ඇත්ත කතා වලින් හදපු Film

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    [FONT=&quot]38. Zodiac (2007)
    [/FONT]

    MV5BMTQxNjc2NzAwNF5BMl5BanBnXkFtZTcwMDg3NzMzMw@@._V1_UY209_CR0,0,140,209_AL_.jpg
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෙවර[/FONT] [FONT=&quot]මම ඔබ වෙත ගෙන එන්නෙ [/FONT]David Fincher [FONT=&quot]විසින් අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක[/FONT] [FONT=&quot]චිත්‍රපටයක් වන [/FONT]Zodiac (2007).
    60[FONT=&quot] දශකයේ සහ [/FONT]70[FONT=&quot] දශකයෙ මුල් කාලයෙ මුළු[/FONT] [FONT=&quot]අමෙරිකාවම භීතියට පත්කරමින් ඝාතන ගණනාවක් සිදුකල දාම ඝාතකයෙකු ([/FONT]Serial killer) [FONT=&quot]පිළිබඳ සත්‍ය ලිපිගොණු පදනම් කරගෙන නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය[/FONT] [FONT=&quot]ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ([/FONT]IMDb ) 7.7[FONT=&quot] ක අගයක් ලබාගෙන තිබෙනවා.
    මෙම[/FONT] [FONT=&quot]චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන [/FONT]84.8[FONT=&quot] ඉක්මවා යන ආදායමක් ලබාගත්තේ එහි[/FONT] [FONT=&quot]නිෂ්පාදන පිරිවැය වන ඇමෙරිකානු ඩොලර් මිලියන [/FONT]65 [FONT=&quot]අභිබවමින්.

    [/FONT] Zodiac [FONT=&quot]ඝාතන පිළිබඳ පරීක්ෂණ වලට පොලිසියට සහය දැක්වූ රොබට් ග්‍රේස්මිත් නම්[/FONT] [FONT=&quot]කාටුන් ශිල්පියා මේ ඝාතන පිළිබඳ එක්රැස් කරගත් තොරතුරු අනුව රචනා කල ලොව[/FONT] [FONT=&quot]වැඩිම පිටපත් සංඛ්‍යාවක් අලෙවි වුණු ([/FONT]Best seller ) Zodiac [FONT=&quot]නම් ප්‍රබන්ධ[/FONT] [FONT=&quot]නොවන ග්‍රන්ථය ඇසුරු කරගනිමින්[/FONT],
    [FONT=&quot]මේ පරීක්ෂණ භාරව ක්‍රියාකළ පොලිස් පරීක්ෂක[/FONT] [FONT=&quot]ඩේවිඩ් ටොස්කි මහතාගේ සහ රොබට් ග්‍රේස්මිත් මහතාගේ උපදෙස් ද ලබාගනිමිනුයි[/FONT] [FONT=&quot]මේ චිත්‍රපටය නිපදවා ඇත්තේ.
    මේ සිද්ධියට මුහුණදුන් සත්‍ය පුද්ගලයන්ගේ නම්[/FONT], [FONT=&quot]ස්ථාන නාම ආදිය එලෙසින්ම මේ චිත්‍රපටයේ සඳහන් වෙනවා. මෙහි අධ්‍යක්‍ෂක[/FONT] Fincher, Vanderbilt [FONT=&quot]සහ නිෂ්පාදක [/FONT]Bradley J Fischer [FONT=&quot]ද සමඟ ඝාතන පිලිබඳ මාස[/FONT] 18[FONT=&quot]ක් පමණ කල අධ්‍යයනයකින් පසුවයි චිත්‍රපටය වෙනුවෙන් ඝාතන සිද්ධීන්[/FONT] [FONT=&quot]ප්‍රතිනිර්මාණය කළේ.

    [/FONT] [FONT=&quot]අධ්‍යක්ෂකවරයා[/FONT] [FONT=&quot]චිත්‍රපටයේ මුලින් නිකුත් කළ පිටපත පැය තුනයි මිනිත්තු අටක ධාවන කාලයකින්[/FONT] [FONT=&quot]යුතු වුණා.
    එය ඇකඩමි සම්මාන උළෙල පැවැත්වෙන කාලයේ නිකුත් කිරීමට නියමිතව[/FONT] [FONT=&quot]තිබුණත් චිත්‍රපටයේ බෙදාහැරීම් කටයුතු භාරවුණු පැරමවුන්ට් සමාගම එය දීර්ඝ[/FONT] [FONT=&quot]වැඩි බව පවසා එය
    තවත් සංස්කරණය කරන ලෙස අධ්‍යක්ෂක [/FONT]Fincher [FONT=&quot]ට දැනුම්දුන්නා.[/FONT] [FONT=&quot]අනතුරුව එහි දර්ශන කිහිපයක් සංස්කරණය කර මිනිත්තු[/FONT]158[FONT=&quot]ක ධාවන කාලයක් සහිතව[/FONT] [FONT=&quot]නැවත ඉදිරිපත් වුණා.
    එය මුල්වරට තිරගත වුණේ [/FONT]2007 [FONT=&quot]මැයි [/FONT]17 [FONT=&quot]වෙනිදා[/FONT], [FONT=&quot]කෑන්ස්[/FONT] [FONT=&quot]සිනමා උළෙලේදියි.[/FONT]


    [FONT=&quot]42. Patriots Day (2016)
    [/FONT]

    MV5BODYxMDc0NTg2Nl5BMl5BanBnXkFtZTgwNjY0NDYzOTE@._V1_UX140_CR0,0,140,209_AL_.jpg
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]වර්ෂ[/FONT] 2013[FONT=&quot]ක් වූ අප්‍රේල් මස [/FONT]15[FONT=&quot] වෙනිදා[/FONT], [FONT=&quot]සමස්ත ලෝකයටම තවත් එක්තරා සාමාන්‍ය[/FONT] [FONT=&quot]දිනයක් පමණයි.
    නමුත් ඇමරිකාවට නම් සුවිශේෂී දිනයක්. ඇමරිකාවේ පැවැත්වෙන[/FONT],
    [FONT=&quot]පැරණිතම මැරතන් තරඟාවලිය වන[/FONT], [FONT=&quot]වාර්ෂිකව පැවැත්වෙන[/FONT], [FONT=&quot]බොස්ටන් මැරතන් තරඟය[/FONT] [FONT=&quot]පැවැත්වීමට නියමිතව තිබුනේ එදිනටයි.
    සමස්ථ ඇමරිකාවේ පමණක් නොව[/FONT],
    [FONT=&quot]මුළු මහත්[/FONT] [FONT=&quot]ලෝකයාගේම දෑස් යොමුවී තිබුනේ බොස්ටන් වෙතටයි. එනමුදු[/FONT], [FONT=&quot]කිසිවෙකුත් කිසිසේත්[/FONT] [FONT=&quot]අපේක්ෂා නොකළ පරිද්දෙන්[/FONT], [FONT=&quot]එක් ක්ෂණයකින් සියල්ල සුනු විසුනු වී ගියා.
    තත්පර[/FONT]
    [FONT=&quot]දොළහක් වැනි සුළු කාලයක් තුලදී[/FONT], [FONT=&quot]සියල්ල උඩු යටිකුරු වී ගියා. බැලු බැලු දසත[/FONT] [FONT=&quot]දකින්නට ලැබුනේ[/FONT], [FONT=&quot]රුධිර ගංගාවන්[/FONT], [FONT=&quot]අත් පා අහිමි මිනිසුන් සහ[/FONT], [FONT=&quot]දසත විසිරී ඇති[/FONT] [FONT=&quot]මිනිස් අවයව පමණි.
    සිදුවන්නේ කුමක්දැයි කිසිවෙකුට හෝ වැටහීමක් තිබුනේ[/FONT]
    [FONT=&quot]නැහැ. තම දිවි බේරාගැනීමට[/FONT], [FONT=&quot]හිස හැරුණු අතට දිව යනවා මිස[/FONT], [FONT=&quot]අන් කිසිඳු සරණක්[/FONT] [FONT=&quot]කිසිවෙකුට හෝ තිබුනේ නැත.
    [/FONT]9/11
    [FONT=&quot] ප්‍රහාරයෙන් පසුව[/FONT], [FONT=&quot]ඇමරිකාව මුහුණ පෑ දරුණුතම[/FONT] [FONT=&quot]ව්‍යසනය ලෙස ඉතිහාසයේ කළු අකුරින් සනිටුහන් වන්නෙ මෙම ඛේදවාචකයයි.

    [/FONT]
    2013 [FONT=&quot]අප්‍රේල් [/FONT]15[FONT=&quot] වෙනි දින[/FONT], [FONT=&quot]සවස [/FONT]2.49[FONT=&quot] ට[/FONT], [FONT=&quot]නිවසේදී සාදන ලද අධි බලැති බෝම්බ දෙකක්[/FONT] [FONT=&quot]ආධාරයෙන්[/FONT], [FONT=&quot]මැරතන් තරඟයේ අවසාන රේඛාව ආසන්නයේදී[/FONT], [FONT=&quot]මීටර් [/FONT]190[FONT=&quot]ක වපසරියක්[/FONT], [FONT=&quot]
    තත්පර [/FONT]12
    [FONT=&quot]ක් වැනි සුළු කාලයක් තුලදී පුපුරුවා හැරීමට[/FONT], Dzhokhar Tsarnaev [FONT=&quot]සහ[/FONT] Tamerlan Tsarnaev [FONT=&quot]යන දෙසොහොයුරන් සමත්වූවා.
    බෝම්බ පිපුරුමෙන් තිදෙනෙකුට[/FONT]
    [FONT=&quot]සිය ජීවිත අහිමිවූ අතර[/FONT], [FONT=&quot]සිය ගණනක් තුවාල ලැබූ අතර[/FONT], [FONT=&quot]මින් [/FONT]16 [FONT=&quot]දෙනෙකු හට අත්[/FONT] [FONT=&quot]පා අහිමි විය.
    මීට අමතරව[/FONT],
    [FONT=&quot]සැකකරුවන් පලායෑමේදී[/FONT], [FONT=&quot]එක් [/FONT]MIT [FONT=&quot]පොලිස් නිලධාරියෙක්[/FONT] [FONT=&quot]ඝාතනය කල අතර[/FONT], [FONT=&quot]සිදුවූ අති දරුණු අවි ගැටුම් වලදී[/FONT], [FONT=&quot]පොලිස් නිලධාරින්[/FONT] [FONT=&quot]දෙදෙනෙකු අතිශය දරුණු ලෙස තුවාල වූ අතර[/FONT],
    [FONT=&quot]ඉන් එක් නිලධාරියෙක් මරණයට පත්විය.[/FONT] [FONT=&quot]යුධ නීතිය පනවා[/FONT], [FONT=&quot]පොලීසිය[/FONT], [FONT=&quot]හමුදා සහ [/FONT]FBI [FONT=&quot]ආයතනය එක්ව සිදුකෙරුවා වූ අතිශය[/FONT] [FONT=&quot]පුළුල් මෙහෙයුමක් හමුවේ[/FONT], [FONT=&quot]බෝම්බ පිපුරුමෙන් දින නවයකට පසුව[/FONT], [FONT=&quot]අප්‍රේල් [/FONT]24 [FONT=&quot]වෙනිදා රාත්‍රී [/FONT]8.42[FONT=&quot] ට[/FONT], [FONT=&quot]
    වයස අවුරුදු [/FONT]19
    [FONT=&quot]ක් වූ[/FONT], [FONT=&quot]ඉතුරුව සිටි එකම සැකකරුවා[/FONT] [FONT=&quot]අත්අඩංගුවට ගන්නා ලදී. වසර දෙකකට ආසන්න කාලයක් පුරාවට කෙරුනාවූ දීර්ඝ නඩු[/FONT] [FONT=&quot]විභායකින් පසුව[/FONT],
    2015
    [FONT=&quot] අප්‍රේල් [/FONT]8[FONT=&quot] වෙනි දින[/FONT], [FONT=&quot]සැකකරුවා චෝදනා සඳහා වරදකරු[/FONT] [FONT=&quot]බැව් තීන්දු කරමින්[/FONT], [FONT=&quot]මරණීය දණ්ඩනය නියම කරන ලදී.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    Drama, History, Thriller [FONT=&quot]යන කාණ්ඩ නියෝජනය කරමින්[/FONT], 2016[FONT=&quot] වර්ෂයේ දෙසැම්බර් [/FONT]21[FONT=&quot] වෙනි දින මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත්වූ මෙම සලරුව[/FONT], Imdb [FONT=&quot]දර්ශකයේ [/FONT]7.6 [FONT=&quot]ක[/FONT] [FONT=&quot]ප්‍රේක්ෂක මනාපයක් දිනාගැනීමට සමත්විය.
    අති සාර්ථක [/FONT]Deepwater Horizon [FONT=&quot]චිත්‍රපටය අධ්‍යක්ෂණය කල[/FONT], Peter Berg [FONT=&quot]සහ[/FONT], [FONT=&quot]එම චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය දැරූ සුප්‍රකට නළු[/FONT], Mark Wahlberg [FONT=&quot]යන ද්විත්වයේ සුසංයෝගයෙන් බිහිවූ මෙම අනභිබවනීය සිත්තම නිර්මාණය කිරීමට[/FONT] [FONT=&quot]ඇමරිකානු ඩොලර් මිලියන [/FONT]45[FONT=&quot]ක පිරිවැයක්[/FONT] [FONT=&quot]දැරූ අතර[/FONT],
    [FONT=&quot]මේ වනවිටත්[/FONT] [FONT=&quot]ඇමරිකානු ඩොලර් මිලියන [/FONT]37.5 [FONT=&quot]ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක්[/FONT] [FONT=&quot]තැබීමට සමත්වී ඇත.

    [/FONT] [FONT=&quot]මිනිසා[/FONT] [FONT=&quot]හරි පුදුමාකාරයි. වැටෙන්න වැටෙන්න[/FONT], [FONT=&quot]යලි නැගිටිනවා. ලෝක වෙළඳ මධ්‍යස්ථානයට[/FONT] [FONT=&quot]එල්ලවූ ප්‍රහාරයෙන් වසර කීපයක් ගතවෙත්ම එල්ලවූ මෙම බෝම්බ ප්‍රහාරයත්[/FONT] [FONT=&quot]සමගින්[/FONT],
    [FONT=&quot]සමස්ත ඇමරිකාවම කම්පා වුණා. නමුත්[/FONT], [FONT=&quot]ජාතියක් ලෙස ඔවුන් එකාවන්ව[/FONT] [FONT=&quot]අත්වැල් බැඳගත්තා. වැටුණු සියලු දෙනාවම[/FONT], [FONT=&quot]නැවත දෙපයින් නගා සිටෙව්වා.[/FONT] [FONT=&quot]
    විනාශවූ සියල්ල නැවත ප්‍රතිසංස්කරණය කළා. මනුෂ්‍ය ආත්මයක් සතු[/FONT], [FONT=&quot]ධෛර්ය[/FONT], [FONT=&quot]නොපසුබට වීර්ය[/FONT], [FONT=&quot]බලාපොරොත්තු සහගත බව පිලිබදව[/FONT], [FONT=&quot]විටෙක ඔබ විශ්මයට පත්වේවි.[/FONT] [FONT=&quot]
    තමන්ගේ අහිමිවීම් පිළිබඳව තැවෙමින් සිටිනවාට වඩා[/FONT], [FONT=&quot]හිමි දේවල් වලින් පමණක්[/FONT] [FONT=&quot]ජීවිතයේ ජයග්‍රහණය කරා යාමට[/FONT], [FONT=&quot]කදිම පාඩමක් ඔබගේ ජීවිතයට උගන්වාවි. වසරක්[/FONT] [FONT=&quot]වසරක් පාසා[/FONT], [FONT=&quot]
    බොස්ටන් බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබූ සියළු දෙනාවම[/FONT] [FONT=&quot]සිහිකරනු ලබනවා. එමගින් ඔවුන් සමස්ත ලෝකයාටම හඬනගා කියාපානවා[/FONT], [FONT=&quot]කෙතරම්[/FONT] [FONT=&quot]ඛේදවාචකයක් හමුවේ වුවත්[/FONT],
    [FONT=&quot]කිසිදා තමන් පරාජය කොට බිම දැමිය නොහැකි බව. එයයි[/FONT] [FONT=&quot]ඔවුන් සතු ශ්‍රේෂ්ඨත්වය…
    සියලු දෙනා හට ආදර්ශයක් ලෙස උගතහැකි ජීවිතාදර්ශය…[/FONT] [FONT=&quot]අවසරයි එසේනම් සියලු දෙනා හටම[/FONT], [FONT=&quot]ඉතිහාසය පුරාවටම සිදුවූ[/FONT], [FONT=&quot]අතිශය දරුණු[/FONT] [FONT=&quot]ඛේදවාචකයක[/FONT], [FONT=&quot]කිසිදා ඔබ නොඅසූ විරූ සත්‍ය ඇතුළත්[/FONT], [FONT=&quot]
    ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ නැවත[/FONT] [FONT=&quot]නැගී සිටීමේ කතා පුවත රසවිඳීමට…[/FONT]


    [FONT=&quot]43. City of God (2002)
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    MV5BNTM4MjZjNWEtMmQxMi00YzY5LTg4ZTAtODJlMDVkZWZmNTVhXkEyXkFqcGdeQXVyNTA4NzY1MzY@._V1_UY209_CR1,0,140,209_AL_.jpg
    [FONT=&quot]
    [/FONT]

    IMDb Top 250[FONT=&quot] චිත්‍රපට ලැයිස්තුවේ [/FONT]21[FONT=&quot] වෙනි තැන තියෙන සුපිරිම චිත්‍රපටය තමයි [/FONT]City of God [FONT=&quot]කියන්නේ.
    [/FONT]8.7/10[FONT=&quot] ක [/FONT]IMDb [FONT=&quot]අගයක් ලබා ඇති බ්‍රසීල චිත්‍රපටයක් වෙන මේක[/FONT] [FONT=&quot]පාතාලයේ ඇත්ත ඇති සැටියෙන් පෙන්වන සත්‍ය සිදුවීමක් පාදක කරගත් සලරුවක්.
    [/FONT]
    [FONT=&quot]අවි ගත්තෝ අවියෙන්ම නැසෙති.”[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]බ්‍රසීලයේ රියෝ ඩි ජෙනිරෝ නගරයෙන් මදක්[/FONT] [FONT=&quot]ඈතින් නැවත පදිංචි කරවීමේ නගරයකි. එය “දෙවියන්ගේ නගරයයි”.
    මේ නගරය දුශිත[/FONT] [FONT=&quot]බවින් අති උතුම්ය. මත්ද්‍රවය ජාවාරම ප්‍රධාන ආදායම් මාර්ගයයි.
    අවුරුදු [/FONT]2 , 3 [FONT=&quot]පුංචි එකාගේ සිට මහ එකා දක්වා මෙහි නියැලී ඇත. අවි ආයුධ සෙල්ලම් බඩු[/FONT] [FONT=&quot]වැනිය. සෑම කෙනකු අතේම ගිනි අවිය.
    ඇත්තම කිව්වොත් එය රියෝ ඩි ජෙනිරෝ හි[/FONT] [FONT=&quot]භයානකම නගරයයි. සත්‍ය[/FONT] [FONT=&quot]කතාවක් පාදක කරගෙන නිමව ඇති මෙම සිනමා නිර්මාණ‍ය[/FONT] Imbd ratings 8.8/10[FONT=&quot] ලබාගෙන ලොව හොදම චිත්‍රපටි අතර [/FONT]17[FONT=&quot] වන තැන රැදෙන මෙම[/FONT] [FONT=&quot]චිත්‍රපටිය [/FONT]Crime , Drama [FONT=&quot]ඝනයට අයත් වෙයි.

    [/FONT] [FONT=&quot]අපි දකින සූට්[/FONT] [FONT=&quot]බූට් ඇදගත් මවාපාන මත්ද්‍රවය ජාවාරම නොව[/FONT], [FONT=&quot]ඇත්තටම මත්ද්‍රවය ජාවාරම කෙරෙන්නේ[/FONT] [FONT=&quot]කොහොමද [/FONT]? [FONT=&quot]
    පාතාලය කෙතරම් බිහිසුනුද [/FONT]? [FONT=&quot]දැනගන්න කැමතිද [/FONT]? [FONT=&quot]එහෙනම් අනිවා[/FONT] [FONT=&quot]බලන්න.[/FONT] Rocket , Li’l Dice , Benny , Carrot , Knockout Ned [FONT=&quot]යන මොවුන් වටා[/FONT] [FONT=&quot]කතාව ගලායයි.
    [/FONT]Rocket [FONT=&quot]කතා නායකයාය. [/FONT]Li’l Dice [FONT=&quot]හා [/FONT]Carrot [FONT=&quot]යනු සියලු ගැටුම්[/FONT] [FONT=&quot]හමුවේ අවසානයේ ඉතිරිවන ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනාය.
    [/FONT]Benny [FONT=&quot]යනු[/FONT] Li’l Dice[FONT=&quot]ගේ මිතුරාය[/FONT], [FONT=&quot]ඔහු බොහෝවිට මානුශීය පුද්ගලයෙකි. නමුත් [/FONT]Li’l Dice [FONT=&quot]තිරිසනෙකි. [/FONT]Benny [FONT=&quot]මැදිහත් වීමෙන් [/FONT]Li’l Dice [FONT=&quot]හා [/FONT]Carrot [FONT=&quot]දෙදෙනා සාමදානව[/FONT] [FONT=&quot]ජාවාරම කරගෙන යයි. [/FONT]
    Benny [FONT=&quot]කාන්තාවකට ආලය කිරීම නිසා සියල්ල අත්හරින්න තිරණය[/FONT] [FONT=&quot]කරයි. නමුත් [/FONT]Li’l Dice[FONT=&quot]ගෙ තරහාකාරයකු අතින් [/FONT]Benny [FONT=&quot]ඝාතනය වෙයි.
    සියල්ල වයාකූල[/FONT] [FONT=&quot]වෙයි. ඝාතකයා [/FONT]Carrot[FONT=&quot]ගේ සහය පතනමුත් ඔහුව [/FONT]Carrot [FONT=&quot]එතනම ඝාතනය කරයි.
    එම[/FONT] [FONT=&quot]අවස්ථාවේදී මෙසේ පවසයි “[/FONT]you killed the coolest hood city of god” [FONT=&quot]මන්ද[/FONT] Benny [FONT=&quot]එතරම් හොද මිනිසකු නිසාය.
    මේ අතර [/FONT]Li’l Dice [FONT=&quot]කාන්තාවක් දූශනය කරයි.[/FONT] [FONT=&quot]පසුව ඇයගේ සැමියා [/FONT]Knockout Ned [FONT=&quot]නමින් [/FONT]Carrot[FONT=&quot]ගේ පිලින් කරලියට පිවිසෙයි. ඒ[/FONT] Li’l Dice[FONT=&quot]ගෙන් පලිගැනීමටයි.
    මේ අතර [/FONT]Rocket[FONT=&quot]ගේ කතාවද අපූරුවට ගලාගෙන යයි.[/FONT]
    [FONT=&quot]අවසානයේ කුමක් සිදුවෙයිද[/FONT]? Li’l Dice[FONT=&quot]දිනයිද[/FONT]? Knockout Ned [FONT=&quot]හා [/FONT]Carrot [FONT=&quot]දිනයිද[/FONT]? [FONT=&quot]
    මේ සියලු දෙනා අතරේ[/FONT] Rocket[FONT=&quot]ගේ භූමිකාව කුමක්ද [/FONT]? [FONT=&quot]බලන්න [/FONT]100% [FONT=&quot]සතය කතාවක් වන[/FONT] [FONT=&quot]මෙම චිත්‍රපටිය[/FONT], [FONT=&quot]මේ පුද්ගලයන් මේවාට යොමුවීමේ සාධාරණත්වය[/FONT], [FONT=&quot]නීතියේ දුර්වල[/FONT] [FONT=&quot]තැන් පෙන්වන අපූරු නිර්මාණයකි.

    [/FONT] [FONT=&quot]සටහන් : “කඩුවෙල වසන්ත” වැනි පුද්ගලයන්ගේ[/FONT] [FONT=&quot]කාලයේ කඩුවෙල ප්‍රදේශයේ අපරාධ සිදුවීමට ඉඩනොදුන්නේ ඇයි යන්න මට තිබු[/FONT] [FONT=&quot]ගැටලුවකි. මේ චිත්‍රපටිය නැරඹීමත් සමග ඒ ගැටලුවටද මට විසදුමක් ලැබුනා.[/FONT]


    [FONT=&quot]45. Unbroken (I) (2014)
    [/FONT]

    MV5BMTY3ODg2OTgyOF5BMl5BanBnXkFtZTgwODk1OTAwMzE@._V1_UX140_CR0,0,140,209_AL_.jpg
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]චරිතපදාන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නාට්‍ය සහ ක්‍රීඩා යන වර්ගීකරණයට යටත්[/FONT][FONT=&quot]චිත්‍රපටයකි.මෙම චිත්‍රපටය අපි කවුරුත් හොඳින් දන්නා නිළියක් වන ඇන්ජෙලිනා[/FONT][FONT=&quot]ජොලීගේ අධ්‍යක්ෂණයක්.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]joel coen [/FONT][FONT=&quot]සහ [/FONT][FONT=&quot]ethan coen [/FONT][FONT=&quot]ගේ තිර රචනයක් වන මෙය දැනට[/FONT][FONT=&quot] IMDB [/FONT][FONT=&quot]දර්ශකයේ [/FONT][FONT=&quot]7.2 [/FONT][FONT=&quot]ඉහල අගයක් ලබාගෙන තියෙනවා. ඒවගේම [/FONT][FONT=&quot]2015 [/FONT][FONT=&quot]ඔස්කාර් සම්මාන[/FONT][FONT=&quot]උලෙළ සඳහා අංශ තුනක් සඳහා මෙම චිත්‍රපටයේ නම යෝජනා වෙලා තියෙනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]​
    [FONT=&quot]* Best Achievement in Cinematography - Roger Deakins
    * Best Achievement in Sound Mixing - Jon Taylor,Frank A. Montaño,David Lee
    * Best Achievement in Sound Editing -Becky Sullivan,Andrew DeCristofaro,Jack O'Connell - [/FONT][FONT=&quot]ලුයිස් සැම්පෙරිනි[/FONT][FONT=&quot],
    Domhnall Gleeson - [/FONT][FONT=&quot]ෆිල්[/FONT][FONT=&quot],Garrett Hedlund - [/FONT][FONT=&quot]ෆිට්ස්ජෙරාල්ඩ්[/FONT][FONT=&quot],Takamas a Ishihara - [/FONT][FONT=&quot]වටනාබේ[/FONT][FONT=&quot],Finn Wittrock - [/FONT][FONT=&quot]මැක්[/FONT][FONT=&quot],
    Jai Courtney - [/FONT][FONT=&quot]කප්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලෙස රංගනයෙන් දායක වෙනවා.[/FONT]

    [FONT=&quot]එහෙනම් චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරන්නම්[/FONT],[FONT=&quot]මේ චිත්‍රපටයෙන් කියැවෙන්නෙ[/FONT] [FONT=&quot]ලුයිස් සැම්පෙරිනිගේ ජීවිත කතාව ගැනයි[/FONT],[FONT=&quot]
    ඔහු දෙවන ලෝක යුද්ධය සමයේ හමුදාවට[/FONT] [FONT=&quot]බැඳුන ඔලිම්පික් මලල ක්‍රීඩකයෙක්. පැසිපික් සාගරයට ඉහලින් ගමන් කරමින් තිබු[/FONT] [FONT=&quot]ඔවුන්ගේ ගුවන් යානය මුහුදට කඩාගෙන වැටෙනවා.
    එම අනතුරින් දිවිගලවාගන්නට හැකි[/FONT] [FONT=&quot]වුනේ ලුයිස්[/FONT], [FONT=&quot]ෆිල් සහ මැක්ට පමණයි.ඔවුන්ට පහුරක් ( [/FONT]Raft )[FONT=&quot]ආධාරයෙන් මුහුදේ[/FONT] [FONT=&quot]පාවි පාවි දවස් [/FONT]47 [FONT=&quot]ක ඛේදජනක ජීවිතයක් ගතකරන්න වෙනවා.
    ඔය අතරේ එක එක බාධක[/FONT] [FONT=&quot]වලටත් මුහුණ දෙන්න වෙනවා[/FONT], [FONT=&quot]ටික දවසකින් මැක් මුහුදෙම මිය යනවා.ඉන්පසුව[/FONT] [FONT=&quot]ලුයිස් සහ ෆිල් පහුරේ පාවි පාවි ඉද්දින් ජපන් හමුදාවෙන් ඔවුන්ව අල්ලා[/FONT] [FONT=&quot]ගන්නවා.
    ඉන් පසුව ඔවුන් දෙදෙනව යුධ කඳවුරකට ඇන්න යනවා. ඉතින් ඊටපස්සේ[/FONT] [FONT=&quot]සිදුවන දේ ගැන වැඩි විස්තරයක් කියන්න යන්නෙ නෑ.
    චිත්‍රපටය බාගතකරගෙන අවසානය[/FONT] [FONT=&quot]තෙක් නරඹන්නට ආරාධනා කරනවා.[/FONT]
     
    Last edited:

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    [FONT=&quot]46. Spotlight (I) (2015)
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    MV5BMjIyOTM5OTIzNV5BMl5BanBnXkFtZTgwMDkzODE2NjE@._V1_UY209_CR0,0,140,209_AL_.jpg
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ ලෝකය[/FONT][FONT=&quot]පුදුමාකාර එකක් විටෙක අපි පිළිසරණක් හොයා යන තැන තවත් විටෙක අපිට අපායක්[/FONT][FONT=&quot]වීමට අවස්ථාවක් නැත්තේම නැහැ.
    මේ කතාව වෙන් වෙන්නේ එහෙම අසරනයක් පිරිසක්[/FONT][FONT=&quot]වෙනුවෙන්.
    එහෙම ඔවුන්ගේ කතාව රිදී තිරයට එනවිට ඔවුන් මේ ලෝකය හැර ගිහින්[/FONT][FONT=&quot]වෙන්න පුළුවන් බොහොම දුරට ඒ මෙවන් පීඩනයක් දරාගත නොහැකි වීමෙන් නොමගයාමෙන්.[/FONT][FONT=&quot]
    නමුත් පණ බේරාගත්තවුන් ඔවුන්ගේ කතාව තවත් පිරිසක් හා එක්ව ලෝකයට කියන්නට[/FONT][FONT=&quot]මේ දරූ වෑයම වෙනුවෙන් ඔබේ කාලයත් මදක් වෙන් කරන්න කියලා ඉල්ලා සිටිනවා[/FONT][FONT=&quot]මුලින්ම.
    මොකද එදා ඇමරිකාවේ බොන්ස්ටන් නගරය හෙල්ලූ මේ කතාව හෙට අපේ රටේ අපේ [/FONT][FONT=&quot]ගමේ වෙන්න පුළුවනි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එයින් මිදෙන්න අපේ අවබෝධය දැනුවත් කම බොහොම වැදගත්.

    [/FONT] [FONT=&quot]මෙය සත්‍ය[/FONT][FONT=&quot]කතාවක් මත පදනම් වෙලා තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. [/FONT][FONT=&quot]2001 [/FONT][FONT=&quot]වසර වෙනකොට[/FONT][FONT=&quot]බොස්ටන් ග්ලෝබ් හි නව සංස්කාරකවරයා හැටියට මාර්ටි බැරන් එක්කාසු වෙනවා.
    ඔහු[/FONT][FONT=&quot]යුදෙව් ආගමිකයෙක්. ඔහුගේ පැමිණීම එකක්ම ඔහුගේ අවදානය යොමු වෙන කාරණයක්[/FONT][FONT=&quot]වෙන්න එම ප්‍රදේශයේ පිය නමක් විසින් සිදුකල ළමා අපචාරයක් සම්බන්ධ[/FONT][FONT=&quot]සිදුවීමක්.
    නමුත් මේ පිළිබද වැඩි අනාවරණයක් සිදුවෙලා නැහැ ඒ අවස්තාව[/FONT][FONT=&quot]වෙනකොට. ඉතින් ග්ලෝබ් පුවත්පත සතුව තියන ඉතාම සුක්ෂම හා කඩිසරම ආයුධයක් වන[/FONT][FONT=&quot] “[/FONT][FONT=&quot]ස්පොට්ලයිට්” කණ්ඩායම මේ වෙනුවෙන් යොදවන්න ඔහු කටයුතු කරනවා.
    ස්පොට්ලයිට්[/FONT][FONT=&quot]කණ්ඩායම තමයි ඇමරිකා එක්සත් ජනපදය තුල ක්‍රියාත්මක වෙන පැරණිතම පුවත්පත්[/FONT][FONT=&quot]ගවේෂණ කණ්ඩායම වෙන්නේ.
    මාර්ටිගේ ඉල්ලීමක් එකක් වෝල්ටර් රොබින්සන් ඇතුළු[/FONT][FONT=&quot]පිරිස තමුගේ වැඩ කටයුතු ආරම්භ කරනවා නමුත් බොහොම පැතිවලින් කරදර කම්කටොලු[/FONT][FONT=&quot]එක්ක වෙනවා.
    හරි තොරතුරක් ගන්න නැහැ සම්බන්ධ පාර්ශව බිය ගන්වනවා. නීතිමය[/FONT][FONT=&quot]ලිපිගොනු නැහැ ඒවා යට ගහනවා[/FONT][FONT=&quot],
    [/FONT][FONT=&quot]සහවනවා වගේ බොහොම දේ මැද්දේ ඔවුන් සොයා ගන්නවා[/FONT][FONT=&quot]මෙය නිකම්ම එක පුජකයෙක් හා එක අපචාරයක් සම්බන්ධ සිදුවීමක් නොවන බව.

    [/FONT] [FONT=&quot]මෙය[/FONT][FONT=&quot]බොස්ටන් නගරය තුල පමණක් සිදු වන්නක් නොවන බව දැනගන්නට ලැබීම එකක් සිද්ධිය[/FONT][FONT=&quot]බොහොම බරපතල ලෙස නිරාවරණය වෙන්න ගන්නවා.
    දශක ගණනාවක් ඇතුලත සිදුවුණා[/FONT][FONT=&quot]සිදුවුම් සිය ගණනක් දහස් ගණනක් ඔවුන්ගේ මේ ප්‍රයත්නය හැරයා ජනතා අවධානයට[/FONT][FONT=&quot]යොමු වෙන්නේ මෙවන් අසරණ කුඩා දරුවන්ගේ ජිවිත
    විනාශ කරනනා පාපතරයන් නීතියේ[/FONT][FONT=&quot]රැහැනට හෙන එමින්. මේ පුවත්පත් ආවරණය එකක් කතෝලික පල්ලියට ඔවුන්ගේ ක්‍රියා[/FONT][FONT=&quot]කලාපය තව දුරටත් වැහුන
    දුරක් පිටුපස ගෙනයාමට නොහැකි වෙනවා. ගොදුරු වුවන්[/FONT][FONT=&quot]ස්වේච්ඡාවෙන් නිතිය ඉදිරියට පැමිණීමට පටන් ගන්නවා.

    [/FONT] [FONT=&quot][FONT=&quot]පුලිට්සර් ත්‍යාගය[/FONT] [/FONT][FONT=&quot]නම් වූ පත්තර කලාමේ ඔස්කා සම්මානය දිනාගත් මෙම විමර්ශනය දැන් ඔබට අකුරක්[/FONT][FONT=&quot]ඉලක්කමක් නෑර බරාගන්නට ලැබේවි.
    ඒ [/FONT][FONT=&quot]Josh Singer, Tom McCarthy [/FONT][FONT=&quot]දෙදෙනාගේ[/FONT][FONT=&quot]රචනයෙන්.[/FONT][FONT=&quot] Tom McCarthy [/FONT][FONT=&quot]තමයි මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නෙත්. පැය [/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot] මිනිත්තු[/FONT][FONT=&quot] 10 [/FONT][FONT=&quot]වගේ කාලයක් දිව යන මෙම සලරුව[/FONT][FONT=&quot]IMDB [/FONT][FONT=&quot]දර්ශකයේ [/FONT][FONT=&quot]8.2[/FONT][FONT=&quot]ක් [/FONT][FONT=&quot]වගේ ඉහල අගයක් ලබාගෙන[/FONT][FONT=&quot]
    හොඳම චිත්‍රපට [/FONT]
    [FONT=&quot]250[/FONT][FONT=&quot] ලැයිස්තුවේ [/FONT][FONT=&quot]170[/FONT][FONT=&quot]වැනි ස්ථානය දිනාගන්නත් සමත් වෙලා තියනවා. ඒ වගේමයි ටොරන්ට් ටෝමාටෝ [/FONT][FONT=&quot]93% [/FONT][FONT=&quot]වගේ ඉහල අගයකුත්[/FONT][FONT=&quot]
    Metacritic [/FONT][FONT=&quot]හි [/FONT][FONT=&quot]93% [/FONT][FONT=&quot]ක අගයකුත් ලභාගෙන අතිශය ඉහල විචාරක[/FONT][FONT=&quot]ප්‍රේක්ෂක පැසසුමක් හිමිකර ගැනීමට සමත් වෙලා තියනවා.

    [/FONT] [FONT=&quot]මෙවර ඔස්කා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හොඳම අධ්‍යක්ෂණය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හොඳම පිටපත ඇතුළු සම්මාන [/FONT][FONT=&quot]6[/FONT][FONT=&quot]වෙනුවෙන් නිර්දේහ්ස වෙන්නත් සමත් වුන මෙම චිත්‍රපටය
    එහි දී [/FONT][FONT=&quot]2016[/FONT][FONT=&quot] වසරේ හොඳම චිත්‍රපටය හා හොඳම තිර පිටපත වෙනුවෙන් සම්මාන දිනාගන්න සමත් වුනා[/FONT][FONT=&quot].
    [/FONT][FONT=&quot]මෙතැන් පැවැත්වුන සම්මාන උළෙල වල සම්මාන [/FONT][FONT=&quot]114 [/FONT][FONT=&quot]සඳහා නාම යෝජනා ලබන්නත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot]වගේම සම්මාන [/FONT][FONT=&quot]102[/FONT][FONT=&quot] දිනා ගන්නත් සමත් වෙලා තියනවා.
    ඒ වගේමයි ඇමරිකානු චිත්‍රපට[/FONT][FONT=&quot]මණ්ඩලය මගින් මෙම චිත්‍රපටය[/FONT][FONT=&quot]American Film Institute Awards 2015 [/FONT][FONT=&quot]අතරටත් නම් කිරනු ලැබ තිබෙනවා.

    [/FONT] [FONT=&quot]Mark Ruffalo, Michael Keaton, Rachel McAdams, John Slattery, Stanley Tucci, Brian d’Arcy James, Liev Schreiber, [/FONT][FONT=&quot]හා [/FONT][FONT=&quot]Billy Crudup [/FONT][FONT=&quot]වගේ පිරිසක් තමයි[/FONT][FONT=&quot]මෙහි රංගනයෙන් දායක වෙන්නේ.
    විශේෂයෙන්ම මාර්ක් රෆලෝ මතක් කල යුතුමයි ඔහුගේ [/FONT][FONT=&quot]රංගනය ගැන නම් කියන්න වචන නැහැ. [/FONT]


    [FONT=&quot]47. Snowden (2016)
    [/FONT]

    MV5BMTg2MzYzNzgzOF5BMl5BanBnXkFtZTgwOTg4NzQ4OTE@._V1_UX140_CR0,0,140,209_AL_.jpg
    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]එක එක අයට ඔහු වෙනස් විදියේ කෙනෙක්.[/FONT] [FONT=&quot]සමහරෙක්ට ඔහු වීරයෙක්.
    සමහරෙක්ට ඔහු ද්‍රෝහියෙක්. වරෙක ඔහු එරෙහි[/FONT] [FONT=&quot]වන්නෙක්[/FONT],[FONT=&quot]තවත්ව රෙක ඔහු දේශප්‍රේමියෙක්[/FONT], [FONT=&quot]ඒවගේම අනාවරණය කරන්නෙක්.
    ඔහුගේ නම[/FONT] [FONT=&quot]එඩ්වඩ් ස්නෝඩන්. ඇමරිකාවේ උපත ලද ඔහු ඉතා දක්ෂ වෘත්තිමය පරිගනක ශිල්පියෙක්.[/FONT] [FONT=&quot]ඔහු ඇමරිකාවේ රහස් තොරතුරු ආයතනය ([/FONT]CIA)[FONT=&quot]වෙනුවෙන් සහ ජාතික ආරක්ෂක ආයතනය[/FONT] (NSA)[FONT=&quot]වෙනුවෙන් වගේම තවත් ප්‍රධාන ආයතන වෙනුවෙන් සේවය කල දක්ෂ සේවකයෙක්.[/FONT]
    [FONT=&quot]නමුත් ප්‍රධාන වශයෙන් හැමෝම ඔහුව හදුනන්නේ ඇමරිකානු රජයේ රහසිගත ආවේක්ෂණ[/FONT] ([FONT=&quot]නිරීක්ෂණ)වැඩසටහන් ගැන ලෝකයට අනාවරණය කල කෙනා වශයෙන්.
    මුළු ලෝකයේම දුරකතන[/FONT] [FONT=&quot]වාර්තා එකතුකිරීම ආදී ඇමරිකානු රජයේ නීතී විරෝධී ක්‍රියාකාරකම් ගැන ලොවට[/FONT] [FONT=&quot]අනාවරණය කල ඔහුට විරුද්ධව බරපතල චෝදනා ගොනු කෙරුනු අතර පසුව රුසියාවට[/FONT] [FONT=&quot]පැනගිය ඔහු අද වන විටත් රුසියානු රජයේ රැකවරණය යටතේ ජීවත්වෙනවා.

    [/FONT] [FONT=&quot]ඉතින් මං ඉහතින් සදහන් කල එඩ්වඩ්[/FONT] [FONT=&quot]ස්නෝඩන්ගේ සත්‍ය කතාව ඇසුරෙන් නිර්මාණය කල චිත්‍රපටිය තමා [/FONT]Snowden [FONT=&quot]කියන්නේ.[/FONT]
    Biography,Drama,Thriller[FONT=&quot]යන කාණ්ඩයන්ට අයිතිවෙන මේ චිත්‍රපටිය මිනිත්තු[/FONT] 134[FONT=&quot]ක් දිවයනවා. සැප්තැම්බර් මස [/FONT]16[FONT=&quot]වෙනිදා තමයි චිත්‍රපටිය නිකුත්වුනේ.
    [/FONT]imdb 7.4[FONT=&quot]ක අගයක් අරගෙන තියෙනවා. ප්‍රධාන චරිතය වන එඩ්වඩ් ස්නෝඩන් විදියට සුපිරි[/FONT] [FONT=&quot]නළු [/FONT]Joseph Gordon-Levitt[FONT=&quot]රංගනයෙන් දායක වෙනවා.
    ඒවගේම [/FONT]Shailene Woodley, Melissa Leo,Zachary Quinto,Nicolas Cage [FONT=&quot]වැනි දක්ෂ රංගන ශිල්පීන් රැසක්[/FONT] [FONT=&quot]රංගනයෙන් දායක වෙනවා.
    මේ වසරේ නිකුත්වුන ආන්දෝලනාත්මක චිත්‍රපටියක් විදියට[/FONT] [FONT=&quot]හදුන්වන්න පුළුවන්. තවදුරටත් චිත්‍රපටිය ගැන කියන්න අවශ්‍ය වෙන්නේ නෑනේ.[/FONT] [FONT=&quot]
    කොහොමත් මේක මේ වසරේ නිකුත්වුන සුපිරියක් කියලා හදුන්වන්න පුළුවන් වගේම[/FONT] [FONT=&quot]අවධානය දිනාගත් චිත්‍රපටියක්.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]49. Sully (2016)
    [/FONT]

    MV5BMTU5MzQwMzY3Ml5BMl5BanBnXkFtZTgwOTA3MzEzOTE@._V1_UY209_CR0,0,140,209_AL_.jpg
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]නළු නිලියෝ විදියට [/FONT][FONT=&quot]Tom Hanks, Aaron Eckhart [/FONT][FONT=&quot]වගේ ජනප්‍රිය අය රඟපානවා.[/FONT][FONT=&quot]සත්‍ය කතාවක් මත පදනම් වුන මේ චිත්‍රපටයේ කතාව වෙන්නේ මෙහෙමයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]
    කැප්ටන්[/FONT]
    [FONT=&quot] සුලී කියන්නේ ගොඩක් දක්ෂ ගුවන් නියමුවෙක්. එයා [/FONT][FONT=&quot]2009 [/FONT][FONT=&quot]ජනවාරි [/FONT][FONT=&quot]15 [/FONT][FONT=&quot]වැනිදා පළමු[/FONT][FONT=&quot]පෙළ නිලධාරි ස්කයිල්ස් එක්ක එක්ක ගුවන් ගමනක් යනවා මඟින් [/FONT][FONT=&quot]155 [/FONT][FONT=&quot]දෙනෙකුත් අරන් [/FONT][FONT=&quot]ලාගොඩියා ඉඳන්[/FONT][FONT=&quot]චාලට් ගුවන් තොටුපල දක්වා.
    එහෙම යන අතරමඟදී කුරුල්ලෝ වගයක්[/FONT]
    [FONT=&quot]ඇවිල්ල එකපාරටම ගුවන් යානයේ වැඩෙනවා. එන්ජින් වැඩ කරන්නේ නැතුව යනවා.[/FONT][FONT=&quot]
    ඉතින් කැප්ටන් සුලී මොනවගේ තීරණයක් ගන්න ඇතිද[/FONT]
    [FONT=&quot]? [/FONT][FONT=&quot]ආපහු ලාගොඩියා යන්න ඇතිද[/FONT][FONT=&quot]?
    [/FONT]
    [FONT=&quot]නැත්නම් පුදුමාකාර දෙයක් වෙන්න ඇතිද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]බලන්නකෝ කතාව.[/FONT]


    [FONT=&quot]50. Into the Wild (2007)
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    MV5BMTAwNDEyODU1MjheQTJeQWpwZ15BbWU2MDc3NDQwNw@@._V1_UY209_CR1,0,140,209_AL_.jpg


    [FONT=&quot]මේ ෆිල්ම්[/FONT] [FONT=&quot]එක ගැන කිව්වොත් නම් ඇවිදින්න ආස ඕනේ කෙනෙක්ගේ අත්පොත වගේ තමයි මේක..
    [/FONT] [FONT=&quot]කොහොමහරි මේක [/FONT]IMDB list [FONT=&quot]එකේ [/FONT]#167 [FONT=&quot]ට තියෙන ෆිල්ම් එකයි[/FONT]. [FONT=&quot]මේක ඔස්කා සම්මාන [/FONT]2[FONT=&quot]ටත් යෝජනා වෙලා තියෙනවා.
    මේ ෆිල්ම් එකට[/FONT] Christopher McCandless [FONT=&quot]කියන පුද්ගලයාගේ ඇත්ත ජිවීත කතාව තමයි පාදක වෙලා තියෙන්නේ.[/FONT] [FONT=&quot]
    ෆිල්ම් එකේ චරිතෙට නම් පණ පොවන්නේ [/FONT]Emile Hirsch.

    [FONT=&quot]ක්‍රිස්[/FONT] [FONT=&quot]කියන්නේ ගොඩක් පරිසරයට ආදරය කරපු කෙනෙක්[/FONT], [FONT=&quot]කොච්චර ආදරය කලාද කිව්වොත් ගෙදර[/FONT], [FONT=&quot]මිල මුදල්[/FONT], [FONT=&quot]අම්මා තාත්තා පාවා දාල තමයි
    පොර මේ ගමන යන්නේ. මේ ගමන වැටිලා[/FONT] [FONT=&quot]තියුනේ ඇලැස්කාව දක්වායි. ඉතින් මේ ගමනෙදි ක්‍රිස්ට ගොඩාක් මිනිස්සු[/FONT] [FONT=&quot]හම්බෙනවා.
    ඒ මිනිස්සුන්ට ක්‍රිස් ගොඩක් පොරොන්දු[/FONT], [FONT=&quot]ජිවිතේට බලාපොරොත්තු[/FONT] [FONT=&quot]දීලයි මේ ගමන එන්නේ. ක්‍රිස්ට හැමෝම ආදරේ කලා.
    ක්‍රිස් මේ ගමන යද්දි[/FONT], [FONT=&quot]එයාගේ[/FONT] [FONT=&quot]ගෙදර පැත්තෙන් කතාව කියන්නේ ක්‍රිස්ගේම ආදරණීය නංගියි.
    ඒ වගේම මේ ෆිල්ම්[/FONT] [FONT=&quot]එකට ගොඩක් දායකත්වය ලබා දීල තියෙන්නෙත් මේ [/FONT]Carine McCandless [FONT=&quot]කියන[/FONT] [FONT=&quot]ක්‍රිස්ගේ නංගිමයි.
    ඇය පසු කලෙක මේ කතාවේම කොටසක් විදියට “[/FONT]The Wild Truth” [FONT=&quot]පොත එලි දැක්වුවා.

    [/FONT] [FONT=&quot]ඉතින් ෆිල්ම් එක බලලාම ක්‍රිස් ඇලැස්කා ගියාද[/FONT]? [FONT=&quot]
    ක්‍රිස්ට මොකද වුනේ[/FONT]? [FONT=&quot]කියලා බලලා.

    [/FONT] [FONT=&quot]මට හිතාගන්න බෑ මේ ෆිල්ම් එක ගැන කොහොම කියන්නද කියල..
    පිටු ගානක් ලියන්න[/FONT] [FONT=&quot]පුලුවන්..ඒත් කොච්චර ලිව්වත් මේ ෆිල්ම් එක විනාඩියක් බලනකොට හිතට දැනෙන දේ[/FONT] [FONT=&quot]විස්තර කරගන්න බැරි වෙයි..
    නියම සතුට[/FONT],[FONT=&quot]නිදහස සොයා යන තරුණයෙකු ගැනයි මේ[/FONT] [FONT=&quot]කතාවෙන් කියවෙන්නෙ..
    සමාජයත් එක්ක කිසිම බැදීමක් නැතුව කැලයකට වෙලා ජීවිතය[/FONT] [FONT=&quot]තේරුම් ගන්න හදන කෙනෙක්ට කොච්චර ශක්තියක් තිබිය යුතුද[/FONT]?
    [FONT=&quot]ඒ ශක්තිය මේ තරුණයා[/FONT] [FONT=&quot]තුල නොඅඩුව තියෙනව..මම මේ කථාවෙ පොඩ්ඩක් වත් කියන්නේ නෑ[/FONT],
    [FONT=&quot]මොකද මේක ඕනම[/FONT] [FONT=&quot]කෙනෙක් බැලිය යුතුම කතාවක්..මේක බලන්න කම්මැලි හිතෙනව නම් ගිහින් බලන්න[/FONT] [FONT=&quot]මේ ලින්ක්[/FONT] [FONT=&quot]එකට..
    මේක සත්‍ය කතාවක්..මොහු කැලිෆෝනියාවේ සිට ඇලෙස්කාව දක්වා යනව..
    අතේ[/FONT] [FONT=&quot]ඇති සල්ලි ඔක්කොම පුච්චල දමල තමයි ඔහු ගමන පටන් ගන්නෙ..
    මේ ගමනට අවුරුදු[/FONT] [FONT=&quot]ගණනාවක් ගත වෙනව..ගමන අතරතුරදී සිදුවන දේවල් තමයි චිත්‍රපටයෙන් දක්වා[/FONT] [FONT=&quot]තිබෙන්නෙ..
    මේ ෆිල්ම් එක හැම මොහොතකම ජීවිතය ගැන අලුත් පාඩමක් කියා[/FONT] [FONT=&quot]දෙනව..
    ඔයාල කොච්චර ‘බිසී’ උනත් මේක බැලුවොත් ජීවිතේ[/FONT],[FONT=&quot]සතුට කියන්නෙ මොකද්ද[/FONT] [FONT=&quot]කියල තේරෙයි..[/FONT]


    [FONT=&quot]51. The Patriot (2000)
    [/FONT]

    MV5BMTkzMjE4ODU0MV5BMl5BanBnXkFtZTYwNTI2OTk2._V1_UX140_CR0,0,140,209_AL_.jpg

    [FONT=&quot]මෙම චිත්‍රපටය [/FONT][FONT=&quot]IMDb 7.2/10[/FONT][FONT=&quot] ක් අගයක් ලබාගෙන තියෙනවා.
    මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ[/FONT][FONT=&quot]Independence Day,Godzilla,[/FONT][FONT=&quot]10,000 BC,[/FONT][FONT=&quot]2012 [/FONT][FONT=&quot]වැනි සුපිරි චිත්‍රපට නිර්මානය කරපු රෝලන්ඩ් එමරිච් මහත්තයා.
    (එහෙනම් මේ ෆිල්ම් එක ගැනත් අහන්න දෙයක් නෑ නේ[/FONT][FONT=&quot] )
    [/FONT]
    [FONT=&quot]ඔයාලා දන්නවා ඇති බ්‍රිතාන්‍ය [/FONT][FONT=&quot]අධිරාජයයට යටත්ව පැවති රටවල් වලින් බ්‍රිතාන්‍යයට විරුද්දව සටන් කරලා තම[/FONT][FONT=&quot]රටට නිදහස ලබාගන්න සමත් උනේ රටවල් දෙකයි.
    ඒ ඇමරිකා එක්සත් ජනපදය හා[/FONT][FONT=&quot]රොඩේෂියාවයි.[/FONT][FONT=&quot]
    ඇමරිකා එක්සත් ජනපදය තම සටන කරපු ආකාරය තමයි මෙම සලරුවේ[/FONT][FONT=&quot]තියෙන්නේ. ජොර්ජ් වොෂින්ටන්ව විතරනෙ අපි දන්නේ.
    නමුත් තවත් අය ඒකට ගොඩක්[/FONT][FONT=&quot]උදව් කලා. මෙම චිත්‍රපටයේ කතානායකයා වන බෙනජමින් මාර්ටින් තම දරුවන් පවා[/FONT][FONT=&quot]නැතිකරගෙනයි මේ සටන කරන්නේ….
    [/FONT]
    [FONT=&quot]චිත්‍රපටයේ ප්‍රධන චරිතය වන බෙන්ජමින් මර්ටින් චරිතයට පණපොවන්නේ ඔස්කාර් සම්මානලාභි සුපිරි නලු[/FONT][FONT=&quot] Mel Gibson [/FONT][FONT=&quot]විසිනුයි.
    ඔහුත් ඔස්කාර් සම්මානලාභි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. මීට අමතරව[/FONT][FONT=&quot] Heath Ledger[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]Joely Richardson,Jason Isaacs [/FONT][FONT=&quot]වැනි නලුනිලියනුත් මෙම සලරුව හැඩකරනවා..
    යුධමය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉතිහාස කතා බලන්න ආස අයට මේක හොදම හොද චිත්‍රපටයක්.
    [/FONT][FONT=&quot]යුධමය කතාවක් නිසා [/FONT][FONT=&quot]බාසාව නම් ටිකක් අවුල්.[/FONT]
     
    Last edited:

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    [FONT=&quot]පෝස්ට් තියන පිටු අංක තියනව ටැග් වල හොදේ[/FONT]
    :yes::yes::yes::yes::yes:
     

    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    Hotel Rwanda (2004)

    713J58BbhnL._SY445_.jpg

    Schindler’s List චිත්‍රපටයේ අප්‍රිකානු ආදර්ශය යනුවෙන් බුහුමන් ලැබූ සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච සම්මාන 12 දිනාගත් හා ඔස්කාර් සම්මාන 3ක් ඇතුළු තවත් සම්මාන 31කට නිර්දේශ වීම් ලැබූ, IMDB හොඳම චිත්‍රපට 250 අතර 115 වැනි ස්ථානයේ රැඳෙන බොහොමත්ම මානුෂික කතා තේමාවක් රැගත් චිත්‍රපටයක්.

    1994 දී රුවන්ඩාවේ හුටූ හා ටුට්සි ගෝත්‍ර අතර ඇතිවූ ජන සංහාරයේ දී මියගිය සංඛ්‍යාව මිලියනයකට අධිකයි. රුවන්ඩාවෙ යටත් විජිත පාලකයින් වන බෙල්ජියම රට හැරගියාට පසු ඇතිවන තත්ව විසින් හා බල ලෝභයට ඇති කෑදර කම නිසා ඇතිවූ මෙම ජන සංහාරයේදී බෙල්ජියම් හෝටලයක කළමණාකරුවෙක් වන පෝල් රුසෙසබැගීනා විසින් ගෝත්‍ර දෙකේම සරණාගතයින් 1268 දෙනෙක් ගේ ජීවිත බේරා දීමට මැදිහත් වූ සත්‍ය කතාව තමයි චිත්‍රපටයේ මූලික තේමාව වන්නේ. ඒ සඳහා තම ජීවිතයද නොසලකා ඔහු තම හැකි උපරිමය යොදනවා.

    තමුන් ජීවත් වන කාලයේදී දාහකට නෙවෙයි අඩුම ගානේ එක මනුෂ්‍ය ජීවිතයකටවත් සරණක් වුනොත් සතුටින් මැරෙන්න පුලුවන් බව තමා මේ චිත්‍රපටයෙන් මට දැනුනු එකම දේ
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    713J58BbhnL._SY445_.jpg

    Schindler’s List චිත්‍රපටයේ අප්‍රිකානු ආදර්ශය යනුවෙන් බුහුමන් ලැබූ සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච සම්මාන 12 දිනාගත් හා ඔස්කාර් සම්මාන 3ක් ඇතුළු තවත් සම්මාන 31කට නිර්දේශ වීම් ලැබූ, IMDB හොඳම චිත්‍රපට 250 අතර 115 වැනි ස්ථානයේ රැඳෙන බොහොමත්ම මානුෂික කතා තේමාවක් රැගත් චිත්‍රපටයක්.

    1994 දී රුවන්ඩාවේ හුටූ හා ටුට්සි ගෝත්‍ර අතර ඇතිවූ ජන සංහාරයේ දී මියගිය සංඛ්‍යාව මිලියනයකට අධිකයි. රුවන්ඩාවෙ යටත් විජිත පාලකයින් වන බෙල්ජියම රට හැරගියාට පසු ඇතිවන තත්ව විසින් හා බල ලෝභයට ඇති කෑදර කම නිසා ඇතිවූ මෙම ජන සංහාරයේදී බෙල්ජියම් හෝටලයක කළමණාකරුවෙක් වන පෝල් රුසෙසබැගීනා විසින් ගෝත්‍ර දෙකේම සරණාගතයින් 1268 දෙනෙක් ගේ ජීවිත බේරා දීමට මැදිහත් වූ සත්‍ය කතාව තමයි චිත්‍රපටයේ මූලික තේමාව වන්නේ. ඒ සඳහා තම ජීවිතයද නොසලකා ඔහු තම හැකි උපරිමය යොදනවා.

    තමුන් ජීවත් වන කාලයේදී දාහකට නෙවෙයි අඩුම ගානේ එක මනුෂ්‍ය ජීවිතයකටවත් සරණක් වුනොත් සතුටින් මැරෙන්න පුලුවන් බව තමා මේ චිත්‍රපටයෙන් මට දැනුනු එකම දේ

    thanks mchn :love::love:
    mekat sira film ekak tamai :yes::yes: