බිරිඳ රැකියාවක් කළ යුතුද? නැද්ද?කියන එක ගැන කතා කරනවානම්..ඔය දෙකටම..හොඳ සහ නරක යන දෙපැත්තෙන්ම කරුණු පෙන්වන්න පුළුවන්..ඔතනට එන ආකල්පය තමන්ගේ පවුල් පසුබිම මත එන එකක් විදියටයි මම දකින්නේ..අම්ම රස්සාවක් කරන අය ඉන්න පවුල් වල අය හිතනවා බිරින්ද රැකියාවක් කළ යුතුයි කියලා රැකියාවක් කිරීමෙන් වෙන යහපත් පැත්ත ඒ අය දකිනවා ,අම්මා රස්සාවක් කරන් නැති අය හිතනවා බිරිඳ රැකියාවක් නොකළ යුතුයි කියලා රැකියාවක් නොකිරීමෙන් වෙන යහපත් පැත්ත ඒ අය දකිනවා .(හරියට දේශපාලන පක්ෂ වලට දෙමවුපියන්ගේ කැමැත්ත එහෙං පිටින්ම දරුවන්ගේ කැමැත්තට බලපානවා වගේ.(බොහෝ විට.)).ගොඩක් වෙලාවට තමන් දකින දේ හොඳ පැත්ත විතරක් අරගෙන අනික් විදිය කොහෙත්ම හොඳ නැ කියන නිගමනයට එන එක තමා සිද්ධ වෙන්නේ..අනික මේවගේ දෙයක් ගැන කතා කරනකොට විවුර්ථ මනසක් නැතුව කතාකරනවනං ඒ දේවලින් සතපහක වැඩක් නැ..
මේ ත්‍රෙඩ් එකේ තිබ්බ හොඳම කමෙන්ට් එක තමා මේක....
ගැහැනියක් රස්සාවක් කරා කියල අවුලක් නම් මන් දකින්නෙ නෑ...සමහර දුර්වලතා තිබ්බත් ඒවා ඔය කියන තරම් සීරියස් ඒව වෙන්න බෑ..
කියන්න ගොඩක් දේවල් නම් තියෙනවා..ඒත් මේ සංවාදයට මම බාධා කරන්නෙ නෑ...