ඇත්ත කතා කරමු.

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌තනිකායේ සගාථවග්ගයේ කොසලසංයුත්‌තයේ අපුත්තකවග්ගයේ පඨම අපුත්තක සූත්‍රයෙන් [ http://thripitaka.org/view/bjts/sp7/190 ] :

...

වහන්ස, මෙහි සැවැත්නුවර සිටුගැහැවි තෙමේ කලුරිය කළේ ය. මම අපුත්‍රක වූ ඒ ධනය ඇතුළු රජගෙට ගෙන්වා තබා එමි. වහන්ස, (එහි) රන්මිල ම අසූලක්ෂයෙකි. රිදී ගැණ කියනු කිම? (එහෙත්) වහන්ස, ඒ සිටුගැහැවිහුගේ බත් වැළඳීම මෙබඳු විය: කාඩි දෙවැනි කොට ඇති නිවුඩුහාලේ බත් බුදියි. වස්ත්‍රපරිභෝගය මෙබඳු විය: කැබැලි තුනක් සැමැන්හු හණවැහැරියක් දරයි. යානපරිභෝගය මෙබඳු වි ය: දරණ ලබන පත්කුඩයෙකින් යුත් දැදුරු වූ කුඩාරියෙකින් යයි.

මහරජ, තෙල එසේ ය. මහරජ, තෙල එසේ ය. මහරජ, අසත් (ලාමක) පුරුෂ තෙමේ මහත් භෝග ලැබ (ද) තමා නො ම සුඛිත කෙරෙයි. නො ම පිණවයි. මවුපියන් සුඛිත නො කෙරෙයි නො පිණවයි. අඹුදරුවන් සුඛිත නො කෙරෙයි නො පිණවයි. දස්කම්කරු පුරුෂයන් සුඛිත නො කෙරෙයි. නො පිණවයි. මිත්‍රයන් හා සහකාරයන් සුඛිත නො කෙරෙයි. නො පිණවයි. මහණබමුණන් කෙරෙහි මතුමත්තෙහි සුව දෙන ස්වර්ගයට හිත සුඛවිපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා දක්ෂිණාව නො පිහිටුවයි. (නොදෙයි). මෙසේ මැනවින් පරිභෝග නොකරණ ඔහුගේ ඒ ධනය රජහු හෝ හැර ගණිත්. සොරු හෝ පැහැර ගණිත්. ගින්න හෝ දවයි. ජලය හෝ නඟයි. අප්‍රිය වූ දායාදයෝ (දූදරු පරපුර) හෝ හැර ගණිත්. මහරජ, මෙසේ ඔහු විසින් මැනවින් පරිභෝග නොකරණු ලබන එ භෝගයෝ විනාශයට පැමිණෙත්. පරිභෝගයට නො පැමිණෙත්.

...

මහරජ, සත්පුරුෂ තෙමේ මහත් භෝග ලැබ තමා සුඛිත කෙරෙයි, පිණවයි. මවුපියන් සුඛිත කෙරෙයි, පිණවයි. අඹුදරුවන් සුඛිත කෙරෙයි, පිණවයි. දස්කම්කරු පුරුෂයන් සුඛිත කෙරෙයි, පිණවයි. මිත්‍රයන් හා සහකාරයන් සුඛිත කෙරෙයි, පිණවයි. මහණබමුණන් කෙරෙහි මතු මත්තෙහි සුව ගෙණ දෙන ස්වර්ගයට හිත සුඛවිපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා දක්ෂිණාව පිහිටුවයි. මෙසේ මැනවින් පරිභෝග කරණු ලබන ඔහුගේ ඒ භෝගයන් රජහු නොම හැර ගණිත්. සොරු නො පැහැර ගණිත්. ගින්න නො දවයි. ජලය නො නඟයි. අප්‍රිය වූ දායාදයෝ නො හැර ගණිත්. මහරජ, මෙසේ මැනවින් පරිභෝග කරණු ලබන ඒ භෝගයෝ පරිභෝගයට යෙති. සිඳීමට නො යෙත්.

...

පඨම අපුත්තක සූත්‍රය: http://thripitaka.org/view/bjts/sp7/190


Skylark
 

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113

    මචං බුද්ධාගමේ ලෝකෝත්තර සත්‍යයත් එක්ක ජාතියක් විදියට රටක් විදියට දියුනුවෙන්න අමාරුයි... මොකද ඒක බුද්ධාගමේ මූලික සිද්ධාන්ත එක්කත් එක්ක ගැටෙනවා... ඒ හින්දම තමයි බුදු හාමුදුරුවෝ ගිහියාට ලෞකිකත්වයත් එක්ක බුද්ධාගම ගලපගන්න වෙනමම දේශනාවක් කළේ.... බුදු හාමුදුරුවෝගේ ප‍්‍රධාන කියමනක් තමයි ”දෙන්නාට දෙන්න - නොදෙන්නාට නොදෙන්න” කියන එක... මේක බැලූ බැල්මට දානය කියන දේත් එක්ක ගැටෙනවා වගේ... ....


    නොදෙන්නන් හට නොදෙන්නා කියලා කිව්වෙ කොහේදීද බුදුහාමුදුරුවෝ. පොඩ්ඩක් පැහැදිලි කරපන්.මමත් අහල නෑ.



    හැබැයි විශාකාව බදින දවසේ, ඇයගේ පියා අවවාද 10ක් දීල තියනවා.
    එතන කියනවා රෙටර්න් කරන්නැති උන්ට ලෙන්ඩ් කරන්න එපා කියල( as per following link)
    අපි ඒක ඉගෙනගත්තේ නොදෙන්නන්හට නොදෙන්න කියලා විශාකාවට පියා කිව්ව කියලා.


     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය


    නොදෙන්නන් හට නොදෙන්නා කියලා කිව්වෙ කොහේදීද බුදුහාමුදුරුවෝ. පොඩ්ඩක් පැහැදිලි කරපන්.මමත් අහල නෑ.

    හැබැයි විශාකාව බදින දවසේ, ඇයගේ පියා අවවාද 10ක් දීල තියනවා.
    එතන කියනවා රෙටර්න් කරන්නැති උන්ට ලෙන්ඩ් කරන්න එපා කියල.
    අපි ඒක ඉගෙනගත්තේ නොදෙන්නන්හට නොදෙන්න කියලා විශාකාවට පියා කිව්ව කියලා.


    උඹ හරි මචං... මට වැරදිලා තියෙන්නේ..... :yes:
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මගේ අද්දැකීමක් කියන්නම්. ලංකාවේ කොළඹ පොදු රජයේ කාර්යාල වලදී භාෂාව තාමත් ලොකු ප්‍රශ්නයක්. අවුරුදු 12 විතර කලින් සිද්දියක් කියන්නම් කෙටියෙන් . පොඩි කාලෙම UK ගිය දෙමළ පොරක් ආව මගේ ඔෆිස් එකට වැඩට. ඌ මාත් එක්ක ෆිට් වෙච්ච නිසා මම තමයි ඌට සපෝර්ට් එකට එක එක ඩොකියුමන්ට් වැඩ වලට එහෙ මෙහෙ ගියේ. සිංහල නොදැන ඌ කාපු කට්ට මම ඇස් දෙකෙන් දැක්ක. මූට සිංහල බැහැ, අපේ රජයේ ඔෆිස් වල අදාළ වැඩේ කරන උන්ට දෙමල, ඉංග්‍රීසි දෙකම බැහැ. ඌට ටික දවසකින් ලංකාවත් එපා උනා. ලේසියෙන් විසදන්න පුළුවන් ප්‍රශ්නයක් මේක. හැබැයි එකම එක දෙමල දේශපාලකයෙක් වත් මේවා ගැන කතාවක් නැහැ. මොකද මේවා තමයි උන් හදන ජාතිවාදී සුප් එකට වැටෙන ගින්දර. මේ ගිනි නිව්වොත් උන්ට පැවැත්මක් නැහැ.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මගේ අද්දැකීමක් කියන්නම්. ලංකාවේ කොළඹ පොදු රජයේ කාර්යාල වලදී භාෂාව තාමත් ලොකු ප්‍රශ්නයක්. අවුරුදු 12 විතර කලින් සිද්දියක් කියන්නම් කෙටියෙන් . පොඩි කාලෙම UK ගිය දෙමළ පොරක් ආව මගේ ඔෆිස් එකට වැඩට. ඌ මාත් එක්ක ෆිට් වෙච්ච නිසා මම තමයි ඌට සපෝර්ට් එකට එක එක ඩොකියුමන්ට් වැඩ වලට එහෙ මෙහෙ ගියේ. සිංහල නොදැන ඌ කාපු කට්ට මම ඇස් දෙකෙන් දැක්ක. මූට සිංහල බැහැ, අපේ රජයේ ඔෆිස් වල අදාළ වැඩේ කරන උන්ට දෙමල, ඉංග්‍රීසි දෙකම බැහැ. ඌට ටික දවසකින් ලංකාවත් එපා උනා. ලේසියෙන් විසදන්න පුළුවන් ප්‍රශ්නයක් මේක. හැබැයි එකම එක දෙමල දේශපාලකයෙක් වත් මේවා ගැන කතාවක් නැහැ. මොකද මේවා තමයි උන් හදන ජාතිවාදී සුප් එකට වැටෙන ගින්දර. මේ ගිනි නිව්වොත් උන්ට පැවැත්මක් නැහැ.

    උඹ ඔහොම කියනවා.... දවකස් මම නුවරඑළියේ ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයකට ගියා... පුරුද්දට සිංහලෙන් ඉල්ලීම් ලිපියක් හදල දුන්න වැඩේ කරගන්න... එතන හිටපු එකා කියනවා මේවා කියවන්න බෑ ටැමිල් හරි ඉංග්ලිෂ් හරි දෙන්න කියල.... මම ආයෙත් ඉංගී‍්‍රසියෙන් ලියුමක් දුන්න.... ඔන්න ඕකයි තත්වේ... මට ඒ වෙලාවෙ හිතුණා සමහරක් පැතිවල දෙමළ මිනිහත් ඔය විදියට අසරණ වෙනවා ඇති... යාන්තමින්වත් ඉංගී‍්‍රසි සිංහල ගැට ගහගන්න බැරි එකෙක් වුණොත් ඌ අනාථයි....
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113

    මචං බුද්ධාගමේ ලෝකෝත්තර සත්‍යයත් එක්ක ජාතියක් විදියට රටක් විදියට දියුනුවෙන්න අමාරුයි... මොකද ඒක බුද්ධාගමේ මූලික සිද්ධාන්ත එක්කත් එක්ක ගැටෙනවා... ඒ හින්දම තමයි බුදු හාමුදුරුවෝ ගිහියාට ලෞකිකත්වයත් එක්ක බුද්ධාගම ගලපගන්න වෙනමම දේශනාවක් කළේ.... බුදු හාමුදුරුවෝගේ ප‍්‍රධාන කියමනක් තමයි ”දෙන්නාට දෙන්න - නොදෙන්නාට නොදෙන්න” කියන එක... මේක බැලූ බැල්මට දානය කියන දේත් එක්ක ගැටෙනවා වගේ... හැබැයි ඒ ඉගැන්වීම ආර්ථිකය පදනම් කරගෙත්ත දෙයක්.... ඔය වගේ උදාහරණ ඕන තරම්.... මේ වෙන කොට මිනිහගේ ජීවිතේ ගොඩක් සංකීර්ණවෙලා... බුදුන්ගේ සමයේ තිබ්බ සරල සමාජය වෙනුවට දැන් තියෙන්නේ හාත්පසින්ම වෙනස් අවශ්‍යතාවලින් හා මිනිස් හැසිරීම්වලින් යුත්ත සමාජයක්... ඉතිං බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙන ලෞකික ජීවිතයට අදාල වන කොටස නූතන සමාජයට ගැලපෙන විදියට සංස්කරණය වෙන්න ඕන... ඒක බුද්ධාගමේ ලෝකෝත්තර සත්‍යයට හානියක් වෙන්නේ නෑ... ඒ මග යන අය ඒ මග යයි....

    උඹගේ අන්තිම කරුණට කියන්න තියන්නේ සමාජ මතයක් ඇති කරන්න ඕන භික්ෂුවගේ කාර්යභාරය මොකක්ද විය යුත්තේ කියල.... සමාජයේ බලපෑම අනුව භික්ෂුන්ට නිවැරදි වෙන්න සිද්ද වේවි....


    එතකොට මේක වැරදී නේද
    කොහොම උනත්, උබගේමතය, උපරිම මද්‍යස්තව දාල තියනවා බන්. ඒක සිරාවටම අගයකරනවා.
     
    Last edited:

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මගේ අද්දැකීමක් කියන්නම්. ලංකාවේ කොළඹ පොදු රජයේ කාර්යාල වලදී භාෂාව තාමත් ලොකු ප්‍රශ්නයක්. අවුරුදු 12 විතර කලින් සිද්දියක් කියන්නම් කෙටියෙන් . පොඩි කාලෙම UK ගිය දෙමළ පොරක් ආව මගේ ඔෆිස් එකට වැඩට. ඌ මාත් එක්ක ෆිට් වෙච්ච නිසා මම තමයි ඌට සපෝර්ට් එකට එක එක ඩොකියුමන්ට් වැඩ වලට එහෙ මෙහෙ ගියේ. සිංහල නොදැන ඌ කාපු කට්ට මම ඇස් දෙකෙන් දැක්ක. මූට සිංහල බැහැ, අපේ රජයේ ඔෆිස් වල අදාළ වැඩේ කරන උන්ට දෙමල, ඉංග්‍රීසි දෙකම බැහැ. ඌට ටික දවසකින් ලංකාවත් එපා උනා. ලේසියෙන් විසදන්න පුළුවන් ප්‍රශ්නයක් මේක. හැබැයි එකම එක දෙමල දේශපාලකයෙක් වත් මේවා ගැන කතාවක් නැහැ. මොකද මේවා තමයි උන් හදන ජාතිවාදී සුප් එකට වැටෙන ගින්දර. මේ ගිනි නිව්වොත් උන්ට පැවැත්මක් නැහැ.

    උඹ ඔහොම කියනවා.... දවකස් මම නුවරඑළියේ ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයකට ගියා... පුරුද්දට සිංහලෙන් ඉල්ලීම් ලිපියක් හදල දුන්න වැඩේ කරගන්න... එතන හිටපු එකා කියනවා මේවා කියවන්න බෑ ටැමිල් හරි ඉංග්ලිෂ් හරි දෙන්න කියල.... මම ආයෙත් ඉංගී‍්‍රසියෙන් ලියුමක් දුන්න.... ඔන්න ඕකයි තත්වේ... මට ඒ වෙලාවෙ හිතුණා සමහරක් පැතිවල දෙමළ මිනිහත් ඔය විදියට අසරණ වෙනවා ඇති... යාන්තමින්වත් ඉංගී‍්‍රසි සිංහල ගැට ගහගන්න බැරි එකෙක් වුණොත් ඌ අනාථයි....

    ඔයවගේ සිද්ධි මම නම් සෑහෙන්න දැනකල තියෙනවා දෙපැත්තටම සම්බන්දීකරන භාශාව විදිහට ඉන්ග්‍රීසි ඉගැන්වීම තමයි විකල්පය.
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    එහෙම නෙමෙයි. අද ලෝකෙ වැඩිපුරම මාකට් වෙලා තියෙන්න මහායාන බුද්ධාගම මොකද බටහිර ලෝකෙ එක්ක ගනුදෙනු කරපු ආසියාවෙ මුල්ම බෞද්ධ රටවල් ටික මහායන අදහන චීනෙයි ජපානෙයි නිසා. අනික දලයි ලාමා තුමාගේ ප්රශ්නයත් මහායානය බටහිර ජනප්රිය වෙන්න බලපෑව.

    ථෙරවාදෙට වෙලා තියෙන්නෙ ‍හොද මාකටින් එකක් නැති එක බටහිර රටවල. නැත්තන් උගත් සුද්දො හුගක්ඉන්නවා ථෙරවාදය ගැන පැහැදිලා බෞද්ධ උන.

    අනික තවත් කාරණාවක් තමා මහායනය තියෙන ගුප්ත මායාකාරී බව. එ් කියන්නෙ මහායාන පන්සල් වල හැඩය. ඒවා පිහිටලා තියෙන හිමාලය. ආදි කාලීන දෙවි වරැ ගැන තියෙන සුරංගනා කතා වගේ දේවල්. මේ මායාකාරී බව නිසාත් සුද්දො මහායානය පැත්තට ඇදිල යන්න හේතුවක් උනා.




    චින්තනෙයි, සංස්ක්රැතියයි එක එක ආගමට ගැලපෙන්න ඕනි නැහැ. රජා එක ආගමකට හැරැනද, රජාගෙන වරප්පරසාද ගන්න සෙට් එක ඊට පස්සෙ ඒ ආගමට හැරෙනවා. හැරෙන් නැති උන් සමාජෙන් කොන් වෙනවා. ඊට පස්සෙ රජා ෆුල් සපෝර්ට් එක දෙනවා ඌ වැළදගත්ත ආගම ප්රවර්ධනය කරන්න ‍‍මොකද මැරැනට පස්සෙ ඌට ස්වර්‍ගයට යන්න ඕනි නිසා. මේවා දකින සාමානය මිනිස්සුත් ඒ ආගමට හැරෙනවා නිකම්ම.

    පෘතුගීසි ලංදේසි කාරයන්‍ෙ අ‍පේ රට සම්පූර්ණයෙන් ක්රිස්තියානි කරන්න බැරි උනේ උන් මේ ර‍ටේ හරි විදියට ස්ථාවර වෙන්න බැරි වෙච්ච නිසා. උන් ඒ කාලෙම මේ රට සම්පූර්ණයෙන් අල්ලගත්තා නන් ඔන්න ලංකාවත් ක්රිස්තියානි වෙන්න ඉඩ තිබ්බා.

    ඉංග්‍රීසි කාරයන්ට නන් ලංකාවට අලුතින් ආගමක් හදුන්නලා දෙන්න තරන් උවමනාවක් තිබේබ නැහැ. උන්ට ඕනි උ‍නේ ආර්තික වාසි ගන්න විතරයි. ඒකයි අපේ රටේ බුද්ධාගම ඉතිරි උනේ. අනික පෘතුගීසි ලංදේසි ඉංග්‍රීසි ස්වදේශික මිනිස්සු නෙ‍‍මේනෙ. ඉතින් උන් හදුන්නලා දෙන ආගමක් බාරගන්න අපේ ස්වදේශික මිනිස්සුන්ට එකපාර හැගීමක් එන්නෙත් නෑ. ඔන්න අපේ රටේ හිටපු ස්වදේශික ර‍‍ජෙක් කතෝලික වෙලා ස්වාවරව රට පාලනය කලානන් රටත් නිකම්ම ක්රිස්ටියන් වෙන්න තිබ්බා...

    meka thamayi rometa une.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    එතකොට මේක වැරදී නේද
    කොහොම උනත්, උබගේමතය, උපරිම මද්‍යස්තව දාල තියනවා බන්. ඒක සිරාවටම අගයකරනවා.

    ධනංජය සිටුවරයා විසින් විශාඛාවට දුන් ඒ උපදෙස් මාලාව පසුව බූදුන් වහන්සේ අනුදැන වදාල බව පොත්වල දැක්වෙනවා... ඒවා පසුකාලීනව බෞද්ධ ග‍්‍රන්ථවල මහ ඉහලින් කතා කරන්නේ බුදුන් අනුදැන වදාල නිසා නේද...? :rolleyes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් හොඳම උදාහරණය සිගප්පූරුව.


    ඔයවගේ සිද්ධි මම නම් සෑහෙන්න දැනකල තියෙනවා දෙපැත්තටම සම්බන්දීකරන භාශාව විදිහට ඉන්ග්‍රීසි ඉගැන්වීම තමයි විකල්පය.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    ධනංජය සිටුවරයා විසින් විශාඛාවට දුන් ඒ උපදෙස් මාලාව පසුව බූදුන් වහන්සේ අනුදැන වදාල බව පොත්වල දැක්වෙනවා... ඒවා පසුකාලීනව බෞද්ධ ග‍්‍රන්ථවල මහ ඉහලින් කතා කරන්නේ බුදුන් අනුදැන වදාල නිසා නේද...? :rolleyes:


    විශාකාවට දුන්න උපදෙස් , ඉන්ග්‍රීසියෙන් තියෙන්නේ මෙහෙමයි.

    3. Things should be lent to those who return them.

    4. Things should not be lent to those who do not return them.


    එතකොට මේකේ, ඇගේ පියා කියන්නේ.
    දානය ගැන නෙවෙයි. මට පේන විදියට මෙතන කියන්නේ බඩුවක් ගත්තොත් ආපහු දෙන උනට දෙන්න, එහෙම නැති උන්ට නොදෙන්න කියලා.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    රෙප් කැපෙනවා, එළකිරියේ කොන් වෙනවා, ලේබල් වදිනවා වගේ කතා නිසා ගොඩක් අය මේක කතා නොකලට හිතේ තියන දෙයක්. මම මේක කලිනුත් කතා කළා. මාතෘකාව වගේම, මේකත් අම්මට බැනුම් අහන වැඩක්. කමක් නැ කවුරුහරි මේක කතා කරන්න ඕනා.

    සිද්දිය තමා ලංකාවේ ආගම්. ලංකාව වාණිජව දුප්පත් වෙන්න අංක එකට බලපාපු කාරණේ මම දකින හැටියට බුද්දාගම. බුද්දාගම කිව්වහම කොටස් දෙකක් ලෝකේ අපිට දකින්න පුළුවන්. ඒ මහායාන දර්මය සහා ථෙරවාද දර්මය.

    මහායාන දර්මය
    අර මාර්ක් සකර්බර්ග්ගේ වයිෆ් අදහන දර්මය එයා වදින බුදුපිලිමේ. ඒක තම චිනේ ජපානේ ෆලෝ කරන එක.. ලෞකික සැප ප්‍රතික්ෂේප නොකරන දර්මය. මේක සාර්ථකයි යම්තාක් දුරකට ලෝකේ. මිනිස්සුන්ගේ සිතුවිලි, චින්තන උද්දීපනය කරන්න මේ දර්මය අනුබල දෙනවා. මොකද ලෞකික සැප සහා අද්යාත්මික ගුණවගාව බැලන්ස් වෙන නිසා. එකයි ලෝකේ සාර්ථක බිස්නස් පොරවල්, මේකට ඇදිලා යන්නේ.

    ථෙරවාද දර්මය
    හුදෙක්ම දර්මාශෝකගේ කොන්ත්‍රාත් එකකට මිහිදු හාමුදුරුවෝ ලංකාවේ ප්‍රචලිත කරන්න තියාගත්ත එක. බුදුන් වහන්සේ තුන් වරක් වැඩලත් ලංකාවේ ඔරිජිනල් බුද්ද දර්මය ග්‍රහණය නොවුනට, තිස්සව හාවා කරලා මිහිදු හාමුදුරුවෝ ලංකාවේ එක රැයින් බුදිස්ට්ලා මවපු දර්මේ. ලංකාවේ මිනිස්සුන්ගේ චින්තනය, ගොඩනැගීම, ආකල්ප සේරම නොදැකපු නිවනකට තල්ලු කරලා, ලංකාව ටෙම්පරි පොට් එකක්,මේකට වැඩ කරන්න එපා, නිවනට වැඩ කරපියව් කියල උගන්නන්න ගත්තට පස්සේ මිනිස්සු ආයේ රටට වැඩක් කරන්නේ නැ.. බලපන් එදා මෙදා තුර සිංහලුන්ට වෙච්ච දේ. ඒ ඉංජිනේරු ශිල්ප දැන් කෝ? ඒවා දියුණු උනාද, පරම්පරාවෙන් ආපු කමට මිහිදු හාමුදුරුවන්ගෙන් පස්සේ ටික කාලයක් තිබ්බා. ඒ කාලේ තමා හදන වැව්, දාගැබ් ටික හැදුනේ. දැන් බලපන් කොලබ බිල්ඩින් ප්‍රොජෙක්ට් කරන්නේ ටාටා හවුසින් එකෙන්. මිහිදුගේ දර්මේ රිජෙක්ට් කරපු උන් ගොඩ ගිය එක එතැනින්ම පේනවනේ.

    අද සිංහල කඩේක ගිහින් බඩුවක් ගන්න අහපන්. එක නැ, ඉවර වෙලා, කොළබත් බඩු නැ , ආණ්ඩුව බදු ගහලා, මාකට් ලොස්ට්.. එක විකාරයි. තිලකවර්දන වගේ ඒවා උනත් නැගලා ආවේ අන්තිමට මිනිස්සුන්ට තේරුණා නිසා මුස්ලිම් උන් කෙලවනවා කියලා. නැතිනම් තාමත් මෙලොවට ඕන නැ, අල්පේච්ච ජිවිත තමා හොද වගේ ටෝක් දිදී එලොවට පින් රැස්කරන ලොන්ත යක්කු ටිකක් මේකේ හිටියේ, ඉන්නේ. අර ඊයේ ත්රෙඅඩ් එකක් දාලා අහපුවහම ආයේ ඉපදෙන්න ආසා මොන රටේද කියලා බලහන් උත්තර. මිහිදුගේ දර්මේ සාර්ථක නම් එහෙම කියයිද?


    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ අට්ඨක නිපාතයේ පඨම පණ්ණාසකයේ දානවග්ගයේ දානූපපත්‌ති සූත්‍රයෙන් [ http://thripitaka.org/view/bjts/sp16/178 ]:

    (සැවැත් නිදාන යි)

    මහණෙනි, මේ දානෝපප්‍රාප්තීහු (දානය නිසා වන ඉපදීම්) අට දෙනෙකි. කවර අටෙක් ද යත්:

    1. මහණෙනි, මෙලොව එකෙක් මහණකුට හෝ බමුණකුට අහර පැන් වත් යන් මල්ගඳවිලෙවුන් යහන් නිවෙස් පහන් උවාරණ දන් දෙයි. හෙතෙමේ යමක් දේද, එය නැවත පතයි. හෙතෙමේ පස්කම් ගුණයෙන් ඇලුණු, යුක්ත වූ ඉඳුරන් පිනවනු ලබන ක්ෂත්‍රිය මහාසාරයන් හෝ බ්‍රාහ්මණමහාසාරයන් හෝ ගෘහපති මහාසාරයන් හෝ දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම කායයාගේ බිඳීමෙන් මරණින් මතු ක්ෂත්‍රියමහාසාරයන්ගේ හෝ බ්‍රාහ්මණමහාසාරයන්ගේ හෝ ගෘහපති මහාසාරයන්ගේ හෝ සහවාසයට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙක. හේ ඒ සිත තබයි, ඒ සිත ඉටයි, ඒ සිත වඩයි. හීනවූ පස්කම්ගුණයෙහි යෙදුණු ඔහුගේ ඒ සිත මත්තෙහි (මඟපල පිණිස) නොවඩනා ලද්දේ එහි උපත පිණිස පවතී. කාබුන් මරණින් මතු ක්ෂත්‍රිය මහාසාරයන් ගේ හෝ බ්‍රාහ්මණමහාසාරයන්ගේ හෝ ගෘහපතිමහාසාරයන්ගේ හෝ සහවාසයට පැමිණේ. එද වනාහි සිල්වත්හට කියමි. දුශ්ශීලහට නො කියමි. මහණෙනි, සිල්වත්හුගේ චිත්තප්‍ර‍ණිධිය (සිතපිහිටුවීම) පිරිසුදු බැවින් සමෘද්ධ වෙයි.

    ...

    දානූපපත්‌ති සූත්‍රය: http://thripitaka.org/view/bjts/sp16/178

    --

    මෙතෙක් දක්වන ලද සූත්‍ර සහ අදාළ කමෙන්ටු:

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ අට්ඨක නිපාතයේ දුතිය පණ්ණාසකයේ ගොතමී වග්ගයේ ව්‍යග්ඝපජ්ජ සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22896498

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ දසකනිපාතයේ දුතිය පණ්ණාසකයේ උපාලිවග්ගයේ කාමභොගී සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22896683

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ චතුක්කනිපාතයේ අභිඤ්‌ඤාවග්ගයේ කුල සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22896846

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ අට්ඨක නිපාතයේ ප්‍රථම පණ්ණාසකයේ උපෝසථ වග්ගයේ පඨමලොකවිජය සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22896956

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ තතිය පණ්ණාසකයේ දානවග්ගයේ පඤ්චම සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22897064

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ චතුක්කනිපාතයේ චතුත්ථ පණ්ණාසකයේ මහාවග්ගයේ මල්ලිකා සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22897803

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිමනිකායේ උපරි පණ්ණාසකයේ විභඞ්‌ගවග්ගයේ චූළකම්මවිභඞ්ග සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22897970

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ චතුක්කනිපාතයේ දුතිය පණ්ණාසකයේ පත්‌තකම්‌මවග්ගයේ අනණ සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22898167

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ පඤ්චක නිපාතයේ පඤ්චක පණ්ණාසකයේ දීඝචාරිකවග්ගයේ භොග සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22899126

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌තනිකායේ සගාථවග්ගයේ යක්‌ඛසංයුත්‌තයේ ඉන්‌දකවග්ගයේ ආළවක සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22900418

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දකනිකායේ අපදානපාළියේ දුතියභාගයේ භද්‌දියවග්ගයේ චූළසුගන්‍ධත්ථෙරාපදානය
    http://www.elakiri.com/forum/showthread.php?p=22902389

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌තනිකායේ සගාථවග්ගයේ කොසලසංයුත්‌තයේ අපුත්තකවග්ගයේ පඨම අපුත්තක සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22903904

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ අට්ඨක නිපාතයේ පඨම පණ්ණාසකයේ දානවග්ගයේ දානූපපත්‌ති සූත්‍රය
    මෙම කමෙන්ටුව

    Skylark
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌තනිකායේ සගාථවග්ගයේ කොසලසංයුත්‌තයේ අපුත්තකවග්ගයේ අප්පමාද සූත්‍රයෙන් [ http://thripitaka.org/view/bjts/sp7/186 ] :

    ආයුං ආරොගියං වණ්ණං සග්ගං උච්චාකුලීනතං,
    රතියො පත්ථයන්තෙන උළාරා අපරාපරා,
    අප්පමාදං පසංසන්ති පුඤ්ඤකිරියාසු පණ්ඩිතා

    අප්පමත්තො උභො අත්ථෙ අධිගණ්හාති පණ්ඩිතො,
    දිට්ඨෙ ධම්මෙ ච යො අත්ථො යො චත්ථො සම්පරායිකො,
    අත්ථාභිසමයා ධීරො පණ්ඩිතොති පවුච්චතීති.


    සිංහල පරිවර්තනය:

    ආයුෂ, නීරොගබව ද, ශරීර වර්ණය ද, ස්වර්ගය ද, උසස්කුල ඇති බව ද, උදාර වූ අන්‍යොන්‍ය වූ සිත් අලවන දෑ ද පතන්නහු විසින් පුණ්‍ය ක්‍රියාවන්හි නොපමාවීම නුවණැත්තෝ පසසත්.

    මෙලොව යම් අභිවෘද්ධියෙකුත් වේ ද, පරලොව යම් අභිවෘද්ධියෙකුත් වේ ද, පණ්ඩිත තෙමේ නො පමා වූයේ ඒ දෙවැදෑරුම් අභිවෘද්ධිය ම ලබයි. ධෘතිසම්පන්න පුද්ගල තෙමේ අර්ථප්‍රතිලාභය හේතු කොට ගෙණ පණ්ඩිත ය යි කියනු ලැබේ.

    අප්පමාද සූත්‍රය: http://thripitaka.org/view/bjts/sp7/186


    Skylark
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දකනිකායේ ධම්‌මපදපාළියේ ජරාවග්ගයෙන් [ http://thripitaka.org/view/bjts/sp18/87 ]:

    (155) 10.

    අචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනෙ ධනං
    ජිණ්ණකොඤ්චාව ඣායන්ති ඛීණමච්ඡෙව පල්ලලෙ.


    (156) 11.

    අචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනෙ ධනං
    සෙන්ති චාපා’තිඛිත්තා’ව පුරාණානි අනුත්ථුනං.


    සිංහල පරිවර්තනය:

    (155) 10. (පැවිද්දට යොග්‍ය වූ තරුණ වයස පැවිදි වැ ගෙණ) බඹසරවස් නො වැස, (නූපන් භොග උපදවන්නට ද උපන් භොග රක්නට ද යොග්‍ය වූ) යෞවන වයසෙහි (කෘෂි වණික්කර්‍මාදියෙන් ලැබිය හැකි වූ) ධනය ලැබ නොගෙන, පමා වැ වුසූ අඥානයෝ දිය සුන් හෙයින් මසුන් නැති විලෙක මඬ පිට හිඳ තැවෙන, (ගොදුරු ඇති විලකට නැගී යන්නට බල නැති පත් වගුළ) මහලු කොස්ලිහිණියන් මෙන් තැවෙන්නාහ.

    (156) 11. තරුණ වයසෙහි බඹසරවස් නොවැස, යොවුන් වයසෙහි ධනය නොසපයා, පමා වැ වුසූ අනුවණයෝ හරණ ලද සැර මෙන් (හෙවත් දුන්නෙන් විදිනා ලදු ව වළැ හුනු සැර හුනු තැන ම තිබී දිරා නස්නා මෙන්) (පෙරැ මෙසේ කෑම්හ, මෙසේ පූම්හ යන ආදීන්) පෙර වුන් සුව සැපතට සොස්මින් හොවිත්.


    ධම්‌මපදපාළියේ ජරාවග්ගය: http://thripitaka.org/view/bjts/sp18/87

    Skylark
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔයවගේ සිද්ධි මම නම් සෑහෙන්න දැනකල තියෙනවා දෙපැත්තටම සම්බන්දීකරන භාශාව විදිහට ඉන්ග්‍රීසි ඉගැන්වීම තමයි විකල්පය.

    බහුතර පිරිසක් කථා කරන භාශාව සුළුතරය ඉගෙනගත්තනම් ප්‍රස්නේ ඉවරයි නේහ්.
     

    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    ලංකාවෙ එවුන් හිතන් ඉන්නෙ බුදු දහම කියන්නෙ ඔක්කොම අතඇරල හිඟන්නෙක් වගේ ඉන්න එක කියල. එහෙම හිතල තමන්ගෙ නැති බැරි කම නිසා තියන හිතේ දුක නිවාගන්නව. මම නම් කියන්නෙ බුදු දහම සැප විඳීම ප්‍රතික්ශේප කරන්නෙ නෑ. හොඳටම සැප ලැබුණත් කටුක දේවල් ලැබුනත් නොවෙනස්ව හිඳීමට හිත හදාගන්න එකයි ගිහියෙකුගෙ මූලික දර්ශනය වෙන්න ඕන.

    මේ තත්වෙ කොච්චර උග්‍ර ද කියනව නම් හාමුදුරු කෙනෙකුට හොඳට දානෙ හම්බ වෙනව නම්, දායකයො උදව් කරනව නම් යාන වාහන ලැබෙනව නම් ඒක හාමුදුරුවො මැදහත් සිතින් ඉවසනව නම් අපේ එවුන් ජීවිතේට කියන්නෙ නෑ ඒ හාමුදුරුවොන්ගෙ පිනට එහෙම ලැබෙන බව. කොහේ හරි කැලේක ගිහින් කොණ්ඩෙ බූ ගාගෙන හොරෙක් මංකොල්ලකරයෙක් උනත් පිඬුසඟා වැඩල ලැබෙන දෙයක් වළඳල බොහොම අමාරුවෙන් ඉන්නව නම් අන්න ඒක තමයි අපේ එවුන් නියම හාමුදුරුවෙක් හරිම සිල්වත් කියන්නෙ.
     
    • Like
    Reactions: Sara531

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    ඒක මචං බුද්ධාගමේ වරද නෙවෙයි.... බුද්ධාගම හොඳ ආර්ථික තියරියක් උගන්ලා තියෙනවා... සල්ලි හම්බකරන විදිය, ඉතිරි කරන විදිය, පරිභෝජනය කරන විදිය, ඉන්වෙස්ට් කරන විදිය ගැන ගැඹුරින් කතා කරල තියෙනවා... මී කුණක් විකුණල සිටුවරයෙක් වුණු කතාවක් මහ ඉහලින් බුද්ධාගමේ කතා කරන දෙයක්... මේක පරෙස්සමට ගලපගන්න ඕන දෙයක්... අපි ජාතියක් විදියට දෙයක් අල්ල ගන්නේ වැරදි තැනින්.. අපි බුද්ධාගම උනත් අල්ලගත්තේ වැරදි තැනකින්... ඒක බුද්ධාගමේ වරදක් නෙවෙයි අපේ වරද..... (දැන් කියන්න එපා පල්ලියේ මක්කමේ කෝවිලේ කොන්ත‍්‍රාත් එක ඉෂ්ට කරන්න ආව කියල... :P වැදගත් සාකච්චාවකට වරෙල්ලා... හැබැයි අන්ධ භක්තිකයෝ, පටු ආකල්ප දරන එවුන් එක්ක නෙවෙයි....:yes:)

    Oya Thread Dana un Wassatawath Dahampaasal giya un neme :lol::lol::lol::lol: