ඇත්ත තමා මේ කියන දේ...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,435
    113
    ඇත්ත තමා මේ කියන දේ...

    උපුටා ගැනීමක්

    19 වන සංශෝධනය හෝ වෙනත් එවැනි ඕනෑම ප‍්‍රතිසංස්කරනයක් ස්ථානගත වන්නේ ප‍්‍රභූ සමාජ පන්ති හා ස්ථරවල ආධිපත්‍යය පවතින රාමුවක් තුළය.
    එය එනයින් ගත්විට අවසාන විග‍්‍රහයේ දී සමාජයේ බලවත් කන්ඩායම් හා ස්ථරවලට පක්ෂපාතී වන්නේය.
    මෙම පන්ති පක්ෂපාතීත්වය පොලිසිය, අධිකරනය, රාජ්‍ය සේවය ආදී ඕනෑම රාජ්‍ය උපකරණයක ඇට මිදුලූ දක්වා කිඳා බැස තිබෙන්නකි.
    මෙම ආයතනවලට පත්කිරීම් කිරීම තනි පුද්ගලයෙක්ගේ ( ජනාධිපති ) සිට ඊනියා බුද්ධිමතුන්ගෙන් සමන්විත පර්ෂදයකට ( කොමිෂන් සභා ) විතැන් කලා කියලා මෙම ආයතනවල තිබෙන ප‍්‍රභූවාදී සැකැස්ම හෝ හැඩහුරුව වෙනස් වන්නේ නැත.
    උදාහරනයක් විදිහට කම්කරු අරගලයක දී පොලිසිය ක‍්‍රියා කරනු ඇත්තේ කෙසේද? පොලිසිය විසින් ආරක්ෂා කරනු ඇත්තේ කාගේ උවමනාවන්ද? ජනාධිපති විසින් පොලිස්පති පත්කලත්, කොමිෂන් සභාවක් විසින් පොලිස්පති පත් කලත් වෙනසක් නැතිව එය විසින් ආරක්ෂා කරනු ඇත්තේ ප‍්‍රාග්ධනයේ උවමනාව මිස කම්කරුවන්ගේ උවමනාව නොවේ.
    ඒ නිසා ඉහල සිට රාජ්‍යය ප‍්‍රතිසංස්කරනය කිරීම සඳහා කරන ඕනෑම ලිබරල් ප‍්‍රතිසංස්කරනයකට සීමාවක් තිබේ. එම සීමාව වු කලී ධනවාදයයි. පංති සමාජයයි.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,435
    113
    19 වන ආන්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත විය. අවසානයේ සියල්ලෝ ඒ මල් වට්ටියට අත ගැසූහ. දකුනු ලංකාවේ ප‍්‍රධාන දහරාවේ දේශපාලනය තුල මේ වනවිට ආධිපත්‍යය උසුලන්නේ කඳවුරු ද්විත්වයකි. ඒ ලිබරල්වාදී කඳවුර සහ සිංහල ජාතිකවාදී කඳවුරයි. මේ විභේදනය සම්පූර්නයෙන්ම අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාරී එකක් නොවේ. එනම් ලිබරල් කඳවුර සිංහල ජාතිවාදයෙන් සම්පූර්නයෙන්ම මිදී නොමැති වන්නා සේම ජාතිවාදී කඳවුර තුලද ලිබරල්වාදයේ ඇතැම් අංග නියෝජනය වන්නේය. එසේ තිබිය දී මූලික වශයෙන් මේ විදිහේ අක්ෂයන් දෙකකට දකුනු ලංකාවේ ප‍්‍රධාන දහරාවේ දේශපාලනය බෙදී තිබේ යැයි කීම යුක්ති යුක්තය.

    :yes: