ඇන්කර් ගැන අද රෝසි කියන කතාව

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඇන්කර් ගැන අද රෝසි කියන කතාව



    අදට වසර 25කට පමණ පෙර ලෝක විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ අද පාර්ලිමේන්තු මන්ත‍්‍රීනියක් වන රෝසි සේනානායක මහත්මිය ඇන්කර් කිරි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රචලිත කිරීමේ ප‍්‍රමුඛතම චරිතය විය.
    ‘මගේ දරුවන් සුවෙන් වැඩෙන්නේ ඇන්කර් නිසා’ නම් තේමාව රැගත් දැන්වීම ශ‍්‍රී ලාංකීය සමාජය උඩු යටිකුරු කලා කීවොත් වරදක් කිව නොහැක.
    ඉන් වසර 25කට පමණ පසු මන්ත‍්‍රීනී රෝසි සේනානායක මේ සම්බන්දයෙන් අප හා අදහස් දැක්වීය.
    ඇය පැවසුවේ ඇන්කර් ප‍්‍රචලිත කිරීම සඳහා තමන් මුලින් කැපවුණද පසුව තමන්ට ඒ සම්බන්ධයෙන් වැඩි විශ්වාසයක් නොතිබූ නිසා එම දැන්වීම්වලට පෙනී සිටීම නවතා දැමූ බවයි.
    දැනට පැවැත්වෙන පරික්‍ෂණයන්ගෙන් ඇන්කර් කිරිපිටිවල විෂ ඇති බව ඔප්පු වුවහොත් තමන්ද ඒවා වර්ජනය කරන බව පැවසූ ඇය රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටියේ ඕනෑම ආහාර වර්ගයක් ඉතා සුපරික්‍ෂාවෙන් පාවිච්චියට ගන්නා ලෙසයි.








    මේකත් බලන්න......
    මුල ඉදන් අගටම කියවන්න...
    ටිකක් දිග උනත් වටිනා තොරතුරු ටිකක්..



    ෆොන්ටේරා (FONTERRA) කිසිදා නොකියන කතාව

    http://www.elakiri.com/forum/showthread.php?p=15494615#post15494615
     
    Last edited: