ඇන්ඩ්‍රොයිඩ් ගැන ඇත්තටම දන්නවද?

Custom Kernel එකක් දාමුද?

ඔන්න ඉතින් සෑහෙන කාලෙකට පස්සෙ තමයි ආපහු tutorial එකක් අරගෙන ආවේ.වෙලාවකට හිතුණා මේක නවත්තනවා කියලා.ඒත් ඉතින් අදත් කට්ටිය කමෙන්ට් කරලා ත්‍රෙඩ් එක දිගටම කරමු කියලා දාලා තියෙනවා දැක්කම හිතුණා දිගටම කරගෙන යනවා කියලා.:yes:

එහෙනම් වැඩි කතා නැතුව පටාන් ගමු නේද.

Tweaks_zpsc0831c9f.png


Kernel එකක් කියන්නේ ෆෝන් එකේ BIOS වගේ.මේ kernel එක හරහා තමයි ෆෝන් එකක voltage control කරන්නේ.ඔයාලා දන්නවා ඇති PC එකක් වුණත් BIOS හරහා overclock/under-clock කරන්න පුළුවන් කියලා.ඒ වගේම තමයි තමන්ගේ ෆෝන් එකත්.හැබැයි මේ voltage control කරන්න අපිට උවමනා වෙනවා customized kernel එකක්.මේ custom kernel එක හරහා අපට විවිධ kernel tweaking apps වලට support ලබාදෙනවා.සාමාන්‍යයෙන් තියෙන stock kernel එක tweaking apps වලට support කරන්නේ නෑ.

වෙනදා වගේම මුලින්ම කියලම පටන්ගන්නම් එහෙනම්.මේවා වැරදියට කරලා හෝ හරි දැනුමක් නැතුව කරලා ෆෝන් එකට මොනවාහරි වුණොත් ඔන්න අපිනම් වග නොකියනු ලැබේ.හුදෙක් දැනුම සඳහා පමණි.කැමති අය, තේරෙන අය හරියට කරගත්තා කියලා අපි කිසිම තරහක් නෑ ඕං.:cool:

මුලින්ම තව ටිකක් පැහැදිලි කරලා ඉන්නම්කෝ.ෆෝන් එකේ settings-->about phone එකේ ඇති kernel version කියලා එකක්.අන්න එතන තමා දැනට තියෙන kernel එකේ විස්තර පෙන්නන්නේ.කැමති නම් නිකම් ගිහින් බලන්න.

අපි ඕනෑම rom එකක් දානකොට මෙන්න මේ kernel එකත් ඒකත් එක්කම ෆෝන් එකට flash වෙනවා.මෙතනදි තමයි PC එකයි ෆෝන් එකයි වෙනස් වෙන්නේ.මොකද අපි OS එක අලුතින් දැම්මට අලුතින් BIOS වදින්නේ නැති නිසා.මේකත් bootloader එක වගේම ටිකක් explain කරන්න අමාරු මාතෘකාවක්.දැනට මම කියන විදියට තේරුම් ගන්න.පස්සේ තව හොඳට තේරෙයි.

ඉතින් අපි custom rom එකක් දැම්මත් ඒකත් එක්කම එන kernel එක rom installing phase එකේදී rom එකත් එක්කම auto flash වෙනවා.ගොඩක් rom වල kernel tweaking කරන්න පුළුවන් විදියට එන්නේ නෑ.Stock නම් කොහෙත්ම බෑ.custom වලත් මම දැකලා තියෙන්නේ S4 එකේනම් Imperium ROM එකේ විතරයි.මොකද ඒ developer ම imperium kernel කියලා එයාගෙම custom kernel එකක් කරන නිසා එයා ඒක rom එකටත් දාලා තියෙනවා users ලට පහසු වෙන්න.


බලමු එහෙනම් මේකේ වාසි.


වාසි තමා ෆෝන් එක overclock/under-clock කරගන්න පුළුවන්.මම ඒක නම් කරන්න ගියේ නෑ මොකද overclock කලාම processor එකේ performance වැඩි කරන නිසා ඉක්මණට battery බහිනවා වගේම ෆෝන් එක heat වෙනවා.under-clock කලාම අනිත් පැත්ත.performance බහිනවා.ෆෝන් එකේ performance බැහැලා පාවිච්චි කරලා මොකටද නැද්ද?:dull:
හොඳම දේ තමයි USB/AC fast charge option එක.සාමාන්‍යයෙන් අපේ ෆෝන් වල(මම කියන්නේ S4 එක ගැන, අනිත් ඒවා use කරලා නැති නිසා හරියටම දන්නේ නෑ:sorry:) USB charging voltage එක 450 mA, AC charging voltage එක 1000 mA.

ඉතින් මේ tweaking apps වලින් අපිට පුළුවන් මෙන්න මේ charging voltages වෙනස් කරගන්න.උදාහරණයක් විදියට USB voltage එක 1000 mA කරන්න පුළුවන්. ඒ කියන්නේ USB එකයි AC එකයි එහෙම නැත්නම් charger එකේ voltage එකයි සමානයි.එතකොට ෆෝන් එක USB connect කලත් charger එකට ගැහුවා වගේ ඉක්මණට charge වෙනවා.එතකොට AC voltage එක උපරිම 1900 mA වලට වෙනස් කරගන්න පුළුවන්. එතකොට charger එකෙන් බොහොම ඉක්මණට charge වෙනවා.මම නම් පාවිච්චි කලේ USB voltage -> 1000 mA , AC voltage -> 1450 mA.

ඔයාලත් මේවා වෙනස් කරනවා නම් මුල්ම පාර charge වෙන්න දැම්මම සැරින් සැරේ බලන්න ෆෝන් එක ගොඩක් heat වෙනවද කියලා.සාමාන්‍යයෙන් මගේ ෆෝන් එක charge වෙනකොට එක heat වෙන්නෙ නෑ.එහෙම වෙනවනම් ආපහු voltages අඩු කරන්න.මගේ නම් අද වෙනකම් කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ.

එහෙනම් වැඩේ පටන්ගමු.වැඩේ පටන්ගන්න කලින් xda එකට ගිහින් තමන්ගේ rom එකට ගැලපෙන kernel එකක් හොයාගෙන zip file එක download කරගන්න.


ගැළපෙන kernel එකක් හොයාගන්නේ මෙහෙමයි.


01.මුලින්ම බලන්න kernel එක ඔයාගේ ෆෝන් model එකට ගැළපෙනවද කියලා.මොකද kernel එක code කරලා තියෙන්නේ අදාල phone model එකේ hardware වලට නිසා.


02.ඊලඟට බලන්න android version එක ගැළපෙනවද කියලා.ඒ කිව්වේ KitKat ද Lolipop ද කියන එක.


03.ඔයාගේ rom එකට ගැළපෙනවද බලන්න.මේ ගැනනම් ටිකක් විතර කියලදෙන්න අමාරුයි.ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නව නම් මට pm එකක් දාන්න.

Samsung custom rom එකක් නම් TW (TouchWiz)
CyanogenMod නම් CM
Google Play Edition rom එකක් නම් GE
Open Source Rom එකක් නම් AOSP

ඒ කියන්නේ මේ දාන kernel එක ඔයාගේ ෆෝන් එකේ os එකට ගැළපෙන්න ඕනේ කියන එක.මේක ගොඩක් වෙලාවට හොයන්න ක්‍රමයක් නම් නෑ.ඔයාලා දැනට custom rom flash කරලා තියෙනවා නම් ඒ flashing guide එක තිබුණු site එකේ බලන්න ගොඩක් වෙලාවට ඒකේ දාලා ඇති rom එක මොන වර්ගයේ එකක්ද කියලා.


04.ඔයා kernel එක බලන thread එකේ තියෙන විස්තර හොඳට කියවලා බලන්න මුලින්ම.කියවලා හරියටම තහවුරු කරගන්න ඒක ඔයාගේ ෆෝන් එකේ os එකටයි හැමදේටමයි ගැළපෙනවද කියලා.මොකද phone model එක, android version එක, rom version එක කියන මේ තුනෙන් එකක් හරි වෙනස් වුණොත් ඉතින් soft brick වෙනවා ඒ ගැන ආයෙ කතා දෙකක් නෑ.

කරන වැඩේ ගැන පොඩ්ඩක් හරි sure නැත්නම් අහන්න.නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහගන්න.

දෙයියනේ කියලා තම තමන්ගේ custom recovery එකට ගිහින් rom එකේ backup එකක් දාගන්න.ඔන්න නොකිව්වයි කියන්න එපා.


05.දැන් බලන්න kernel එකේ kernel tweaking support තියෙනවද කියලා.ඒක ඔයාලා kernel එක බලන thread එකේ තියෙන change-log කියන කොටසේ දාලා ඇති.එහෙම නැත්නම් ඒකේ STweaks/ Trickster MOD කියන apps තියෙනවා කියලා තිබුණත් හරි.ඒ කියන්නේ මේ apps අපට දාගෙන tweaking කරගන්න පුළුවන් කියලා.හැබැයි ගොඩක් වෙලාවට STweaks app එකනම් kernel එක flash කලාට පස්සේ ෆෝන් එකේ auto install වෙලා තියෙනවා දකින්න පුළුවන්.:cool:


වැදගත් කරුණු.


01.Root කර තිබීම අනිවාර්‍යයි.


02.Custom Recovery එකක් තිබීම අනිවාර්‍යයි.


03.Custom Rom එකක් flash කර තිබීම අනිවාර්‍යයි.මොකා කිව්වත් ඕවා stock rom එකට flash කරන්න යන්න එපා.


04.Battery charge එක 70%ක්වත් තියෙන්න ඕනේ.


එහෙනම් වැඩේට බහිමු.:shocked:


01.Download කරගත්තු zip file එක memory එකට දාගන්න.


* කැමතිනම් kernel එක download කරගන්න ගමන්ම පොඩ්ඩක් search කරලා බලන්න තමන්ගේ ෆෝන් වර්ගයට මෙන්න මේ mod script එක තියෙනවද කියලා."Kernel Cleaning Script".තියෙනවනම් ඒක පොඩ්ඩක් කියවලා බලලා තමන්ගේ ෆෝන් වර්ගයට ගැළපෙනවා කියලා දාලත් තියෙනව නම් ඒකත් download කරගෙන memory එකට දාගන්න.:cool:

අනිවාර්‍ය නෑ.තිබුණොත් විතරක් ගන්න.නැත්නම් ඕන නෑ වැඩිය හොයන්න මහන්සි වෙන්න එපා.:no:


02.දැන් custom recovery mode එකට යන්න.දන්නවනේ ඒක.Phone off.ඔන් වෙනකොට power+vol up, recovery කියලා නිල් පාටින් පොඩියට වැටුණම power එක අතෑරියා.ඕවා කියලා දුන්නනේ.:growl:

මේ පහළින් දාන 03 වෙනි කොටස අනිවාර්‍යයි හොඳේ.මොනම හේතුවක් නිසාවත් මේක මඟඅරින්න එපා.:no:


03.දැන් 01දි කියපු kernel cleaning script එක තියෙනව නම් විතරක් ඒක Install දීලා flash කරගන්න.

ඒක හම්බුණේ නැති අය Wipe ගිහින් Advanced Wipe ගිහින් cache එකයි dalvik cache එකයි wipe කරන්න.

දැන් හරි.


04.දැන් ඉතින් දෙයියනේ කියලා Install ගිහින් download කරගත්තු kernel එක flash කරගන්න.


දැන් ටික වෙලාවකින් kernel එක flash වේවි.


05.ඒක flash වුණාම reboot to system දීලා ෆෝන් එක restart කරගන්න.

ඔන් වෙනකොට ටිකක් වෙලා යයි.ඔන් වෙනකොට වැටෙයි android is upgrading කියලා ෆෝන් එකේ apps optimize වෙයි.දැන් ඔන්න වැඩේ හරි.kernel එකත් flash කලා.දැන් තියෙන්නේ දාපු kernel එක tweak කරගන්නයි.ඒක ඉතින් මෙතන දාන්න බෑ.වෙනම එකකින් දාන්නම්කෝ.දැනට kernel එක download කරගත්තු thread එක දිගට කියවලා බලන්න.ගොඩක් වෙලාවට ඒකේ දාලා තියෙනවා kernel එකේ වෙනස් කරන්න ඕන settings.නැත්නම් මම දානකම් ඉන්න.වෙලාවක් ලැබුණු ගමන් ඉක්මණටම දාන්නම්.බය වෙන්න එපා ඉක්මණටම දාන්නම්.දැනට fastcharge on කරන හැටි කියන්නම් STweaks එකේ.

පහළ පින්තූරෙ බලන්න.

අන්තිම එක AC Charge එක විතරක් 1450 mA විදියට දෙන්න. අනිත් ඒවා ඔය රූපේ විදියට වෙනස් කරගන්න.:frown:

VIcMYOC.png



එහෙනම් ඉතින් මම ගියා.ආයෙ එන්නම් tweaking tutorial එකත් අරගෙන.තාම tweaking පටන්ගත්තා විතරයි හොඳේ.fast charge කියන්නේ basic option එකක් විතරයි.තව හොඳ හොඳ දේවල් තියෙනවා ඕකෙන් කරන්න පුළුවන්.:shocked:

සැමට ජය!!



පරණ ඒවා පහළින් බලන්න.


01.ඇන්ඩ්‍රොයිඩ් ගැන ඇත්තටම දන්නවද? ---> මෙතනින්

02.Root ගැන දැනගෙන root කරමු!! ---> මෙතනින්

03.Root කලාද?දැන් එහෙනම් Custom Recovery එකක් දාමු නේද? ---> මෙතනින්

04.ගහමු එහෙනම් custom rom! ---> මෙතනින්

 
Last edited:
  • Like
Reactions: robaiya

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
අයෙත් පටන්ගත්තු එක හොදයි ගොඩක් දේවල් ඉගෙන ගත්ත මේ ත්‍රෙඩ් එකෙන්
 

IDPMP

Active member
  • Mar 15, 2011
    731
    42
    28
    LG G2 ekak ganna kiyala hithagena inne. Phone eka awlak nadda machan. Display awlak enawa kiyanne attada???