ඇති සැටියෙන් දැකිමක් පමණක්
ආවේගය අවශ්‍ය විට කොන්ද පන ඇතිව පිරිමියෙක් සේ ප්‍රතිචාර දැක්වීමත්, ඉවසීම අවශ්‍ය විට මහ මෙරක් සේ නොසැලී සිටීමත් මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට උපතින්ම හිමිව ඇති පෞර්ෂයයි.
රටට ඕන මහින්ද රාජපක්ෂ මැතිතුමා වැනි පුරුෂාර්ථ සහිත නායකයෙක් මිස මෙලෙස දරුවන්ගෙන් පවා පළි ගන්න නායකයින් නොවේ
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පාලන සමය දැන් අවසන්ය. සමහරු කියන හැටියට එය මහා ඒකාධිපති පාලන සමයකි. ප්රජාතන්ත්රවාදය බල්ලට ගියේය. මාධ්‍ය නිදහස සහමුලින්ම ඇහිරිණු මහා වියරු පාලන යුගයක්ය. ඒ කතාවල ඇත්තක් නැත්තේම නොවේ. මහින්ද රාජපක්ෂගේ පාලන සමය ඇතැම් අවස්ථාවල වියරු ඒකාධිපති ස්වරූපයක් ගත් බව රහසක් නොවේ. එහි තර්කයක්ද නැත. නමුත් මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන බලයට පැමිණියේ යහපාලනයත් ප්‍රජාත්‍රන්තවාදයත් සිය ප්රමුඛ සටන් පාඨයක් බවට පත්කර ගනිමිනි. ප්‍රජාත්‍රන්තවාදයත් යහපාලනයත් ගැන මැතිවරණ වේදිකාවල ඔවුන් කෑ මොර දුන් හැටියට ඉකුත් ජනවාරි 8 වැනිදායින් පසු ලංකාව ඇමරිකාවටත් එහා ගිය සුපිරි ප්‍රජාත්‍රන්තවාදී රටක් වනු ඇතැයි යමෙකුට සිතුනද එහිද වරදක් නැත.
ඉකුත් දිනයක බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් පොලිස් අත්ඩංගුවට පත්වූයේ එහෙවු ප්‍රජාත්‍රන්තවාදී පාලකයාට මඩ ගැසීමේ චෝදනාව යටතේය. ඔහු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡායාරූපය සංස්කරණය කොට විකෘති කල බවක්ද එයින් කියවිණි.
වත්මන් තත්වය එසේ වුවද හිටපු මහා ඒකාධිපතියාගේ පාලන සමයේ ඔහු තමන්ට මඩ ගැසූවන් සොයා බුකිය දඩබිමක් කරගත් බවක් මගේ මතකයේ නැත. එය එසේ වූවේනම් සමාජ ජාලා වෙබ් අඩවි හරහා ඔහුට මඩ ගැසූ හැටියට බුකියෙන් බාගයක් අද ඉන්නට ඕනෑ හිරේය. එහෙමනම් රටේ හන්දියක් හන්දියක් ගානේ හිර ගෙවල් ඇරෙන්නට ඕනෑය. සමාජ ජාලා වෙබ් අඩවි සහ අන්තර්ජාල නිවුස් වෙබ් සයිට් හරහා ඇතැම් කරුණු අතිශයෝක්තියට නගමින්ද විටෙක සහමුලින්ම අසත්‍ය කරුණු වපුරමින්ද එපමණක් නොව ඔහුගේ ඡායාරූපය සංස්කරණය කරමින් අතිශය නින්දිත ලෙස මඩ ගසමින්ද ඇතැමුන් ක්‍රියා කල බව රටට රහසක් නොවේය. මෙම පෝස්ටුවේ ඡායාරූපයේ ඇත්තේ එබදු ප්‍රකට පික්චර් කමෙන්ටුවකි. අද වුවද එකී මඩ ගැසීම් නිමා වන බවක් පෙනෙන්නට නැත. අනික් අතට ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය හමුවකදී රටේ ප්‍රකට කලාකරුවෙකුගේ විකෘති කරන ලද ඡායාරූපයක් ඉදිරිපත් කරමින් එතුමන්ව ඉමහත් අපහසුතාවයකට ලක් කල ඇතැමුන් දැන් ඉන්නේ කාගේ ඔඩොක්කුවේද යන්න අද මුලු රටම දනී. ඉතින් ඒ ඒකාධිපති මහින්දය. මේ ප්‍රජාත්‍රන්තවාදී සිරිසේනය.
දැන් ඉතින් මේ මහින්දට සුදු හුනු ගෑමක් නොවේය. ඇත්ත ඇති සැටියෙන් දැකිමක් පමණක්මය.