිගරුක දේශපාලකයො හැදෙන්නෙ
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    කම්කරුවො
    පැනඩෝල් එකක් නැතුව ඔලුවෙ කැක්කුම පිටිං බුදියගන්නව
    ලෙඩක් හැදුන කියල ගෙදර ඉන්න විදිහක් නැතිවෙන වෙලාවල් තියෙනව
    සමහර වෙලාවට ගේ තෙමෙනව වැස්සට ඉන්නත් බෑ ටකරමක් ගන්නත් සල්ලි නෑ
    ඒවත් එක්ක සංසන්දනය කරල බලපං
    උබත් මේ ආණ්ඩුව වගේ බන්. සජිතෙගේම ලොන්ත අදහස් තියෙන්නේ. උබ හිතන්නේ පෝසත් එකාට කෙලවලා දුප්පත් එකාට දුන්නම හරි කියලා. උබ හිතන්නේ නැහැ, රජයට බදු ගෙවන්නේ ඒ පෝසත් හම්බකරන එකා කියලා. උට කෙලෙව්වම ඌ රට දාලා යනවා මිසක් ආයේ වෙන දෙයක් වෙන්නේ නැහැ. මේ රටට වෙලා තියෙන්නේ ඕක. තම්බි නිකන් ඉඩම් ගන්නේ නැහැ. සිංහල/දෙමල උන්ට වතු දාලා යන ගානට ආණ්ඩු වද දුන්නා. ඒ නිසා තම තම්බි මැද්දට පැනලා වතු ටික ගත්තේ.. ඒ ගත්තේ තේ වවන්න නෙමෙයි.. උබලා මේ රටට ඔහොම අදහස් දීලා කරන්නේ ලොකු විනාසයක්. මම උනත් ලාබයක් ගන්න වතු කරනවා නෙමෙයි. පරම්පරා ඉඩම් නිසයි වත්ත කරන්නේ විකුනන්න බැරි නිසා. හෙන ගහනවා දෙමව්පියන්ගේ සොහොන්වලට මේවා කාබාසිනියා කලොත්. ඒ නිසා පාඩුවට අනිත් බිස්නස්වලින් එන සල්ලි දාලා හරි රන් කරනවා. එත් හැමෝටම එහෙම බැහැ. එහෙම කරන එකේ තේරුමකුත් නැහැ වත්තේ සෙන්ටිමෙන්ටල් වටිනාකමක් නැතිනම්. තෙඋම් ගන්න බලපන් ප්‍රශ්නක දෙපැත්ත.