ඇමති_පුතා රිය අනතුරකට - රජයේ කැබ් රථය නිවසක&#3

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඇමති_පුතා රිය අනතුරකට - රජයේ කැබ් රථය නිවසක

    රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතා රිය අනතුරකට - රජයේ කැබ් රථය නිවසකට කඩාවදී


    හලාවත - පුත්තලම මාර්ගයේ බංගදෙණිය - කෝට්ටපිටිය මංසන්ධියේදී එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුතා අනතුරකට ලක්ව තිබෙනවා.

    සිදුවී ඇති අනතුරින් තුවාල ලැබු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කෙරුණා.

    අද (06) අළුයම මෙම අනතුර සිදුවී තිබෙනවා.

    අනතුරින් තුවාල ලබා ඇත්තේ යශෝධ රංගේ බණ්ඩාර නැමැති වයස අවුරුදු 25 ක් වූ පුත්‍රයායි.

    අනතුරට පත්ව ඇත්තේ වාරි මාර්ග අමාත්‍යාංශයට අයත් කැබ් රථයක් බව පොලීසිය පැවසුවා.

    අතුරු මාර්ගයක සිට පැමිණ ඇති කැබ් රථය පාලනය කර ගැනීමට නොහැකිව කොට්ටපිටිය මංසන්ධියේ ඇති නිවසක් තුළට කඩා වැදීම හේතුවෙන් අනතුර සිදුවී තිබෙනවා. අනතුරින් කැබ් රථයට සහ නිවසටද හානි සිදුවී ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.

    ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.


     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    රජයේ වාහනේකින් මිනිස්සුන්ගේ සල්ලිවලින් තෙල් ගහන් ගිහින් මිනිහෙක්ගෙම ගෙයක් කඩල දැම්මම කවුද පවු? 

    ගෙදර හිටපු අහිංසක මනුස්සයෙක්ට අනතුරක් නොවුන එක ලොකු දෙයක්.


     
    Last edited:

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    Rajaye depaala pariharanaya karana obalata kisima karadaryk aantharwak nowewa. :D