පිළිවලකට පලිගැනීමේ කලාව

sanguine

Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    p0cxvd43.jpg


    මේක පලවැනි ලෝක යුද්ධයෙහිදී කැනඩා සහ ජර්මන් අතර සිද්ධ වුන සත්‍ය සිදුවීමක්.

    පළවෙනි ලෝක යුද්ධයෙහිදී පැවැති තාක්ෂණය එක්ක වැඩිපුරම සටන් සිද්ධ වුනේ යුධ අගල් වල. කැනඩාව කියන්නේ අගල් යුද්ධයේ දක්ෂයෝ. ජර්මනිය සහ කැනඩාව යුද භූමියේ දෙපස මිනිසෙකුට සැගවී ගමන් කරන්න තරමට යුධ අගල් තනාගෙන දින ගණනාවක් දෙපසට වෙඩි තබාගනිමින් සිටියා. මෙතනින් එහාට යන්න දෙපාර්ශවයම අසමත්.

    දිනක් කැනේඩියන් හමුදා නිළධාරීයෙක් අත් බෝම්බ වැඩිම දුරට විසි කලහැකි ශක්තිමත්ම තම සොල්දාදුවන් රැස් කරනවා. ඔවුන් මැප් කරනවා දෙපාර්ශවයේ යුද අගල් වඩාත්ම එකිනෙකට ආසන්න තැන්. ඒ තැන්වලට තෝරගත්තු සොල්දාදුවන් රැගෙනගොස් ස්ථාන ගත කරනවා. ඔවුන්ට කෝන් බීෆ් කෑන් දීලා කියනවා ජර්මන් හමුදා අගල් වලට එක බැගින් විසිකරන්න කියලා.

    ජර්මන් සොල්දාදුවන් අත්බෝම්බයැයි සැක කර වහාම ආරක්ෂිත පියවර ගන්නවා. නමුත් ටික වේලාවක් බලා සිටින ඔවුන් පුදුමයට පත්වන්නේ ඒවා පුපුරා නොයෑම නිසා. ඔවුන් කෑන් ගෙන පරීක්ෂා කිරීමේදී වැටහෙනවා මේ බෝම්බ නෙමෙයි ඉතා අනර්ඝ ආහාර කියලා. දැඩි සාගතයක ඉන්න ඔවුන් පුදුම වෙනවා මේ තෑග්ග ගැන. ටික වෙලාවකින් තව කෑන් එකක් එනවා. ඒකත් කෝන් බීෆ්. මේ පණිවිඩය ජර්මන් සොල්දාදුවන් අතර වේගයෙන් පැතිරෙනවා.

    පැයකට පමණ පසු කෑන් දෙක බැගින් නැවත විසිකරනවා. පැයෙන් පැයට එන කෑන් ප්‍රමාණය වැඩි වෙනවා. දැඩි සාගතයක සිටි ජර්මන් හමුදා පිරිස ඒ විසි කරන තැන්වලට එකතු වෙමින් ඒවා ගන්න පොරකනවා. උද්දාමයට පත් ජර්මන් සෙබලුන් තව ඉල්ලා කෑගසනවා.

    ටික වෙලාවකින් ඔවුන් නොසිතූ පරිදි වරුසාවක්ම එනවා. නමුත් එන්නේ කෝන් බීෆ් කෑන් වෙනුවාට අත් බෝම්බ. පොරකමින් ඒවා ඇහිදින්න බලා සිටි පිරිසට පැනයාමට ඉඩක් නැති වෙනවා. විශාල පිරිසක් එකවර මේ උගුලට හසු වී මි
    ය යනවා.

    ඔන්න ඔහොමයි ජර්මන් හමුදා ඇන්දුනේ කැනඩානුවන්ට.
     
    • Like
    Reactions: waparc

    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    මංකොල්ලකරු ගෙන් පළිගැනීම!

    මේ සිද්ධිය වුනේ 2014 රුසියාවේදී. අවුරුදු 27ක් වයස සුරූපී Olga Zajac එයාගේ රූපලාවන්‍ය සැලූන් එකක් කරගෙන යනවා. ඒකට දිනක් එනවා අවුරුදු 32 කට ආසන්න අවි ගත් මංකොල්ලකරුවෙක්. නමින් Viktor Jasinski.

    ඔහු අවිය දික්කර Olga ට බලකරනවා සියළු මුදල් ඔහුට දෙන්න කියලා. මෙහිදී අවාසනාවන්ත මංකොල්ලකරු නොදන්න දේ තමා, මේ සුරූපිනිය රූපලාවන්‍ය කටයුතු වලට විතරක් නෙමෙයි දක්ෂ. ඇය කරාටි කලු පටි ක්‍රීඩිකාවක්.

    ඇගේ එක පන්ච් එකකින් මංකොල්ලකරු බිම වැටෙනවා. වහාම ක්‍රියාත්මක වෙන ඇය හෙයාර් ඩ්‍රයර් එකක් අරං ඔහු අත් ගැටගසනවා. එතනින් තමා හොරාට දඩුවම් දීම පටන් ගන්නේ.

    සැලූන් එක පිටිපස්ස කාමරයකට ගෙන ගොස් ඔහු සම්පූර්ණ නිරුවත් කරනවා. ඔහුට බලහත්කාරයෙන් ලිංගික අප්‍රාණිකත්වය සදහා භාවිතා වෙන ව්‍යාග්‍රා ඔෘෂධ පොවමින් දින තුනක් ඔහුට දැඩි ලෙස ලිංගික බලහත්කාරකම් කරනවා.

    ඊට පසු ඔහුව මුදාහරින්නේ දෑසට නොපෙනී පලායන ලෙස තර්ජනය කරමින්. ඔහුට ලිංගික ප්‍රදේශයේ ඇති දැඩි වේදනාව නිසා ඔහු රෝහල්ගත වෙනවා. එහෙදී රෝහල මගින් ඔහුව පොලිසිය වෙත යොමු කිරීම මගින් තමා මේ සිද්ධිය ප්‍රසිද්ධ මාධ්‍ය වෙත එන්නේ.

    හා හා මේක බලලා උඹලා සැලූන් මංකොල්ල කන්න යන්න එපා ප්ලීස්!
     

    Attachments

    • 8d74100f38ca5b465d05f530a3891042.jpg
      8d74100f38ca5b465d05f530a3891042.jpg
      53.7 KB · Views: 20
    • dominatrix-holding-handcuffs-isolated-white-background-38339663~2.jpg
      dominatrix-holding-handcuffs-isolated-white-background-38339663~2.jpg
      32 KB · Views: 18
    • Like
    Reactions: waparc