ඇත්ත කතා කරමු.

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
රෙප් කැපෙනවා, එළකිරියේ කොන් වෙනවා, ලේබල් වදිනවා වගේ කතා නිසා ගොඩක් අය මේක කතා නොකලට හිතේ තියන දෙයක්. මම මේක කලිනුත් කතා කළා. මාතෘකාව වගේම, මේකත් අම්මට බැනුම් අහන වැඩක්. කමක් නැ කවුරුහරි මේක කතා කරන්න ඕනා.

සිද්දිය තමා ලංකාවේ ආගම්. ලංකාව වාණිජව දුප්පත් වෙන්න අංක එකට බලපාපු කාරණේ මම දකින හැටියට බුද්දාගම. බුද්දාගම කිව්වහම කොටස් දෙකක් ලෝකේ අපිට දකින්න පුළුවන්. ඒ මහායාන දර්මය සහා ථෙරවාද දර්මය.

මහායාන දර්මය
අර මාර්ක් සකර්බර්ග්ගේ වයිෆ් අදහන දර්මය එයා වදින බුදුපිලිමේ. ඒක තම චිනේ ජපානේ ෆලෝ කරන එක.. ලෞකික සැප ප්‍රතික්ෂේප නොකරන දර්මය. මේක සාර්ථකයි යම්තාක් දුරකට ලෝකේ. මිනිස්සුන්ගේ සිතුවිලි, චින්තන උද්දීපනය කරන්න මේ දර්මය අනුබල දෙනවා. මොකද ලෞකික සැප සහා අද්යාත්මික ගුණවගාව බැලන්ස් වෙන නිසා. එකයි ලෝකේ සාර්ථක බිස්නස් පොරවල්, මේකට ඇදිලා යන්නේ.

ථෙරවාද දර්මය
හුදෙක්ම දර්මාශෝකගේ කොන්ත්‍රාත් එකකට මිහිදු හාමුදුරුවෝ ලංකාවේ ප්‍රචලිත කරන්න තියාගත්ත එක. බුදුන් වහන්සේ තුන් වරක් වැඩලත් ලංකාවේ ඔරිජිනල් බුද්ද දර්මය ග්‍රහණය නොවුනට, තිස්සව හාවා කරලා මිහිදු හාමුදුරුවෝ ලංකාවේ එක රැයින් බුදිස්ට්ලා මවපු දර්මේ. ලංකාවේ මිනිස්සුන්ගේ චින්තනය, ගොඩනැගීම, ආකල්ප සේරම නොදැකපු නිවනකට තල්ලු කරලා, ලංකාව ටෙම්පරි පොට් එකක්,මේකට වැඩ කරන්න එපා, නිවනට වැඩ කරපියව් කියල උගන්නන්න ගත්තට පස්සේ මිනිස්සු ආයේ රටට වැඩක් කරන්නේ නැ.. බලපන් එදා මෙදා තුර සිංහලුන්ට වෙච්ච දේ. ඒ ඉංජිනේරු ශිල්ප දැන් කෝ? ඒවා දියුණු උනාද, පරම්පරාවෙන් ආපු කමට මිහිදු හාමුදුරුවන්ගෙන් පස්සේ ටික කාලයක් තිබ්බා. ඒ කාලේ තමා හදන වැව්, දාගැබ් ටික හැදුනේ. දැන් බලපන් කොලබ බිල්ඩින් ප්‍රොජෙක්ට් කරන්නේ ටාටා හවුසින් එකෙන්. මිහිදුගේ දර්මේ රිජෙක්ට් කරපු උන් ගොඩ ගිය එක එතැනින්ම පේනවනේ.

අද සිංහල කඩේක ගිහින් බඩුවක් ගන්න අහපන්. එක නැ, ඉවර වෙලා, කොළබත් බඩු නැ , ආණ්ඩුව බදු ගහලා, මාකට් ලොස්ට්.. එක විකාරයි. තිලකවර්දන වගේ ඒවා උනත් නැගලා ආවේ අන්තිමට මිනිස්සුන්ට තේරුණා නිසා මුස්ලිම් උන් කෙලවනවා කියලා. නැතිනම් තාමත් මෙලොවට ඕන නැ, අල්පේච්ච ජිවිත තමා හොද වගේ ටෝක් දිදී එලොවට පින් රැස්කරන ලොන්ත යක්කු ටිකක් මේකේ හිටියේ, ඉන්නේ. අර ඊයේ ත්රෙඅඩ් එකක් දාලා අහපුවහම ආයේ ඉපදෙන්න ආසා මොන රටේද කියලා බලහන් උත්තර. මිහිදුගේ දර්මේ සාර්ථක නම් එහෙම කියයිද?
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
අද හවස අම්මට බේත් ගන්න යන්න ලෑස්ති වෙයන්. අනිවාර්යෙන් ඒ මනුස්සයට ෂුගර් හරි වැඩි වෙනවා බලහන්කො..

:rofl::rofl::rofl::rofl::rofl:
 
  • Like
Reactions: akwp

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ඒක මචං බුද්ධාගමේ වරද නෙවෙයි.... බුද්ධාගම හොඳ ආර්ථික තියරියක් උගන්ලා තියෙනවා... සල්ලි හම්බකරන විදිය, ඉතිරි කරන විදිය, පරිභෝජනය කරන විදිය, ඉන්වෙස්ට් කරන විදිය ගැන ගැඹුරින් කතා කරල තියෙනවා... මී කුණක් විකුණල සිටුවරයෙක් වුණු කතාවක් මහ ඉහලින් බුද්ධාගමේ කතා කරන දෙයක්... මේක පරෙස්සමට ගලපගන්න ඕන දෙයක්... අපි ජාතියක් විදියට දෙයක් අල්ල ගන්නේ වැරදි තැනින්.. අපි බුද්ධාගම උනත් අල්ලගත්තේ වැරදි තැනකින්... ඒක බුද්ධාගමේ වරදක් නෙවෙයි අපේ වරද..... (දැන් කියන්න එපා පල්ලියේ මක්කමේ කෝවිලේ කොන්ත‍්‍රාත් එක ඉෂ්ට කරන්න ආව කියල... :P වැදගත් සාකච්චාවකට වරෙල්ලා... හැබැයි අන්ධ භක්තිකයෝ, පටු ආකල්ප දරන එවුන් එක්ක නෙවෙයි....:yes:)
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    HG

    :yes::yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    මට ඕකෙ ප්‍රධාන වැරදි දෙකක් පේනවා...එකක් චීනෙ බුදුදහම ප්‍රැක්ටිස් කරනවා කියන එක. චීනෙ බහුතරයක් මිනිස්සු කිසිම ආගමක් ප්‍රක්ටිස් කරන්නෙ නෑ. දෙවනි එක ලන්කාවෙ බෞද්දා මිකයෝ සුලු පිරිසක් ඇරෙන්න බුද්දාගම අදහන බහුතරය බුද්දාගමට කිසිම ප්‍රයෝරිටි එකක් දෙන්නෙ නෑ. උන්ට නිවන ගැන ගානක් වත් නෑ. නිවන් දකින්න කැමතිත් නෑ. මම නමට හරි බෞද්දයෙක් නිසා මේවා දන්නවා. මම දකින විදිහට බුද්දාගම හා සන්වර්දනය අතර ලොකු සම්බන්දයක් නෑ.. තායිලන්තෙ අපිටත් වඩා තෙරවාද බුද්දාගම අදහනවා..වගේම ප්‍රැක්ටිස් කරනවා.
     
    අපෝ නෑ... එහෙම කියන්න එපා... අපේ අතිශය බහුතරය නිවන ඒකායන අරමුණ කරගෙන ජීවත් වෙන්නේ... අන්තිමට මරණ දැන්වීමට පවා නිවන් අත්වේවායි කියල ගහන්නේ ඒ නිසයි... ඕක හරි විදියට කියනවා නම් නිවන් යනව කියල හිතාගෙන කරන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්.... කෙටියෙන්ම කියනවා නම් එලොවටත් නැති මෙලොවටත් නැති රටටත් නැති ඉබාගාතේ යාමක්....
     
    • Like
    Reactions: Sara531

    මාත් කියන්නේ ඕක තමයි. බලපන් පෝයට යන බන කතා ටීවී එකේ. ගහන්නේම ගමේ සල්ලිකාර බිස්නස්කාරයට. උගේ බිස්නස් එක හොර මගඩියක් දුප්පත් වෙයන් කියලා තමා ඉවර කරන්නේ. බණකට පලයන්කෝ, පටන් ගන්නෙම ගමේ සල්ලි තියන දායකයට ගහලා. මේ ලොන්ත වදෙන් වෙන්නේ මිනිස්සු කම්මැලි වෙනවා, ඔහේ කාලා බිලා ඉන්නවා, දියුණු වෙන්න, අලුත් දේවල් කරන්න පෙලබෙන්නෙත් නැ, ඇයි වැඩක් නැනේ. ගෝල් එකට දීලා තියෙන්නේ නිවනනේ.. ඉතින් එකට තමා ටාගට් කරන්නේ. මේ ඉගැන්වීම් වෙනස් කරනකන් ගොඩ යාමක් නැ.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මට ඕකෙ ප්‍රධාන වැරදි දෙකක් පේනවා...එකක් චීනෙ බුදුදහම ප්‍රැක්ටිස් කරනවා කියන එක. චීනෙ බහුතරයක් මිනිස්සු කිසිම ආගමක් ප්‍රක්ටිස් කරන්නෙ නෑ. දෙවනි එක ලන්කාවෙ බෞද්දා මිකයෝ සුලු පිරිසක් ඇරෙන්න බුද්දාගම අදහන බහුතරය බුද්දාගමට කිසිම ප්‍රයෝරිටි එකක් දෙන්නෙ නෑ. උන්ට නිවන ගැන ගානක් වත් නෑ. නිවන් දකින්න කැමතිත් නෑ. මම නමට හරි බෞද්දයෙක් නිසා මේවා දන්නවා. මම දකින විදිහට බුද්දාගම හා සන්වර්දනය අතර ලොකු සම්බන්දයක් නෑ.. තායිලන්තෙ අපිටත් වඩා තෙරවාද බුද්දාගම අදහනවා..වගේම ප්‍රැක්ටිස් කරනවා.

    :sorry:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    අපෝ නෑ... එහෙම කියන්න එපා... අපේ අතිශය බහුතරය නිවන ඒකායන අරමුණ කරගෙන ජීවත් වෙන්නේ... අන්තිමට මරණ දැන්වීමට පවා නිවන් අත්වේවායි කියල ගහන්නේ ඒ නිසයි... ඕක හරි විදියට කියනවා නම් නිවන් යනව කියල හිතාගෙන කරන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්.... කෙටියෙන්ම කියනවා නම් එලොවටත් නැති මෙලොවටත් නැති රටටත් නැති ඉබාගාතේ යාමක්....

    මට හිතෙන විදිහට නම් බහුතරයකට ඕනෙ ලබන ආත්මෙ දිව්‍ය ලෝකෙ යන්න. නිවනට තියන්නෙ.. ඊට ගොඩාක් අඩු ප්‍රයෝරිටි එකක්.. ඒකනෙ අපේ හාමුදුරුවන්ට උනත් වැන්දහම කියන්නෙ.. සියලු දිව්‍යවය සැප සම්පත් කෙලවර අමා මහ නිවන් සැප ලැබේවා කියලා.;)
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මට ඕකෙ ප්‍රධාන වැරදි දෙකක් පේනවා...එකක් චීනෙ බුදුදහම ප්‍රැක්ටිස් කරනවා කියන එක. චීනෙ බහුතරයක් මිනිස්සු කිසිම ආගමක් ප්‍රක්ටිස් කරන්නෙ නෑ. දෙවනි එක ලන්කාවෙ බෞද්දා මිකයෝ සුලු පිරිසක් ඇරෙන්න බුද්දාගම අදහන බහුතරය බුද්දාගමට කිසිම ප්‍රයෝරිටි එකක් දෙන්නෙ නෑ. උන්ට නිවන ගැන ගානක් වත් නෑ. නිවන් දකින්න කැමතිත් නෑ. මම නමට හරි බෞද්දයෙක් නිසා මේවා දන්නවා. මම දකින විදිහට බුද්දාගම හා සන්වර්දනය අතර ලොකු සම්බන්දයක් නෑ.. තායිලන්තෙ අපිටත් වඩා තෙරවාද බුද්දාගම අදහනවා..වගේම ප්‍රැක්ටිස් කරනවා.

    නැ මචන්. ඕකට හොද උදාහරණයක් කියන්නම්. චිනේ මෙට්‍රෝ එරියාවල ඉන්නවා අවුරුදු 20-22එන්ට්‍රපිනුවර් උන්, ෆෙරාරි ලම්බෝ මසරාටි පදින. උන්ගේ වැඩට ඉන්නේ හද්දා පිටිසර ගම්වලින් ආපු, පුෂ් බයිසිකලයක් වත් නැති උන්. ඔය පිටිසර් උන්ගෙන් ඇහුවොත් බොසාගේ මසරාටිය ගැන උන් කියන්නේ හයිලි අප්රිශියෙට් කරලා. ලංකාවේ දම්මික බෙන්ට්ලිය ගෙනාවම ලංකාවේ උන්ගේ මතේ උනේ, දම්මිකයා පව්කාරයෙක්, උට තිබ්බා ප්‍රිමියෝ එකේ ගිහින් ඒ සල්ලිවලින් ඉස්කෝල හදන්න වගේ ජෝක්. ඉතින් බලපන් බුදු දහම ෆලෝ කරන ආයත දෙකක උන්ගේ මොළ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    මම දකින් ප‍්‍රධානම දේ තමයි අද බෞද්ධයාට නිසි මග පෙන්වීමක් නෑ... නිසි නායකත්වයක් නෑ.... බුද්ධාගම ගැන තීරණය කරන මහා නායකවරුන් හැම දෙනාම වයෝවෘද්ධ අකි‍්‍රය අය... ඒ අයට නූතන සමාජ ක‍්‍රමය හා නූතන බෞද්ධයා ගැන නිසි අවබෝධයක් නෑ.... උන්වහන්සේලා ජීවත් වෙනවා කියල දැනගන්න පුලූවන් වෙන්නේ කවුරු හරි මජර දේශපාලූවෙක් කිසියම් වාසියක් ගන්න උන්වහන්සේලා ලගට කැමරා අරගෙන ගිහිල්ල පළතුරු වට්ටියක් දුන්නොත් විතරයි... නැත්තං අපවත් වුණාම විතරයි.... ඉතිං බෞද්ධයාට මොකද වෙන්නේ.... මම නම් කියන්නේ මෙච්චරවත් බුද්ධාගම රැකිල තියෙන්නේ ගිහියා නිසා... මොකද උන් තවමත් බුද්ධාගමට ආදරෙයි....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    උබ කියන විදිහට සිංහළු සේරම දැන් නිවන් දැකලා ඇතිනේ? අඩුම ගානේ සෝවාන් වෙලාවත්. එහෙමත් නෑනේ. බුදු දහම ෆලෝව් කරා නම් ඒ පැත්තෙන් වත් දියුනුවක් තියෙන්න එපැයි. එහෙමත් නෑනේ. මේක මේ දෙයක් කරගැනීමෙ නොහැකියාවක්නෙ තියෙන්නෙ. මම නම් කියන්නෙ සිංහළු කම්මැලියි. දෙයක් නොකර ඉන්න හේතුවක් විදිහට තමයි සමහරවිට බුදු දහමේ අල්පේඡ්ඡ කතා ඉස්සරහට දාගෙන ඉන්නෙ. බුදු දහම හැමෝටම එක විදිහකට අදාල කරගන්න එපා. පැවිද්දන්ව කෙලින්ම නිවනට යොමු කරවන්නත්, ගිහියන්ව ආර්ථික දියුනුවත් අධ්‍යාත්මික දියුනුවත් ලඟා කරගන්නත් බොහොම පැහැදිලිව විස්තර කරලා තියෙනවා.

    නටන්න බැරි වෙච්ච උන් පොලවෙ ඇද පෙන්නන එක බලන් ඉඳලා, උබ ඒක පිලි අරගෙනයි මේ නූල දාලා තියෙන්නෙ. ඇත්තටම පොලවෙ ඇදක් නෑ මචන්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මට හිතෙන විදිහට නම් බහුතරයකට ඕනෙ ලබන ආත්මෙ දිව්‍ය ලෝකෙ යන්න. නිවනට තියන්නෙ.. ඊට ගොඩාක් අඩු ප්‍රයෝරිටි එකක්.. ඒකනෙ අපේ හාමුදුරුවන්ට උනත් වැන්දහම කියන්නෙ.. සියලු දිව්‍යවය සැප සම්පත් කෙලවර අමා මහ නිවන් සැප ලැබේවා කියලා.;)
    ඇටිටියුඩ් ප්‍රශ්නයක් බන් ඕක. ලංකාවේ උන් ආසා නැ තමන්ට නැති දෙයක් වෙන එකෙකුට තියනවට. මට තියෙන්නේ ප්රියස් එකක් නම්, මම ඒක මහන්සියෙන් හම්බ කරපු එකක්. එහා ගෙදර එකා බෙන්ස් එකක යනවා දැක්කම කියන්නේ උ කුඩු බිස්නස්වත් කරනවා ඇති, නැත්තම් ඔහොම බෑ . ගෙවන්න උනාම තේරෙයි වගේ බුද්දාගමේ නියයවල් දාලා හිත හදාගන්නවා උට සල්ලි තිබ්බට මට වගේ පින එලොවට නැ කියලා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උබ කියන විදිහට සිංහළු සේරම දැන් නිවන් දැකලා ඇතිනේ? අඩුම ගානේ සෝවාන් වෙලාවත්. එහෙමත් නෑනේ. බුදු දහම ෆලෝව් කරා නම් ඒ පැත්තෙන් වත් දියුනුවක් තියෙන්න එපැයි. එහෙමත් නෑනේ. මේක මේ දෙයක් කරගැනීමෙ නොහැකියාවක්නෙ තියෙන්නෙ. මම නම් කියන්නෙ සිංහළු කම්මැලියි. දෙයක් නොකර ඉන්න හේතුවක් විදිහට තමයි සමහරවිට බුදු දහමේ අල්පේඡ්ඡ කතා ඉස්සරහට දාගෙන ඉන්නෙ. බුදු දහම හැමෝටම එක විදිහකට අදාල කරගන්න එපා. පැවිද්දන්ව කෙලින්ම නිවනට යොමු කරවන්නත්, ගිහියන්ව ආර්ථික දියුනුවත් අධ්‍යාත්මික දියුනුවත් ලඟා කරගන්නත් බොහොම පැහැදිලිව විස්තර කරලා තියෙනවා.

    නටන්න බැරි වෙච්ච උන් පොලවෙ ඇද පෙන්නන එක බලන් ඉඳලා, උබ ඒක පිලි අරගෙනයි මේ නූල දාලා තියෙන්නෙ. ඇත්තටම පොලවෙ ඇදක් නෑ මචන්.
    ඔන්න ඕක ඇති කලේ මිහිදුගේ දර්මය. මිහිදුගේ දර්මය බුද්දාගම කියන එකට මම එකග නැ. බුදුහාමුදුරුවෝ කියන්නේ රජෙක්. නිවන් අවබෝදය කියන කාරනාව පෙරුම්පුරලා කරපු දෙයක් නම්, එයා තමන්ගේ නැණව විවාහ කරගෙන දරුවෙකුත් හදලා ගිහි ජීවිතෙන් සමු අරගන්නේ නැ නිවන් දකින්න. බුදු හාමුදුරුවෝ රජ සැප විදලා නිවන් දැක්කේ. එක ඉස්සෙල්ලාම අවබෝද කරගන්න ඕනා සිංහලු. බුදුහාමුදුරුවෝ නිවන් ලබන්න කියලා හැරියේ නැ. එයා නිවනුත් ලැබුවා ලෞකික සැපත් වින්දා. මහායානය ෆලෝ කරන්නේ ඕක. එක තමයි රියල් ස්ටොරිය.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    උබ කියන විදිහට සිංහළු සේරම දැන් නිවන් දැකලා ඇතිනේ? අඩුම ගානේ සෝවාන් වෙලාවත්. එහෙමත් නෑනේ. බුදු දහම ෆලෝව් කරා නම් ඒ පැත්තෙන් වත් දියුනුවක් තියෙන්න එපැයි. එහෙමත් නෑනේ. මේක මේ දෙයක් කරගැනීමෙ නොහැකියාවක්නෙ තියෙන්නෙ. මම නම් කියන්නෙ සිංහළු කම්මැලියි. දෙයක් නොකර ඉන්න හේතුවක් විදිහට තමයි සමහරවිට බුදු දහමේ අල්පේඡ්ඡ කතා ඉස්සරහට දාගෙන ඉන්නෙ. බුදු දහම හැමෝටම එක විදිහකට අදාල කරගන්න එපා. පැවිද්දන්ව කෙලින්ම නිවනට යොමු කරවන්නත්, ගිහියන්ව ආර්ථික දියුනුවත් අධ්‍යාත්මික දියුනුවත් ලඟා කරගන්නත් බොහොම පැහැදිලිව විස්තර කරලා තියෙනවා.

    නටන්න බැරි වෙච්ච උන් පොලවෙ ඇද පෙන්නන එක බලන් ඉඳලා, උබ ඒක පිලි අරගෙනයි මේ නූල දාලා තියෙන්නෙ. ඇත්තටම පොලවෙ ඇදක් නෑ මචන්.

    හොඳම උදාහරනේ තමයි ..ගොඩාක් උදවිය තමන්ගෙ ජීවිතයේ වෙන දේමල් කර්මයෙන් විස්තර කරන එක. බුද්දාගමේ ලෝකෙ සිදුවන දේවල් වෙන ආකාර පහක්, ද හයක් ද (මට මතක නෑ) තියනවා කියලාවත් ගොඩාක් අයට ගානක් නෑ.(කම්ම නියාම, ධම්ම නියාම බීජ නියාම ආදී වශයෙන්).. ඒකතමා කරුමෙ කියලා ඔහේ ඉන්නවා:rolleyes:
     
    • Like
    Reactions: GuneBhai

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,720
    23,393
    113
    බුද්ධාගම ඇත්තටම ඇත්තද බන්? නැත්තන් ඒකත් ඉන්දියාවෙ ඒ කලෙ ඇති වෙච්ච දහස් ගානක් බ්‍රාහ්මණ ආගම් අතරින් නැගී ආපු තවත් එක ආගමක්ම විතරද? කාලෙක ඉදන් වද දෙන ප්‍රශ්නයක් :sorry: