ඇනකොන්ඩාගේ බඩේ පැය තුනක්

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    ඇනකොන්ඩාගේ බඩේ පැය තුනක්

    මරිකා ජාතික පරිසරවේදියෙකු වන පෝල් රොසෙලී ලොව අනෙකෙකුට නපුරු දුස්සවප්නයක් බඳුවන දෙයක් වුවමනාවෙන්ම අත්වින්දේය.
    ඔහු තමන්ව පණපිටින් ගිල ගැනීමට ඇනකොන්ඩාවෙකුට ඉඩ දුන්නේය.
    ඇනකොන්ඩාගේ ආහාරය බවට පත්වීමට ප‍්‍රථමයෙන් ඔහු කාබන් තන්තු වලින් තැනූ ශක්තිමත් මුත් ඉතා නම්‍යශීලී වන සංයෝගයෙන් තැනූ ඇඳුමක් ඇඟලා ගත්තේය.ඇනකොන්ඩා තමන් වෙත කැඳවා ගැනීමට සූකර ලේ වලින් හොද හැටි ස්නානය කළේය.
    ඇනකොන්ඩා ඔහු සොයා පැමිණියේය.ඔහු වටා දගර ගැසී ඔහුව ගිලගත්තේය.
    අනතුරුව සිදුවන දෙය බලාගැනීමට වන්නේ මේ සිදුවීම පාදක කර තනා ඇති ඉදිරියේදී ඩිස්කවරි නාළිකාව ඔස්සේ විකාශය වීමට තිබෙන ‘‘ඊට්න් අලයිව්‘‘ නම් වාර්තාමය වැඩසටහනකිනි.
    තවමත් ජීවතුන් අතර සිටින පෝල් තමන් ලැබූ අත්දැකීම වචන වලින් විස්තර කළ නොහැකි බව කියයි.කාබන් තන්තු වලින් තැනූ ඇඳුම නිසා ඔහුට කිසිත් හානියක් සිදුව නොමැත.
    මේ ඇඳුමේ පැය 3 කට පමණ සෑහෙන ඔක්සිජන් සැපයුමක්,කැමරා ආදී උපකරණද සවිකර තිබී ඇත.එම කැමරා වලින් ලබාගත් දර්ශන වාර්තා වැඩසටහනේදී දැකබලා ගත හැකි වනු ඇති බව පොල් පවසයි.
    පෝල් ගිලගත් ඇනකොන්ඩාවා අඩි 25 ක් පමණ දිගින් හා රාත්තල් 400 ක් පමණ බරින් යුතුය.ඇමසන් වනයෙන් හමුවූ මෙම ඇනකොන්ඩාවා සොයාගැනීමට පෝල් ඇතුළු පිරිවරට මාස ගණනාවක් වනය පීරීමට සිදුව තිබේ.
    තමන් මෙවැනි දෙයක් සිදුකළේ මිනිසුන්ගේ අවධානය මේ සතුන් ආරක්ෂා කිරීම කෙරෙහි යොමුකිරීමට බව පෝල් කියයි.
    ඇනකොන්ඩාවන් යනු වඳවී යෑමේ තර්ජනයට මුහුණපා සිටින සත්ත්ව කොට්ඨාශයකි.මිනිස් ක‍්‍රියාකාරකම් හමුවේ ඔවුන්ගේ නිජබිම් අහිමිව යමින් තිබීම මෙවැනි තත්ත්වයක් උද්ගතවීමට හේතුවී ඇත.



    23A31F6F00000578-2856140-image-24_1417449391762.jpg

    23A321BF00000578-2856140-image-22_1417449382019.jpg

    23A328E900000578-2856140-image-25_1417449411012.jpg

    23A3675A00000578-2856140-image-26_1417450278045.jpg


    http://www.lankadeepa.lk/index.php/articles/279761
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ඇනකොන්ඩගේ බඩ එතුලෙ ගත් චායාරෑපයක්
    :shocked::shocked::shocked:


    23A328E900000578-2856140-image-25_1417449411012.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මම දන්න විදියට නම් හෙට තමයි මෙයා මේක ලයිව් කරන්නෙ