ඇන්ජලීන් ගුණතිලක අවසන් ගමන් යයි

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    ඇන්ජලීන් ගුණතිලක අවසන් ගමන් යයි

    සිනමා අඹරේ රිදී සීනුව යන විරුදාවලිය ලද ප්‍රවීන ගායන ශිල්පීනි ඇන්ජලීන් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.
    කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මීට ටික වේලාවකට පෙර ඇය අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.
    මිය යන විට ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ වයස අවුරුදු 79 කි.
    හෙළ සංගීත කේෂ්ත්‍රයේ නොමැකෙන නාදයක් වූ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගායන කේෂ්ත්‍රයේ අවතීර්ණ වූයේ ආදර අඹරේ ගීතය ගායනා කරමිනි.
    මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේල පාට පොදක් තිලක ලා නළල් තලාවේ, රෑ දවල් මල් හැඟුම් සිරි පානා,හද විමන් දොරින් එන පැතුම් පවන් ආදී ගීත රැසක් ඇය විසින් ගායනා කරනු ලැබුවාය.
    හෙළ සිනමා පසුබිම් ගීතයේ රන් ස්වරයක් වූ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගායනා කර ඇති ගීත සංඛ්‍යාව 5000 ට ආසන්නයි.
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    නිවන් සුව!! සදා මතකයේ රැදෙන හඬක්