ඇන්ජිලෝ_මැතිව්ස්ගේ මහා තරඟ පාවාදීමක් හෙළ

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    ඇන්ජිලෝ_මැතිව්ස්ගේ මහා තරඟ පාවාදීමක් හෙළ

    ඇන්ජිලෝ මැතිව්ස්ගේ මහා තරඟ පාවාදීමක් හෙළි වෙයිද ?

    Untitled-3-7.jpg

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකුගේ සහ ඔහුට හිතවත් ක්‍රිඩකයන් කිහිපදෙනෙකුගේ සැක සහිත හැසිරීම් පිළිබදව පසුගිය සමයේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක් වුනි. මේ පිළිබදව ක්‍රිඩා විචාරකයන් , හිටපු ක්‍රීඩකයන් මෙන්ම තරග පාවා දීම් වලට සම්බන්ධ නොවූ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් පවා අදහස් දක්වා තිබුනා.

    කෙසේ වෙතත් මේ පිළිබදව කිසිදු පරීක්ෂණයක් හෝ නිතීමය ක්‍රියාමාර්ගයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ලබා ගත්තේ නැහැ. ක්‍රිකට් තරග වලට මෙන්ම තුරග තරග සදහාද ඔට්ටු දැමිය හැකි බුකි ව්‍යාපාර හිමි ක්‍රිකට් සභාපතිවරයා , තමන් හා තමන්ගේ ව්‍යාපාරික සහකරුවන් වන ඉන්දීය බුකිකරුවන් හා එක්ව තරග පාවාදීමේ යෙදුනු ක්‍රීඩකයන් ආරක්ෂා කරන බවටද චෝදනා එල්ල වූවා. කෙසේ වෙතත් මෙම චෝදනා වල උච්ඡස්ථානය ලෙස අන්තර්ජාතික ක්‍රිකට් ආයතනයේ (ICC) දූෂණ මර්ධන ඒකකයෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිදුව ඇති තරග පාවා දීම් හා ක්‍රිකට් පරිපාලනයේ අනෙකුත් දූෂණ පිළිබදව පරීක්ෂණයක් පවත්වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් දූෂීත ක්‍රිඩකයන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් නිසා විය හැක.

    පසුගිය වසරේ ශ්‍රී ලංකාවට පැමිනෙන ඔස්ට්‍රේලියා සංචාරයේ එක්දින තරගාවලියේදී මෙම තරග පාවාදීමේ චෝදනා එල්ල වුනා. ඒ කණ්ඩායමේ නායක ආන්ජලො මැතිවුස් ඇතුලු තවත් ක්‍රීඩකයන් දෙදෙනෙකුටයි. මෙහිදි පසුව අල්ලස් හා දූෂණ වංචා විමර්ෂන ඒකකයෙන් සිදු කෙරුනු අභ්‍යන්තර පරීක්ෂණයකින් අදාල ක්‍රිඩකයන් තිදෙනා තරග පාවා දීමේ චෝදනාවට වැරදි කරුවන් වුවත් ක්‍රිඩා අමාත්‍යවරයාගේ සහ ක්‍රිකට් සභාපතිවරයාගේ මැදිහත් වීමෙන් එම පරීක්ෂණය පිළිබදව ප්‍රසිද්ධ නොකර මෙම ක්‍රිඩකයන් තිදෙන කිසිදු දඩුවමකින් තොරව නිදහස් කරනු ලබනවා.

    මෙහිදි අල්ලස් හා දූෂණ වංචා විමර්ෂණ ඒකකයේ පරීක්ෂණයෙන් හෙළි වූයේ ඕස්ට්‍රේලීයාව සමග තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ආන්ජලො මැතිවුස් එංගලන්තයේ , ලන්ඩන් නගරයේ අති සුඛෝපභෝගී නිවසක් මිළට ගෙන ඇති බවයි.

    හරියටම 2016 සැප්තැම්බර් මස 28දා ස්ටර්ලින් පවුම් 1,65,000ක මුදලකට ආන්ජලො මැතිවුස් මෙම නිවස මිළදි ගෙන තිබෙනවා.

    ඒ අසංක විජේවර්දන නම් බ්‍රෝකර්වරයෙක් හරහා. අසංක විජේවර්දන යනු ධණුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් යන ක්‍රිඩකයන් දෙදෙනාගේ කළමණාකරු වන අතර , අසංක විජේවර්දන ආන්ජලෝ මැතිවුස්ගේ හා ඔහුගේ සොහොයුරාගේ සමීපතම මිතුරෙකි , ව්‍යාපාර සහකරුවෙකි. එංගලන්තයෙ ජීවත් වූ සාමාන්‍ය රියදුරෙක් වූ අසංක විජේවර්දන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කළමණාකරුවෙක් කොට , ධණුෂ්ක ගුණතිලක ට හා කුසල් මෙන්ඩිස්ට අසංක විජේවර්දන සමග ගිවිසුම් ගත වන ලෙසට බලපෑම් කලේද ආන්ජලො මැතිවුස් විසින් ය.

    කෙසේ වෙතත් එංගලන්තයේ ජීවත් වන අසංක විජේවර්දන හරහා 70 , Abbotsbury Road , London W14 8EP දරන ලිපිනයේ යුතු ඉඩම හා සුපිරි නිවස ආන්ජලො මැතිවුස් විසින් 2016 සැප්තැම්බර් මස 28 වන දින මිලට ගෙන තිබෙන්නෙ ස්ටර්ලින් පවුම් එක් මිලියන හය ලක්ෂ පනස් දහසකටය. එය ශ්‍රී ලංකාවේ මුදලින් තිස් තුන් කෝටී එකොලොස් ලක්ෂයකට අධික මුදලකි. එක්වරම ලන්ඩන් නුවරින් මෙම සුපිරි නිවස මිළදි ගැනීමට මුදල් සපයා ගත්තේ කෙලෙසදැයි පිළිතුරු දීමට ආන්ජලො මැතිවුස්ට නොහැකි විය. මෙම ගණුදෙනුව පිළිබදව ආන්ජලො මැතිවුස් ආදායම් බදු දෙපාර්තමේන්තුවද දැනුවත් කර තිබුනේ හා නියමිත බදු ගෙවා තිබුනේද නැත. ඉතින් මෙම ගනුදෙනුව සරලවම වැටෙනුයෙ කලු සල්ලි සුදු කිරීම නොහොත් “මනි ලොන්ඩ්‍රිං” ඝණයටය.

    මෙම ගණුදෙනුව පිළිබදව අප නිත්‍යානූකූල ලියාපදිංචි කිරීමේ ලිපි ගොණු අමුණා ඇති නමුත් තහවුරු කර ගැනීමට අවශ්‍ය අයෙකුට මෙම ගනුදෙනුවෙ ලියාපදිංචි ලියවිල්ලේ අංකය AD111851 බව කියා සිටිමු. එංගලන්ත ඉඩම් ලියාපදිංචි කිරීමේ දත්ත ගබඩාවෙන් ඕනෑම අයෙකුට මේ පිළිබදව පරීක්ෂා කර ගත හැකිය.
    මෙම සුපිරි නිවස සහිත ඉඩම මිළදි ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ පදිංචි ආන්ජලො ඩේවිස් මැතිවුස් බව එංගලන්ත ඉඩම් ලියාපදිංචි කිරීමෙ දත්ත පද්ධතිය සහිත වෙබ් අඩවිය තහවුරු කරනු ඇත.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව , අනෙකුත් වෙළද දැන්වීම් , තරග ගාස්තු හා සියලූම ක්‍රීඩා තරගාවලි වල කොන්ත්‍රාත්තු සහ ව්‍යාපාර වල ලාභාංශ ආන්ජලෝ ගේ ආදායම් නම් ඒ සියල්ල එකතු කළ පසුවද ආන්ජලෝගේ වාර්ෂික ආදායම කෝටි 33 නොඉක්මවන බව මින් පෙර සිදු කළ පරීක්ෂණ වලින් හෙළිව තිබුනි. ඇන්ජලෝගේ වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ඇමෙරිකානු ඩොලර් 125,000 කි.

    ආන්ජලො මැතිවුස් කුමන රටකින් කුමන දේපළ මිළදි ගත්තද අපට කම් නැත. කෙසේ නමුත් කෝටී ගණනින් සුපිරි නිවාස හා දේපළ මිළදි ගත් විට ඒවා සදහා මුදල් සපයා ගත් අයුරු පැහැදිලි කිරීමට ඔහුට හැකි විය යුතුය. ක්‍රීඩාවෙන් කෝටී ගණන් ආදායම් උපයා , එම මුදල්ද ප්‍රමාණවත් නොවි තරග පාවා දීම කිසිම ලෙසකට අනුමත කළ හැකි නොවේ. ආන්ජලො මැතිවුස් ඕස්ට්‍රේලියා සංචාරය අවසන් වූ වහාම එංගලන්තයෙන් සුපිරි නිවසක් මිළදි ගත් මුදල් අයුරු ක්‍රිකට් ක්ෂෙත්‍රයම දනි. ඔහු සමග මෙම ක්‍රියාවල නිරත වූ ක්‍රිඩකයන් කිහිප දෙනෙක්ද එක් වරම නුවරඑලියෙ සුපිරි හෝටල් ව්‍යාපෘති ආරම්භ කිරීමද රසිකයන් නොදන්නවා වුවද ක්ෂෙත්‍රයම දනි.

    දැන් බලධාරීන් මේ පිළිබදව ස්වාධීන පරීක්ෂණයක් අරඹා වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන තෙක් අප බලා සිටිමි. ආන්ජලො මැතිවුස් ගේ සුපිරි නිවස ලියාපදිංචි කල ලියවිල්ලේ නිල උපුටන පහතින්.

    ADM-Official-Copy-of-Register-AD111851-1-1-692x1024.jpg

    ADM-Official-Copy-of-Register-AD111851-1-2-1-630x1024.jpg

    Give me some +++ REPs if you find this useful !!
    You will be retuned the same favour if you mention your name in the Rep Box

    source: cricketlk.com
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    පොරට SLCB එකෙන් විතරක් හම්බෙන salary එක කෝටි 12ත් පනිනවා. ඕක ගන්න පුළුවන් ලේසියෙන් :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුන් ක්‍රිකට් ගැහුවා කියලා බන් මිනිස්සුන්ට ලැබෙන සෙතක් තියෙනවා ද ? ඒ උනාට මුන්ට කෝටි ගණන් වල පඩි එහෙමත් මිනිස්සුන්ගේ සල්ලි වලින් ගෙවනවා.ඒ අස්සේ තරග පාවා දීල හොයනවා. අදායම් බදු වලින් නිදහස් , IPL වගේ යනවා. මුන්ටත් රජයේ සේවකයන්ට වගේ රුපියල් 35,000ක වගේ පැඩියක් දීලා මැච් වලට යවන්න තියෙන්නේ.:yes: මෝඩයන්ගේ ක්‍රීඩාවක් ක්‍රිකට් කියන්නේ.
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    290
    83
    Neverland
    මුන් ක්‍රිකට් ගැහුවා කියලා බන් මිනිස්සුන්ට ලැබෙන සෙතක් තියෙනවා ද ? ඒ උනාට මුන්ට කෝටි ගණන් වල පඩි එහෙමත් මිනිස්සුන්ගේ සල්ලි වලින් ගෙවනවා.ඒ අස්සේ තරග පාවා දීල හොයනවා. අදායම් බදු වලින් නිදහස් , IPL වගේ යනවා. මුන්ටත් රජයේ සේවකයන්ට වගේ රුපියල් 35,000ක වගේ පැඩියක් දීලා මැච් වලට යවන්න තියෙන්නේ.:yes: මෝඩයන්ගේ ක්‍රීඩාවක් ක්‍රිකට් කියන්නේ.

    මෝඩයන්ගේ ක්‍රීඩාවක් ක්‍රිකට් කියන්නේ :yes::yes::yes:
     
    • Like
    Reactions: lasankandy

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    පොරට SLCB එකෙන් විතරක් හම්බෙන salary එක කෝටි 12ත් පනිනවා. ඕක ගන්න පුළුවන් ලේසියෙන් :lol:
    අවුරුද්දටද කෝටි 12? :shocked:
    මොනව කරනවටද බං ඔච්චර ගෙවන්නෙ?:baffled:
     
    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    පොරට SLCB එකෙන් විතරක් හම්බෙන salary එක කෝටි 12ත් පනිනවා. ඕක ගන්න පුළුවන් ලේසියෙන් :lol:

    Could be, But then he needs to be able to prove it using the source of income.

    Anyway, Im a Mathew Hater, My personal belief is that he is a dummy created by MJ & KS

    No Hard feelings, just my thoughts.

    :yes::yes::yes::yes::yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෝඩයන්ගේ ක්‍රීඩාවක් ක්‍රිකට් කියන්නේ :yes::yes::yes:

    බැට් එකෙන් බෝලෙට ගහද්දි තව සෙට් එකක් බොලේ පස්සේ දුවනවා. ග්‍රවුන්ඩ් එකේ වටේ ඉන්න උන් හුරේ දානවා. ගහන උන්ට කියක් හරි හම්බ වෙනවා කියලා හරි කියන්න පුළුවන් බන්. බලන් උන් කාලෙත් කාගෙන බලනවා. ක්‍රිකට් ගහන උන් මල්ටිමිලියන්ස්ලා බලන් උන් හැම දාම එක තැන. :yes:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මුන් ක්‍රිකට් ගැහුවා කියලා බන් මිනිස්සුන්ට ලැබෙන සෙතක් තියෙනවා ද ? ඒ උනාට මුන්ට කෝටි ගණන් වල පඩි එහෙමත් මිනිස්සුන්ගේ සල්ලි වලින් ගෙවනවා.ඒ අස්සේ තරග පාවා දීල හොයනවා. අදායම් බදු වලින් නිදහස් , IPL වගේ යනවා. මුන්ටත් රජයේ සේවකයන්ට වගේ රුපියල් 35,000ක වගේ පැඩියක් දීලා මැච් වලට යවන්න තියෙන්නේ.:yes: මෝඩයන්ගේ ක්‍රීඩාවක් ක්‍රිකට් කියන්නේ.

    අයියෝ එලකිරියෙ ඉන්න උන් ගෙ මොලේ බලපන්කො ඉතින් :D:D:lol::lol::confused:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    anji pawadena eka dan nha
    kage hari madak da dan naha .loku plan eka hahaha

    players sal eka ahana kattiya cricketers la slc ekata kochchra salliyak genawada kiyalal ahannathi eka gana dukayi ,players lata wada slc lokko cricket waling gasa kanawa ewa ahan naththe ai kawruth

    ada munta mechchara sal ekak enne kaling cricket gahapu wun inda eka aththa habayi wunge dakshathawe wikinala wun padi ganne mama wuta wada cricket waling daksha nam mata oya padiya ganna thibba
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අයියෝ එලකිරියෙ ඉන්න උන් ගෙ මොලේ බලපන්කො ඉතින් :D:D:lol::lol::confused:

    ඇයි බන් මොකක්ද අවුල්??? එකේ... බේසික් එක 35,000යි ටෙස්ට් මැච් වගේ ඒවා OT පැය වලට ගහන්න පුලුවන් පැයට 500යි. එක්ස්පිරියන්ස් එක අනුව බේසික් එක වැඩි වෙනවා. ටැක්ස් ජාති ඔක්කොම කපනවා. මුන්ව IPL ගස්සවල හම්බවෙන සල්ලි ආණ්ඩුවට අරගන්න ඕනේ මුන් ටුවර් යද්දී ඒවාට වියදම් වෙන ඒවා කවර කර ගන්න.:yes:

    මුන් ක්‍රිකට් ගැහුවා කියලා රටේ මිනිස්සුන්ට සෙතක් වෙන්නේ නෑ නේ බන්. :yes::)
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    එතකොට වෙන්නේ ඔක්කොම කැනඩාව වගේ සල්ලි තියන ක්‍රිකට් නැති රටවලට සෙල්ලන් කරයි. චැප්ටර් ක්ලොස් .. ලන්කාවට එන ඩොලර් මිලියන් ගානක් ඉවරයි..
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඇයි බන් මොකක්ද අවුල්??? එකේ... බේසික් එක 35,000යි ටෙස්ට් මැච් වගේ ඒවා...........
    මුන් ක්‍රිකට් ගැහුවා කියලා රටේ මිනිස්සුන්ට සෙතක් වෙන්නේ නෑ නේ බන්. :yes::)

    Ona rataka sportsmen Innava ban wediyen ma $ hoyana eka uge talent eken ganna deyak... Uba oya kiyana logic eken uta puluwanne 35k salary eka epa kiyala private sector eke job ekakata yanna 200k withara sal ekak thiyena nathnam Wena rataka PR aragena gihin e ratata sellan karanna...

    Lionel Messi: $80 million. Salary/bonuses: $53 million. ...
    LeBron James: $86.2 million. Salary/bonuses: $31.2 million. ...
    Cristiano Ronaldo: $93 million. Salary/bonuses: $58 million.

    :P
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Ona rataka sportsmen Innava ban wediyen ma $ hoyana eka uge talent eken ganna deyak... Uba oya kiyana logic eken uta puluwanne 35k salary eka epa kiyala private sector eke job ekakata yanna 200k withara sal ekak thiyena nathnam Wena rataka PR aragena gihin e ratata sellan karanna...

    Lionel Messi: $80 million. Salary/bonuses: $53 million. ...
    LeBron James: $86.2 million. Salary/bonuses: $31.2 million. ...
    Cristiano Ronaldo: $93 million. Salary/bonuses: $58 million.

    :P
    මම නම් ක්‍රිකට‍් සෙල්ලමගැන දන්න එකෙක් නෙමෙයි. නමුත් සල්ලි ගනුදෙනුවෙදි සෙල්ලම මොකක් උනත් වෙන්නේ එක දෙයයි. ලන්කාව කියන්නේ පිට එවුන් ගෙන්නලා සෙල්ලන් කරවන්න පුලුවන් රටක් නෙමෙයි. ඩුබායි වගේ පිට එවුන් ගෙන්නලා මැච් ගස්සවන්න තරම් ක්‍රවුඩ් එකක් නැ. ලන්කාවේ ටීම් එක ෆීල්ඩ් එකේ හිටියොත් තමා මැච් ගහන්න පුලුවන් වෙන්නේ ලන්කාවේ ග්‍රවුන්ඩ් වල. ඒකෙන් එන විදේශ විනිමය කෙලින්ම පේන්නේ නැ. මැච් බලන්න එන උන්. මැච් කවර් කරන්න එන නෙට් වර්ක් මේ වගේ සැහෙන පැතිවලින් ලන්කාවට ඩොලර් එනවා. ඒ වගේම ක්‍රීඩකයො කියන්නෙත් ලන්කාවේ උන්. උන් ඩොලර් මිලියන ගනම් හොයනවා කියන්නේ ඒ සල්ලිත් ලන්කාවට තමයි. සන්චිත හැටියට නොවුනට පෙටි කැශ් හැටියට හරි එන්නේ ඩොලර් නම් වටිනවා ලන්කාවේ ඔනැම පුද්ගලයෙකුට. ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඩොලර් ගෙනත් ලන්කාවේ ගෙයක් හදනවනම් කාර් එකක් ගන්නවනම් උබට මට වඩා ඌ රටට නය නැ. මොකදමමයි උබයි කරලා තියෙන්නේ රුපියල් හොයලා ඒආ ඩොලර් කරලා කාර් ඉඩම් ගෙවල් ගත්තු එක. නමුත් අරූ කරලා තියෙන්නේ රටට සේවයක් ඩොලර් රුපියල් කරලා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    reputation_neg.gif

    ඇන්ජිලෝ_මැතිව්ස්ගේ මහා... 10-08-2017 09:14 AM ubath panditha wesige putha... danna ewai nodanna ewai okkotama paninawa...

    නොදන්න දේවල් කියලා දෙනවට වඩා හොදයි එලකිරියේ ජාතිවදයක් ඇදගෙන, දේශපාලුවෙකුට පුක පාත් කරගෙන කාටහරි කඩේ යන එක.

    ඇට් ලීස්ට් බ්‍රො සේ යුඅ නේම්.
     
    Similar threads