ඇමරිකන් ටොයියන්

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ඇමරිකන් ටොයියන්

    trump-vs-clinton.jpg
    ඇමරිකන් ටොයියන්ට ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්න බැරිවීම ගැන ඇත්තට ම ලැජ්ජයි. පරාජය පිළිගන්න බැරි නම් ඇයි මැතිවරණ තියන්නෙ. මේකෙන් පෙන්නුම් කරන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී ඉන්නව කියල මහ හයියෙන් කෑමොර දෙන ලෝක සමාජ තීරුව ඇත්තට ම ප්‍රජාතන්ත්‍ර-විරෝධීන් කියන එක විතරක් නෙ‍මෙයි, මෝඩ බොළඳයින් පිරිසක් ය කියන එක. 2015 දී මහින්ද දිනුවනම් වෙන්න තිබුණෙත් මේකමයි. කොළඹ පුරා විරෝධතා ව්‍යාපාර පවත්වන්න සැලසුම් කරල තිබුණා. බොරු වපුරා බලයට ආපු ආණ්ඩුව අද පාර්ලීමෙන්තුව තුළ සම්මත විපක්‍ෂයක් පවා නොමැතිව නිර්මාණය කරල තිබෙන ඉතා විනාශකාරී වීකෘතියට එරෙහි ව විතරක් නෙමෙයි, පළාත්පාලන ඡන්දය නොපැවැත්වීම වැනි ඒකාධිපති පියවරවලට එරෙහි ව රනිල්-සිරිසේනවාදීන් නැගී සිටින්නෙ නැත්තේ ඇයි කියන එම කාරණය ඔස්සේ තේරුම් ගන්න පුළුවන්.
    තම නායිකාව පරාජය වීම දරා ගැනීමට නොහැකි ව ක්ලින්ටන්වාදීන් කඩ ගිනි තියමින් කෝලාහල කරන විට 2015 දී මහින්ද වැනි අති ප්‍රබල නායකයෙකුගේ පරාජය නිහතමානී ව පිළිගැනීමට අවශ්‍ය ආත්ම ශක්තිය තිබීම මහින්දවාදීන්ගේ නොසැලෙන පෞරුෂ ලක්‍ෂණවලට ඉතා හොඳ උදාහරණයක්. ඊට අමතර ව, පරාජය වූ දින සිට ම නැවතත් පරාජයේ අලු ගසා දමා එක දිගට ජයග්‍රහණය වෙනුවෙන් වසර 2ක් තිස්සේ හා ඉන් ඔබ්බට ද සටන් කිරීමට තිබෙන ඔහුගේ අධිෂ්ඨානය මොනවට පෙන්වීමක් බව කිව යුතුයි.
    මේකට විශේෂයෙන් ම මාධ්‍ය වගකියන්න ඕන. ලංකාවේ වගේ ම ඇමරිකාවෙත් අති බහුතරයක් මාධ්‍ය කළේ නැගෙන රැල්ල ම මාධ්‍ය බවට පත් කිරීම මිසක් රැල්ල ගැන මාධ්‍ය මෙහෙයවීම නෙමෙයි. දෙක වෙනස්. රැල්ල ම මාධ්‍ය වෙනවා කියන්නේ රැල්ල හා මාධ්‍ය සමවීම. රැල්ල ගැන මාධ්‍ය කියන්නෙ රැල්ලට පිටින් මාධ්‍ය මෙහෙයවීම. රැල්ල ම මාධ්‍ය වීම තුළ රැල්ල පිළිබඳ අධි-විස්වාසයක් සමාජයේ නිර්මාණය කරනවා. ඇමරිකාවේ මේක කොච්චර සාර්ථක ද කියනව නම් හිලරි ක්ලින්ටන් දිනල හිටියෙ. පොඩි ෆොමැලිටි එකක් විදියට විතරයි ඡන්දය තියන්න තිබ්බෙ. මාධ්‍ය ඇම කාපු ඇමරිකන් ටොයියෝ පාටීස් එ‍හෙම රෙඩි කරල තිබුණෙ. සුදු ඇමරිකන් බයියෝ මේක දැනගෙන හිටියා. ඔවුන් මාධ්‍ය පරිහරණය කළාට විස්වාස කළේ නැහැ. ඔවුන් මේ මාධ්‍ය මාෆියාවට කණ රිදෙන්න දුන්න. හැබැයි 2015 දී සිරිසේනට ඡන්දය දීපු ලංකාවේ පිරිස්වලට වැරදුන තැන තමයි ඔවුන් මාධ්‍ය කියන දේවල් පිළිගත්තා. ඒ අතින් බැලුවාම ඇමරිකාවේ ක්ලින්ට අනුගාමිකයිනුයි 2015 දී ලංකාවේ රනිල්-සිරිසේවාදීනුත් අතර මාධ්‍ය සාක්‍ෂරතාව පිළිබඳ ලොකු අඩුවක් තිබිල තියෙනව නේ ද?
    Mainda Pathirana
     
    Last edited:

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මාද්‍ය කියපු ඒවා පිළිගත්තා නම් තාම මහින්ද ජනාදිපති... අනිත් එක මෙහෙත් සමීක්ෂණ වාර්තා අවා... ලංකාවේ ගොඩක් එවුන්ට තියන ලෙඩේ තමයි හරි ඉක්මනට අතීතේ අමතක වීම...