Dunkirk (2017)
මේ කතාව අපි වෙන අරගෙන එන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි Christopher Nolan උත්තමය. ඒ තරම්ම දක්ෂයෙක් නෙමෙයි කොටින්ම කියනවා නම් මෙතෙක් නිර්මාණය කරපු චිත්‍රපට 10 න් 8 ක්ම IMDB හොඳම 250 ඇතුළට දාගත්තට 2ක් දාගන්න බැරි වෙලා තියනවා නෙව මෙයාට :V …. එහෙමත් කිව්වට මතක නැති නම් මෙයා තමයි කලින් Interstellar (2014), Inception (2010), The Prestige (2006) වගේම වැඩි ප්‍රසිද්ධියක් නැති වුණත් The Dark Knight Trilogy (2005/2008/2012) සිනමා පට ත්‍රිත්වයත් නිර්මාණය කළේ. සාමාන්‍ය චිත්‍රපටයක කතා රාමුවෙන් බැහැරට ගිහින් යුද්ධයක එක අවස්ථාවක් පැතිකඩ තුනකින් මේ සලරුව ඇතුළේ ඔබට දැකගැනීමට හැකි වේවි. ඔබ පාබල හමුදාවේ සෙබළෙක් අඳුනා ගෙන වැඩි කලක් යන්න කලින් ඔබට නැවියෙක් ගේ ඇසින් කතාව ඉදිරියට යනවා දැකගත හැකි වේවි. නමුත් එතනින් නතර වෙන්නේ නැහැ නෝලන් මහත්තය ගුවන් නියමුවෙක් හැටියටත් ඔබට සිදුවීම් දැකගන්නට හැකි වේවි කතාව ගලාගෙන යනකොට. හරියටම කියනවා නම් කාලෙකට කලින් අපි අරගෙන ආවThe Pacific කෙටි කතා මාලාව වගේ පැති කඩ තුනකින් එකම කතාවක්.
IMDb අගය 7.0
Fruitvale Station (2013)
සම්මාන බොහොමයක් හිමිකරගත්තු, සත්‍ය කතාවක් වටා ගෙතුණු චිත්‍රපටියක්. 2013 සන්ඩන්ස් චිත්‍රපටි උලලේදී ජූරියේ විශේෂිත සම්මානය හිමිකරගනු ලබනවා, ඒවගේම ඇමරිකාවේ නාට්‍යමය චිත්‍රපටිවලින් ප්‍රේක්ෂකයින්ගේ කැමතිම චිත්‍රපටිය විදිහට සම්මාන හිමිකරගනු ලබනවා. ඒ වගේම AACTA සම්මාන උලලේදී හොඳම අන්තර්ජාතික සහායක නිළිය සම්මානයද, අප්‍රිකානු-ඇමරිකා විචාරක සංගමයේ සම්මාන උලලේදී හොඳම ස්වාධීන චිත්‍රපටියද, ඇමරිකානු චිත්‍රපටි මණ්ඩලයේදී අවුරුද්දේ හොඳම චිත්‍රපටි දහය අතට පැමිණීමද, ඔස්ටින් චිත්‍රපටි විචාරක සංගමයේ සම්මාන උලලේදී හොඳම පළමුවන චිත්‍රපටිය, Boston Online චිත්‍රපටි විචාරක සම්මාන උලලේදී හොඳම නව චිත්‍රපටි නිෂ්පාදනයද, Carmel කලාත්මක සහ චිත්‍රපට සම්මාන උලලේදී පළමු චිත්‍රපටියේ හොඳම නිළියටද, Dallas-Fort Worth චිත්‍රපටි විචාරාත්මක සම්මාන උලලේදී Russell Smith සම්මානයටද, Deauville ඇමරිකානු චිත්‍රපටි උලලේදී තවත් සම්මාන දෙකක්ද, සහ මේ ආකාරයේ සම්මාන විසි දෙක්ක මේ වන විට දිනාගෙන තිබෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය තවත් සම්මාන 17කට නාමයෝජනා වෙලා තිබෙනවා. ඒවගේම තවත් සම්මාන 15ක් ලැබෙන්නත් තියෙනවා.
ඒවගේම මේ චිත්‍රපටිය 2013 වර්ෂයේ හොඳම චිත්‍රපටි දහය තුළට ඇතුළත් වෙනු ලබනවා කියලා මාධ්‍ය විසින් ප්‍රකාශයට පත්කරලත් තියෙනවා. ඒ ලොස් ඇන්ජලීස් ටයිම්ස් විසින් තුන්වෙනි ස්ථානයත්, යූඑස් වීක්ලි විසින් තුන්වන ස්ථානයත්, ඕවන් ග්ලිඩ්මන්ට්- එන්ටර්ටෙයිනිමන්ට් වීක්ලි විසින් හතර වෙනි ස්ථානයත් සහ පස්වෙනි ස්ථානයත්, චිකාගෝ ට්‍රිබූන් විසින් පස්වෙනි ස්ථානයත්, නිව්යෝර්ක් ඩෙයිලි නිවුස් වෙතින් ස්ථානයත්, ද වොෂින්ග්ටන් පෝස්ට් විසින් නමවෙනි ස්ථානයත්, සැන් ජෝස් මර්කරි නිවුස් විසින් නමවෙනි ස්ථානයත්, ඈන් තොම්ප්සන් විසින් නමවෙනි ස්ථානයත් ලබාදීලා තියෙනවා.
චිත්‍රපටිය ප්‍රදර්ශනය කරපු පළවෙනි දවසේ රාත්‍රිය වෙනකොට ඩොලර් එක්ලක්ෂ විසිඅටදාහක ආදායමක් ලැබිලා තියෙනවා. මුල් සතිය අවසන් වෙද්දි එක චිත්‍රපටි ශාලාවකින් ඩොලර් පනස් තුන්දාස් අටසීයක අගයක් අරගෙන සිනමා ශාලා හතකින් ඩොලර් තුන්ලක්ෂ හැත්තෑ හත්දහස් තුන්සීයක් හම්බකරලා තියෙනවා. මේක තමයි ප්‍රදර්ශනය කරනු ලබපු පළවෙනි සතියේ වැඩිම ආදායමක් උපයමු තුන්වෙනි චිත්‍රපටිය. හැබැයි ඒ සීමිත වකවානුවක් වෙනුවෙන් ප්‍රදර්ශනය කරපුවාගෙන් හරිනේ. මේ වෙද්දි ලෝකයෙන්ම ඩොලර් මිලියන දාසය හමාරකට ආසන්න ප්‍රමාණයක් හොයලා තියෙනවා.
මේ චිත්‍රපටිය ගැන කියන්න දේවල් තියෙනවා ඇත්තටම ගොඩක්. ඒත් හැමදෙයක්ම කියන්න බෑනේ. ඒක නිසා තව පොඩ්ඩක් කියවලාම කතාව පැත්තට හැරෙන්නම්. ඇමරිකානු චිත්‍රපටියක් වෙන මේ සිතුවම අධ්‍යක්ෂණය කරල තියෙන්නේ රයන් කූග්ලර් විසින්. ඒවගේම මේක එයාගේ කුළුදුල් චිත්‍රපටිය. මේ කතාව සත්‍ය කතාවක් මත පදනම් උණ එකක් කියලා මම කලින් කිව්වනේ. ඔව්, ඔස්කා ග්‍රෑන්ට් කියන තරුණයාව BART පොලිසියේ නිලධාරියෙක් වන Johannes Mehserle විසින් කැලිෆෝනියාවේ ඔක්ලන්ඩ් වල තියෙන ෆෘට්වේල් කියන දුම්රියපළේදී ඝාතනය කිරීමට ලක්වුණා. ඒක තමයි මේකට පාදක වෙන කතාව.
මේකෙ සීන් එකක් තියනව පොලිසියෙන් අල්ල ගත්ත කළු කොල්ලො කෙල්ලො සෙට් එකකට ගහ ගහ ප්‍රශ්ණ අහනව. උන් පට්ට යන්න බය වෙනකන් ගහනවා වෙඩි තියනවා. මරන්නම හදනවා ඒත් එකෙක් වත් පාවා දෙන්නෙ නෑ බන්. උන් ඒ වෙලාවෙ කට පරිස්සම් කරන් ඉන්න විදිහ පුදුම හිතෙනවා බන්. පට්ටයි ෆිල්ම් එක නම්. අනිවා බලපන්
Jungle (I) (2017)
2017 ඔක්තෝබර් මස 20 වැනි දින තිරගත වීම ආරම්භ වුනු Action, Adventure, Drama වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය දැනටIMDB වල රේටින්ග්ස් 6.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 105 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Greg McLean නම් අධ්යක්ෂවරයා විසිනුයි. මේක සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුනු චිත්‍රපටියක්.
මේ චිත්රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ සුප්‍රසිද්ද Harry Potter චිත්‍රපට මාලාවෙ හැරී පෝටර්ගෙ චරිතය හරහා අප කාගෙත් ආදරය දිනාගත් Daniel Radcliffe නම් නළුවයි. ඊට අමතරව Thomas Kretschmann, Alex Russell, Lily Sullivan සහ Joel Jackson ඇතුළු නළු නිළියන් රැසක් මෙයි රඟපානවා.
බොලීවියාවෙ වනාන්තරයක පිහිටි රතු ඉන්දියානු ගමක් සොයා යන මිතුරන් තිදෙනෙක් සහ ඔවුන්ගේ මඟ පෙන්වන්නා හට වනාන්තරය තුළදී මුහුණදීමට සිදුවන සිදුවීම් මෙම චිත්‍රපටයෙන් පෙන්නුම් කෙරෙනවා. විශේෂයෙන්ම වනාන්තරයක් කිව්වම අපිට හිතෙන්නෙ එතනදි ලොකුම අනතුර තියෙන්නෙ මාංශ භක්ෂක වන සතුන්ගෙන් කියලනෙ. නමුත් ඊට වඩා අනතුරුදායක දේ වනාන්තර තුළ තිබෙන බව මෙම චිත්‍රපටිය නැරඹීමෙන් අපට පැහැදිළි වෙනවා. හොඳයි එහෙනම්, කම්මැලි නැතුව බලන්න පුළුවන් සුපිරි චිත්‍රපටියක්.