පාට් 3
----------
ඒත් ඇත්තම කියනවනම් මචං මේ වගේ සුලු සිද්දි පවා මට නැවුම් අලුත් දේවල්. මීට ගොඩක් එහාට ගිය දේවල් කොල්ලෝ ඕන තරම් 3න් 4තර සැරේ හෝ ඊටත් වැඩියෙන් වඳල ඇති. ඒත් මේ මගේ පලවෙනි අවස්ථාව.
කොහොම හරි එදා යනකොට මටත් කියල ගයේ, වැඩකරන තැන විස්තර නම හරහෙ මෙහේ.... ඒත් මම ගොලුවෙලා.


මොකද මම දන්නනව මගේ ඇත්ත තත්වේ දන්නව නම් මේ වගේ කෙල්ලෙක් මාත් එක්ක කතා කරන්නෑ කියල.
ලොකුම අවුල මම ගෙදර එනකන් සහ ගෙදර ආපු මොහොතේ ඉඳන් අර කෙල්ලමයි මතක් වෙන්නේ

මට කොච්චර කරත් ඒ මූන , හිනාව, බැල්ම අමතක කරන්න බෑ. ඒ මතක් වීමත් එක්ක මාර වේදනාවක් පපුවට දැනෙනව බන්.

හරියට පිච්චිලා යනව වගේ


දැන් දවස් කීපයක් ගතවෙලා ගියත් ඒකඑහෙමමයි. මගේ එනජි එක හොඳටම බැහැල. මට මං ගැනම පුදුම කලකිරීමක් බන් දැන් තියෙන්නේ. කලින්ට වඩා සිය දහස්ගුනේකින් ඒක වැඩිවෙලා. කොයිවෙලාවෙත් මම දැන් පිච්චෙනව වගේ.

අම්ම එක්කවත් වැඩිය කතාවක් බහක් කරන්න හිතෙන්නෑ.
මට මංගැනම ඇත්තටම ලැජ්ජයි මොකද. කෙල්ලෙක් හමුවෙලා කතා කල පමණින්. ඒ කෙල්ල ගැන හිතක් පහල වෙලා හිත හිත ඉන්නව කියන එක උබලට තේරෙනවනේ. අඩෝ ඒක මට පට්ට අමාරුයි. හරිම වේදනාකාරියි. ඒක වැඩ උනේ මගේ පසුබිම අන්තිම නරක නිසා. මගේ තියෙන එකම දේ පිට පෙනුම විතරයි.
මට දැන් තේරෙනව බන්. කෙල්ලො ඉඳලා බූට් කාපු වාම කොල්ලෝ කොච්චර විඳවනවද කියල සහ සමහරු මැරෙන එක ගැනත් මට දැන් ඒ හැටි පුදුමයක් නෑ. මේ කෙල්ලෙක් මාත් එක්ක ටිකක් ලෙන්ගතු කමින් කතා කරල විතරයි.



ඒ අතින් මම කොච්චර ලූසර් කෙනෙක්ද කියල මටම හිතෙනව බන්.
මම දන්නව මේ ලෝකේ මට ආදරේ කරන එක්කෙනයි ඉන්නේ ඒ මගේ අම්ම විතරයි. ඒත් එයාකවදාවත් මගේ උලුව වත් අතගානව මටමතක නෑ. ඒත් අම්ම මට පන වගේ ආදරෙයි කියල දන්නව. මම කියන්න ට්‍රයිකරේ කොල්ලෙක්ට තරුණකාලෙදි වැඩිපුර දැනෙන්නේ කෙල්ලෙක්ගෙ ආදරේනේ. සමහර විට ඒ කෙල්ල සාමාන්‍ය විදියට මාත් එක්ක කතා කරන්න ඇති ( ලැජ්ජයි ඕයි.) ඒත් මේවගේ දෙයක් මට නැවුම් නිසා මගේ හිතට ඒක තදින්ම වැදුන.

ඒත් දැන් මම මාර විදියට විඳවනව බන්. මටදැන් නින්ද යන්නෙත් නෑ මහ රෑ ඇඳ උඩ ඉඳගෙනඉන්නව. මම ගොඩ යන්න a/l කර කර හිටියේ. ඒකත් මේ දවස් ටියේ ටිකක් යට ගියා මේ වෙනස්කම නිසා. මට වේදනවා වැඩි මචං. මම තනිකර බොරු ජීවිතයක් නිසා. මම අැත්තටම එළ කොල්ලෙක් නම් අරවගේ කෙල්ලෙක්ගෙන් ආදරය ලබන්න තිබ්බා. මම බොරුකාරයෙක්නිසා සහ මගේ ඇත්ත දැනගත්ත දවසට ඔය වගේ කෙල්ලෙක් මට ජීවිතේට කැමිති වෙන්නෑනේ. අන්න ඒකතමයි වේදනාව. මේ වේදනාවට පපුව තදවෙනව වගේ බන්.


මේ නිසාම කොච්චර ඒ මූන අමතක කරන්න හැදුවත් මතක් වෙනව.
අනේ මංද බන්. මට මේ කෙල්ලව අමතක අමතක කරන්න විදියක් කියපල්ල බන්. මට මේ කෙල්ලම මාර විදියට වැදුන. මොකද මගේ හිතේ තිබ්බ කෙල්ල වගේමයි මෙයා. ඒත් මිනිහෙක් වෙන්නේ නැතිව කෙල්ලෙක් දාගන්න බෑනේ. මට කාටවත් බොරුකරල රවට්ටන්නත් මම කැමති නෑ.

ඒ වෙලාවේ බොරු කිව්වේ. ඒ මොහොතෙ හරි ජාමේ බේරගන්න. මට ලොකුම දුක පස්සෙ කාලෙක මගේ තත්වේ මම හදාගත්තත්, මේ හිනාවම තියෙන මේ බැල්මම තියෙන කෙල්ලෙක් මට ලැබෙයිද කියල. ඇත්තට ජීවිතේ හරි නපුරුයි බන්. මාර විදියට රිද්දනව සමහර වෙලාවට.
මට කියපල්ල හිතපු තත්වෙට එන්න විදියක්. මේක මහ තේරුමක් නැති වේදනවාවක්. කලින් තිබ්බ තරහ අමතක කරල මට උදව් කරපල්ල Please................
