අද පීසී එකේ අනවශ්ය ෆයිල් චෙක් කරද්දි මේ ඉමේජ් එකක් සෙට් උනා. වැඩේ පැත්තක තියල ඕක ගැන කල්පනා කරා. පොඩි රිසර්ච් පාරක් දැම්මා. ඊට පස්සෙ මම් ඕක ට්‍රේස් කරලා ඇන්දා ඉලස්ට්‍රටර් වල ඔබ්ජෙක්ට්ස් ගෲප් වෙන වෙන ලේයර්ස් වලට. ඊට පස්සෙ ලේයර්ස් හයිඩ් කර කර බැලුව මොකක්ද මේක කිඔයල. හිතා ගන්නම බෑ බන්. එක එක අයිඩියා ගොඩක් තියෙනවා නෙට් එකෙ. පුරාවිද්‍යා එකෙන් නම් කියන්නෙ මැප් එකක් කියල. ඒකත් පොඩ්ඩක් විතර සාධාරනයි. ඒ වගෙම අවුරුදු 6500ක් විතර පරණයි කියනවනෙ. කොහොම කාල නිරනය කලාද නම් දන්නෙ නෑ.වටේ ඉන්න මූදු ජීවියෝ නිසා තමයි මන් හිතන්නෙ ඒ අදහස වැඩියෙන්ම එන්න ඇත්තෙ මොකද ලන්කාවෙ මූදු කලාපෙ නැති සත්තුත් ඉන්නවනෙ.
මූදු ජීවීන් ඔක්කොම ෆිගර්ස් හරියටම 20ක් තියෙනවා. ෆිගර්ස් දෙකක් රිපීට් වෙලා තියෙනවා කැස්බෑවයි හක් ගෙඩියයි
ඊලගට හිතාගන්න බැරි ඔය සරුන්ගලයක් වගේ තියෙන අයිටම් එක. අනික් කිසි අයිටම් එකක් මොකක්ද කියල හරියට කියන්න බෑ මූදු ජීවීන් හැර.
මගේ ඔලුවට ආපු අදහස් මේව.
01. ලෝක සිතියමක් කියන එක. සේම් අදහස පුරාවිද්යා එකෙ වගෙ.
02. ලන්කාවෙ සිතියම කියන එක.
මැදම තියෙන රවුම් හත මද්‍යම කදුකරය කියල හිතුනා. වම් පැත්තෙ උඩ තියෙන එකත් ඒ වගේම පොට් එකක් ලන්කාවෙ ඒ හරියෙන් තියෙන සීගිරිය දෝ කියලත් හිතුනා.
03. හැබැයි ඔක්කොටම වඩා මෙකෙ තියෙන්නෙ චයිත්‍යක උඩින් පෙනුම වගේ. මැද කොත් කැරැල්ල හා කොත. මැද ගර්භය, වටේ පේසා වලලු නේද එකට කියන්නෙ.? ඒත් කාල නිර්නයත් එක්ක ඒක වෙන්නත් බෑ.
උබලගේ තියෙන අදහස් ටිකක් කියාගෙන යමන්. ආතල් නම් ගන්න එපා.