ඇත්ත මාලි... |haters see this....

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මාලිංගව මීට කලින් දැකල නෑ තමයි
    මාලිංගට කවුරුන් හෝ බනිනවානම් ඊට කලින් මේ සටහන කියවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
    ඊයේ ශ්‍රී ලංකා පිල ලෝක කුසලානය සදහා පිටත්ව යන අවස්ථාවට මමද සහභාගි වුනෙමි. මා එහි යන විට කණ්ඩායමේ 14 දෙනෙක් ආගමික වතාවත් වල නිරත වෙමින් සිටියහ. මාලිංග පමණක් එම ශාලාවට පිවිසෙන තැන පඩිපෙල අසල කණ්ඩියක් මත හිදගෙන බලා සිටියේය.
    “ මාලි අපි ටිකක් කතා කරමුද“ මම ලක්හඩ මයික් එකද මානාගෙන ඇසුවෙමි.
    “දැං මා එක්ක මොනව කතා කරන්නද කොල්ලො? දැං මගෙ කාලෙ ඉවරයි.“
    මාලි දුක්මුසු සිනහවකින් පිළිතුරු දුන්නේය.
    “බම්බුවක් කතා කරන්න එපා අයියෙ. එක එකා කියන ඒවා ඔයා ගණන් ගන්න එපා.“ මමත් මගේ සගයා Chamith Vidanagamageත් එකවිට පිලිවදන් දුන්නෙමු.
    මාලි සමග කල කතා බහ ඔබට පහත ලින්ක් එකෙන් නැරඹිය හැකිය.
    https://www.facebook.com/radioitn/videos/245446665788078/
    එය බැලුවොත් මාලිංග කතා කරන්නේ මොන තරම් කලකිරීමෙන්දැයි ඔබට දැනෙනු ඇත. මාලිගෙන් මොන ප්‍රශ්නය ඇසුවත් ඔහු කියන්නේ මං ක්‍රීඩා කලේ රට වෙනුවෙන් යන්නය. එයින් තේරුම් යන්නේ මාලිට පසුගිය දිනෙක අනුවණ මීඩියා කාරයන් විසින් එල්ල කල ප්‍රහාරය කොතරම් දරුණුවට ඔහුගේ සිතට වද දෙනවදෙ යන්නයි.
    මේ ශ්‍රී ලංකා ලෝක කුසලාන පිලේ ප්‍රධාන පන්දු යවන්නායි. ලෝක කුසලානයට පෙර ඔහුගේ මානසිකත්වය බිංදුවට ඇද දැමීම වගකිවයුතු මාධ්‍යකරුවන්ගේ යුතුකමදැයි ප්‍රශ්න කල යුතුව තිබේ. කුණු විකුණා ජනප්‍රිය වෙනවාට වඩා මාධ්‍යකරුවන්ට සමාජ වගකීමක් තිබිය යුතුය.
    “මාලිංග ක්‍රීඩා කලේ රට වෙනුවෙනි.“
    ඕනෑම ජගතෙකුට මම අභියෝග කරමි. එය සාක්කි සාධක සහිතව පෙන්වා දිය හැකිය.
    ලෝකයේ කඩුලු චතුර්ථයක් ලබාගත් එකම පන්දු යවන්නා මාලිය
    ලෝකටෙයේ මෑත කාලීනව බිහිවූ විශිෂ්ටතමයන් අතරට ලංකාවේ නම ගෙන ගියේ මාලිය.
    කවුරුත් පාරම් බාන සංගලාට මහේලලාට වඩා මාලි රට වෙනුවෙන් ක්‍රීඩා කලේය, තරග දිනෙව්වේය.
    මාලිව දිගින් දිගටම මුම්බායි පිලට තෝරාගත්තේ මාලිගේ දක්ෂකම නිසාය. අනික් ක්‍රීඩකයන් තෝරා නොගෙන මාලි දිගටම ක්‍රීඩා කලේ ඔහුගේ දක්ෂකම නිසාය.
    දක්ෂයෙකු වීම මාලිගේ වරදද?
    මාලිගේ හැසිරීමේ ඇතැම් අඩුපාඩු පවතී්‍. මාලිද සාමාන්‍ය මිනිසෙකු මිස සාන්තුවරයෙකු නොවන බව අප තේරුම් ගත යුතුය.
    කටකාර දඩබ්බර මාලි ඊයේ මා දුටුවේ බරපතල කලකිරීමකින් සිටින අයුරුය. මාලිව ජීවිතේ කිසිදිනක මා එලෙස දැක නැත. මට හැගුනේ ඔහු දැඩි විඩාවකට පත්ව සිටින බවයි.
    බල්ලෝ හදට බුරති. විටෙක අමාවක වුවත් යලිත් කදු පන්ති සියල්ලටම උඩින් පාලොස්වක සද පායන බව නිසැකය.
    12799133_170313016685797_5210918664178010256_n.jpg

    මාලි උඹට ජය . රටට ජය!
    One(Team+Nation)
    -විදුරංග වි. ගුණසේකරගේ Fb ගිණුමෙන් උපුටා ගන්නා ලදී
     
    Last edited:
    • Like
    Reactions: Luckyherald 5

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    මුට වැරද්දක් කියන්න බැහැ...
    රට වෙනුවෙන් කරපන් කරපන් කියන උන් මු වෙනුවෙන් මොනාද කලේ ???

    මොකෙක් හරි එකෙක් කට්ට කාල තැනකට ආවම ඌ ජාතික වීරයෙක් කරගෙන දඟලනවා... පොඩ්ඩක් අවුල් යනකොට බනිනවා. අහරි අමුතු රටක් මේක.

    පෞද්ගලිකව මූ හරියට හරි, උගේ හැකියාවෙන් ඌ හැදෙනවා.
    රටටත් පුළුවන් විදියට වැඩක් කරනවා ඕනවට වඩා දෙන්න යන්නේ නැතුව.

    චමින්ද වාස් කොහොමද හිටියේ...
    කොච්චර දක්ෂ කෙනෙක්ද....
    ඒ උනාට ටීම් එකෙන් එලවපු හැටි මතකනේ.....
    ඒකට හිස් අතින් යන්න උනේ.

    මු ඒ අතින් මොළකාරය
    මිනිස්සුන්ට කරනකම් විතරයි මතක කියල හොඳට තේරුම් අරගෙන වැඩ කරලා උගේ අනාගතේ හදාගන්නවා :):):):):):)
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    aniwa mslita ssurgeriyak karanna ausie yanda wuna welawe mehen sathayak dunne na..eyage wiyadamin gihillai eka karagatthe...ea kale team ekata gaththe nathi hindai mumbai team ekata sellan karanna patan gatthe, amaru welawe hitiye ea minissu kiyala malita mathakai...