ඇබරැල්ලා හරිම ගුණයි

saturn

Well-known member
  • Mar 21, 2015
    5,348
    9,118
    113
    Around the world
    ඇබරැල්ලා හරිම ගුණයි

    [FONT=&quot]Spondias dulcis [/FONT][FONT=&quot]යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන ඇබරැල්ලා වේගයෙන් වර්ධනය වන ශාඛයකි.ඇබරැල්ලා පළතුරක් මෙන්ම එළවළුවක් ලෙසද සැලකිය හැක.මෙය විටමින් සී බහුල ආහාරයක් වන අතර ග්‍රැමි 100 යක ප්‍ර‍මාණයක දෛනික විටමින් සී අවශ්‍යතාවයෙන් 60% ක් දැකගත හැක.තවද යකඩ, කැල්සියම් හා පොස්පරස් යනාදි මුලද්‍ර‍ව්‍ය අඩංගු වන අතර විටමින් ඒ සහ කැරොටීන් මෙන්ම විටමින් බී සංකිර්ණයන් වන තයමින් සහ රයිබෝෆ්ලේවින් දැකගත හැක.[/FONT]

    amaralla.jpg

    [FONT=&quot] මෙම ඇබරැල්ලා ප්‍ර‍තිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩිකරණ අතර සෙමිප්‍ර‍තිශ්‍යාව හා ඒ සමග ඇතිවන උණ සමග ප්‍ර‍තික්‍රියා කල හැක.තවද උගුර සහ ස්වසනමාර්ගයේ සිදුවන ආසාදනයන්[/FONT][FONT=&quot]සදහා ගුණදායක වන අතර තුවාල සුවවීමේ ක්‍රියාවලිය වේගවත් කරයි.[/FONT]

    [FONT=&quot]තවද මෙම ඇබරැල්ලාවල ප්‍ර‍තිඔක්සිකාරක අඩංගුවන අතර මුක්තඛණ්ඩක නිසා රුධිරවාහිනිවල සිදුවන ලේකැටිගැසීම අඩුකර හොදින් රුධිරය ගලායාමට ඉඩහසර ලබාදේ.එමගින් පේශී පටක සහ අවයව වලට සිදුවන හානිය වලකාලයි.[/FONT]

    [FONT=&quot]තවද මෙහි පවතින විටමින් සී පටක අළුත්වැඩියාවන් හා සම පෝෂණය කිරීමට අවශ්‍ය ස්වභාවික ප්‍ර‍තිඔක්සිකාරකයක් සේ ක්‍රියාකරයි. එමගින් සමෙහි කොලැජන් තන්තු නිෂ්පාදනය වැඩිකර සමෙහි පැහැපත්බව වැඩිකරයි.තවද ‍සමෙහි ඇතිවන විවිධ වු රෝගාබාධ සුවකිරීම සදහා මෙම ඇබරැල්ලා යොදාගනි.[/FONT]

    [FONT=&quot]මෙම පළතුර ආහාර ජීරණය පහසුකරන තන්තුවලින් බහුලවු පළතුරක් වන අතර ආමාශය ඇතුළු ආහාර ජීරණපද්ධතිය පිරිසිදුකිරීමට උදවිවේ. ආහාර ජීරණය අපහසුතාවයන්ගෙන් පෙලෙන අය සදහා මෙම පළතුරෙහි පල්පය ඉතා වැදගත් වේ.තවද විටමින් ඒ සුලභව ඇති බැවින් දෘෂ්ඨිය සදහාද මහගු පිටුවහලක් ලබාදේ.තවද මෙහි සුක්රෝස් සීනි සුලභව පවති.[/FONT]

    [FONT=&quot]ඇබරැල්ලාවල පවතින යකඩ සහ විටමින් බී 1 සංකිර්ණය ශරීරයේ පවතින රතු රුධිරානු නිෂ්පාදන ක්‍රියාවලියට දායක වී සිරුරතුල ඔක්සිජන් සංසරණය වේගවත් කරන අතර මෙය කාන්තාවන් සදහා ඉතා වැදගත් වේ.[/FONT]

    [FONT=&quot]දියවැඩියා රෝගීන් සදහාද ‍ඇබරැල්ලා ඉතා ගුණදායකය.දත් සහ අස්ථි නිරෝගීව පවත්වාගැනීම සදහා මෙම ඇබරැල්ලාවල පවතින පොස්පරස් හා කැල්සියම් ප්‍ර‍මාණය ඉතා වැදගත්වේ.එමෙන්ම මුත්‍රාමාර්ගයේ පවතින විවිධවු ආසාදනයන් සදහාද ඇබරැල්ලා ඖෂධයක් ලෙස යොදා ගනී.තවද තුවාල ,පිලිස්සුමි,දද හා හිසරදය සුවකිරිමේ පාරමිපරික ඖෂධයක් ලෙස මෙම ඇබරැල්ලා ශාඛයේ විවිධවු කොටස් යොදාගනී.[/FONT]

    [FONT=&quot] ඇබරැල්ලා සතුව අධිරුධිරපීඩනය අඩුකිරීමේ හැකියාව පවතින බව නවතම පර්යේෂණ හරහා අනාවරණය වී ඇත. මෙවැනිවු බොහෝ ගුණාංගයන්ගෙන් සපිරි ඇබරැල්ලා ඔබත්, ඔබේ ආහාරවේලට එකතුකරගැනීමට හුරුපුරුදුවන්න. [/FONT]

    [FONT=&quot]කේ.එච්.එම්.එම්.එම්.ඡයවර්ධන[/FONT]
    [FONT=&quot]විද්‍යා හා තාක්ෂණ නිලධාරි[/FONT]
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    "දියවැඩියා රෝගීන් සදහාද ‍ඇබරැල්ලා ඉතා ගුණදායකය.දත් සහ අස්ථි නිරෝගීව පවත්වාගැනීම සදහා මෙම ඇබරැල්ලාවල පවතින පොස්පරස් හා කැල්සියම් ප්‍ර‍මාණය ඉතා වැදගත්වේ.එමෙන්ම මුත්‍රාමාර්ගයේ පවතින විවිධවු ආසාදනයන් සදහාද ඇබරැල්ලා ඖෂධයක් ලෙස යොදා ගනී.තවද තුවාල ,පිලිස්සුමි,දද හා හිසරදය සුවකිරිමේ පාරමිපරික ඖෂධයක් ලෙස මෙම ඇබරැල්ලා ශාඛයේ විවිධවු කොටස් යොදාගනී."

    මේක නම් මම අත්දැකීමෙන් කියන්නේ . මට මුලින්ම 500 එහා sugar තිබුනේ. මුලින්ම මාසයක් විතර බෙහෙත් බීල 230 කට අඩුකර ගත්තා දැන්නම් බෙහෙත් බොන්නෙම නැහැ . තනිකරම ඇබරැල්ල කනවා දිනකට ගෙඩි 7-8ක් , දිනපතා දෙයියනේ කියලා දැන්නම් sugar ඇත්තෙම නැහැ සති 2කට වරක් check කරනවා 70 -90 අතරේ . සාමාන්‍ය විදියට සියලුම දේවල් කනවා බොනවා .
     
    :):)