ත්රිපිටකයේ සූත්ර පිටකයේ සංයුත්තනිකායේ සගාථවග්ගයේ කොසලසංයුත්තයේ අපුත්තකවග්ගයේ පඨම අපුත්තක සූත්රයෙන් [ http://thripitaka.org/view/bjts/sp7/190 ] :
...
වහන්ස, මෙහි සැවැත්නුවර සිටුගැහැවි තෙමේ කලුරිය කළේ ය. මම අපුත්රක වූ ඒ ධනය ඇතුළු රජගෙට ගෙන්වා තබා එමි. වහන්ස, (එහි) රන්මිල ම අසූලක්ෂයෙකි. රිදී ගැණ කියනු කිම? (එහෙත්) වහන්ස, ඒ සිටුගැහැවිහුගේ බත් වැළඳීම මෙබඳු විය: කාඩි දෙවැනි කොට ඇති නිවුඩුහාලේ බත් බුදියි. වස්ත්රපරිභෝගය මෙබඳු විය: කැබැලි තුනක් සැමැන්හු හණවැහැරියක් දරයි. යානපරිභෝගය මෙබඳු වි ය: දරණ ලබන පත්කුඩයෙකින් යුත් දැදුරු වූ කුඩාරියෙකින් යයි.
මහරජ, තෙල එසේ ය. මහරජ, තෙල එසේ ය. මහරජ, අසත් (ලාමක) පුරුෂ තෙමේ මහත් භෝග ලැබ (ද) තමා නො ම සුඛිත කෙරෙයි. නො ම පිණවයි. මවුපියන් සුඛිත නො කෙරෙයි නො පිණවයි. අඹුදරුවන් සුඛිත නො කෙරෙයි නො පිණවයි. දස්කම්කරු පුරුෂයන් සුඛිත නො කෙරෙයි. නො පිණවයි. මිත්රයන් හා සහකාරයන් සුඛිත නො කෙරෙයි. නො පිණවයි. මහණබමුණන් කෙරෙහි මතුමත්තෙහි සුව දෙන ස්වර්ගයට හිත සුඛවිපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා දක්ෂිණාව නො පිහිටුවයි. (නොදෙයි). මෙසේ මැනවින් පරිභෝග නොකරණ ඔහුගේ ඒ ධනය රජහු හෝ හැර ගණිත්. සොරු හෝ පැහැර ගණිත්. ගින්න හෝ දවයි. ජලය හෝ නඟයි. අප්රිය වූ දායාදයෝ (දූදරු පරපුර) හෝ හැර ගණිත්. මහරජ, මෙසේ ඔහු විසින් මැනවින් පරිභෝග නොකරණු ලබන එ භෝගයෝ විනාශයට පැමිණෙත්. පරිභෝගයට නො පැමිණෙත්.
...
මහරජ, සත්පුරුෂ තෙමේ මහත් භෝග ලැබ තමා සුඛිත කෙරෙයි, පිණවයි. මවුපියන් සුඛිත කෙරෙයි, පිණවයි. අඹුදරුවන් සුඛිත කෙරෙයි, පිණවයි. දස්කම්කරු පුරුෂයන් සුඛිත කෙරෙයි, පිණවයි. මිත්රයන් හා සහකාරයන් සුඛිත කෙරෙයි, පිණවයි. මහණබමුණන් කෙරෙහි මතු මත්තෙහි සුව ගෙණ දෙන ස්වර්ගයට හිත සුඛවිපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා දක්ෂිණාව පිහිටුවයි. මෙසේ මැනවින් පරිභෝග කරණු ලබන ඔහුගේ ඒ භෝගයන් රජහු නොම හැර ගණිත්. සොරු නො පැහැර ගණිත්. ගින්න නො දවයි. ජලය නො නඟයි. අප්රිය වූ දායාදයෝ නො හැර ගණිත්. මහරජ, මෙසේ මැනවින් පරිභෝග කරණු ලබන ඒ භෝගයෝ පරිභෝගයට යෙති. සිඳීමට නො යෙත්.
...
පඨම අපුත්තක සූත්රය: http://thripitaka.org/view/bjts/sp7/190
Skylark

වැදගත් සාකච්චාවකට වරෙල්ලා... හැබැයි අන්ධ භක්තිකයෝ, පටු ආකල්ප දරන එවුන් එක්ක නෙවෙයි....