ඇත්තටම වාහන ගෙන්නයිද ? කලින් ආණ්ඩුකරපු අය වාහන ගෙන්නුවේ නැත්තේ ඩොලර් එලියට යන නිසානේ. දැන් අපේ රටට ටුවරිසම් වගේ දේවල්වලින් විදේශ විනිමය එන එක ඇත්ත. ඒත් අපි වාහනයක් ආනයනය කරද්දි රටෙන් ඩොලර් යනවා. ඩොලර් 20000$ක් වටින වාහනයක් ගෙන්නුවා කියලා අපි හිතමුකෝ. දැන් අපේ රටේන් ඩොලර් 20000$ක් එලියට යනවා. ඒ වාහනේ ගෙන්නුව කෙනා ලාබයක් තියාගෙන විකුණනවාට අමතරව රජයෙන් 300% ටැක්ස් ගහනවා. රජයෙන් කොච්චර ටැක්ස් ගැහුවත් ඒවා ලැබෙන්නේ රුපියල් විදියටනේ. මට තියන ප්‍රශ්නය තමයි මේ විදියට ඩොලර් එලියට යනවා. හැබැයි රජයට බදු විදියට එන්නෙ රුපියල් ආදායමක්. මේ විදියට දිගටම ගියොත් ඩොලර් අර්බුධයක් එන්නෙ නැද්ද? මේ ගැන දන්න කෙනෙක් පැහැදිලි කරපන්. මේක සීමාවක් ඇතුව කරන්න ඕනි දෙයක් නෙමෙයිද?