ඇත්තටම වාහන ගෙන්නයිද?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand

    ඇත්තටම වාහන ගෙන්නයිද ? කලින් ආණ්ඩුකරපු අය වාහන ගෙන්නුවේ නැත්තේ ඩොලර් එලියට යන නිසානේ. දැන් අපේ රටට ටුවරිසම් වගේ දේවල්වලින් විදේශ විනිමය එන එක ඇත්ත. ඒත් අපි වාහනයක් ආනයනය කරද්දි රටෙන් ඩොලර් යනවා. ඩොලර් 20000$ක් වටින වාහනයක් ගෙන්නුවා කියලා අපි හිතමුකෝ. දැන් අපේ රටේන් ඩොලර් 20000$ක් එලියට යනවා. ඒ වාහනේ ගෙන්නුව කෙනා ලාබයක් තියාගෙන විකුණනවාට අමතරව රජයෙන් 300% ටැක්ස් ගහනවා. රජයෙන් කොච්චර ටැක්ස් ගැහුවත් ඒවා ලැබෙන්නේ රුපියල් විදියටනේ. මට තියන ප්‍රශ්නය තමයි මේ විදියට ඩොලර් එලියට යනවා. හැබැයි රජයට බදු විදියට එන්නෙ රුපියල් ආදායමක්. මේ විදියට දිගටම ගියොත් ඩොලර් අර්බුධයක් එන්නෙ නැද්ද? මේ ගැන දන්න කෙනෙක් පැහැදිලි කරපන්. මේක සීමාවක් ඇතුව කරන්න ඕනි දෙයක් නෙමෙයිද?
     
    • Like
    Reactions: wissnshaftler

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    නෑ වාහන ගේන්නෝනෙ. සල්ලි තියෙන මිනිස්සුන්ට හොඳට පදින්න. ලක්ෂරි ගොඩක් ගන්නැති නිසා ලක්ෂරි ලිමිට් නැතුව ගේන්න ඕනෙ. නෝමල් වාහන ලිමිට් එකකට ගේන්නෝනෙ නැත්තං හැමෝම ගන්න දඟලනවා නිරපරාදෙ.
     
    • Like
    Reactions: wissnshaftler

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    වෙන්නෙ නැති දේවල් ගැන බලාපොරොත්තු තියාගන්න එපා
     
    • Like
    Reactions: wissnshaftler

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,174
    8,171
    113
    M-Town
    වෙන්නෙ නැති දේවල් ගැන බලාපොරොත්තු තියාගන්න එපා 001

    VAN / BUS witharai gennen
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    වාහන ගෙන්නන එකට අවසර දීලා වාහන ගන්නන එක අදයිර්යමත් කරනවා ටැක්ස් එක දෙතුන් ගුනෙකින් වැඩි කරලා. හරියට සිංගප්පුරුව වගේ.. 😎
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,362
    4,668
    113
    නොපෙනෙන මානයේ
    ඕක ආණ්ඩුව කරන වැඩක් නෙවෙයි බං. IMF කොන්දේසියක් සහ ජපානෙනුත් ඉල්ලීමක් කරල තිබ්බ.

    ආර්ථික වහගෙන ඉන්න මේව සමාජවාදී රටවල් නෙවෙයි නෙ.

    රනිල් ඕක පෙබරවාරි කරනව කියල දාල තිබ්බෙ. මුන්ටත් දැං ඒකම කරන්න වෙනව (හිච්චි රනිල නෙ)
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,358
    113
    ඉතිං දැන් තියෙන සංචිත ප්‍රමාණය තමයි 2020දි රට වැටෙන්න කලින් තිබ්බෙත්. ඒ ගානටම සංචිත හැදිල තියෙන්නෙ. හේතුව ණය වාරික ගෙවන්නෙ නැති නිසා, ණය ගෙවන්නෙ නැති නිසා සංචිත වල එකතු වෙන ප්‍රමාණය වැඩියි. අතීතයෙ ඉඳල හැදුන සංචිත ප්‍රමාණය අවුරුදු 2-3කදි හැදුන. මම කියන්නෙ මේ තියෙන තත්වෙ හැටියට වාහන ඉම්පෝට් කරාට කිසි අවුලක් නෑ. හැබැයි අර එකපාරට එන ඉල්ලුම අඩු කරන්න වෙනව, ඒ කියන්නෙ යම් ක්‍රමවේදයකට ගෙන්නන්න. නැත්නම් අර වක්කඩ කැඩුව වගේ ආවොත් අවුලක් වෙන්න පුලුවන්.