මාලිමා ආණ්ඩුවට කුමක් වෙයිද ? 🔴🧭

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    මාලිමා ආණ්ඩුවට කුමක් වෙයිද කියන ප්‍රශ්නය මේ වන විට මාලිමාවට ඡන්දය දුන්, නොදුන් බොහෝ දෙනෙකුට තියෙනවා.

    මාලිමාවට දැඩිව විරුද්ධ ඇතැම් අය හිතන්නේ ඉබේට ම මාලිමාවේ ජනප්‍රියත්වය පිරිහී, තවත් අවුරුද්දකින් විතර අරගලය වැනි දෙයක් ඇති වී, මාලිමාවට සහ අනුරට ගෙදර යන්නට සිදු වී, අඹ ගෙඩියක් ඔඩොක්කුවට වැටෙනවා මෙන් රාජ්‍ය බලය තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇති බවයි.

    මාලිමා ආණ්ඩුව කරන සමහර පත්කිරීම්, සමාජ මාධ්‍ය හැසිරෙන විදිය වගේ ම සිජිටල් අවකාශයේ දේශපාලනය සම්බන්ධයෙන් පොදුවේ තියෙන වියවුල් සහගත (chaotic) ස්වභාවය නිසා කෙනෙකුට එහෙම හිතෙන එක සාධාරණයි.

    මේ නිසා සජිත් ප්‍රේමදාසට වුණත් උපදෙස් දෙන අය කියනවා ඇත්තේ "කොහොම හරි අල්ලන් ඉන්න" කියලයි. ඇතැම් විට මේ තරම් විශාල පරාජයකින් පසුව වුණත් සජිත් ප්‍රේමදාස 'ගෙදර යාමක්' ගැන නොහිතනවා ඇත්තේ මේ තත්ත්වය නිසයි. රනිල් වික්‍රමසිංහ වුණත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහමුලින් ම අතහැර පූර්ණ ලෙස විශ්‍රාම යාමක් ගැන නොහිතන්න බලපාන ලොකු ම හේතුව වනවා ඇත්තේත් ඒකයි.

    මාලිමා ආණ්ඩුවේ පාලනය කිසියම් දුරකට ව්‍යාකූල එකක් වීම බලාපොරොත්තු විය හැකි දෙයක්. සාමාන්‍යයෙන් ඒක අසාමාන්‍ය තරමේ බලාපොරොත්තු ගොන්නක කර මතින් බලයට පත් වෙන ඕනෑම ආණ්ඩුවකට සිදු වන දෙයක්. එහෙම ආණ්ඩුවක පාලනයේ ස්වභාවයෙන් ම කිසියම් වියවුල් සහගත ස්වභාවයක් තියෙනවා. ඇත්ත වශයෙන් ම මේ විදියේ ආණ්ඩුවක් මොන තීරණය ගත්තත් එයින් වියවුලට පත් වන කොටසක් ආණ්ඩුව ඇතුළේ ම වුණත් ඉන්නවා.

    උදාහරණයක් විදියට මාලිමා ආණ්ඩුවට IMF වැඩසටහන මේ විදියට ම ඉස්සරහට ගෙන යාම හෝ නොයාම කියන දෙකෙන් කුමක් කළත් එයින් වියවුලට පත්වන පිරිසක් මේ ආණ්ඩුව ඇතුළෙම ඉන්නවා. මෙයට කලින් ආණ්ඩුවල වගකීම් දැරූ නිලධාරීන් මේ ආණ්ඩුවේ ඉහළ තනතුරුවලට පත් කළත්, නොකළත් එයින් වියවුලට පත් වන පිරිසක් මේ තුළ ඉන්නවා. ඇත්ත වශයෙන් ම මේ විදියේ ආණ්ඩුවක් මොන වැදගත් තීරණයක් ගත්තත් එයින් අසතුටට පත් වන පාර්ශ්වයක් ආණ්ඩුව බලයට ගෙනා බලවේගය තුළ ඉන්නවා. මෙහෙම ආණ්ඩුවක් සම්බන්ධයෙන් එය ඉතා ම ස්වාභාවික තත්ත්වයක්. මේ නිසා බැලූ බැල්මට ම කිසියම් වියවුල් සහගත ගතියක් පෙනෙන්නට තියෙනවා.

    ඒත් එහෙම වියවුල් සහගත ගතියක් තිබුණා කියා ආණ්ඩුව තව මාස හයකින් හෝ අවුරුද්දකින් වැටෙයි කියලා නම් මම හිතන්නේ නැහැ.

    මාලිමාව වැටෙන්නේ හෝ ගෙදර යන්නේ මාලිමාවට එරෙහි කඳවුර මාලිමාවට වඩා ප්‍රබල narrative එකක් ගොඩනැගූ දාටයි. ඒක අද හෝ හෙට, එහෙම නැත්නම් තවත් මාස හයකින් හෝ අවුරුද්දකින් කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි.

    මාලිමාව ගොඩනැගූ 'දේශපාලන ක්‍රමය සුද්ද කිරීම' කියන narrative එක එක්ක තරග කරනවා නම් තරග කරන්නට පුළුවන් වන්නේ බණ්ඩාරනායක 1956 දී ගොඩ නැගූ 'මහජන යුගය' සම්බන්ධ narrative එකට පමණයි. ඔබ බණ්ඩාරනායකට කැමති වුණත්, අකැමැති වුණත් බණ්ඩාරනායකගේ narrative එක තවමත් ලංකාවේ දේශපාලනයේ හොල්මන් කරනවා. ඇත්ත වශයෙන් ම හිතුවොත් 1956 දී බලයට පැමිණි බණ්ඩාරනායකට ජීවත් වෙන්න ලැබුණේත් අවුරුදු තුනයි. බණ්ඩාරනායක ගේ පාලන සමය ලංකාවේ දේශපාලනයේ පැවති ඉතා ම වියවුල් සහගත කාලයක් කියා කිව හැකියි. ඔහුගේ ජීවිතය අවසන් වූයේත් ඔහුට බලයට එන්නට වැඩියෙන් ම උදව් කළ අය අතින්මයි. ඒ මොන දේ වුණත් බණ්ඩාරනායක ගේ narrative එක එතැනින් පසු දීර්ඝ කාලයක් ආණ්ඩු හැදෙන්නට සහ පෙරළෙන්නට හේතු පාදක වුණා.

    මාලිමාව ගැනත් මට තියෙන්නේ ඒ විදියේ තක්සේරුවක්.

    මාලිමාව තීරණාත්මක ලෙස පරාජය කරන්නට පුළුවන් වෙන්නේ මාලිමාව පරාජය කළ හැකි narrative එකක් මාලිමාවට එරෙහි පාර්ශ්වය විසින් ගොඩනැගූ දාටයි. රනිල්ට ඒක කරන්නට බැහැ. ඔහුට ඒක කරන්නට පුළුවන් යැයි කෙනෙකු තර්ක කළත් ඔහුට ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ඉතිරි වී නැහැ. සජිත්ට මේ කියන කතාවේ අගක් මුලක්වත් තේරෙන්නේ නැහැ. සජිත් ඉතිරි කාලයත් ඔහුට සුපුරුදු පන්නයේ ම දේවල් කරමින් කියමින් කාලය නාස්ති කරනවා හැරෙන්නට වෙනත් දෙයක් කරයි කියලා මං හිතන්නේ නැහැ. ඒ වගේ ම යම් හෙයකින් ඔහුට මෙය තේරුණත්, සජිත් වැනි කෙනෙකු වටා ගොඩනැගිය හැකි කිසිම narrative එකකුත් නැහැ. ඔහුට තියෙන ලොකු ම සීමාසහිතකමත්, ඔහු ගේ වලංගුභාවය නැති වෙන්න ලොකු ම හේතුවත් එයයි..

    එහෙම ශක්තිමත් narrative එකක් ගොඩ නොනගන තාක් කල් සිදුවන්නේ මාලිමාව ජනප්‍රියත්වයෙන් පිරිහෙන විට එයට සමාන්තර ව විපක්ෂයේ ද ජනප්‍රියත්වය පිරිහීමයි. ඒක හරියට ම ගෝඨාභය ගේ ජනප්‍රියත්වය පිරිහෙන විට එයට සමාන්තරව සජිත් ගේ ජනප්‍රියත්වය ද පිරිහුණා වගේ දෙයක්. එයින් සිදු වූයේ 2019 දී බලය ලබාගැනීමට පුළුවන් වේ යැයි සිහිනයකින්වත් නොසිතූ අනුරට 2024 දී බලයට එන්නට මාර්ගය පෑදීමයි. මේක අනාගතයේත් සිදුවීමට විශාල ඉඩකඩක් තියෙනවා.

    ඒ නිසා අඹ ගෙඩියක් ඔඩොක්කුවට වැටෙනවා මෙන් කාගේවත් ඔඩොක්කුවට රාජ්‍ය බලය වැටෙන්නේ නැහැ.

    එය සෑහෙන වෙහෙස මහන්සියක් දැරිය යුතු ව්‍යාපෘතියක්. මේ මොහොතට සාපේක්ෂව හිතුවොත් ඉතා ම සීරුවෙන් කළ යුතු 'ආඛ්‍යාන පිළිබඳ යුද්ධයක්' ( War of Narratives). මා බලාපොරොත්තු වෙන එක ම දෙය ලංකාවේ දක්ෂිණාංශයට නැඹුරු අය මෙය සීරියස් තැනකින් අල්ලා ගනු ඇති කියලයි.

    අඹ ගෙඩිය මාස හයකින් ඔඩොක්කුවට වැටෙනකල් බලන් ඉන්න අයට මට කියන්න තියෙන්නේ 'සිහිනවලින් ඇහැරිලා ගෙදර ගිහින් නිදාගන්න' කියා විතරයි.

    රසික ජයකොඩි
    05 - 10 - 2024
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔව් රනිල් නිසා දැනට හනිමුන් තමා ජෙප්පොන්ට.ඒ මිනිහා පුළුවන් උපරිම ටික කරලනේ තිබ්බේ..තෙල් වුනත් අප්‍රේල් වෙනකන් තියෙනවා..

    IMF ඵක්ක ගත්ත ණය ගෙවන්න තව කල් තියෙනවා..2026න් පස්සෙත් ඒවා ගෙවන්න ක්‍රමයක් හදන්න බැරි වෙලා කම්පනා කරල බලන්න කිය කිය හිටියොත් ඵදාට තමා ඕකුන්ට කෙලවෙන්නේ..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රනිල් පක්ෂ නායක කම රුවන්ට බාර නොදෙන්නේ කවදාහරි ගෙඩිය කඩාගෙන වැටෙයි කියලා හිතාගෙන 😄
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    සජිත් සජබය තව අවුරුදු 50ක් හරි එක තැන පල් කරාවි. නාමල් හිතන් ඉන්නෙ රටේ ජනතාව ගොන්නු කියලා. ඌ අන් පෑදෙනකන් බලන් ඉන්නවා. අනුරට ගින්නක් නෑ.
     
    gama22

    Well-known member
  • img_1_1728053806010.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    ඔව් රනිල් නිසා දැනට හනිමුන් තමා ජෙප්පොන්ට.ඒ මිනිහා පුළුවන් උපරිම ටික කරලනේ තිබ්බේ..තෙල් වුනත් අප්‍රේල් වෙනකන් තියෙනවා..

    IMF ඵක්ක ගත්ත ණය ගෙවන්න තව කල් තියෙනවා..2026න් පස්සෙත් ඒවා ගෙවන්න ක්‍රමයක් හදන්න බැරි වෙලා කම්පනා කරල බලන්න කිය කිය හිටියොත් ඵදාට තමා ඕකුන්ට කෙලවෙන්නේ..
    ගෝටා ආවම මීට වඩා දිග හනිමූන් එකක් තිබ්බා, මීට වට මිනිස්සු අප් වෙලා හිට්යා. කොටින්ම මහමැතිවරනය තිබ්බෙත් අවුරුද්දක් විතර ගිහින් ඒත් ඒ කාලෙ වෙනකොටත් මෙච්චර බැහල තිබ්බෙ නෑ.

    ජෙප්පන්ට තියෙන රැල්ල අඩු වෙන්න එක හේතුවක් උන්ගෙ ටොක්සික් බේස් එක.

    උඹ කියනවා වගේ මුන් රනිලා කරලා ගිය ටික උන් කලා වගෙ බුක්ති විඳිනවා. ඒත් ඒවත් තාවකාලිකයි. ටික ටික රෙවෙන්න ගත්තාම තමා ආතල් එක. වජිරයා කියනවා පඩි වැඩි කරන එක බලන්නේ චන්දෙන් පස්සෙ කියලා. රනිලට දුන්නානම් උන්ට මේ වෙද්දි ඒක ශුවර් එකටම හම්බෙනවා. රැල්ලට පුක දීල රජයේ සේවකයනට හිකිලා ඇත්තේ දැන්.
     
    රනිල්ගේ වැරදි තියෙනවා බං..අපිත් බැණලා තියෙනවා ඒවට.කවුරුවත් 100% perfect නැහැ නේ ..ඒත් මේ අවුරුදු 5 රනිල්ට ජනාධිපති කම දෙන්න ඕන කිව්වේ අනාගතේ ඵන ප්‍රශ්ණ වල මූණ දෙන්න පුළුවන් ඵකම කෙනා රනිල් කියලා දන්න නිසා..අනික පිනට ජනාධිපති කම ලැබෙනවට වඩා දෙයක් චන්දයකින් ඵන ජනාධිපති කෙනෙක්ට ලැබෙන නිසා (ජාත්‍යන්තර සබඳතා වගේ)..ඒ නැතුවත් රනිල් ගේ නම නිසා තමා රට මේ තත්වෙන් හරි තියෙන්නේ..මෝඩ ජෙප්පොන්ට ඉවසීමක් නෑ..උන්ට ඕන වුනේ වෙෙරය වපුරලා හැමෝටම හොරු හොරු කියලා ඉක්මණටම අනුරව ජනාධිපති කරගන්න (අර අරගල කාලෙත් පාලිමන්ට් ඵක අල්ල ගන්න ඕන කිය කිය කරන්න ගියේ ඒකනේ)..නැතුව රටට තියෙන අාදරේකට නෙමෙයි...උන් හිතන්නෙ උන්ගේ පක්ෂය ගැන විතරයි රටට ඉස්සරහට ඵන ප්‍රශ්ණ වලට වඩා..මුන් මේ පාර අැන ගත්තොත් මුළු රටටම මුන් නිසා විඳවන්න වෙනවා..ඵදාට බලමු මේකේ ඉන්න ඔය ලොකු ටෝක්ස් දෙන ජෙප්පෝ ඉඳියිද කියලා..
     
    දේශපාලනේ කලු සුදු හොයන එක ගොන් බන්. ලංකාවෙ රැඩිකල් ගොන් හුත්තිගෙ පුතාලට ඕවා තේරෙන්නෙ නෑ. රනිලටම තව 5ක් දීලා ඊටපසෙ ඕන බල්ලෙක් ගත්තානම් හරි. නැත්තන් ආයි නෑවොත් ලෙස්ටම නාන්න වෙනවා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    දේශපාලනේ කලු සුදු හොයන එක ගොන් බන්. ලංකාවෙ රැඩිකල් ගොන් හුත්තිගෙ පුතාලට ඕවා තේරෙන්නෙ නෑ. රනිලටම තව 5ක් දීලා ඊටපසෙ ඕන බල්ලෙක් ගත්තානම් හරි. නැත්තන් ආයි නෑවොත් ලෙස්ටම නාන්න වෙනවා.

    මට දුක යන්තතම් ගොඩ අාව විතරයි මේ කොහෙවත් නැති රටට මෙලෝ දෙයක් නොකරපු උද්ඝෝෂණ, ස්ට්‍රයික් කර කර පච හල හල රට ගිණි තියපු හැත්තකට රට ගිය ඵක..ඵක පාරක් වෙනසක් කිය කිය ඵකෙක්ට දීලා ඉල්ලං කාලත් ලැජ්ජාවක් නැහැනේ මුන්ට..රෑ වැටුණ වලේ දවල් වැටෙන ගොබ්බයෝ මුන්..බලයට අැවිත් මාසයක් නෑ තව හෑලිත් ලියන්න පටන් අරන්..මොන මෝඩයොද මංද මුන් නම්..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    නොකියා කියන්නේ දැන් මේ හාල් කෑලි වගේ හෑලි ගහ ගහ හිටියත් " මාත් කවදා හරි ජනාධිපති වෙන්න පුළුවන්" කියල.
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    ඔව් රනිල් නිසා දැනට හනිමුන් තමා ජෙප්පොන්ට.ඒ මිනිහා පුළුවන් උපරිම ටික කරලනේ තිබ්බේ..තෙල් වුනත් අප්‍රේල් වෙනකන් තියෙනවා..

    IMF ඵක්ක ගත්ත ණය ගෙවන්න තව කල් තියෙනවා..2026න් පස්සෙත් ඒවා ගෙවන්න ක්‍රමයක් හදන්න බැරි වෙලා කම්පනා කරල බලන්න කිය කිය හිටියොත් ඵදාට තමා ඕකුන්ට කෙලවෙන්නේ..
    දැන් නිකමට හිතමු රනිල් මහත්තය නැති දිවියෙන් සමු ගත්තා කියල එතකොට මොකක්ද රටට වෙන්නේ. රටක් පවතින්න නායකයෝ අවශ්‍යයි . ඒ නායකයෝ දැනගන්න ඕන policy හදන්න තමුන් හිටියත් නැතත් කරන් අවදේ continues වෙන්න එහෙම නැතුව මම ගියොත් මේක කෙල වෙනවා රට අගාදෙට යනවා මම නැත්තන් මේක කරන්න බැ . එහෙම එකක් නෑ මචන්. එක එක එක්කෙනාට decision making skill එක වෙනස්.
    රනිල් හොදට කලා කියලා කියන්න පුළුවන් අපි අදටත් පරණ මිලටම හැමදේම purchase කරනවානම්. මම දන්නා තරමින් එහෙම නැනේ. කොහොම හරි කල යුතු දේ කලා. ඒකට අහිංසක මිනිස්සුන්ගේ බොටුව මිරිකලා කොහොම හරි කරන්න ඕනදේ කලා . එකත් උගේ තියෙන එක talent එකක් තමා .
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    දැන් කොරන්න දෙයක් නෑ සගෝලා
    ඕක පත්තු වෙන්නේ බිමට පත බෑ උනාට පස්සේ එතකල් ආතල් එකේ ඉන්නවා පපුවට ගහ ගහ. sri lankan එකත් තියා ගන්නවලු නේද. මරු මරු. සංචිතේ ඉක්මනටම හින්දවයි
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    දැන් නිකමට හිතමු රනිල් මහත්තය නැති දිවියෙන් සමු ගත්තා කියල එතකොට මොකක්ද රටට වෙන්නේ. රටක් පවතින්න නායකයෝ අවශ්‍යයි . ඒ නායකයෝ දැනගන්න ඕන policy හදන්න තමුන් හිටියත් නැතත් කරන් අවදේ continues වෙන්න එහෙම නැතුව මම ගියොත් මේක කෙල වෙනවා රට අගාදෙට යනවා මම නැත්තන් මේක කරන්න බැ . එහෙම එකක් නෑ මචන්. එක එක එක්කෙනාට decision making skill එක වෙනස්.
    රනිල් හොදට කලා කියලා කියන්න පුළුවන් අපි අදටත් පරණ මිලටම හැමදේම purchase කරනවානම්. මම දන්නා තරමින් එහෙම නැනේ. කොහොම හරි කල යුතු දේ කලා. ඒකට අහිංසක මිනිස්සුන්ගේ බොටුව මිරිකලා කොහොම හරි කරන්න ඕනදේ කලා . එකත් උගේ තියෙන එක talent එකක් තමා .

    ලෝකේ කිසිම රටක වෙනස් වෙන්නේ නැති බඩු මිලක් නෑ බං..ඵහෙම තියෙන්නේ ජෙප්පෝ උන්‍ගේ වාසියට ඔය උඹලගේ ඔළුවේ මවල තියෙන මනංකල්පිත ලෝකේ විතරයි..රනිල් මළොත් ඉතිං මොනා කරන්නද වෙන දෙයක් වෙයි..මම කිව්වේ මේ ඉස්සරහට ඵන අවුරුදු 5 ගැන..ඒක අවුරුදු 5 ඵක ඵකාට දීලා සෙල්ලම් කරන කාලයක් නෙමෙයි..උඹල ඒක කරලා ඉවරයිනේ දැන්.උඹලගේ උන් කිව්වනේ ඩොලර් මිලියන ගණන් වුනත් රටට දෙන්න කැමති උන් පිටරට ඉන්නවා කියලා මාලිමා අාණ්ඩුවක් අාවහම...බලමු ඉතිං ඉස්සරහට වෙන දේ..ඒත් මේ වගේ හෑලි නම් ලියන්න ඉක්මන් වෙන ඵක තේරුමක් නෑ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,568
    72,771
    113
    මාලඹේ

    AKD ආවා කියලා කරපු මහා දෙයක් නැහැ
    AKD දුන්න එක පොරොන්දුවක් තාම හරියට කරගන්න බැරි උනා🤦

    මිනිස්සු ගොනාට අන්දලා බලය ගත්තා ට හැමදාම මිනිස්සු අන්දන්න බැහැ🤩
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    දැන් නිකමට හිතමු රනිල් මහත්තය නැති දිවියෙන් සමු ගත්තා කියල එතකොට මොකක්ද රටට වෙන්නේ. රටක් පවතින්න නායකයෝ අවශ්‍යයි . ඒ නායකයෝ දැනගන්න ඕන policy හදන්න තමුන් හිටියත් නැතත් කරන් අවදේ continues වෙන්න එහෙම නැතුව මම ගියොත් මේක කෙල වෙනවා රට අගාදෙට යනවා මම නැත්තන් මේක කරන්න බැ . එහෙම එකක් නෑ මචන්. එක එක එක්කෙනාට decision making skill එක වෙනස්.
    රනිල් හොදට කලා කියලා කියන්න පුළුවන් අපි අදටත් පරණ මිලටම හැමදේම purchase කරනවානම්. මම දන්නා තරමින් එහෙම නැනේ. කොහොම හරි කල යුතු දේ කලා. ඒකට අහිංසක මිනිස්සුන්ගේ බොටුව මිරිකලා කොහොම හරි කරන්න ඕනදේ කලා . එකත් උගේ තියෙන එක talent එකක් තමා .
    ඒක මෙහෙමයි මචං
    ඒ තිබ්බ කන්ඩිෂන් එකෙන් රටට යන්න දෙපැත්තක් තිබ්බා
    එක්කෝ බංගලිදේශ්, ලෙබනන්. පකිස්තාන් වගේ නන්නත්තාර වෙන්න තිබ්බා ගේමක් නැතිව
    නැත්නම් උඹ ඔය උඩින් කීව විදියට බොටුව මිරිකලා හරි උන්ව මරන් නැතිව තියෙන දේවල් වලින් u turn එකක් ගහන එක

    මම දකින විදියට රනිලා එක කලා. මොකද සති ගානෙන් බංගලියෝ යුනුස් ගෙදර හොයාගෙන ගිහින් ගහන්න ගියාට උඹ, මම අපි ටිකක් අමාරුවෙන් හරි සමාන්‍ය ජිවිතේ (ඔව් කලින්ට වඩා ටිකක් පහලින්.) ජිවත් උනානේ. 2022 වැටිච්ච වැටිල්ලට මම හිතන් නෑඅඩුම අවු 5ක් වත් යන කල් නෝමල් වෙන්න පුළුවන් වෙයි කියලා ලංකාවේ අගමැති මෝදි උනත්.

    මෙයාලගේ මම අහපු මුල්ම සීන් එක ගොවියන්ට 25000ක් දෙන එක.මචං සරලවම මෙකෙන් අස්වැන්න වැඩි වෙයි. හැබැයි අපිට මේ එක එක හාල් ලොවෙත් එක්ස්පෝට් කරන්න බෑ. මොකද මම ඉන්න රටේ සහ ගොඩාක් රටවල යන්නේ බාස්මති වගේ කෙලින්ම ඉන්දියාවෙන් පකිස්තානෙන් ගේන බඩු. සෝ අස්වැන්න ඩබල් වෙලා ආවත් ඒ ටික ගන්න වෙන්නෙත් රජයටමයි. එක කන්නයක් ගත්තා කියමුකෝ. අනික් කන්නෙ ගන්න ආණ්ඩුවට සල්ලිත් නෑ ස්පේසුත් නෑ. ඉටපස්සේ ගොවියගේ මාරයා රජය. වී කිලෝව ඩඩ්ලිලා ගේමක් නැතිව 10 -15 ගන්නවා. ධීවරයන්ට දෙන එකත් මම නම් හිතන් නෑ ලොකු ලොකු ඉම්පැක්ට් එකක් වෙයි කියලා ආර්ථිකේට. මොකද අපි මාළු එක්ස්පෝට් කරන එකෙනුත් කාලාපේ එවුන් එක්ක බැලුවම සෑහෙන පහල ඉන්නේ තාක්ෂණෙත් එක්ක.එත් අඩු ගාණේ රටේ එවුන් වත් මාළු ටිකක් කාලා ඉන් නැතැයි. මේ මට තේරෙන දෙවල්. එච්චරයි