ඇත්තටම සඳකැන් හරිද?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    8,952
    14,980
    113
    Colombo
    video එකේ සෑහෙන්න වැරදි තැන් තියනව සහ අන්ත දෙකක් එකතු කරගෙන පටලවගෙන ඉන්න විදිහකුත් පේනව. මම කියන්නෙ නෑ මුතුගල හරිය සඳකැන් හරිය කියල. ඒත් අන්ත දෙකට යන්නෙ නැතුව මැද ඉඳන් දෙගොල්ලොම කියන දේ analize කරාම පොඩ්ඩක් අවුල් වගේ තේරෙනව.
    මගේ මතය. පල්ලෙහ ලියල තියන එකට යම්තාක් දුරට එකඟ වෙන්න පුලුවන්.


    පල්ලෙහ කෑල්ල fb එකෙන් ගත්තෙ. මගෙ නෙවෙයි.

    -title එක සඳකැත් කියල වෙනස් වෙන්නෝනෙ. corri.

    ~ සඳකැත් , බටහිර විද්‍යාව සහ ආගම ~
    සඳකැත්ගෙ විග්‍රහය අහපු මට යමක් ලියන්න හිත නොදුන්නෙ විනාඩි 20 ඇතුලත ඔහු කියන කරුණු ගොඩකට කෙටියෙන් පිළිතුරක් ලියන්න content එක වැඩි නිසා. නමුත් කෙටියෙන් උනත් පහත කරුණු ටික ගැන ලියන්න හිතුව

    🔸
    ආගම සහ ධර්මය
    ආගමික දර්ශණ දෙකක් ලෙස ඔහු රෝමානු කතෝලික ධර්මය සහ ථෙරවාද බෞද්ධ ධර්මය තෝරගන්නව. පළමු දෝෂය එතැන. ථෙරවාද බෞද්ධ දර්ශණය යනු ආගමික දර්ශණයක් නෙවෙයි. ථෙරවාද බෞද්ධ දර්ශණය ලෝකෙ දරන දෙයක් පෙන්වා දීමක් පමණයි. එහි මූලික පදනම ම, ආගමික ඇදහීම් වලින් වෙන් වන ආකාරය. ඒක ආගමික දර්ශණයක් කීවොත් ඊට ගොඩක් කලින් බටහිර විද්‍යාව ආගමික දර්ශණයක් වෙනව.

    🔸
    පරිණාමවාදය theory එකක් ද fact එකක් ද?
    පරිණාමවාදය theory එකක්. ඒක ඔප්පු වෙලා තියනව කියන කරුණ සම්පූර්ණයෙන් ම වැරදියි. මෙතනදි අපි ගන්න ඕනි "ඔප්පු වීම" කියන එකේ වචන අර්ථය මිසක scientific method එක ඇතුලෙ "ඔප්පු වීම(prove)" යනුවෙන් හදාගත්ත විග්‍රහය නෙවෙයි. කෙටියෙන් කීවොත් scientific method එකේ කල්පිතයක්(hypothesis) හරහා predictions කරනව. Experiment කරල එන ප්‍රථිඵලවලින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ prediction එක්ක ගැලපුණා නං , ඩෝං ගාල අර hypothesis එක theory එකක් කියනව. ඒකට එයාල ඒ සංස්කෘතිය ඇතුලෙ "prove" උනා කියනව. සැබෑ ලෝකෙ භාෂාවෙන් ඒක ඔප්පු වීමක් නෙවෙයි. මේක නොදන්න ගොඩක් අය හිතනව බටහිර විද්‍යාවෙ යමක් පිළිගන්නෙ ඔප්පු උනාම කියල. කිසි සේත්ම නෑ. බටහිර විද්‍යාත්මක ක්‍රමවේදය අනූව කිසිවක් ඔප්පු කළ නොහැකියි. කරන්නෙ prediction වලට experimental results ටිකක් match වීම.
    ඒකෙන් ඒ කාලෙ තියන හොඳම විග්‍රහය එලියට එනව ද? ඒත් නෑ.ඒ කියන්නෙ ඇස් පනාපිට පේන ගල් පැලෙන ගජබින්නයක් ලෙස හොඳටම දන්න එකක් පවා මේ යටතේ theory එකක් විදියට prove වෙන්න පුළුවන්. හොඳම උදාහරණය, නිවුටන් නියම අනූව ග්‍රහලෝක කැරකෙන්න අවශ්‍ය වෘත්තාකාර පථයක. නමුත් ඒව යන්නෙ ඉලිප්සීය මගක. (මේක පසුකාලීනව අවකාශ කාලයේ වක්‍රතාව කියන ක්‍රමවේදය හරහා ඇල්බට් අයින්ස්ටයින් විග්‍රහ කළා). ඒක කමක් නෑ කියමු. නමුත් නිවුටන් නියමයන් ලෝකෙ හොඳම පැහැදිළි කිරීම ලෙස ඔටුනු දරා සිටි සමයේත් ඉලිප්සීය මග ගැන දැනගෙන හිටිය. ඒ prediction එක match නොවුනට අනිත් ඒව match උන නිසා නිවුටන් ගේ නියම තුන ( හරියට කිව්වොත් නිවුටන් ගෙ පච 3) ඒ කාලෙ පිළිගත් මතය ලෙස පිළිගත්ත. අද භෞතික විද්‍යාවෙ තියන සියළු dominant තියරිවලත් තියෙන්නෙ ඔය සෙතේ ම තමයි. Theory of relativity , string theory වගේ ලෝකෙම හොල්ලං ඉන්න සේරම theory වලට match නොවන observation තියනව. ඒ කියන්නෙ ඒව පච බව කෙලින්ම "ඔප්පු" වෙලා තියනව. නමුත් කවදාවත් ඕව එකක් වත් ඇත්‍ත කියල නම් ඔප්පු වෙලා නෑ. ඔප්පු කරන්න අවශ්‍ය ප්‍රතිපාදන වත් scientific method එකේ දීල නෑ. සරලව කීවොත් බටහිර විද්‍යාව ඔප්පු කරල පිළිගන්න දෙයක් කියල , විද්‍යාත්මක ක්‍රමය දන්න අය කියනෙ නෑ.
    මේ භෞතික විද්‍යාව තමා බටහිර විද්‍යාත්මක ක්‍රමයේ මහා නෞකාව. ඔය පරිණාමය සම්බන්ධ සත්ව, ජීව, ෆොසිල විද්‍යා කියන්නෙ අර මහා නෞකාව පසුපස සෙල්ලම් කර කර එන ඩොල්ෆින් මාලු විතරයි. ඒව ගැන කියන්න වත් දෙයක් නෑ.

    🔸
    ඩාවින් "වාදය" කීවෙ නිහතමානී නිසා ද?
    නෑ. එහෙම කීවෙ scientific thinking එක එහෙම නිසා. එතන සඳකැත් හරි. පරිණාම වාදය කියන්නෙ ඔප්පු උන fact එකක් කියන සඳකැත්ට නැත්තෙත් ඒ scientific thinking එක. එතන දි "මුතුගල" මතුකරන point එක සඳකැත්ම පැනල ඔප්පු කිරීමක් තමා උනේ. මුතුගලගෙ ලොජික් එක බිඳගෙන සඳකැත්ගෙ ලොජික් එකත් බිඳ ගත්ත. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් කීවොත් නිවැරදියි.

    🔸
    ආගම විද්‍යාව කරත්ත සහ කාර්
    බටහිර විද්‍යාත්මක ක්‍රමය යටතේ අලුතෙන් අලුතෙන් තියරි( හොඳ හොඳ පච) සම්පාදනය ඉදිරි ගමනක් ලෙස හඳුන්වනව. ඒක හරි. එන්න එන්න ඒකෙන් කළ හැකි වැඩ ප්‍රමාණය ඉහල යනව. නමුත් එතන සඳකැත් වරදවාගන්න කරුණ තමා ආගමක සහ බටහිර විද්‍යාව කියන දෙකේ තියෙන්නෙ අරමුණු දෙකක්. ආගමක ඉපදෙන මැරෙන සත්වයාට පෞද්ගලික හිත සුව පිණිස වන ක්‍රමවේදයක් යෝජනා කිරීම. බටහිර විද්‍යාව කරන්නෙ දැනුම සොයා යාම සහ ලෞකික සැප හඹායාම ට ආධාරක සැපයීම. මේ සංරචක දෙකක්. හරියට සුසන්තිකා ජයසිංහයි ,සනත් ජයසූරියයි compare කළා වගේ.

    🔸
    ඩාවින් කිව්ව දේ සහ බුදුන් වහන්සේ කිව්ව දේ
    බුදුන් වහන්සේ කීව දේ කෙටියෙන් කීවොත් "චතුරාර්‍ය සත්‍ය". දුකක් හටගන්නේ තණ්හාව නිසා. තණ්හාව නැත්තන් දුකක් නෑ. මේක කුමන සංරචකයක් යටතේ වත් බොරු කියල තර්කානුකූලව කියන්න බෑ. අදටත් සත්‍ය බව ඕනෑම ප්‍රඤ්ඤාවන්ත අයෙක්ට හිතල බැලුවම තේරෙනව. ඩාවින් කියපු එක පිළිගන්න ඒ ඩාවින්ගෙ ජාතියෙම ශුවර් නැති තවත් theories(පච) ගණනාවක් හරහා එන සුරංගනා කතන්දර ගලපන්න වෙනව. එතකොට ඩාවින් කියල තාම 150 යි, බුදුන් වහන්සේ කියල 2500 යි කියන සාධකය වලංගු නෑ. අනිත් කරුණ තමයි, අතරමගදි වෙනස් උනත් මොකද ඇවිත් තියන එක ඇත්තක් නම්? අපිට මුල හොයන්න අවශ්‍යතාවක් ඇත්තෙම නෑ.

    🔸
    බයිබල් version 50 ක් තියනව ද?
    ඔව්. ඉතින්? එහෙනම් බටහිර විද්‍යාවේ dominant මතවාදයට පරිබාහිර වූ සෙසු alternative මතවාද 50ක් නෙවෙයි 50,000 කටත් වඩා ඇති. එක එකා කරපු mainstream නොවන එකිනෙකට පරස්පර විරෝධී දේවල් ඔප්පු කළ research papers ලක්ෂ ගානක් ඇති. බටහිර විද්‍යාව ආපු අවුරුදු 300-400 ඇතුලෙ ලක්ෂ ගානක් version එනව නම් බයිබලේ අවුරුදු 2000 ට version 50යි කියන්නෙ ඒක සාපේක්ෂව හොඳයිනෙ.

    🔸
    සමලිංගිකත්වය හා incest
    මේව ලෝකෙ බුද්ධ කාලෙටත් කලින් ඉඳන් තිබුණ බවට සාධක ඔහු ඉදිපත් කරනව. ඒක ඉදිරිපත් කරනකොට එක පාරට අවුරුදු 2000 පැරණි ශුවර් නෑ කියපු මූලාශ්‍ර සඳකැත්ට facts වෙලා. කමක් නෑ. නමුත් ලෝකෙ කිසිම කාලෙක කිසිම සංස්කෘතියක එය එකම ප්‍රධානම පිළිගත් සංස්කෘතික ක්‍රමවේදය වෙලා තිබිල නෑ. මෙච්චර ඊට නැඹුරුවීමක් තියන අද වත් ඒක mainstream එක නෙවෙයි. බුදුන් වහන්සේ කියනවාය කියන්නෙ මතු කාලෙක ඒක mainstream එක වෙන බව. මෙන්න මේ කරුණ සඳකැත් පටලවාගන්නව. ඊට පස්සෙ shape එකේ නොදැනෙන්න homophobia නම් අලුත් දෙයක් කියල මඩක් ගහනව. ඒකත් වැරදියි. Homophobia යනු දන්න අතීතයේ ඉඳන් ලෝකෙ mainstream එක.

    🔸
    පරමායුෂ සහ ආයු අපේක්ෂාව
    මිනිසුන්ගේ ටිකෙන් ටික අඩු වෙන්නෙ පරමායුෂ මිසක ආයු අපේක්ෂාව නෙවෙයි. මෙන්න ඊලඟ පටලවා ගැනීම. මොකද්ද ඔය දෙකේ වෙනස. ආයු අපේක්ෂාව කියන්නෙ සියලු මරණ වයස්වල එකතුව බෙදීම මරණ සංඛ්‍යාව. දල වශයෙන්. නමුත් පරමායුෂ කියන්නෙ යම් සමාජයක ඉහලම ආයුශ විදින 0.01% හෝ 0.001% ගෙන ඒ අතරින් රෝගාතුරවීම් අනතුරු යනාදියත් ඉවත් කොට සොභාවික මරණ වයස්වල සාමාන්‍ය අගය. මේ දෙක දෙකක්.

    🔸
    වයස 5 දි දරුවො හදන්න පුළුවන් ද?
    සඳකැත් ට අනූව දරුවො හදන්න පුළුවන් අවම වයස වසර 12. ෆුල් මොරාල් පිට බෑමයි කියනව ඊට යට. මේකත් නොදැනුවත් කමට කරන ප්‍රකාශයක්. 1933 ඉපදුන Lina Medina කියන කෙනා තමයි ලාබාලම අම්ම. එයාගෙ වයස අවුරුදු 5 යි මාස 7 යි. දරුව හදල ඉපදිලා බොහෝ කලක් ජීවත් වෙනව. මවටවත් දරුවට වත් ප්‍රශ්ණයක් වෙන්නෙත් නෑ. හැබැයි මේක ටික ටික පරමායුෂ වෙනස්වෙනකොට ශරීර වෙනස්වීම් වෙනව නම් මතු අනාගතේ මේක mainstream වෙන්නෙ නෑ කියල කියන්න සඳකැත්ට බෑ. එක google search එකෙන් එන ලාබාලම මව කවුද කියල හොයාගන්න හිතාගන්න බැරි සඳකැල්ට තව අවුරුදු දස දහස් සමහර විට ලක්ෂ ගානක් යද්දි මනුශ්‍යයාගේ සොභාවය කොහොම හිතන්න ද.

    🔸
    සඳකැත් ආගමකට අපහාස කළා ද?
    මට හිතෙන්නෙ සඳකැත් ආගමකට අපහාස කරනවට වඩා අපහාස කරල තියෙන්නෙ scientific community එකට. Scientific community එක කියන්නෙ ඔහොම baseless arguments වලට ඉඩක් ඇති තැනක් නෙවෙයි. Science කියන්නෙ හොඳ විශයක්. Tool එකක්. වේදයක්. ඒකෙන් අපිට ගොඩක් වැඩ කරගන්න පුළුවන්. හැබැයි ඒ science කියා දෙන්න ඕනි scientific method එකත් එක්ක. ඉස්කෝලෙ 4 වසරෙ ආරම්භක විද්‍යාව උගන්නල 12 වසරට එද්දි scientific method එක උගන්නල වැඩක් නෑ. මුලින්ම උගන්වන්න ඕනි scientific method එක. නැත්තන් 12 වසර වෙද්දි මේ බරහිර විද්‍යාව ආගමක් කරගත්ත සඳැකැත් කෙනෙක් හැදිල ඉවරයි. එතකොට විවෘත මනස ඒ බටහිර විද්‍යා ආගමික භක්තියෙන් අන්ධ වෙලා ඉවරයි.
    ~~~~~~~~

    අවසානයට
    මේ සඳකැත් ගැන විවේචනයක් නෙවෙයි. ඒ නිසා සඳකැත් දායක සභාව කුපිත වෙන්න අවශ්‍ය නෑ. මේ ඒ පිළිබඳව විචාරයක් පමණයි.
    ~~~~~~~~~~~
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    6,933
    9,282
    113
    මුතුගල හිතන් ඉන්නවා මෑන්ස් බුද්ධධර්මය කියනවා කියලා

    සඳකත හිතනවා මුතුගල කියන්නේ බුද්ධධර්මය කියලා

    මුතූ දායක සභාව හිතනවා මුතූ සුපිරි බණක් කිව්වා කියලා

    නිරා දායක සභාව හිතනවා සඳකත බහුජ්ජයන්ට දොඹෙන් යන්න දුන්නා කියලා

    හතර හිනා 😀
    සරලවම ඔච්චරයි...
    Copied from FB

    2000 න් පස්සේ ක්‍රිස්තියානි පවුලක ඉපදිච්ච පොඩි එකෙක් කියන ටෝක් එච්චර ගණන් ගන්න එපා බං..👍👍
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    8,952
    14,980
    113
    Colombo
    මුතුගල හිතන් ඉන්නවා මෑන්ස් බුද්ධධර්මය කියනවා කියලා

    සඳකත හිතනවා මුතුගල කියන්නේ බුද්ධධර්මය කියලා

    මුතූ දායක සභාව හිතනවා මුතූ සුපිරි බණක් කිව්වා කියලා

    නිරා දායක සභාව හිතනවා සඳකත බහුජ්ජයන්ට දොඹෙන් යන්න දුන්නා කියලා

    හතර හිනා 😀
    සරලවම ඔච්චරයි

    2000 න් පස්සේ ක්‍රිස්තියානි පවුලක ඉපදිච්ච පොඩි එකෙක් කියන ටෝක් එච්චර ගණන් ගන්න එපා බං..👍👍
    නෑ උගෙ point එක තේරෙනව. හැබැයි අදාල කරගෙන තියන කරුණු වල ගැටලුවක් තියනව.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    15,003
    24,072
    113
    Kandy
    මට තියෙන ප්‍රශ්නේ මම හොදට දැකපු දෙයක් සිංහල බෞද්ධයෝ ක්‍රිස්තියානි ආගමට පහර ගහන් නෑ.ඒත් ක්‍රිස්තියානි අය ගොඩක් ගම්පහ වගේ පැති වල අය සින්හල ක්‍රිස්තියානි අය බෞද්ධාගමට අපහාස කරන්න සිංහල කමට අපහාස කරන්න දත මැදගෙන ඉන්නේ. දෙමල අය වත් මුස්ලිම් අය වත් එහෙම නෑ සිංහල වෙලත් .සිංහලකම එක්ක බෞද්ධාගම එක්ක පුදුම තරහකින් ජීවත් වෙන්නෙ.ඇයි ඒ.
    සමහරු බුදු දහම ගැන කතා කලොත් බයියෙක් කියනවා.රාජපක්ශලා කොහෙද බෞද්ධ.උන් බෝන් එගේන් .ඥානා අක්කා සරන ගිය මැජික් බෝල අතේ තියාන රතුනූල් අතේ බැදන් ඉන්න තිරුපති යන මිථ්‍යා දෘෂ්ටිකයෝ.
     

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    ඉස්සෙල්ලම බලන්න ඕනෙ තර්ක කරන දෙන්නගෙ අධ්‍යාපන මට්ටම
    එහෙන් මෙහෙන් අරන් දමල ගැහුවට බෑ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    15,003
    24,072
    113
    Kandy
    ඉස්සෙල්ලම බලන්න ඕනෙ තර්ක කරන දෙන්නගෙ අධ්‍යාපන මට්ටම
    එහෙන් මෙහෙන් අරන් දමල ගැහුවට බෑ
    ශදකැම් ජ්පුර ආර්ට් ෆැකල්ට් එකේ ඉන්ංග්‍රිසි සාඅහිත්‍ය කරපු ආටෙක්.ඩයිනෝසර්ලා ගැන තියෙන නවකතා වලින් ලෝකේ දකින කෙනෙක්
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,369
    113
    මටනම් උගේ මාස් අයිඩියා එක හරි කියලා තමයි හිතෙන්නේ... උබ ඔය දාලා තියෙන හෑල්ලේ තියෙන්නේ ඌ කිව්ව මයික්‍රෝ පොඉන්ට් අරන් .... එක නිකන් හද පෙන්නුවම ඇගිල්ලේ නිය පොත්තේ කුණු කිව්වා වගේ බන්... මම කිව්වේ උබට නෙමේ කොමෙන්ට් එක කොටපු එකාට...උබ fb එකෙන් ගත්තා කිව්වා මම දැක්ක... උදා: කොමෙන්ට් එකේ තියෙන සම ලිංගික උදා හරනයම ගනින්කෝ..


    ගොඩක් බවුද්දයෝ 95% විතර බහිරවයාගේ ජොබ් එක කරන්නේ බන්... එකයි ඕවගේ එව්වට ටිපර් වෙන්නේ...
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    8,952
    14,980
    113
    Colombo
    මටනම් උගේ මාස් අයිඩියා එක හරි කියලා තමයි හිතෙන්නේ... උබ ඔය දාලා තියෙන හෑල්ලේ තියෙන්නේ ඌ කිව්ව මයික්‍රෝ පොඉන්ට් අරන් .... එක නිකන් හද පෙන්නුවම ඇගිල්ලේ නිය පොත්තේ කුණු කිව්වා වගේ බන්... මම කිව්වේ උබට නෙමේ කොමෙන්ට් එක කොටපු එකාට...උබ fb එකෙන් ගත්තා කිව්වා මම දැක්ක... උදා: කොමෙන්ට් එකේ තියෙන සම ලිංගික උදා හරනයම ගනින්කෝ..


    ගොඩක් බවුද්දයෝ 95% විතර බහිරවයාගේ ජොබ් එක කරන්නේ බන්... එකයි ඕවගේ එව්වට ටිපර් වෙන්නේ...
    ඔව් ඒක තමා කිව්වෙ point එක අවුලක් නෑ කියල. හැබැයි අරන් තියන කරුණු සෑහෙන අවුල්. ඒකයි කියන්නෙ.
     
    • Like
    Reactions: Gunther

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    42,204
    85,382
    113
    🔸

    " ඩාවින් කිව්ව දේ සහ බුදුන් වහන්සේ කිව්ව දේ"


    මේකෙ නන් පොර කියන එක වරදවා වටහාගැනීමක්. ඌ කියන්නෙ ඌ බුදු හාමුදුරුවො දේශනා කරා කියන එකට වඩා ඩාවින් කිව්වා කියන එක හරි කියල පිලිගන්නව කියල.
    ඒකට එයා ගේන තර්කෙ තමා කටපාඩමින් එනකොට මොනව හරි මිස් වෙන්න පුලුවන් කියන එක.
    එතන එයා කියන්නෙ නෑ බුදුහාමුදුරුවො කිව්ව දේ වැරදියි කියල.

    ඔකට වඩාත්ම ගැලපෙන උත්තරේ තිබ්බෙ තමලුගෙ


    3. මුඛ පරම්පරාගතව හා ලේඛන හරහා ධර්මය ගෙන යෑම සඳහාත් දෝෂ නිරාකරණය සඳහාත් බොහෝ ම විධිමත් ක්‍රමයක් තිබුණා..
    ඔහොම නම් සන්නිවේදන කම්බි අතරට කොච්චර විද්‍යුත් චුම්භක බලපෑම් එළියෙන් ඇවිත් මිශ්‍ර වෙනවා ද? ඔහොම හිතුවොත් කිසි ම විද්‍යුත් සන්නිවේදනයක් කරන්න බැහැ.. ඒත් ප්‍රශ්නයක් නැතුව සන්නිවේදනය සිද්ධ වෙනවා.. ඒ වැරදි අල්ල ගන්න, නිවැරදි කරන්න විධික්‍රම තියෙනවා..
    ඔය හා සමාන විදිහට replicaton, parity වගේ සංකල්පවලට සමාන සංකල්ප සමූහයක් තිබ්බා.. මේ ක්‍රම අනුව තමයි පවත්වාගෙන ආවේ.. වේද ග්‍රන්ථ පවත්වාගෙන ආවෙත් ඔහොම ක්‍රම වර්ධනය කරමින්.. බොහොම සංකීර්ණ ව්‍යාකරණ සම්ප්‍රදායයන් තිබ්බා මේවා එහෙම නියතව පවත්වාගන්න..
    අනික පැරණි සෙල්ලිපිවල පවා ථෙරවාද සූත්‍ර උපුටාගැනීම් එහෙම්මම තියෙනවා මේවා සැසඳෙනවා..

    -- https://www.facebook.com/ThamaluMaliththa--
     

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    මට තියෙන ප්‍රශ්නේ මම හොදට දැකපු දෙයක් සිංහල බෞද්ධයෝ ක්‍රිස්තියානි ආගමට පහර ගහන් නෑ.ඒත් ක්‍රිස්තියානි අය ගොඩක් ගම්පහ වගේ පැති වල අය සින්හල ක්‍රිස්තියානි අය බෞද්ධාගමට අපහාස කරන්න සිංහල කමට අපහාස කරන්න දත මැදගෙන ඉන්නේ. දෙමල අය වත් මුස්ලිම් අය වත් එහෙම නෑ සිංහල වෙලත් .සිංහලකම එක්ක බෞද්ධාගම එක්ක පුදුම තරහකින් ජීවත් වෙන්නෙ.ඇයි ඒ.
    සමහරු බුදු දහම ගැන කතා කලොත් බයියෙක් කියනවා.රාජපක්ශලා කොහෙද බෞද්ධ.උන් බෝන් එගේන් .ඥානා අක්කා සරන ගිය මැජික් බෝල අතේ තියාන රතුනූල් අතේ බැදන් ඉන්න තිරුපති යන මිථ්‍යා දෘෂ්ටිකයෝ.
    ඒක ඇවිල්ල තියෙන්නෙ පරංගි ගොඩ බැහැපු කාලෙම
    ඒ කාලේ ඔය ගම්පහ කිව්වට මීගමුව ජා-ඇල පැත්තෙ මාලු මරන අය ඉදල තියෙන්නෙ. ඒ අයට කිසිම ගරුසරුවක් තිබිල නෑ සිංහල බෞද්ධ අයගෙ. මොකද ප්‍රාණ ගාතය හින්ද
    ඒ හේතුව හින්ද එයාල කොන් කරල වගේ තිබිල තියෙන්නෙ. ඒ අයගෙ හිතේ වෛරය කැකෑරෙන්න ගත්තෙ ඒ කාලෙම. පස්සෙ පිටරටවල උන් ආවාම උන් ලේසියෙන්ම මේ අයව අල්ලගත්ත. බුද්ධාගමට කෙලින්නම බලාගෙන උන්ගෙ ආගමට හැරුන. උන් එක්කම එකතු වෙලා සිංහලයන්ට කෙලින්න ආධාර උපකාර කරා.
    දැන් ඔය ඉන්නෙ ඒ පරණ අයගෙම අළුත් පරම්පරාව. උන්ට සිංහල බෞද්ධ කිව්වම නයාට අඳුකොල වගේ. ඒකයි ගමේ සිංහල බෞද්ධයා එක්ක ඔච්චර වෛරෙකින් ඉන්නෙ. අනිත් එක ඕනේම රැල්ලක් පස්සේ යන සෙට් එකක් එදා ඉදල ලංකාවේ හිටියනෙ. ඒ කාලේ සූර්යග්‍රහනයක් වෙද්දි සුදු වෙන්න කියල රැල්ලට වදකහ බීපු අයගෙ පරම්පරාවක් අදටත් තියෙනව. රැලි වලට නොයා තමුන්ගෙ කොන්ද කෙලින් තියාගෙන ඉන්න බැරි අය රැල්ලට යනව බෞද්ධ විරෝධී නිරාගමික වෙන්න. අපේ රටේ රැලි හරි ජනප්‍රියයි. ආවා ගියා.
    රාජපක්සලට එදා ඉදන්ම තිබ්බෙ සිංංහල බෞද්ධ චන්ද. එදා ගෝඨාබය දිවුරුම් දෙද්දි මං දිනුවෙ සිංහල බෞද්ධ ජන්ද වලින් කිව්වාම ගොඩක් අයට ඕකට රිදුන. ඒකට කාදිනලුත් අයත්. ඒ රිදිල්ලට තමයි ප්ලෑන් කරලම ලස්සන ගේමක් දුන්නෙ. අරගලය කියල නමකුත් දාගෙන ආපු සෙල්ලම පන්නලම තමයි කෙලවර උනේ. ඒකට ප්‍රස්න වලින් හෙම්බත් වෙලා හිටපු සිංහලයන්ගෙ සහයෝගය හොදටම හම්බුනා.

    ශදකැම් ජ්පුර ආර්ට් ෆැකල්ට් එකේ ඉන්ංග්‍රිසි සාඅහිත්‍ය කරපු ආටෙක්.ඩයිනෝසර්ලා ගැන තියෙන නවකතා වලින් ලෝකේ දකින කෙනෙක්
    එහෙනං තර්කයක් නෑනෙ මචන්. මොනව උනත් මුතුගල කියන්නෙ ඊටවඩා Science ගැනම ඉගන ගත්ත එකෙක්නෙ
    ------ Post added on Dec 13, 2022 at 12:02 PM
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    8,952
    14,980
    113
    Colombo
    🔸

    " ඩාවින් කිව්ව දේ සහ බුදුන් වහන්සේ කිව්ව දේ"


    මේකෙ නන් පොර කියන එක වරදවා වටහාගැනීමක්. ඌ කියන්නෙ ඌ බුදු හාමුදුරුවො දේශනා කරා කියන එකට වඩා ඩාවින් කිව්වා කියන එක හරි කියල පිලිගන්නව කියල.
    ඒකට එයා ගේන තර්කෙ තමා කටපාඩමින් එනකොට මොනව හරි මිස් වෙන්න පුලුවන් කියන එක.
    එතන එයා කියන්නෙ නෑ බුදුහාමුදුරුවො කිව්ව දේ වැරදියි කියල.

    ඔකට වඩාත්ම ගැලපෙන උත්තරේ තිබ්බෙ තමලුගෙ




    -- https://www.facebook.com/ThamaluMaliththa--
    ඕකට සඳකැත් ගේන තර්කය ඒ තිරිපිටකය ලිව්ව මිනිස්සුත් මිනිස්සු නේද වැරදෙ වෙන්නම බැරිද කියන එක. ඒක්ට එකඟ වෙන්න පුලුවන්නෙ. ඒ අනුව අකුරක් නෑර තම අතෙන්ම ලියපු ලියවිල්ලක නිරවද්‍යතාවය 100% කියල ගන්න පුලුවන්.
    digital media එකක් වෙනස් උනොත් ඒකෙ hash එක චෙක් කරල වෙනස් product එකක් කියල කියන්න පුලුවන් උනාට මුඛ පරම්පරාවෙන් ආව දේවල් ගැන සැකයක් තියනවනෙ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    42,204
    85,382
    113
    ඕකට සඳකැත් ගේන තර්කය ඒ තිරිපිටකය ලිව්ව මිනිස්සුත් මිනිස්සු නේද වැරදෙ වෙන්නම බැරිද කියන එක. ඒක්ට එකඟ වෙන්න පුලුවන්නෙ. ඒ අනුව අකුරක් නෑර තම අතෙන්ම ලියපු ලියවිල්ලක නිරවද්‍යතාවය 100% කියල ගන්න පුලුවන්.
    digital media එකක් වෙනස් උනොත් ඒකෙ hash එක චෙක් කරල වෙනස් product එකක් කියල කියන්න පුලුවන් උනාට මුඛ පරම්පරාවෙන් ආව දේවල් ගැන සැකයක් තියනවනෙ.
    තමලු කියල තියෙන සීන් එක දකින කන් මාත් හිතුවෙ එහෙම තමා ඒත් මුඛ පරම්පරාවත් නිවරදිව තියාගන්න පුලුවන් ක්‍රම එයා කියන ව්දියට තියෙන්නෙ පුලුවන්.