ඇන්ඩ්‍රොයිඩ් ගැන ඇත්තටම දන්නවද?

ගහමු එහෙනම් custom rom!

ඔන්න ඉතින් ආයෙමත් ආවා කොල්ලනේ තවත් වැඩක් අරගෙන.මේ ටිකේ වැඩ වගයකට අහු වුණු නිසා මුකුත් දාන්න බැරිවුණා.සොරි හොඳේ.;)

ඉතින් කට්ටිය දන් root කරලා TWRP එහෙමත් දාලා ඉවර ඇතිනේ.ඔන්න එහෙනම් අද මම කියලා දෙන්නම් කොහොමද custom rom එකක් දාගන්නේ කියලා.:cool:

මුලින්ම කියන්න තියෙන්නේ බොහොම ප්‍රවේශමෙන් මේවා කරගන්න කියලා මොකද මට වගකීමක් ගන්න බෑ කිසිම දේකට.මම මේ දාන දේවල් 100%ක් නිවැරදි දේවල්.ඒ නිසා හරියට කලොත් කිසිම දේකට බයවෙන්න උවමනා නෑ.

Custom rom විතරයි හොඳේ.Stock rom ගහන්නේ ODIN එකෙන්.:no:
ඒක ඊළඟට කියලා දෙන්නම්.:yes:

මුලින්ම XDA developers එකට ගිහින් උඩම වම් අත පැත්තේ තියෙන "Type to find your device" එකට ඔයාලගේ device එකේ නම දෙන්න.එතකොට එන window එකේ තියෙන [device name] Android Development [උදා: S4 නම්, (GT-I9500/9505 Android Development] කියන එකට යන්න.මෙන්න මේකට ගියාම ඔයාලට පුළුවන් වෙයි ඔයාලගේ device එකට ගැළපෙන හොඳ custom rom එකක් හොයාගන්න.:).මම නම් මගේ S4 එකේ දැනට දාලා තියෙන්නේ Albe95 Lolli 2.0 කියන rom එක.කලින් CM/SlimLP/GPE/MIUI වගේ ඒවා ගොඩක් දාලා තිබුණා.

මුලින්ම කියන්න ඕනේ අපි මේ custom rom එකක් ගහන්නේ නිකම් කහනවටවත් එහෙමත් නැත්නම් ආසාවටවත් නෙවෙයි කියන එක.අපි ප්‍රධාන වශයෙන් custom rom එකක් ගහන්නේ දැනට අපේ rom එකේ නැති අළුත් features ගන්න සහ තවමත් ඔයාලගේ device manufacturer ඔයාලගේ device එකට අළුත් firmware updates(උදා: තාමත් සමහර device වලට lollipop officially ඇවිත් නෑ.ඒත් custom rom ඇවිත් තියෙනවා lollipop තියෙන) එවලා නැත්නම් මේ rom එකක් flash කරලා firmware unofficially upgrade කරගන්න පුළුවන්.උදාහරණයක් විදියට මම මේ albe95 rom එක දාලා තියෙන්නේ N4,S5,S6 වල තියෙන features මගේ S4 එකට ගන්නයි.:yes:

දැන් ඉතින් එහෙනම් දෙයියනේ කියලා තියෙන rom හොඳට බලලා, ඒවගේ තියෙන features, user replies එහෙම බලලා තමන්ට ගැළපෙන rom එකක් download කරගන්න.(download වෙන්නේ zip ෆයිල් එකක් හොඳේ)සමහර rom නම් 1GB වලටත් වඩා වැඩියි.මම දාලා තියෙන එකත් 1.2GB ද කොහෙද.:confused:

දැන් මෙන්න මේ පහළ විදියට වැඩේ කොරගන්න.:frown:

වැදගත්:

  • Root කර තිබීම අනිවාර්‍යයි.
    [*]Custom recovery එකක්(TWRP/CWM) දමා තිබීම අනිවාර්‍යයි.Stock recovery වලින් custom rom ගහන්න බැරි බව කියලා දුන්නනේ කලින් TWRP දාන හැටි කියනකොට.
    [*]Rom එක flash කරනකොට internal storage එක format කරන නිසා memory card එකක් තිබීම අත්‍යාවශ්‍යයි.
    [*]Battery එක 80%ක්වත් තිබීම ඇඟට ගුණයි.මොකද සමහර rom flash කලාම මුලින්ම boot වෙද්දී විනාඩි 15ක් විතර යනවා.

01.Download කරගත්තු rom (zip file) එක memory card එකට copy කරගන්න.(එක එක folder හදලා ඒවා අස්සේ දාන්නේ නැතිව නිකන්ම memory card එකට දාගන්න):growl:

දැනට install කරලා තියෙන apps වල backup ගහගන්න මෙන්න මේ app එක දාගන්න.


Titanium Backup Pro v7.0.0.3 ---> Download


කරන හැටි බලාගන්න දන්නැත්නම්.මුලින්ම මේ දාන video එකෙන් බලාගෙන backup folder location එකට external memory card එක දෙන්න.

Menu --> Preferences --> Backup folder location(මේකට ගිහින් back ඔබන්න.එතකොට තම්යි location select කරන්න එන්නේ)






02.දැන් recovery mode එකට යන්න.TWRP Manager දාගත්තා නම් ඒකෙන් කෙලින්ම recovery එකට යන්න පුළුවන්.නැත්නම් ඕෆ් කරලා ආපහු ඔන් වෙනකොට (power+home+vol up) ඔබාගෙන ඉඳලා යන්නත් පුළුවන්.ඔයාලගේ ෆෝන් එකේ vol up/down වැඩ කරන්නේ නැත්නම් මෙන්න මේ app එක දාගෙන ඒකෙන් කෙලින්ම recovery එකට යන්න.අනිත් අයත් දාගත්තට කමක් නෑ මොකද button ඔබ ඔබා ඉන්න එක එපා වෙන වැඩක් නිසා.:growl:

1420202380_globalapk.com_unnamed.png


Quick Boot (Reboot) (Size: 1.1 MB) ---> Download

03.හරි එහෙනම් ඔන්න දැන් twrp recovery එකට boot වෙයි.

04.දැන් දෙයියනේ කියලා දැනට තියෙන rom එකේ backup එකක් twrp එකෙන් ගහගන්න.මෙන්න මෙහෙමයි කරන්නේ.memory card එකේ ගොඩක් ඉඩ තියෙනව නම් ඒකෙම මේ backup එක තියාගන්න එක ගොඩක් හොඳයි.

TWRP-Recovery.bmp


  • මුලින්ම "backup" button එක click කරලා ඒකට යන්න.
  • දැන් storage එකට backup එක ගහගන්න අවශ්‍ය කරන space තියෙන internal හෝ external SD card එක select කරලා, screen එකේ තියෙන සේරම select කරන්න.(කතිර දාන්න: boot/cache/data/system/recovery)
  • දැන් පහළ "Swipe to Backup" දෙන්න.දැන් backup වෙන්න පටන්ගනියි.

ඔයාලගේ memory card එකේ rom එකයි backup එකයි දෙකම දාගන්න ඉඩ නැත්නම් PC එකට move කරගන්න පහළ විදියට.

  • Backup වුණාට පස්සේ back යන්න.දැන් ෆෝන් එක PC එකට connect කරන්න USB වලින්.detect නොකලට ගණන් ගන්න එපා.;)
  • දැන් "Mount" එකට යන්න."Micro SDcard" එකට කතිරයක් වැටිලා නැත්නම් කතිරයක් දාන්න.කතිර තියෙන ඒවා නැති කරන්න එපා මොනවත්.
    [*]දැන් backup එක දුන්න storage එක (internal/external) පහළින් select කරලා "Enable MTP" දෙන්න.එතකොට ෆෝන් එක detect කරයි.
    Detect කලේ නැත්නම් reboot කියන එකට ගිහින් system කියලා දීලා ෆෝන් එක restart කරගෙන සාමාන්‍ය විදියට USB connect කරගන්න.

    [*]දැන් backup එක දුන්න storage එකට යන්න.ෆෝන් memory නම් ඒක, නැත්නම් memory card එක.දැන් ඒකේ තියෙන TWRP කියන folder එක ඇතුලේ බලන්න backup එක තියෙනවද කියලා.තියෙනවා නම් size එකත් හරිනම් ඒක PC එකට දාගන්න.
    [*]Backup එක දාගන්න Recovery mode එකෙන් අයින් වුණු අය ඉන්නවා නම් දැන් ආපහු recovery mode එකට boot කරගන්න.:dull:

05.හරි එහෙනම් දැන් සේරම සූදානම්.:shocked:

06.දැන් යන්න Wipe එකට.මතක නැත්නම් මතක් කරලා backup එහෙම external sd card එකට හරි PC එකට හරි දාලා තියන්න.මොකද දැන් internal memory එක format කරන්නයි යන්නේ.

07.මුලින්ම පහළම එකෙන් "Factory reset" කරගන්න.(Swipe කරන්න)

08.දැන් Advanced Wipe එකට ගිහින් මෙන්න මේවට විතරක් කතිර දාලා (Dalvik cache/Cache/Data/System) ''Swipe to wipe" කරන්න.
update-your-oneplus-one-lollipop-today.w654.jpg


09.දැන් back කරන්න.Format Data එකට යන්න.Yes කියලා ටයිප් කරලා go දෙන්න.

10.දැන් ඔයාගේ internal memory එක සම්පූර්ණයෙන්ම format වෙලා ඉවරයි.

11.දැන් ආපහු back කරලා home screen එකටම යන්න.

12.Install එකට යන්න.

13.දැන් memory card එකේ ඔයා download කරගත්තු rom එකේ zip file එක select කරලා පහළින් "Swipe to confirm flash" කියන එක දීලා rom එක flash කරගන්න.:cool:

14.දැන් ඉතින් සේරම auto install වෙයි.ඉවර වුණාම success කියලා screen එකක් එයි.ඒකේ reboot system කියන එක දෙන්න.

15.පලවෙනි boot එකට වෙලා යයි.ඉවසගෙන ඉන්න.ඕක හින්දා තමයි කිව්වේ battery එකේ charge එක හොඳට තියෙන්න ඕන කියලා.:frown:




දැන් ඉතින් වැඩ ඉවරයි.boot වුණාම අලුත් rom එකේ ඔයාලට ඕන විදියට settings හදාගෙන එහෙම පාවිච්චි කරන්නයි තියෙන්නේ.ඕන්න එහෙනම් මම ගියා කොල්ලනේ.ආයෙ ඉක්මණටම හම්බවෙමු.

Good Luck!!





කලින් දාපු පෝස්ට්

01.ඇන්ඩ්‍රොයිඩ් ගැන ඇත්තටම දන්නවද? ---> මෙතනින්
02.Root ගැන දැනගෙන root කරමු!! ---> මෙතනින්
03.Root කලාද?දැන් එහෙනම් Custom Recovery එකක් දාමු නේද? ---> මෙතනින්
 
Last edited:

sameera50354

Member
Jan 13, 2011
282
16
0
mare maru pin sidu wewa deergayusha labeewaaaaaaaa
rep dena hati kiyapalla danna ekek mekata nam rep kandak dunnath madi
 

sameera50354

Member
Jan 13, 2011
282
16
0
mare maru pin sidu wewa deergayusha labeewaaaaaaaa
rep dena hati kiyapalla danna ekek mekata nam rep kandak dunnath madi
 

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    thanks

    වැලි ගොව්වා;18131598 said:
    ඔන්න ඉතින් ආයෙමත් ආවා කොල්ලනේ තවත් වැඩක් අරගෙන.මේ ටිකේ වැඩ වගයකට අහු වුණු නිසා මුකුත් දාන්න බැරිවුණා.සොරි හොඳේ.;)

    thanks buddy :yes:
     
    Last edited:

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    වැලි ගොව්වා;18098807 said:
    ඉතින් කොහොමද කොල්ලනේ.ඊයෙ මුකුත් දාන්න බැරි වුණා පොඩි පොඩි වැඩ වගයක් තිබුණු නිසා.හැබැයි PM දාපු අපේ කොල්ලොන්ට reply කොහොමහරි දාලා ඇති.:)

    :yes:
     

    Young Drupii

    Member
    Feb 22, 2015
    419
    14
    0
    mchn root karama warrnty natiwenawa neda? mage 4n eka aran masa dekai...samsung galaxy ace nxt eka....root karala aya unroot karaoth warrnty nati wenne natiwa tiya ganna plwanda?
    root karanna hodama software eka KINGO ROOT ekada nattam Vroot/iroot ekada?
    :oo:
     
    Last edited: