ඇත්ත කතා වලින් හදපු Film

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Maath asama Category eka thamay True Stories patta.
    Man balapuwa mathak wenakota man list ekak daannam
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    imitation games
    No Pain . No Gain ekath patta.
    maath asama category ekak. habai hama ekama balanne naha. mata war film allanne naha.
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    Dunkirk (2017)

    MV5BN2YyZjQ0NTEtNzU5MS00NGZkLTg0MTEtYzJmMWY3MWRhZjM2XkEyXkFqcGdeQXVyMDA4NzMyOA@@._V1_UY209_CR0,0,140,209_AL_.jpg

    මේ කතාව අපි වෙන අරගෙන එන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි Christopher Nolan උත්තමය. ඒ තරම්ම දක්ෂයෙක් නෙමෙයි කොටින්ම කියනවා නම් මෙතෙක් නිර්මාණය කරපු චිත්‍රපට 10 න් 8 ක්ම IMDB හොඳම 250 ඇතුළට දාගත්තට 2ක් දාගන්න බැරි වෙලා තියනවා නෙව මෙයාට :V …. එහෙමත් කිව්වට මතක නැති නම් මෙයා තමයි කලින් Interstellar (2014), Inception (2010), The Prestige (2006) වගේම වැඩි ප්‍රසිද්ධියක් නැති වුණත් The Dark Knight Trilogy (2005/2008/2012) සිනමා පට ත්‍රිත්වයත් නිර්මාණය කළේ. සාමාන්‍ය චිත්‍රපටයක කතා රාමුවෙන් බැහැරට ගිහින් යුද්ධයක එක අවස්ථාවක් පැතිකඩ තුනකින් මේ සලරුව ඇතුළේ ඔබට දැකගැනීමට හැකි වේවි. ඔබ පාබල හමුදාවේ සෙබළෙක් අඳුනා ගෙන වැඩි කලක් යන්න කලින් ඔබට නැවියෙක් ගේ ඇසින් කතාව ඉදිරියට යනවා දැකගත හැකි වේවි. නමුත් එතනින් නතර වෙන්නේ නැහැ නෝලන් මහත්තය ගුවන් නියමුවෙක් හැටියටත් ඔබට සිදුවීම් දැකගන්නට හැකි වේවි කතාව ගලාගෙන යනකොට. හරියටම කියනවා නම් කාලෙකට කලින් අපි අරගෙන ආවThe Pacific කෙටි කතා මාලාව වගේ පැති කඩ තුනකින් එකම කතාවක්.
    IMDb අගය 7.0


    Fruitvale Station (2013)

    MV5BMTQ0OTU1MDkxMF5BMl5BanBnXkFtZTcwNjI5OTA3OQ@@._V1_UY209_CR0,0,140,209_AL_.jpg

    සම්මාන බොහොමයක් හිමිකරගත්තු, සත්‍ය කතාවක් වටා ගෙතුණු චිත්‍රපටියක්. 2013 සන්ඩන්ස් චිත්‍රපටි උලලේදී ජූරියේ විශේෂිත සම්මානය හිමිකරගනු ලබනවා, ඒවගේම ඇමරිකාවේ නාට්‍යමය චිත්‍රපටිවලින් ප්‍රේක්ෂකයින්ගේ කැමතිම චිත්‍රපටිය විදිහට සම්මාන හිමිකරගනු ලබනවා. ඒ වගේම AACTA සම්මාන උලලේදී හොඳම අන්තර්ජාතික සහායක නිළිය සම්මානයද, අප්‍රිකානු-ඇමරිකා විචාරක සංගමයේ සම්මාන උලලේදී හොඳම ස්වාධීන චිත්‍රපටියද, ඇමරිකානු චිත්‍රපටි මණ්ඩලයේදී අවුරුද්දේ හොඳම චිත්‍රපටි දහය අතට පැමිණීමද, ඔස්ටින් චිත්‍රපටි විචාරක සංගමයේ සම්මාන උලලේදී හොඳම පළමුවන චිත්‍රපටිය, Boston Online චිත්‍රපටි විචාරක සම්මාන උලලේදී හොඳම නව චිත්‍රපටි නිෂ්පාදනයද, Carmel කලාත්මක සහ චිත්‍රපට සම්මාන උලලේදී පළමු චිත්‍රපටියේ හොඳම නිළියටද, Dallas-Fort Worth චිත්‍රපටි විචාරාත්මක සම්මාන උලලේදී Russell Smith සම්මානයටද, Deauville ඇමරිකානු චිත්‍රපටි උලලේදී තවත් සම්මාන දෙකක්ද, සහ මේ ආකාරයේ සම්මාන විසි දෙක්ක මේ වන විට දිනාගෙන තිබෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය තවත් සම්මාන 17කට නාමයෝජනා වෙලා තිබෙනවා. ඒවගේම තවත් සම්මාන 15ක් ලැබෙන්නත් තියෙනවා.
    ඒවගේම මේ චිත්‍රපටිය 2013 වර්ෂයේ හොඳම චිත්‍රපටි දහය තුළට ඇතුළත් වෙනු ලබනවා කියලා මාධ්‍ය විසින් ප්‍රකාශයට පත්කරලත් තියෙනවා. ඒ ලොස් ඇන්ජලීස් ටයිම්ස් විසින් තුන්වෙනි ස්ථානයත්, යූඑස් වීක්ලි විසින් තුන්වන ස්ථානයත්, ඕවන් ග්ලිඩ්මන්ට්- එන්ටර්ටෙයිනිමන්ට් වීක්ලි විසින් හතර වෙනි ස්ථානයත් සහ පස්වෙනි ස්ථානයත්, චිකාගෝ ට්‍රිබූන් විසින් පස්වෙනි ස්ථානයත්, නිව්යෝර්ක් ඩෙයිලි නිවුස් වෙතින් ස්ථානයත්, ද වොෂින්ග්ටන් පෝස්ට් විසින් නමවෙනි ස්ථානයත්, සැන් ජෝස් මර්කරි නිවුස් විසින් නමවෙනි ස්ථානයත්, ඈන් තොම්ප්සන් විසින් නමවෙනි ස්ථානයත් ලබාදීලා තියෙනවා.
    චිත්‍රපටිය ප්‍රදර්ශනය කරපු පළවෙනි දවසේ රාත්‍රිය වෙනකොට ඩොලර් එක්ලක්ෂ විසිඅටදාහක ආදායමක් ලැබිලා තියෙනවා. මුල් සතිය අවසන් වෙද්දි එක චිත්‍රපටි ශාලාවකින් ඩොලර් පනස් තුන්දාස් අටසීයක අගයක් අරගෙන සිනමා ශාලා හතකින් ඩොලර් තුන්ලක්ෂ හැත්තෑ හත්දහස් තුන්සීයක් හම්බකරලා තියෙනවා. මේක තමයි ප්‍රදර්ශනය කරනු ලබපු පළවෙනි සතියේ වැඩිම ආදායමක් උපයමු තුන්වෙනි චිත්‍රපටිය. හැබැයි ඒ සීමිත වකවානුවක් වෙනුවෙන් ප්‍රදර්ශනය කරපුවාගෙන් හරිනේ. මේ වෙද්දි ලෝකයෙන්ම ඩොලර් මිලියන දාසය හමාරකට ආසන්න ප්‍රමාණයක් හොයලා තියෙනවා.
    මේ චිත්‍රපටිය ගැන කියන්න දේවල් තියෙනවා ඇත්තටම ගොඩක්. ඒත් හැමදෙයක්ම කියන්න බෑනේ. ඒක නිසා තව පොඩ්ඩක් කියවලාම කතාව පැත්තට හැරෙන්නම්. ඇමරිකානු චිත්‍රපටියක් වෙන මේ සිතුවම අධ්‍යක්ෂණය කරල තියෙන්නේ රයන් කූග්ලර් විසින්. ඒවගේම මේක එයාගේ කුළුදුල් චිත්‍රපටිය. මේ කතාව සත්‍ය කතාවක් මත පදනම් උණ එකක් කියලා මම කලින් කිව්වනේ. ඔව්, ඔස්කා ග්‍රෑන්ට් කියන තරුණයාව BART පොලිසියේ නිලධාරියෙක් වන Johannes Mehserle විසින් කැලිෆෝනියාවේ ඔක්ලන්ඩ් වල තියෙන ෆෘට්වේල් කියන දුම්රියපළේදී ඝාතනය කිරීමට ලක්වුණා. ඒක තමයි මේකට පාදක වෙන කතාව.
    මේකෙ සීන් එකක් තියනව පොලිසියෙන් අල්ල ගත්ත කළු කොල්ලො කෙල්ලො සෙට් එකකට ගහ ගහ ප්‍රශ්ණ අහනව. උන් පට්ට යන්න බය වෙනකන් ගහනවා වෙඩි තියනවා. මරන්නම හදනවා ඒත් එකෙක් වත් පාවා දෙන්නෙ නෑ බන්. උන් ඒ වෙලාවෙ කට පරිස්සම් කරන් ඉන්න විදිහ පුදුම හිතෙනවා බන්. පට්ටයි ෆිල්ම් එක නම්. අනිවා බලපන්

    Jungle (I) (2017)

    MV5BNDE4OTk4MTk0M15BMl5BanBnXkFtZTgwODQ4MTg0MzI@._V1_UY209_CR4,0,140,209_AL_.jpg


    2017 ඔක්තෝබර් මස 20 වැනි දින තිරගත වීම ආරම්භ වුනු Action, Adventure, Drama වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය දැනටIMDB වල රේටින්ග්ස් 6.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 105 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Greg McLean නම් අධ්‍යක්ෂවරයා විසිනුයි. මේක සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුනු චිත්‍රපටියක්.
    මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ සුප්‍රසිද්ද Harry Potter චිත්‍රපට මාලාවෙ හැරී පෝටර්ගෙ චරිතය හරහා අප කාගෙත් ආදරය දිනාගත් Daniel Radcliffe නම් නළුවයි. ඊට අමතරව Thomas Kretschmann, Alex Russell, Lily Sullivan සහ Joel Jackson ඇතුළු නළු නිළියන් රැසක් මෙයි රඟපානවා.
    බොලීවියාවෙ වනාන්තරයක පිහිටි රතු ඉන්දියානු ගමක් සොයා යන මිතුරන් තිදෙනෙක් සහ ඔවුන්ගේ මඟ පෙන්වන්නා හට වනාන්තරය තුළදී මුහුණදීමට සිදුවන සිදුවීම් මෙම චිත්‍රපටයෙන් පෙන්නුම් කෙරෙනවා. විශේෂයෙන්ම වනාන්තරයක් කිව්වම අපිට හිතෙන්නෙ එතනදි ලොකුම අනතුර තියෙන්නෙ මාංශ භක්ෂක වන සතුන්ගෙන් කියලනෙ. නමුත් ඊට වඩා අනතුරුදායක දේ වනාන්තර තුළ තිබෙන බව මෙම චිත්‍රපටිය නැරඹීමෙන් අපට පැහැදිළි වෙනවා. හොඳයි එහෙනම්, කම්මැලි නැතුව බලන්න පුළුවන් සුපිරි චිත්‍රපටියක්.
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    United 93 (2006)

    United-93-Movie-Wallpapers-5.jpg


    2001 සැප්තැම්බර් 11 දවස ඔබට මතකද ?
    සමහර අයට නම් අමතක ඇති.
    ඒත් ඇමරිකාවේ ජනතාවට නම් ඒක කවදාවත් අමතක වෙන එකක් නෑ.
    විශේෂයෙන්ම නිව්යෝක් වැසියන්ට නම්.
    ත්‍රස්තවාදී ප්‍රහාරයක් නිසා ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානේ නිවුන් කුළුනු දෙකම බිමටම සමතලා වෙනවා ඒ දවසේ.
    3000කට ආසන්න පිරිසක් මියයනවා මේ ප්‍රහාරයෙන්.
    6000ක් පිරිසක් තුවාල ලැබුවා යැයි සඳහන් වෙනවා.
    ඇමරිකානු ආරක්ෂක මූලස්ථානයට පවා යානාවක් කඩාවැටීමට සලස්වනවා
    මෙම සිදුවීම සම්බන්ධයෙන් චිත්‍රපට ගණනාවක් නිපදවී තිබෙනවා.

    ඒ අතරින් මේ චිත්‍රපටය වෙනස් එකක් වන්නේ ප්‍රහාරය දිනයේ පැහැරගැනීමට ලක්වූ ගුවන්යානාවක් තුල සිදුවූ
    සිදුවීම් අලලා මෙය නිපදවා ඇති නිසාවෙන්.
    ඇමරිකාව කෙතරම් තාක්ශණය අතින් දියුණු උවත් හමුදා බලයෙන් ප්‍රබල උවත් මෙම ප්‍රහාරය
    අවසන් වනතුරුත් එයට විරුද්ධව කිසිදු පියවරක් ගැනීමට ඉඩකඩක් ලැබෙන්නේ නෑ.
    එකම දිනයක් තුල ආසන්න වෙලාවන්හිදී මගී ගුවන් යානා 4ක් පැහැරගනිමින් එල්ල කල මෙම ප්‍රහාරය
    ඇමරිකානු ආරක්ශක අංශ වලට එල්ල වූ මරු පහරක් යැයි කිව හැකියි.
    ඔසාමා බින් ලාඩන් සමඟ අල් කයිඩා සංවිධානය මෙම ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ වර්ශ 1992 සිට කීවොත් ඔබ පිළිගන්නවාද ?
    මෙම යානා පැහැරගත් ත්‍රස්තවාදීන් නීති්‍යානුකූලව වීසා ලබාගෙන ඇමරිකාවේම
    ගුවන් යානා පුහුණු පාසල් වලට අැතුලත් වී ඊට වසරකට පෙර සිට පුහුණු වී තිබේ.

    ඒ තමයි මේ සිද්ධියේ ඉතිහාසය. දැන් චිත්‍රපටයේ කතාව දෙසට හැරෙන්නම්.

    මේ කතාවේ හැටියට ඔවුන් පැහැරගත් යානා අතරින් 3ක්ම හරි ඉලක්කයට කඩා වැටෙන්නට ත්‍රස්තවාදීන් සමත් වනවා.
    ඉතිරි වන්නේ මෙම චිත්‍රපටයේ නමින් දැක්වෙන යුනයිටඩ් 93 යානාව පමණයි.
    එය තමයි අවසානයට පැහැරගන්නා යානාව.
    සාමාන්‍ය මගීන් ලෙස යානයට ගොඩවන ත්‍රස්තවාදීන් විසින් රහසේම යානය පැහැරගන්නට සමත් වනවා.
    නමුත් එහි සිටින මගීන්ට යානාව පැහැරගෙන යැයි දැනගන්නට හැකිවනවා.
    ඉන්පසු ඔවුන් කුමක් කරයිද ?
    ත්‍රස්තවාදීන්ට ඉලක්කය විනාශ කරන්න සමත් වෙයිද ?
    යානය නැවත ගොඩබාන්න හැකි වෙයිද ?
    ත්‍රාසය කුතුහලය පිරුණ මේ චිත්‍රපටිය නරඹලාම දැනගන්න.
    මෙය IMDB වෙබ්අඩවියේ ලකුණු 7.6 ක් ලබාගෙන තිබෙනවා.