ඇන්ලීන් වැඩක් නැතිලු..
පිටිකිරි බීමෙන් ඔස්ටියෝපොරෝසිස් සුව වන්නේ නෑ කියලා මහාචාර්ය සරත් ලේකම්වසම් කියනවා.
"ඔස්ටියෝපොරෝසිස් රෝගී තත්ත්වය නිසා කොඳු ඇට පෙළේ ඇති වන වකගැසීම, කල් පවතින කොන්දේ වේදනාව සහ සෘජුකාය විලාසයේ වෙනස්කම් ඇති වන අතර මේ රෝගීන් ගේ ඇවිදීමේ හා සිටගෙන සිටීමේ විලාසයේ ද වෙනස්කම් ඇති වනවා. ඒ වගේ ම මෙය වයස්ගත කාන්තාවන් හා පිරිමින් අතර බහුල ව පවතින රෝගයක්." යනුවෙන් කරාපිටිය වෛද්‍ය පීඨයේ කාය වෛද්‍ය විශේෂඥ මහාචාර්ය සරත් ලේකම්වසම් පැවසී ය.
ඔක්තෝබර් 20 වැනි දිනට යෙදුණු ලෝක ඔස්ටියෝපොරෝසිස් දිනය වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවක දී තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ලේකම්වසම් "ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් පෙළෙන කෙනකු එයින් වැළකීම සඳහා වෛද්‍යවරයකු ගේ උපදෙස් අනුව ප්‍රතිකාර කරගත යුතුයි. කැල්සියම් වැඩිපුර ගැනීමෙන් ඔස්ටියෝපොරෝසිස් රෝගය සුව වේ යෑයි සිතීම නුවණට හුරු නැහැ. ඒ නිසා පිටිකිරි වර්ග මඟින් හෝ ආහාර මඟින් හෝ පෙති වර්ග මඟින් කැල්සියම් ශරීරයට ලබා දීමෙන් ඔස්ටියෝපොරෝසිස් සුව වනවා යෑයි කියා දැන්වීම් ප්‍රචාරය කිරීම ජනතාව මුළා කිරීමක්. මේ රෝගී තත්ත්වය වයස්ගත වීම නිසා ම ඇති වන්නේ නෑ. අස්ථි බිඳී යැම මේ රෝගයේ සංකීර්ණ ම අවස්ථාවයි. කෙනකු මේ රෝගී තත්ත්වයට ගොදුරු වන්නේ දැයි අස්ථි ඝනත්වය මැන ගැනීමෙන් දැනගන්න පුළුවන්. මේ සඳහා අස්ථි ඝනත්ව මානය (Bone densitometer) නම් උපකරණය භාවිත කරනවා. මේ උපකරණය ශ්‍රී ලංකාවේ සීමිත රෝහල් ප්‍රමාණයක තිබෙනවා. මෙවැනි පරීක්ෂණයකින් කිසියම් අයකුට ඔස්ටියෝපොරෝසිස් රෝගය වැළඳීමේ අවදානමක් ඇති දැයි සොයා ගැනීමෙන් පසු ප්‍රතිකාර ලබා ගැනීමෙන් අස්ථි නිරෝගීතාව රැකගන්න පුළුවන්" යනුවෙන් පැවසී ය.
මෙහි දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජාතික රෝහලේ රක්තවාතවේද විශේෂඥ වෛද්‍ය ලලිත් විඡේරත්න, ශරීරයේ අස්ථි නිර්මාණය වී තිබෙන අස්ථි බදාම දුර්වල වීමෙන් අස්ථි ව්‍යහය වෙනස් වෙනවා. මෙය ඔස්ටියෝපොරෝසිස් නම් රෝගය ඇති වීමට හේතුවක්. අස්ථි බිඳී යැම මෙහි සුලබ ලක්ෂණයයි. ගෝලීය වශයෙන් කාන්තාවන් මිලියන 200ක් පමණ මේ රෝගයෙන් පීඩා විඳිනවා. යුරෝපයේ ඇමෙරිකාවේ සහ ජපානයේ පමණක් මිලියන 75ක් පමණ කාන්තාවෝ මේ රෝගයෙන් පීඩා විඳිනවා. සාමාන්‍යයෙන් වසය අවුරුදු 60ත් 70ත් අතර කාන්තාවන් තිදෙනකු ගෙන් එක් අයකු මේ ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් පෙළෙන අතර වයස අවුරුදු 80 ඉක්මවූ කාන්තාවන් තිදෙනකු ගෙන් දෙදෙනකු මේ රෝගයෙන් පීඩා විඳින බැව් සමීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා. ලෝකයේ සැම තත්පර 3කට වරක් වැටීමෙන් අස්ථි බිඳී යැමක් සිදු වනවා. ශ්‍රී ලංකාවේ වසර 2006 දී උකුළු ඇට බිඳී යැම් 2700ක් පමණ සිදු වුණා. වසර 2040 වන විට මේ සංඛ්‍යාව 7000ක් වේ යෑයි අනුමාන කරනවා. මේ නිසා දැඩි අවදානම් සහිත පුද්ගලයන් තෝරාගෙන ප්‍රතිකාර කිරීමෙන් හා අස්ථි නිරෝගීතාවට මුල සිට ම යොමු කිරීමෙන් අස්ථි බිඳී යැම් වළක්වා ගත හැකියි" යනුවෙන් පැවසී ය.
අමල් උඩවත්ත විසින් ලියපු ලිපියක්..

bump.