ඇත්තටම උඹ වීරයෙක්
අහිංසකයාගේ මිනිය වළලන්න ඉඩ නොදුන් තිරිසනුන් අතර පාලිත තෙවරප්පෙරුම ඇත්තටම උඹ වීරයෙක්..!
මතුගම නෑබඩ තෙබුවන ප්‍රදේශයේ වතු යායක මුළු ජීවිත කාලයම වත්ත වෙනුවෙන් දහදිය හෙලමින් වතු නිවසක ජීවත් වූ හැත්තෑ හැවිරිදි ද්‍රවිඩ ජාතික පුද්ගලයකු මිය යෑමෙන් අනතුරුව එම වත්තේ පිහිටි සුසාන භූමියේ භූමිදාන කිරීමට එරෙහිව එම වතුයායේ අයිතිකරු තෙබුවන පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව තෙබුවන පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් දේහය සුසාන භූමියේ වළ දැමීමට එරෙහිව තහනම් නියෝගයක් ලබාගෙන තිබූ අතර තහනමට එරෙහිව මිනිය වළදැමුවහොත් මිනිසුන් අත් අඩංගුවට ගෙන හිරේ දමන බවට තර්ජන කර තිබිණ.
කර කියා ගත දෙයක් නොවූ මියගිය අයගේ ඥාතීන් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව එයට මැදිහත් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැමිණ අදාළ සුසාන භූමියේ දේහය තැන්පත් කිරීම් සඳහා වල කැපීමට ද සහභාගී වෙමින් මිනිසුන්ගේ බිය තුරන් කරමින් අසාධාරණයට එරෙහිව ක්‍රියා කෙළේය.
එම අවස්ථාවට පැමිණි තෙබුවන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තහනම් නියෝගය පිළිබඳ අමාත්‍යවරයාට දැනුම් දුන් නමුත් ඇමැතිවරයා විසින් ඊට දැඩි විරෝධය පළ කර මියගිය අයගේ දේහය අදාල සුසාන භූමිය වෙත රැගෙන ගොස් පොලිසියේ විරෝධතාවය නොතකා භූමිදාන කටයුතු සිදු කරන ලදී. පොලිසියෙන් පසුව තර්ජන පැමිණේවි යැයි බියෙන් ගම්වාසීන් මිනිය කර තබාගෙන ආවේ මුහුණු වසාගෙන හඳුනා ගැනීමට නොහැකි ලෙස වීම කණගාටුදායක දසුනක් විය.
සුසානභූමිය 1929 සිට පවත්වාගෙන ආ බවට එම ස්ථානයේ ඇති මෙම වතුයායේ මුල් අයිති අයිතිකරුගේ දේහය තැන්පත් කර ඇති සොහොන අනුව මෙය පැරණි සුසාන භූමියක් බව අදාළ වත්තේ පදිංචි කරුවෝ පවසති. මෙම සුසාන භූමියේ තවත් මළ සිරුරු තැන්පත් කර ඇති අයුරු දක්නට ලැබේ. නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා විසින් මෙම සුසාන භූමියේ භූමිදාන කරපු අයෙකුගේ මරණ සහතිකයක් ද මේ අවස්ථාවේදී පොලිසිය හමුවේ ඉදිරිපත් කරන ලදී. මියගිය අයගේ දේහය භූමිදාන කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පිටව ගිය අතර මේ පිළිබඳව මතුගම මහේස්ත්‍රාත් අධිකරණය දැනුවත් කිරීමෙන් පසුව අගෝස්තු මස 27 වන දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට දන්වා තිබේ.
මේ අහිංසක වතු දෙමළ මිනිසුන්ට සිංහල කනත්තක වළ දැමීමට ඉඩ නොදෙන බවත් තමන් නීතියට අනුව ක්‍රියා කළ නමුත් දෙන දඬුවමක් අසරණ මිනිසුන්ට නොව තමාට දෙන ලෙසත් පාලිත තෙවරප්පෙරුම ප්‍රකාශ කෙළේය.
අහිංසකයෙකුගේ මිනිය වළලන්න ඉඩ නොදුන් තිරිසනුන් අතර පාලිත තෙවරප්පෙරුම ඇත්තටම උඹ අපට වීරයෙකි..!
වීඩියෝව - ඉඳුනිල් කැළුම් ජයවීරගෙනි

අනික මළාම වලලන්නම ඕනමද.පිච්චුවා අළු ටික ගඟකට දැම්ම ඵච්චරයි.මොකද ඔය මිනිය වැලලුව කියල ඒ මිනිහට පණ ඵනවද..මිනියට ඔය තරම් අාදරේ නම් අළු ටික ගේ අැතුලේ තියාගන්න පුළුවන්..පාලිතය ඔතන පොර වෙන්න හදන්නේ ජන්ද පෙරේතකමට.මතකයිනෙ ඵක පාරක් බෙල්ලෙ වැල දාගන්න ගියා..අර රංජද කොහෙද මෙයාගෙ ගුරා..දැන් මෙයත් හොඳ නළුවෙක්.