එහෙම වෙන්නෙ නෑ බන්. වාහන වලට වඩා ගෙන්නෙ කන බොන එවා. එහෙම කියලා ඩොලර් එක වැඩි උනා ද?
360ට පස්සෙ. ඩොලර් ලංකාවට රට ඉන්න උන් උන්ඩියල් කරලා ගෙන්න ගත්ත එක හින්දා තමා වැඩි වෙන්න ගත්තේ අනික් එක කාලයක් ප්‍රචාරය කරා ඩොලර් එවන්න එපා කියලා. දෑන් උන්ඩියල් කරලා සෙල්ලම් දාන්න බෑ.
වාහන ගෙනාවා කියලා හැම එකාම දුවන් ගිහින් වාහන ගන්නෙ නෑ. මේ වෙලාවේ Supply එක නැති හින්දා හැම එකාම Buy and Sell කරන්න අරන් ඉන්නෙ. එකක් ගත්ත එකා ලක්ශ 5ක්වත් තියාන දෙන්න බලන්නෙ. ඔකයි ඔය අඩු නොවෙන්න හෙතුව.
ගිය අවුරුදු වල බලපං පෙට්‍රල් පොලිම් තියන කොට බයික් එකක්වත් නැති උන් ගිහින් ශෙඩ් වල පෙට්‍රල් ගන්න බුලි තියාන් හිටියා. පෙට්‍රල් ලිටර් එක 2000ට 3000ට මිනිස්සු ගන්න කාලයක් තිබ්බා නේ. මින්ස්සු ගානක් කපා ගන්න පුලුවන් වෙද්දි easy money හොයන්න යනවා.
එතකොට 2000ට 3000ට කලු කඩෙන් ගත්ත පෙට්‍රල් දැන් ගන්නවා ද ඒ ගනන් දීල? එහෙම විකිනුවොත් නෑ නෙ?
අනික එහෙම බිස්නස් කරපු ත්‍රීවිල් කාරයො, රස්තියාදුකාරයො දැන් තමන්ගේ සාමාන්‍ය ජොබ් කරන්න පුරුදු වෙලා එවා අත් හැරලා ඉන්නෙ.
ඔය වගෙම තමා හැම දේම, අලුත් වාහන ගෙන්න ගත්තාම ඔය කෘතිම මිල කඩන් වැටෙනවා.
කිසිම වැඩක් නොකර වාහන Buy and Sell කරලා ගාන කපා ගත්ත උන් වෙන ජොබ් වලට යනවා.
අනික අලුත් වාහන ආවා කියලා ඔය හැම එකාම ගිහින් වාහන ගන්න යන්නෙ නෑ. වැඩිය වියදම් කරලා ගත්ත උන් ජිවිත කාලෙම පදිනවා පාඩුවට නොදි එහෙම උනොත් අලුත් එකක් ගන්න උවමනාවක් නෑ නේ. එතකොට දැන් වගේ ලොකු ඉල්ලුමක් නෑ වාහන වලට.
ඔනම දෙයක් වටිනාකම තියෙන්නෙ දුර්ලබ වෙද්දී විතරයි
ඇයි දන්නේ නෑ වාහන ගේනවා කියපු ගමන් ගොඩක් උන් ගෙනෙයි එතකොට ඩොලර් එක හඳේ , 660cc ඒවත් කෝටිය පනී ගගා කියන්නේ
ලංකාවේ වාහන ගේන්න අවරුද්දකට යන මුදලට වඩා වැඩි ඩොලර් ගානක් වියදම් වෙන වෙන දේවල් ඉම්පෝර්ට් කරලා තිනවලු මම කොහේ හරි දැක්කා චාර්ට් එක. එකේ වාහන තියෙන්නේ පහල.
අනිත් එක 2020 වාහන ආනයනය නවත්තුවට පස්සේ ටැක්ස් වෙනස් කලාද ? ගේන්නේ නැතුව ටැක්ස් වෙනස් කරන්නේ කොහොමද ?
ගොඩක් උන් කියන්නේ කලින් තිබ්බ ටැක්ස් එක දෙගුණ කරලා ලු.
කොහොම උනත් දැන් අව්රුදු 4 වාහන ගෙනාවේ නැතිව, ගේනවා කිව්වම වාහන තින උන්ටයි බයින් සෙලින් උන්ටයි සේල් කාරයන්ටයි ඉත්තාවෝ දුවන්න අරං හෑලි ලියනවා
සේල් කාරයෝ කමක් නෑ කියමු
වාහනයක් තින එක දන්නේ නැද්ද අඩු වෙන්නේ උගේ එක විතරක් නෙවි කියල. දැන් තින එක අඩුවට දීල අඩුවට අප්ග්‍රේඩ් වෙන්න පුළුවන් කියල උන් දන්නේ නැද්ද
මට පේන්නේ මුන් වාහනයක් තියං ඉන්නේ ඇසෙස්ට් එකක් විදිහට රත්තරං වගේ.