ඇපල් කන අය බැලුවට කමක් නෑ....

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    ඇපල් කන අය බැලුවට කමක් නෑ....

    ගසින් නෙලා ගත් ඇපල් ගෙඩි වෙළඳපොළට නිකුත් කිරීමට ප්‍රථම සකස් කරන ආකාරය ඔබට මේ විඩියෝවෙන් නැරඹිය හැකියි. මෙම වීඩියෝවේ අවසාන තත්පර කිහිපයේදී ඔබට දක්නට ලැබෙන්නේ කිසියම් ද්‍රව්‍යයක් ඇපල් ගෙඩි මතට විදින ආකාරය. මෙසේ විදින්නේ ඉටි විශේෂයක්. මෙසේ ඉටි ඉසීමට හේතුව වන්නේ ඇපල් ගෙඩියේ ජලය වාෂ්ප වි ගොස් එය වියළීම වලක්වා ගැනීමට. ඔබ වෙළඳපොලෙන් මිලදී ගන්නා ඇපල් ගෙඩියක් ඉතාම් නැවුම් ආකාරයෙන් තිබීමට මෙය එක හේතුවක්. කෙසේ වෙතත් මෙම ඉටි විශේෂය කෙතරම් සෞඛ්‍ය ආරක්‍ෂිත ද යන්න වෙන්නම සොයා බැලිය යුතු කටයුත්තකි... .




     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Wax එක ඉවත් කරගන්න තමයි මචන් ඇපල් ගෙඩි කන කොට හොදට හෝදලා කන්න කියන්නේ. හෝදන ගමන් හොදට අතින් ඇතිල්ලුවම ඕක යනවා.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Wax එක ඉවත් කරගන්න තමයි මචන් ඇපල් ගෙඩි කන කොට හොදට හෝදලා කන්න කියන්නේ. හෝදන ගමන් හොදට අතින් ඇතිල්ලුවම ඕක යනවා.

    මම නම් කන්නේ පොත්ත අයින් කරලා බං
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    ලෙල්ල අයින් කරලා කන එක තමයි හොද ....ලෙල්ල කොච්චර ගුණ උනත් මේ ඉටි ඇඟට හොද නැ ..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,644
    113
    ඕක හෙදුවහම යනවා ඇති බන්....මම ගහකින් කඩපු ඇපල් ගෙඩියකුත් පිහියකින් හුරලා බැලුවා එකෙත්...වැක්ස් වගේ තියෙනවා බන්...