ඇබ්බැහි වීම් | Psychology and Economics

alex007

Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    මචං මේක මට ටික කාලෙක ඉඳලා හිතෙන දෙයක්, සමහරවිට ඇත්ත වෙන්නත් පුළුවන්, එහෙම නොවෙන්නත් පුළුවන්.

    මං හිතන්නේ හැම මිනිහටම, ගෑණිටම මොකක් හරි ඇබ්බැහි වීමක් තියෙනවා.

    ඒක ගේම් ගහන්නද, කන්නද, වැල බලන්නද, කුඩු ගහන්නද කියන එක පුද්ගලානුබද්ධයි. හැම මිනිහටම තියෙන මේ ඇබ්බැහි වීම තමුන්ට ආවේනික ඩ්‍රග් එකක්. සෝෂල් මීඩියාත් අනිවාර්‍යෙන් මේකෙන් එකක්. ඒත් කෙනෙක් එක ඇබ්බැහි වීමකින් මිදිලා වෙන ඇබ්බැහි වීමකට යනකොට අර කලින් ඇබ්බැහි වීමෙන් economic ලාබ ලබපු අයට ඒක පාඩුවක්.

    සරලම උදාහරණේ ඉස්සර වගේ කොල්ලෝ දැන් කුඩු ගහන්නේ නෑ. උන්ට ඒකට සල්ලිත් නෑ, වෙලාවත් නෑ, ලොකු උවමනාවකුත් නෑ. උන් දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ ගේමිං, සෝෂල් මීඩියා, ටික්ටොක් වගේ දේවල් වලට.

    එතකොට අර economic පාඩු ලබපු උන් මොකද කරන්නේ? උන් සමාජෙට පෙන්නන්න පටන් ගන්නවා මේ අලුත් ඇබ්බැහි වීම් වල ප්‍රතිපල. ඒක දිගින් දිගටම මිනිස්සුන්ට පෙන්නුවාම මිනිස්සු ඒක විශ්වාස කරන්න පටන්ගන්නවා. අලුත් ඇබ්බැහි වීම් වලින් ඈත් වෙන්න පටන් ගන්නවා.

    ගේමිං වලට ලොකුවටම කේස් දාන මහා පරිමාණ මීඩියා චැනල් දෙකක් ලංකාවේ තියෙනවා. උන් එච්චර කැක්කුමකින් ලංකාවේ ගේමිං කමියුනිටි එකට ගහන්නේ එලි‍යෙන් පේන හේතුවට නෙවෙයි, ඊට වඩා ඩීප් යන ඇජෙන්ඩා එකකට වෙන්න පුළුවන්.
     

    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    ගේමිං වලට ලොකුවටම කේස් දාන මහා පරිමාණ මීඩියා චැනල් දෙකක් ලංකාවේ තියෙනවා ??

    Kawda e?
    දෙකක් කිව්වට එකක් ඇක්ටිව්ලි මේ කැම්පේන් එක කරනවා, ස්වර්ණවාහිනී. අනික හිරු. ටිකක් හිතලා බැලුවොත් හැම චැනල් එකටම එයාලා හදාගත්ත දේශපාලනික නොවන ඇජෙන්ඩා තියෙනවා මචං. අපිට එලියට පෙනෙන එකම දේ තමයි ඒ ඒ චැනල් කඩේ යන පක්ශය. මීඩියා කියන්නේ මිනිස්සුන්ගේ ඔලුත් එක්ක සෙල්ලම් කරන මැශින්.