ඇන්ටිබයෝටික් ගැන ඔබ දැනුවත්ද?
රෝගී වූ අවස්ථාවක ඔබත් ප්‍රතිජීවක ඖෂධ නැතිනම් ඇන්ටිබයොටික් භාවිතා කරන්න ඇති.
ප්‍රතිජීවක (antibiotic) යනු බැක්ටිරියා ආසාධනවලට ප්‍රතිකාර කිරිමට මැඩපැවැත්වීමට භාවිතා කරන ඖෂධ වේ.ඒවා මගින් ව්‍යාධිජනක බැක්ටිරියා විනාශ කිරිම හෝ ඒවායේ වර්ධනය නිෂේධ කිරිමට දායක වේ. වෛරස මගින් සිදුවන ආසාධන සදහා ප්‍රතිජිවක භාවිතා කිරිම සුදුසු නොවේ.
ඒවා නම්,
1) සෛල බිත්තිය සංස්ලේෂණය නිශේධනය කිරිම/ සෛල බිත්තියට හානි පැමිණවීම (බැක්ටිරියා සෛල බිත්තියේ අඩංගු පෙප්ටිඩෝග්ලයිකැන් සංස්ලේෂනය නිශේධනය කරයි.)
2) ප්ලාස්ම පටලයේ ක්‍රියාවලින්ට බාධා පැමිණවීම
3) බැක්ටිරියා වල ප්‍රෝටින සංස්ලේෂණය නිශේධනය කිරිම
4) න්‍යෂ්ඨි අම්ල (DNA RNA) නිපදවිම නිශේධනය කිරිම
නියමිත මාත්‍රාවෙන් උපදෙස් පරිදි භාවිතාකරන ඇන්ටිබයොටික් මගින් ආසාධනයට එදිරිව ප්‍රභලව ක්‍රියාකරයි. නමුදු ‘‘වෛද්‍ය නිර්දේශ රහිතව හිතුමතේ ඖෂධ භාවිතා කලහොත්‘‘ හානියද ඔබටමය. මක්නිසාද යත් බැක්ටිරියා වලට අනුවර්තනය වීමේ හැකියාව නිසා ඔබේ වැරදි භාවිතය හේතුකරගෙන ඖෂධ ප්‍රතිරෝධයක් හටගැනිමට හැකියාව ඇත. එම ප්‍රතිරෝධි ක්ෂුද්රජිවින් මැඩපැවැත්විමට ප්‍රතිජීවක වලට හැකියාවක් නැත. මෙය අවාසනාවන්ත තත්ත්වයක් වන අතර එය වලක්වා ගැනිමට සිහිනුවණින් කටයුතු කිරිම ඔබ අප සැමගේ වගකීමකි.
එබැවින් ඇන්ටිබයෝටික් භාවිතයේදි:
- Roshin Fernando
ඉහත බ්ලොග් සටහන - https://bit.ly/2OTei49
සුපර්බග් ව්‍යසනය ලිපිය - https://bit.ly/2KAlIWJ

ක්‍රියාකරන ආකාරය :
ප්‍රතිජීවක ඖෂධ මගින් ක්ෂුද්‍රජිවින්ට එදිරිව විවිධ ක්‍රියා සිදුකරයි. ඒවා නම්,
1) සෛල බිත්තිය සංස්ලේෂණය නිශේධනය කිරිම/ සෛල බිත්තියට හානි පැමිණවීම (බැක්ටිරියා සෛල බිත්තියේ අඩංගු පෙප්ටිඩෝග්ලයිකැන් සංස්ලේෂනය නිශේධනය කරයි.)
2) ප්ලාස්ම පටලයේ ක්‍රියාවලින්ට බාධා පැමිණවීම
3) බැක්ටිරියා වල ප්‍රෝටින සංස්ලේෂණය නිශේධනය කිරිම
4) න්‍යෂ්ඨි අම්ල (DNA RNA) නිපදවිම නිශේධනය කිරිම
ඇන්ටිබයෝටික් භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු:
නියමිත මාත්‍රාවෙන් උපදෙස් පරිදි භාවිතාකරන ඇන්ටිබයොටික් මගින් ආසාධනයට එදිරිව ප්‍රභලව ක්‍රියාකරයි. නමුදු ‘‘වෛද්‍ය නිර්දේශ රහිතව හිතුමතේ ඖෂධ භාවිතා කලහොත්‘‘ හානියද ඔබටමය. මක්නිසාද යත් බැක්ටිරියා වලට අනුවර්තනය වීමේ හැකියාව නිසා ඔබේ වැරදි භාවිතය හේතුකරගෙන ඖෂධ ප්‍රතිරෝධයක් හටගැනිමට හැකියාව ඇත. එම ප්‍රතිරෝධි ක්ෂුද්රජිවින් මැඩපැවැත්විමට ප්‍රතිජීවක වලට හැකියාවක් නැත. මෙය අවාසනාවන්ත තත්ත්වයක් වන අතර එය වලක්වා ගැනිමට සිහිනුවණින් කටයුතු කිරිම ඔබ අප සැමගේ වගකීමකි.
එබැවින් ඇන්ටිබයෝටික් භාවිතයේදි:
- සෑමවිටම වෛද්‍ය උපදෙස් පිලිපදින්න.
- හිතුමතේ සෑම රෝගයකටම පානය කිරිමෙන් වලකින්න.
- රෝග ලක්ෂණ පහවූ විගස ඖෂධ ගැනිම නවත්වන්න එපා!
- දෙනලද ඖෂධ මාත්‍රාව නිසි ලෙස පානය කරන්න!
- අනාගතය වෙනුවෙන් ඇන්ටිබයෝටික් ඉතිරි කිරිමේ පුරුද්ද නවත්තන්න.
- ඔබ භාවිතා කල ඖෂධ පිලිබදව වෛද්‍යවරයා දැනුවත් කරන්න.
- වෛද්‍යවරයා ඇන්ටිබයෝටික් නවතන ලෙස උපදෙස් දුන්නොත් එය එසේම පිලිපදින්න.